WFTW Body: 

"දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝය" ( මතෙව් 5: 7). “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, අන් අය අපට විරුද්ධව කරන පව්වලට අප සමාව දෙන ආකාරයටම අපගේ පව් අපට කමා කළ මැනව” කියා යාච්ඤා කිරීමට යේසුස් වහන්සේ අපට ඉගැන්වූසේක. එම යාච්ඤාවේ තේරුම කුමක්ද? එයින් අදහස් කරන්නේ, යමෙකු මට විරුද්ධව කළ පාපයට මම සමාව නොදෙන්නේ නම්, ස්වාමීන් වහන්සේ මට සමාව නොදෙන බවයි. මම දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නේ, "ස්වාමීනි, මම මේ අනෙක් පුද්ගලයාට සමාව දුන් ආකාරයටම මට සමාව දෙන්න" යන්නයි. නමුත් මම මේ අනෙක් පුද්ගලයාට සමාව දී නොමැති නම්, මම ඇත්තටම ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මට සමාව නොදෙන ලෙසයි.

ඔබ ස්වාමීන්ගේ යාච්ඤාව යාච්ඤා කරන විට, ඔබ අන් අයට සමාව දුන් ආකාරයටම ඔබට සමාව දෙන ලෙස ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින බව ඔබට වැටහෙනවාද? ඔබ තවත් කෙනෙකුට සමාව දීම ප්‍රතික්ෂේප කරන විට, ඔබ යාච්ඤා කරන්නේ, "මම මේ පුද්ගලයාට සමාව දුන් ආකාරයටම මට සමාව දෙන්න; මම ඔහුට සමාව දී නැති නිසා, ඔබ මට සමාව නොදෙන්න" කියායි. නැතහොත්, "මම ඔහුට සමාව දී ඇත, නමුත් ඔහු මට කළ දේ නිසා මට ඔහු කෙරෙහි දරුණු කෝපයක් ඇත, එබැවින් ස්වාමීනි, ඔබවහන්සේ මට සමාව දෙන විට, ඔබවහන්සේත් මා කෙරෙහි වෛරයක් තබාගන්න."

මිනිසුන් අපට යම්කිසි අයහපතක් හෝ හානියක් කරන විට, අපගේ මණසෙහි එකිනෙකට පරස්පර විරෝධී සිතුවිලි දෙකක් ඇති වේ. එකක් දයාණුකම්පාව පිළිබඳ සිතුවිල්ලක් වන අතර අනෙක විනිශ්චය පිළිබඳ සිතුවිලිය. ශුද්ධාත්මයාණන් වහන්සේ අපට සමාව දීමට සහ දයාවන්ත වීමට පවසන නමුත් අපගේ මාංශය අපට පවසන්නේ එම පුද්ගලයා ගැන දැඩි ලෙස ක්‍රියා කර ඔහුව විනිශ්චය කරන ලෙස සහ දෙවියන් වහන්සේ ඔහුව විනිශ්චය කරන ලෙස යාච්ඤා කරන ලෙසයි. නමුත් එය යාකොබ් 2: 13 හි පවසන්නේ, "මක්නිසාද අන් අයට දයාණුකම්පාව නොදැක්වූ තැනැත්තාට විනිශ්චය අනුකම්පා විරහිත වනු ඇත". මම යමෙකු කෙරෙහි අනුකම්පා විරහිත නම්, දෙවියන් වහන්සේ මට අනුකම්පා නොකරන සේක. විනිශ්චය දවසේදී, අන් අයට සමාව නොදුන් ඇදහිළිවන්තයින්ට දෙවියන් වහන්සේ ඉතා දැඩි විනිශ්චයක් පනවන විට අපව විශාල පුදුමයකට පත්වණු ඇත - ඔවුන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු නොවනු ඇත.

යාකොබ් 2: 13 තවදුරටත් පවසන්නේ, “දයාණුකම්පාව විනිශ්චය අභිබවා ජයගත යුතුය” යනුවෙනි. එයින් අදහස් කරන්නේ යමෙකු විනිශ්චය කිරීම සහ ඔහුට අනුකම්පා කිරීම අතර ගැටුමක් මගේ හදවතේ ඇති වූ විට, විනිශ්චයට නොව දයාණුකම්පාවට ජය ලැබේවා. එය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙකුගේ ලක්ෂණයයි. දයාණුකම්පාව විනිශ්චය අභිබවා ජය ලබයි.

රෝම 12: 19 පවසන්නේ, “කිසිවිටක ඔබ විසින්ම පළි නොගන්න” කියායි, මන්ද එය දෙවියන් වහන්සේගේ කටයුත්තකි. දෙවියන් වහන්සේ පවසන්නේ “පළිගැනීම මාගේ කාර්යයයි, එය ඔබේ කාර්යය නොවේය.” “පළිගැනීම මාගේය, මම විපාක දෙන්නෙමි” කියා ස්වාමීන් වහන්සේ වදාරන සේක. එබැවින් ඔබේ සතුරා කුසගින්නේ සිටී නම් ඔහුට කන්න දෙන්න. ඔහුට පිපාසය ඇත්නම්, ඔහුට බොන්න යමක් දෙන්න. අපි පළි නොගත යුතුයි. අප දයාවන්ත විය යුතු අතර අන් අයට යහපත කළ හැකි ඕනෑම අවස්ථාවක යහපත කිරීමට උත්සාහ කළ යුතුය. අප අන් අයට සමාව නොදුන්නේ නම් දෙවියන් වහන්සේ අපට සමාව නොදෙන බව විනිශ්චය දවසේදී අපි සොයා ගනිමු. යේසුස් වහන්සේ එම උපදෙස නැවතත් ස්වාමීන්ගේ යාච්ඤාවේදී පුනරුච්චාරණය කරයි.

"ඔබ අන් අයට සමාව නොදෙන්නේ නම්, ඔබගේ ස්වර්ගික පියාණන් ඔබගේ වැරදිවලට සමාව නොදෙන සේක" ( මතෙව් 6: 15). "ඔබේ ස්වර්ගීය පියා" යන්නෙන් අදහස් කරන්නේ උන්වහන්සේ දැනටමත් ඔබේ පියා බවත් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් බවත්ය. “දෙවියන් වහන්සේ ඔබට සමාව නොදෙන්නේය” කියා උන්වහන්සේ කීවේ නැත. උන්වහන්සේ "දෙවියන් වහන්සේ" යන වචනය භාවිතා කළේ නම්, මෙම පදය නොඇදහිළිවන්තයින් ගැන සඳහන් කරන බව අපට පැවසිය හැකිය. නමුත් මතෙව් 6: 15 හි "ඔබේ පියාණන්" යනුවෙන් සඳහන් කර ඇති බව සලකන්න. දෙවියන් වහන්සේ නොඇදහිළිවන්තයින්ගේ පියාණන්ද? නැත! නමුත් ඔබ දෙවියන් වහන්සේගේ නැවත ඉපදුණු දරුවෙකු නම්, දෙවියන් වහන්සේ ඔබේ පියාණන්ය. “ඔබේ පියා ඔබේ වැරදිවලට සමාව නොදෙන්නේය” කියාත් එහි සඳහන් වෙනවා. ඒ මන්ද? මක්නිසාද යත් ඔබ වෙනත් කෙනෙකුට සමාව නොදුන් බැවිනි.

ඔබේ වැරදිවලට සමාව නොලැබේ නම්, ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන්නේ කෙසේද? ඔබ මැරුණට පසු ඔවුන්ට සමාව දෙනු ඇතැයි ඔබ සිතනවාද? අපි මැරුණට පස්සේ තවත් අවස්ථාවක් තියෙනවද? ඔබ යමෙකුට සමාව නොදී මිය ගියහොත්, සදාකාලිකව ඔබේ ඉරණම කුමක්ද? ඔබ නිරයට යන බවට මගේ සිතේ කිසිදු සැකයක් නැත, මන්ද කිසිවකුට මිහිපිට සමාව නොලබන පාප සමඟ ස්වර්ගයට ඇතුළු විය නොහැක. අපි මැරුණට පසුව පව් කමා කිරීමට කිසිදු ඉඩක් නැත. ඔවුන්ට දැන් සමාව දිය යුතු අතර, අන් අයට දයාව දැක්වීම ඉතා වැදගත් වන්නේ එබැවිනි. එය ඔබ තවකෙකුට කරන කාරුණික ක්‍රියාවක් නොවේ. එය ඇත්තෙන්ම ඔබ ඔබටම කරන කාරුණික ක්‍රියාවකි, මන්ද දෙවියන් වහන්සේ ඔබට දයාව දැක්වීම ඔබට අවශ්‍ය බැවිනි.

සවන් දීමට.