WFTW Body: 

යෝසෙප්

මතෙව් 1 : 19 හි මරියා ගැබ්ගෙන ඇති බව යෝසෙප්ට දැනගන්නට ලැබුණු විට, මරියාගේ ගැබ් ගැණීම දෙවියන් වහන්සේගේ ආශ්චර්යකින් හටගත් පිළිසිඳභාවයක් යැයි නොදැන ධර්මිෂ්ඨ මිනිසෙකු වූ යෝසෙප්, ඇයව අපකීර්තියට පත් වනවාට අකමැතිව ඇගේ පාපයක් යැයි සිතූ ඔහුට, එය වසන්නට අවශ්‍ය වූයේය.

ධර්මිෂ්ඨකම සම්බන්ධයෙන් අප සියල්ලටම ඉගෙන ගත යුතු යම් දෙයක් මෙහි ඇත. සුභ-ආරංචියේ පණිවිඩය නම් ප්‍රධාන වශයෙන් අධර්මිෂ්ඨ මිනිසෙකු ධර්මිෂ්ඨ මිනිසෙකු වීමයි. අලුත් ගිවිසුමෙහි ධර්මිෂ්ඨ මිනිසෙකු ලෙස ප්‍රථමයෙන්ම හැඳින් වූයේ යෝසෙප්ය. ඔහුගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ වන්නේ තව කෙනෙකුගේ පාපය වසා එම පුද්ගලයාව ලැජ්ජාවට නොපමුණුවී‍මේ අවශ්‍යථාවය සම්බන්ධයෙන් ය. සැබෑ ධර්මිෂ්ඨ මිනිසෙකුගේ ආත්මය මෙයයි.

කෙනෙකු පව් කර ඇති බව ඔබ දැනගත් කළ, එසැණින්ම ඔබගේ ප්‍රතිචාරය වන්නේ කුමක්ද? ඔබ ධර්මිෂ්ඨ මිනිසෙකු නම්, ඔබට එය වසන්නට අවශ්‍ය වන්නේය. ඔබ අධර්මිෂ්ඨ මිනිසෙකු නම්, අන් අයට ඒ ගැන හඟවාවි. තමා තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ නොවූ සහ නව ගිවිසුම යටතේ නොවූ යෝසෙප් නැවත උත්පාදනය ලැබූ කිතුණුවන් ලෙස හිමිකම් පවසන මිළියන ගණන් ඇදහිළිවන්තයින්ට වඩා බොහෝ සේ ධර්මිෂ්ඨ බව අප දකින්නෙමු. පැරණි ගිවිසුම් ප්‍රමිතීන් යටතේ යෝසෙප් පාපයක් යැයි සිතූ දේ වසාලන්නට තීරණය කළේය. දෙවියන් වහන්සේට ස්තූති වේවා ඔහු කිසිවිට මරියාව අපකීර්තියට පත් කළේ නැත. මන්ද ඔහු එසේ කළේ නම්, ඇය 100% නිර්මල හා අහිංසක බවට සත්‍ය ඔහු සොයාගත් විට - ඔහුට ඇතිවිය හැකි කණගාටුව හා පසුතැවිල්ල ඔබට සිතාගත හැකිද !!

මේ දේවල් ලියා ඇත්තේ අපට උපදේශයක් ලෙසය. ඔබ අනුන් ගැන පතුරුවන කථා අසත්‍ය බව ඔබ පසුව සොයා ගන්නේ නම් ඒවා ආපසු ගන්නේ කෙසේද? මන්ද ඔබ එවා කියූ පුද්ගලයා, තව පතුරුවන්නට ඉඩ ඇති පුද්ගලයින් දස දෙනෙකුට, තව දුරටත් පතුරුවන්නට ඇත. එම නිසා නව ගිවිසුමේ මුල් පරිච්ඡේදයෙන්ම අපට අනතුරු ඇඟ වීමක් හා උදාහරණයක් මෙහි දැක්වේ. අනුන්ගේ පාප වසාලන්නට යෝසෙප්ගෙ ආදර්ශයෙන් ඉගෙන ගන්න.

ෂෙම් හා යඵෙත්

නෝවා දිනක් බීමත්ව ඔහුගේ කූඩාරමේ නිරුවත්ව සිටී බව අප උත්පත්ති 9: 20-27 හි කියවන්නෙමු. ඔහුගේ පුත් හාම් එය දැක ඔහුගේ සහෝදරයින්ට එය වාර්තා කළේය. හාම් තම පියාට අගෞරව කළ බැවින් ඔහුට ශාපයක් පැමිණියේය. කෙසේ වෙතත් ෂෙම් සහ යඵෙත් පසු පසට ඇවිඳමින් ගොස් තම පියාගේ නිරුවත ආවරණය කළහ. එබැවින්, ඔවුන්ව ආශිර්වාද ලද්දෝ වූවෝය. මෙහි වැදගත් පණිවිඩයක් අපට ඇත. දෙවියන් වහන්සේ තම පියාට අගෞරව කිරීම නිසා පුතෙකුට හා ඔහුගේ වංශයට දඬුවම් කිරීම පිළිබද ශුද්ධ ලියවිල්ලේ අප කියවන පළමු ස්ථානය මෙයයි.

අපි අධිකාරිත්වයට අගෞරව කරන විට දෙවියන් වහන්සේ ඉදිරිපිට එය බරපතළ කාරණයකි. හාම් කළාක් මෙන්, ඔබගේ පියාගේ හෝ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙකුගේ දුර්වලකමක් දුටු විට ඔබටම ශාපයක් නොලබන පිණිස, ඔහුගේ නිරුවත අන් අයට හෙළි නොකරන්න. ෂෙම් සහ යඵෙත් මෙන් එය ආවරණය කරන්න. “ප්‍රේමය පව් රාශියක් වසාලයි” ( 1 පේත්‍රැස් 4: 8, හිතෝපදේශ 10: 12 ).

“දෙවියන් වහන්සේ යඵෙත්ගේ සීමා විශාල කර, ඔවුන් ෂෙම්ගේ කූඩාරම්වල වාසය කරත්වා” යැයි පවසමින් නෝවා ෂෙම්ට හා යඵෙත්ට සහභාගිකමේ ආශිර්වාදයෙන් ආශිර්වාද කළ සේක ( උත්පත්ති 9: 27 ). එකට ජීවත්වන සහ එකිනෙකාගේ පාප ආවරණය කරන අය සමඟ අපද සහෝදරත්ව සහභාගිකම ගොඩනඟා ගත යුතුය. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ගොඩනැඟිය හැක්කේ එවැනි ඇදහිළිවතයින්ට පමණි.