යමෙකු තමාට ශුද්ධකම ඇතැයි කියා සිටියත් තමා තුළින් දිව්‍යමය ප්‍රේමය විද්‍යාමාන නොවන්නේ නම්, ඔහුට ඇත්තේ සැබෑ ශුද්ධකම නොව පරිසිවාදී ධර්මිෂ්ඨකමයි. අනෙක් අතට, සෑම කෙනෙකුටම විශාල ආදරයක් ඇති බව පවසන නමුත් පාරිශුද්ධභාවයෙන් හා ධාර්මිකව ජීවත් නොවන අය ද ඔවුන්ගේ කිසි වැදගැම්මකට නොමැති සිතෙහි ඇතිවන හැඟීම් වලින් පෙළඹවීම දිව්‍යමය ප්‍රේමය ලෙස වරදවා වටහාගෙන රැවටෙති.
පරිසිවරුන්ට තිබුණේ ළැදික්මක් නොමැති හා වියලි 'ධර්මිෂ්ඨකමක් ය'. ඒවා අස්ථි ඇටසැකිලි මෙන් විය - දැඩි හා පිළිකුල් සහගත ය. ඔවුන් සතුව යම් සත්‍යයක් තිබුණ නමුත්, සියල්ල විකෘති වූ අතර සමානුපාතික නොවීය.
යේසුස් වහන්සේ තුළ සියලු සත්‍යය තිබුනේය. උන්වහන්සේ පරිසිවරුන්ට වඩා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ සෑම තිතක් හා අකුරක් වෙනුවෙන්ම පෙනී සිටිසේක. නමුත් උන්වහන්සේ ඇටකටු පමණක් නොවීය. දෙවියන් වහන්සේ මිනිසුන් කෙසේ වියයුතු යැයි අදහස් කළ පරිදි ඇටකටු මස් වලින් වැසී තිබුණි - සත්‍යය ප්‍රේමයෙන් ආවරණයව තිබුණි . උන්වහන්සේ සත්‍යය කථා කළ නමුත් උන්වහන්සේ එය ප්‍රේමයෙන් කථා කළසේක (එපීස 4: 15). උන්වහන්සේගේ වචනවල ආධිපත්‍යයක් තිබුණත් ඒවා අනුග්‍රහය සහිතවද විය (ලූක් 4: 22, 36).
ශුද්ධාත්මයාණන් වහන්සේ අපට සන්නිවේදනය කිරීමට සහ අප තුළින් විද්‍යාමාන වීමට කැමති ස්වභාවය මෙයයි.
දෙවියන් වහන්සේ ප්‍රේමයයි. උන්වහන්සේ හුදෙක්ම ආයාසයෙන් රඟපෑමෙන් ප්‍රේම කරනවා නොවේය. උන්වහන්සේ, උන්වහන්සේගේ සාරයෙන්ම (ස්වභාවයෙන්ම) ප්‍රේමය වේ. යේසුස් වහන්සේ තුළ දැකිය හැකි දෙවියන් වහන්සේගේ මහිමය, මෙය පැහැදිළිව විදහා දක්වයි. යේසුස් වහන්සේ හුදෙක් ප්‍රේමයේ ක්‍රියා රඟ දැක්වූයේ නැත. උන්වහන්සේ "යහපත කරමින්" ගියසේක (ක්‍රියා 10: 38). නමුත් ඒ, දෙවියන් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ මුළු ආත්මයම පිරී උතුරා ගලා ආ නිසාය.
ශුද්ධකම සහ යටහත්කම එහි ආරම්භය අපගේ අභ්‍යන්තර මිනිසා තුළ පවතින සේම ප්‍රේමය එහි ආරම්භයද අපගේ අභ්‍යන්තර මිනිසා තුළ පවතී. ජීවනදායක ගංඟා ගලා යන්නේ ආත්මයෙන්-පිරුණු මිනිසාගේ අභ්‍යන්තරයෙන්ය (යොහාන් 7: 38, 39). අපගේ සිතුවිලි සහ ආකල්ප (කිසිදා ප්‍රකාශ නොකළත්) අපගේ වචන සහ ක්‍රියාවන් සහ අපගේ පෞරුෂයට මිහිරි සුගන්ඳයක් ලබා දෙයි. ඒ වගේම අනිත් අයටත් මේ සුගන්ඳය පහසුවෙන් හඳුනාගත හැකියි. අන් අය කෙරෙහි අපගේ සිතුවිලි සහ ආකල්ප ආත්මාර්ථකාමී සහ විවේචණාත්මක ලෙස පවතී නම් ප්‍රේමයේ වචන සහ ක්‍රියා කිසිවක් පළක් නොවේ.දෙවියන් වහන්සේ "ඇතුළාන්තයෙහි සත්‍යයථාවය" ප්‍රිය කරනසේක (ගීතාවලිය 51: 6).
යේසුස් වහන්සේ සියලු මනුෂ්‍යයින් කෙරෙහි උසස් වටිනාකමක් තැබූ හෙයින් සියලු මිනිසුන්ට ගරු කළසේක. දේව භක්තිකයින්ට, ශිෂ්ඨසම්පන්න අයට හා බුද්ධිමතුන්ට ගරු කිරීම පහසුය. අප ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින අපගේ සෙසු ඇදහිළිවන්තයින්ට ප්‍රේම කරන විට අප ඉතා උසස් තැනකට පැමිණ ඇති බව පවා අපට සිතිය හැක. නමුත් දෙවියන් වහන්සේගේ මහිමය යේසුස් වහන්සේ සියලු මනුෂ්‍යයින් කෙරෙහි දැක්වූ ප්‍රේමයෙන් පෙණුනි. යේසුස් වහන්සේ කිසිවිටෙක කිසිවකුගේ දරිද්‍රථාවය, නූගත්කම, අප්‍රසන්නතාව හෝ ශිෂ්ඨකමේ ඌණථාවය නිසා කිසිවෙකු හෙළා දුටුවේ නැත. උන්වහන්සේ විශේෂයෙන් ප්‍රකාශ කළේ මුළු ලෝකය සහ එහි අඩංගු සියල්ල එක් මනුෂ්‍ය ආත්මයක් තරම් වටිනා නොවන බවයි (මාර්ක් 8: 36). උන්වහන්සේ මිනිසුන්ව අගය කළේ එලෙසයි. එබැවින් උන්වහන්සේ සියලු මිනිසුන් කෙරෙහි අතීශයින් ප්‍රීති වූසේක. උන්වහන්සේ, සාතන් විසින් මිනිසුන්ව මුළා කර බැඳ තිබෙනු දුටුසේක. උන්වහන්සේ ඔවුන්ව නිදහස් කිරීමට ආශාවෙන් සිටිසේක.
අන් දේවල් වලට වඩා, මිනිසුන්, බොහෝ සෙයින් වැදගත් බව යේසුස් වහන්සේ දුටුසේක. උන්වහන්සේ මිනිසුන්ට කොතරම් ප්‍රේම කළාද යත්, උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණ , ඔවුන්ව අවශ්‍ය යැයි හැඟීමක් ඔවුන්ට ඇති කළ සේක. උන්වහන්සේ ඔවුන්ගේ බර බෙදාගත් අතර පීඩිතයින් සඳහා කරුණාවන්ත වචන ද, ජීවන සටන්වලින් පරාජය වූවන් ධෛර‍්‍යයමත් වචනවලින් ද, දිරිගැන්වූසේක. උන්වහන්සේ කිසිවිටෙකත් කිසිම මනුෂ්‍යයෙකු නොවටිනා ලෙස සළකන්නේ නැත. ඔවුන් ගොරහැඩි හෝ රළු විය හැකි නමුත්, ඔවුන් තවමත් මුදවා ගත යුතු පුද්ගලයින් විය.
අනෙක් අතට, අන් දේවල් උන්වහන්සේට කිසිසේත් වැදගත් නොවීය. ද්‍රව්‍යමය දේවල් අනුන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කරනවා විනා එහි වටිනාකමක් නැත. අසල්වැසියෙකුගේ දරුවෙකු යේසුස් වහන්සේගේ වඩු සාප්පුව තුළට ගොස් මිළ අධික දෙයක් කඩා දැමුවේ යැයි කෙනෙකුට උපකල්පනය කළ හැකිය. එනමුත් එය කිසිඳු ආකාරයකින් යේසුස් වහන්සේට බාධා නොකරණු ඇත. මන්ද දරුවා, කැඩී ගිය දෙයට වඩා බොහෝ වටිනා හා වැදගත් වූ බැවිනි. උන්වහන්සේ ප්‍රේම කළේ මිනිසුන්ට මිස ද්‍රව්‍යමය දේවල්වලට නොවේ. මිනිසුන්ට උපකාර කිරීම සඳහා ද්‍රව්‍යමය දේවල් භාවිතා කළ යුතු විය.
අපට "දෙවියන් වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් සියලු දේවල් පෙණෙන පරිදි" (කොලොස්සි 1: 9 – J. B. ෆිලිප්ස් බයිබල් පරිවර්ථනයෙන්) ශුද්ධාත්මයාණන් අපගේ මණස අලුත් කරනසේක. පුද්ගලයෙකුට ප්‍රේම කිරීම යනු දෙවියන් වහන්සේ ඔහුව දකින ආකාරයට - අනුකම්පාවෙන් දැකීමයි.
දෙවියන් වහන්සේ තම සෙනඟ කෙරෙහි ප්‍රීතිමත් ගායනාවෙන් ප්‍රීති වනසේක (ශෙපනියා 3: 17). තවද යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පිරී සිටි බැවින්, උන්වහන්සේ තම පියාණන්ගේ ප්‍රීතිය තම දරුවන් කෙරෙහි බෙදාගත් සේක. දෙවියන් වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් මනුෂ්‍යයින් දෙස බැලීමට මණස අලුත් කරගත් සියල්ලන්ටද එසේම වනු ඇත. යේසුස් වහන්සේ අන් අය ගැන සිතූ සිතිවිලි සෑම විටම ප්‍රේමය පිළිබඳ සිතුවිලි විය - කිසිවිටෙක ඔවුන්ගේ අපහසුථා හෝ ඔවුන්ගේ ගොරහැඩි බව විවේචනය කිරීම ගැන කිසිවිටෙක නොසිතූසේක. එබැවින් මිනිසුන්ට උන්වහන්සේගේ ආත්මයේ මිහිරි සුවඳ හඳුනා ගැනීමට හැකි විය, "සාමාන්‍ය ජනයා උන්වහන්සේට සතුටින් සවන් දුන්හ" (මාර්ක් 12: 37 - KJV). අප ශුද්ධාත්මයාණන්ගෙන් පිරී සිටින විට දෙවියන් වහන්සේ අපගේ හදවත් තුළට ගලා යවන ප්‍රේමය මෙයයි (රෝම 5: 5).
©Zac Poonen – [email protected]