WFTW Body: 

මෙන්න මගේ හිතෝපදේශ වලින් එකක්: "ප්‍රඥාවන්තයෙක් අනුන්ගේ වැරදි වලින් ඉගෙන ගන්නේය. සාමාන්‍ය මිනිසෙක් තමාගේම වැරදි වලින් ඉගෙන ගන්නේය. නමුත් අඥානයා තමාගේම වැරදි වලින්වත් ඉගෙන ගන්නේ නැත."

අන් පියවරුන් අතින් සිදුවන වැරදි දැකීමෙන් ඒවායෙන් ඉගෙන ගැනීමට පියෙකු ලෙසට මට අවශ්‍ය විය. එමෙන්ම මම මගෙන්ම අසා සිටියේ මා මගේ පුත්‍රයන්ට අනුගමනය කරන පිණිස දෙන්නේ මොන වගේ ආදර්ශයක්ද යන්නය. එය මෙය විය හැකි යැයි මම බලාපොරොත්තු වෙමි: පළමුව දෙවියන් වහන්සේගේ රාජ්‍යය සෙවීම සහ අපගේ ජීවිතයේ අවසානය දක්වා සියලු මිනිසුන් කෙරෙහි ප්‍රඥාවන්ත ප්‍රේමයෙන් විඳදරාගැනීම.

ප්‍රඥාව යනු කරදරකාරී පුද්ගලයන් සමඟ හොඳ පරතරයක් තබා ගැනීමයි - එලෙසම ප්‍රඥාව ඔබේ ආදරය පාලනය කළ යුතුයි. ඔබේ පෙට්‍රල් (ගෑස්) ටැංකිය (ඔබේ හදවත) ප්‍රේමයෙන් පිරී තිබිය යුතුය, නමුත් ප්‍රඥාව රියදුරු අසුනේ සිටිය යුතුය. එසේ නොවුවහොත් මානුෂික ප්‍රේමයට බොහෝ අඥාන දේවල් කළ හැකිය. ඔබේ ප්‍රේමය " ආත්ම විමසීමෙන් (ප්‍රඥාවෙන්) බහුල විය යුතුය" (පිලිප්පි1:11). ඔබ කිසිවිටෙක කිසිවෙකුට වෛර නොකළ යුතු අතර කිසිවකුට අකාරුණික නොවිය යුතුය. ඔබට ආචාර නොකරන අයට ආචාර කරන්න. සෑම විටම සියලු මිනිසුන්ට ගෞරවාන්විතව කතා කරන්න (එය 1 පේතෘස් 2:17 හි පවසන පරිදි). ඔබට නපුර කරන අයට යහපත් වන්න.

ඵරිසිවරුන් යේසුස්වහන්සේව “බෙල්සෙබුබ්” ලෙස හැඳින්වූ විට, උන්වහන්සේ ඔවුන්ට සමාව දුන්සේක (මතෙව් 12;24,32). ඔවුන් උන්වහන්සේව උසාවියට ඇදගෙන ගොස් එහිදී උන්වහන්සේට බොරු චෝදනා කළ විට, උන්වහන්සේ කිසිවිටෙක ඔවුන්ට තර්ජනය කළේ නැත, නමුත් උන්වහන්සේගේ කාරණය උන්වහන්සේගේ පියාණන්ට භාර දුන්සේක (1 පේතෘස් 2:23). අපි යේසුස් වහන්සේගේ පියවර අනුගමනය කළ යුතුයි.

එමනිසා, යම් ඵරිසිවරයෙක් ඔබට චෝදනා කළහොත් (හෝ දිනක ඔබව උසාවියට ගෙන ගියහොත්), යේසුස් වහන්සේ පැවසූ දේ මතක තබා ගන්න: "ඔබ සියල්ලන්ගේම වෛරයට ලක් වනු ඇත... ඔවුන් ඔබව උසාවියට ඇද දමයි.. නමුත් සර්පයන් මෙන් ප්‍රඥාවන්තව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න... එවිට ඔබට කතා කිරීමට වචන ලැබෙනු ඇත (එබැවින් ඔබ එහි නිශ්ශබ්දව සිටිය යුතු නැත. !) ... මිනිසුන්ට බිය නොවන්න, මක්නිසාදයත් වසන් කරන ලද සියල්ල හෙළි වනු ඇත ... නමුත් අවසානය දක්වා (සියල්ලන්ටම ප්‍රේමයෙන්) විඳදරාගන්නා තැනැත්තා බේරෙනු ඇත ... ඔබව මරා දමන්නන් පවා ඔවුන් දෙවියන් වහන්සේට සේවය කරන බව සිතන කාලයද පැමිණෙනු ඇත "(මතෙව්10:16-30; මතෙව් 24:9-13; යොහන් 16:2).

එබැවින්, සෑම විටම:

(1) පළමුව දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයන්න. එමෙන්ම

(2) අන් අය කෙරෙහි ප්‍රඥාවන්ත ප්‍රේමයක් තුළ සෑම විටම මුල් බැස පදනම් වන්න.

ක්‍රිස්තියානි ලෝකයේ සෑම කණ්ඩායමක්ම ඔවුන්ගේ බයිබල් අතේ තබාගෙන පවසන්නේ "අපි හරි. දෙවියන් වහන්සේ අප සමඟයි" කියායි. ඔවුන් අතරින් නිවැරදි වන්නේ කවුරුන්ද? මට ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි පිළිතුරක් ලැබුණා: "දෙවියන් වහන්සේ සැමවිටම සත්‍යය කතා කරන අය සමඟ (එය ඔවුන්ට විරුද්ධව යන්නේ වුවද) සහ සෑම විටම අන් අය කෙරෙහි ප්‍රඥාවන්ත ප්‍රේමයකින් සිටින අය සමඟ ය(එනම්, කිසි විටෙකත් අන් අයට හානියක් නොකරන හෝ හානියක් නොපතන අය)."

සෑම විටම පළමුව දෙවියන් වහන්සේගේ රාජ්‍යය සොයමින් ඔබේ ජීවිතය ගත කරන්න. එයින් අදහස් කරන්නේ ඔබේ අධ්‍යයනයේ හෝ රැකියාවේ හොඳින් කටයුතු කිරීම සහ ක්‍රිස්තියානීන් සෑම ක්‍ෂේත්‍රයකම, අවංක ජීවිතයක් සහ අන් අයට පරාර්ථකාමී ප්‍රේමයක් ඇති බව පෙන්වීමයි.

ඕනෑම කරුණක් සම්බන්ධයෙන් යමෙකු ඔබව විවේචනය කරන විට කුමක් කළ යුතුද යන්න පිළිබඳව ඔබට උපදෙස් කිහිපයක් මා සතුව ඇත. ඔබේම ආරක්‍ෂාව වෙනුවෙන් කිසිවක් නොකියන්න. යෙසායා 54:17 ට අනුව ස්වාමීන් වහන්සේම ඔබව ආරක්‍ෂා කරත්වා: "'ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක නොවනු ඇත; විනිශ්චය කිරීමේදී ඔබට චෝදනා කරන සියලුම දිව් හෙළා දකිනු ඇත. ඔවුන්ගේ යුක්තිසහගතභාවය මාගෙන් වේ 'යනුවෙන් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරයි. බොහෝ අය සමඟ කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කිරීම තේරුමක් නැති දෙයකි. දෙවියන් වහන්සේ සර්වබලධාරී වන අතර උන්වහන්සේගේ සත්‍යය ගින්නක් වැනිය, එයට අප වැනි කුඩා මිනිසුන්ගෙන් ආරක්‍ෂාවක් අවශ්‍ය නොවේ.

©Zac Poonen – [email protected]