WFTW Body: 

ඔබට තනිවම කළ හැකි ඉතා රසවත් බයිබල් පාඩමක් නම් පාවුල්තුමාගේ යාච්ඤා තුළින් අධ්‍යයනය කිරීමයි. රෝම සිට 2 තිමෝති දක්වා පාවුල්ගේ යාච්ඤා බොහොමයක් තිබේ. ඔහුගේ සියලු යාච්ඤා සැමවිටම අධ්‍යාත්මික දේවල් සඳහා වූ බව ඔබට පෙනේ. සෙනඟ ධනවත් වන පිණිස, සෙනඟට ජීවත්වීමට සැපපහසු නිවෙස් ලැබෙන පිණස එසේත් නැතිනම් සෙනඟගේ රැකියාවල් වලින් දියුණු වී ඉහලට නගින පිණිස ඉල්ලා පාවුල් තුමා කිසිදිනක යාච්ඥා නොකළේය. මේ කිසිම භෞතික දෙයක් උදෙසා ඔහු කිසි විටෙකත් යාච්ඥා නොකළේය. ගැඹුරු සදාතනික ආත්මික දේවල් උදෙසා ඔහු යාච්ඥා කළේ මන්දයත් මේ පොළොවේ ඇති සියල්ල කෙටි කාලයක් සඳහාය යන්න පාවුල්ගේ හදවතේ තදින් අල්ලාගෙන සිටි නිසාය.

එය හරියට ඔබ දිල්ලියට ගමන් කර ඊළඟ අවුරුදු 50 තුළ දිල්ලියේ පදිංචි වීමට යන්නාක් වැනිය. ඔබ වෙනුවෙන් යාච්ඤා කරන කෙනෙක් දිල්ලියට යන දුම්‍ රිය ගමන සඳහා එනම්, ඔබට සුවපහසු කාලයක් ලැබෙනු ඇති බවත්, ඔබ හොඳ ආහාර අනුභව කරන බවත් දුම්‍ රියේ හොඳ ඇඳුම් ඇඳගෙන සාමාදානයේ නිදාගන්නා ලෙසත් යාච්ඤා කිරීමට කාලය ගත නොකළ යුතුය.. ඔහු දිල්ලියේ සතුටින් දීර්ඝ කාලයක් ජීවත් වන ලෙස ඔහු වඩා වැඩියෙන් යාච්ඤා කළ යුතුය. ඉතින් පෘථිවියේ අපගේ ජීවිතය, සදාකාලයට යන කෙටි ගමනක් පමණක් බව, ඔබට පෙනේ. පාවුල් යාච්ඤා කරමින් සිටියේ ඔවුන් සදාකාලයට ගිය විට ඔවුන්ට පසුතැවීමක් නොවන පරිදි ඔවුන් මිහිපිට ජීවත් වන ලෙසයි.

කොලො. 1: 9 හී ප්‍රේරිතවූ පාවුල් තුමා යාච්ඤා කළේ සියළු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් ඔවුන් පූර්ණ වන ලෙසයි. මෙම පදයෙහි එක් පරිවර්තනයක මෙසේ සඳහන් වේ, "ඔබ දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් දේවල් දෙස බලන ලෙස මම යාච්ඤා කරමි." සියළු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීම පිළිබඳ අවබෝධයක් තිබීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් සියල්ල දෙස බලනු ඇති බවයි.

ඔබ ඔබේ මිනිස් සිරුර ගැන සිතන විට, ලෝකයේ දාර්ශනිකයන් පවසන සියල්ලට ඇහුම්කන් නොදෙන්න, දෙවියන්ගේ දෘෂ්ටි කෝණයෙන් එය දෙස බලන්න. යේසුස් වහන්සේ පැමිණියේ මිනිස් සිරුරකිනි. එබැවින් එය හෙළා නොදකින්න. ජීවිතයේ සෑම දෙයක්ම දෙවියන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න. අප වෙනුවෙන් යාච්ඤා කිරීම පිණිස එය හොඳ යාච්ඤාවකි. "ස්වාමීනි, මගේ ජීවිතයේ සිදුවන සෑම දෙයක්ම ඔබගේ දෘෂ්ටි කෝණයෙන් බැලීමට මට උදව් කරන්න."

මගේ ජීවිතයට පැමිණි එම විශේෂිත තත්වය, එම විශේෂිත අසනීපය, මාංසයේ උල, මට අයහපත් ලෙස සලකන පුද්ගලයා, දෙස මා බලන්නේ කෙසේද? දෙවියන් වහන්සේ එය බලන ආකාරයට එය දෙස බලන්න. එය සිදු වූ විට එය දෙවියන් වහන්සේව පුදුමයට පත් කළාද? එය දෙවියන් වහන්සේව පුදුමයට පත් කළේ නැහැ. එය මා පුදුමයට පත් කළේ, මම කාලය හා අවකාශය අනුව සීමිත මිනිසෙකු වන බැවිනි. නමුත් දෙවියන් වහන්සේ පුදුමයට පත් නොවූ අතර, මම ආපසු හැරී යන විට හෝ දෙවියන් වහන්සේගේ දෘෂ්ටිකෝණයට යන විට මගේ හදවත සන්සුන් වන අතර පොළොවේ බොහෝ දේ බොහෝ වෙනස් ලෙස පෙනේ. යාච්ඤා කරන පිණිස එය ඉතා හොඳ යාච්ඤාවකි

දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් දේවල් දෙස බැලීමට මිනිසුන් ඉගෙන ගත් සභාවක් ඔබට ගොඩනඟා ගත හැකි නම්, ඔබට ආත්මික සභාවක් තිබේ.

හිමිකම් - Zac Poonen – [email protected]

කතුවරයාගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයට කිසිදු වෙනසක් කළ යුතු නොවේ. http://sinhala.cfcindia.com