WFTW Body: 

2 කොරි. 3:18, අලුත් ගිවිසුම තුළ පුරාවට ශුද්ධාත්මයාණන්ගේ සම්පූර්‍ණ සේවය වැඩියෙන්ම පැහැදිලි කරදෙන්නාවූ පදයක් ලෙස මට දකින්නට ලැබුණා. ශුද්ධාත්මයාණන් මාගේ ජීවිතයේ ස්වාමින්වහන්සේ වනවිට උන්වහන්සේ නිදහස ගෙනඑන සේක ( 2 කොරි. 3:17 ). උන්වහන්සේ මාව නිදහස් කරනසේක. "ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් ඇති තැන නිදහස්කම ඇත්තේය."කුමකින් නිදහස් කමද? පාපයෙන් නිදහස, මුදල් ආශාවෙන් නිදහස, වැඩිමහල් අය, පියවරුන්, ආදි පියවරුන් ආදීන්ගේ අවාසනාවන්ත චාරිත්‍ර ආදිය සහ අනිකුත් අය විසින් මම හොඳයි කියා හෝ විවේචනය කරන්නාවූ මත වලින් නිදහසද වේ. එය මහඟු නිදහසකි. මින්පසු මනුශ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට සේවය කරන පිණිස නිදහසක් තිබේ. ශුද්ධාත්මයාණන් ගෙන එන්නේ මෙයයි( 2 කොරි.3:18 ). බයිබලය තුල යේසුස්වහන්සේගේ මහිමය ශුද්ධාත්මයාණන් මට පෙන්වා දෙනසේක. කැඩපත බයිබලයයි. කැඩපතින් මට යේසුස්වහන්සේගේ මහිමය දැකිය හැක. ශුද්ධාත්මයාණන් අපට පෙන්වා දෙන්නේ හුදෙක් දේව මතවාදයන් හා දේශනා පමණක්ම නොවේ - සමහර මිනිසුන් බයිබලය කියවන්නේ දේවමතවාදයක් හෝ දේශනයක් සොයා ගැණීමටයි - ශුද්ධාත්මයාණන් අපට බයිබලය තුළ යේසුස්වහන්සේගේ මහිමයද පෙන්වනසේක. අලුත් ගිවිසුම තුළ ඇති සියළු දේම මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මහිමය පෙන්වීම උදෙසාය. මම මහිමය දකිනවිට, ශුද්ධාත්මයාණන්වහන්සේ මගේ හදවත තුළ තවත් කාර්‍යයක් සිදුකරයි මාව උන්වහන්සේගේ හැඩරුවට වෙනස් කරයි. ශුද්ධාත්මයාණන් කරන්නේ මෙයයි.

මිනිසුන් කියනවා " සේවය ගැන අදහස කුමක්ද?" මම දකිනවා යේසුස්වහන්සේ කොහොමද සේවය කළේ කියා, එලෙස මමත් සේවය කිරීම ආරම්භ කරනවා. මම දකිනවා යේසුස්වහන්සේ කොහොමද කැපකිරීම් කළේ කියලා සහ දේශනා කරමින් එහේ මෙහේ ගියේ කියලා. ඔබගේ සේවයේ අඩු වීමක් වෙයි කියා සිතන්න එපා. ඔබ විසින් තව තවත් කැපකිරීම් සමගින් සේවය කරනු ඇත. 2 කොරි. 3: 17,18 සඳහන් කර ඇති දෙය කිරීමට ඔබ ශුද්ධාත්මයාණන්ට ඉඩහරින විට ඔබේ ජීවිතය සහ සේවය වෙනස්වේ, ඔබ අලුත් ගිවිසුම් සේවකයෙකු බවට පත්වේ, එමෙන්ම එය කිරීමට ඔබට පූර්‍ණකාලීන සේවකයෙකු වීමම අවශ්‍ය නොවේ. සභාව තුළ ඕනෑම සහෝදරයෙකු හෝ සහෝදරියෙකු අලුත් ගිවිසුම් සේවකයෙකු විය යුතුමය.

"මෙම සේවයට අප සමර්‍ත නැත" ( 2 කොරි. 3:5 ). එය අපගේ පුළුවන් කමේ හැටියට සේවය උදෙසා අවශ්‍ය සියළු දේ කිරීම නොවේ, නමුත් පුළුවන් කම පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය. අලුත් ගිවිසුම් සේවකයෙකු දෙවියන්වහන්සේට සේවය කිරීම සඳහා තමන් තුලම ඇති දේවල් මත යැපෙන්නේ නැත. සෑම සියළු දේම දෙවියන්වහන්සේගෙන්ය. " දෙවියන්වහන්ස ඔබ මට දුනමැනව . මම එය පිටතට (අන් අයට) දෙන්නෙමි". එය මිදියුෂ බෙදා දුන් දාසයා මෙනි. මෙම දාසයින් යේසුස්වහන්සේ වෙතට ජලය ගෙනාවෝය, උන්වහන්සේ එය මිදියුෂ බවට පත්කළ අතර ඔවුන් එය බෙදා දුන්නෝය. ගෝලයින් යේසුස්වහන්සේ වෙතට පාන්ගෙඩි පහක් ගෙනාවෝය, යේසුස්වහන්සේ එය වැඩිකළ අතර ඔවුන් ඒවා බෙදා දුන්නෝය. අප සේවය කළ යුත්තේ ඒ ආකාරයටයි. දෙවියන්වහන්සේට සේවය කර වසර ගණනාවකට පසු, දේව සේවයේ බොහෝ අය අධෛර්යටත්, ඛේද සහගත තත්වයටත්, දොම්නසටත් පත්වේ. ඔවුන් අධික වෙහෙසට පත්වේ මන්ද ඔවුන් තමන්ගේම පුළුවන්කාර කමින් සේවය කරන්නට උත්සහ කිරීම නිසාවෙනි. මම විශ්වාස කරනවා දෙවියන්වහන්සේට සේවය කිරීම පිණිස උන්වහන්සේම අපට ශාරීරික සුවය පවා දිය යුතුයි කියා. ඔබ පිටස්තර දුෂ්කර පෙදෙසකට සේවය සඳහා යන්නට පුළුවන් එවිටද ඔබට ශාරීරික සුවය අවශ්‍යයයි. මඳකට එම පොරොන්දුව ගැන සිතන්න "නමුත් ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. තරුණ අය පවා ක්ලාන්ත වන්නෝය, නමුත් අප රාජාලීන්ගේ පියාපත් ඇතුව මෙන් ඉහලට නගින්නෙමු." අපගේ හැකියාව ලැබෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය. ඔබ ආර්ථික අපහසුථාවයක සිටින විට, ඔබට එම පදය ඇත, "අපගේ හැකියාව දෙවියන්වහන්සේගෙන්ය." අලුත් ගිවිසුම තුළ ඔබගෙ අවශ්යතාවයන් කුමක් වූවද, අපගේ හැකියාව දෙවියන්වහන්සේගෙන්ය.

උන්වහන්සේ අපව අලුත් ගිවිසුම් දාසයින් ලෙස පත් කර ඇත. අලුත් ගිවිසුම තුළ අප වචනාර්ථ සේවකයින් නොවන අතර නමුත් ආත්මයාණන්ගේ සේවකයින්ය( 2 කොරි. 3:9 ). මෙහිදී සේවාවන් දෙකක් සඳහන් කොට ඇත, වරදට පත් කිරීමේ සේවය සහ ධර්මිෂ්ඨ කිරීමේ සේවය. වරදට පත්කිරීමේ සේවය කුමක්ද? වරදට පත් කිරීමේ සේවය නම් ඔබ දේශනා කළ පසු මිනිසුන්ට තමන්ව වරදට පත්කලාක් මෙන් හැඟීමයි. එවිට ඔවුන් පිටව යයි. ඔබ සිතන්නට පුළුවන් එය පුදුමාකාර සේවයක් කියා මන්ද ඔබ සියළු දෙනාවම එවැනි හැඟීමකට ගෙන ආවා කියා. එය පැරණි ගිවිසුමයි. ව්‍යවස්ථාව මිනිසුන්ව වරදට පත් කරන්නේය - " ඔබ සුදුසු මදි, ඔබ කිසිදා හොඳව සිටියේ නැහැ." ක්‍රිස්තියානි වටපිටාවේ පිබිදීමේ රැලි යැයි පැවසෙන රැස්වීම් තුල අද දවසේ "ඔබ හොඳ මදි, ඔබට එය කෙසේවත් කරන්නට ලැබෙන්නේ නැහැ"යි මිනිසුන්ට කියන්නාවූ බොහෝ දේශනා තිබෙනවා." ඔබ මේ වගේ සහ ඔබ අර වගේ." ඔවුන් සියළු දෙනා එහි සිටිනවා වැරදිකරුවන් ලෙස හැඟිලා. එය ක්‍රිස්තියානි දේශනා නොවේ. ක්‍රිස්තියානි දේශනා මිනිසුන්ව ධර්මිෂ්ඨ කමටත් මහිමයටත් මඟ පෙන්වනු ලබනවා. ඔවුන්ට වරදකරුවන් ලෙස හැඟෙනවා නමුත් ඔවුන්ව එසවූවායැයි හැඟෙනවා, රුස්වීම අවසානයේ ඔවුන්ව සුවපත්වී නිදහස්වී බලාපොරොත්තුවක් ඇතිව පිටව යනවා. ඔබගේ දේශනය මිනිසුන්ව කෙලෙසකට හෝ බන්‍ධනයකට ගෙන එනවා නම් ඔබ අලුත් ගිවිසුම් සේවකයෙකු නොවන බවට ඔබට සහතික කරගත හැකියි. ඔබගේ දේශනාවේ ප්‍රතිඵලයක් ලෙස, මිනිසුන්ව ඔසවනවාට වඩා වරදකරුවන් ලෙස හැඟෙන්නට සලස්වනවා නම්, ඒ පැරණි ගිවිසුම් දේශනයක් වේ. ඔබ මිනිසුන්ව ඔසවනවාට වඩා මිනිසුන්ව වට්ටනවා නම් එය පැරණි ගිවිසුම් දේශනයක්ය. අලුත් ගිවිසුම් දේශනය ඔවුන්ව ඔසවනවා සේම බලාපොරොත්තුවක් ලබා දේ.

2 කොරි. 4:1 තුළ පාවුළු තුමා තම සේවය ගැන තවදුරටත් විස්තර කරයි. "ඉන් නිසා අපට කරුණාව ලැබුනු ලෙසම මෙම සේවයත් ලැබී තිබෙන හෙයින්, අප ක්ලාන්ත නොවන්නෙමුව." ක්ලාන්ත වීම යනු අධෛර්‍යට පත්වීමයි. අපෝස්තුළු පාවුල් පවා අධෛර්‍යට පත්වීමේ පරික්‍ෂාවට පත්වුණි. එනිසා ඔබ අධෛර්‍යට පත්වීමේ පරීක්‍ෂාවට පත්වන්නේ නම්, එය සේවය තුල අලුත් දෙයක් නොවේ. බොහෝ අවස්ථාවල මම අධෛර්‍යට පත්වීමේ පරීක්‍ෂාවට මුහුණදී තිබෙනවා. නමුත් පාවුළු තුමා පවසනවා, "අප අධෛර්‍යට පත් නොවන්නෙමු. අප අධෛර්‍යට පත්වීම ප්‍රතික්‍ෂේප කරන්නෙමු මක්නිසාද අප යේසුස්වහන්සේ දෙස ඇස් යොමන්නෙමු එසේම දෙවියන්වහන්සේ අපට ලබාදුන් මහිමාන්විත සේවය ගැන සිතන්නමු( 2 කොරි.4:2 ).