WFTW Body: 

නව ගිවිසුම් සේවාව ගලා යා-යුත්තේ ජීවනයෙන් මිස බුද්ධියෙන් නොවේය.

පැරණි ගිවිසුම යටතේ, පුද්ගලික ජීවිත දුරාචාර නොවූවද, එම මනුෂ්‍යයින්ව සේවය උදෙසා දෙවියන් වහන්සේ යොදවාගත් සේක. පාපිෂ්ඨ ජීවිතයක් ගතකරන අතරවාරයේදීම ඉශ්‍රායල්වරුන් මුදවාගැනීමට සම්සොන් හට හැකියාව දී තිබුණි. ඔහු කාමමිථ්‍යාචාරයේ යෙදුනද දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ ඔහුගෙන් නික්ම නොගිය සේක. දෙවියන් වහන්සේගේ ආලේපය ඔහු හැර ගියේ ඔහුගේ හිසකෙස් කපා දෙවියන් වහන්සේ සමඟ ඇති ගිවිසුම කඩකළ විට පමණි. දාවිත් තුමා හට භාර‍්‍යයාවන් බොහෝමයක් වූහ. එහෙත් දෙවියන් වහන්සේගේ ආලේපය ඔහු මත පැවති අතර ඔහු ශුද්ධලියවිල්ල පවා ලියුවේය.

එනමුත් නව ගිවිසුම යටතේ සේවාව සහමුලින්ම වෙනස් වන්නේය. 2 කොරින්ති 3හි පැරණි ගිවිසුම යටතේ සේවය සහ නව ගිවිසුම යටතේ සේවාව අතර පරස්පරය හුවා දක්වන්නේය. එම වෙනස මූලික වශයෙන් මෙයයි: පැරණි ගිවිසුම යටතේ පූජකයින් ව්‍යවස්ථාව හොඳින් අධ්‍යයනය කළ අතර දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනයෙන් පැවසූදේ මිනිසුන්ට ඉගැන්වූ සේක. නමුත් නව ගිවිසුම යටතෙහිදී අප, තම පියාණන් වහන්සේ සමඟ දැරූ සම්බන්ධථාවයෙන් සහ තම අභ්‍යන්තර ජීවනයෙන් දේවවචනය කථා කළාවූ යේසුස් වහන්සේව අනුගමනය කරන්නෙමු. අපගේ ජීවනයෙන් හා දැණුමෙන් (අධ්‍යාපනික) දේශනා කිරීම අතර විශාල වෙනස්කමක් ඇත්තේය.

අද, ආලෝකය වනාහි ධර්ම-මතයක් හෝ ඉගැන්වීමක් නොව, නමුත් යේසුස් වහන්සේගේ ම ජීවනය අප තුළින් ප්‍රකාශ වීමය. එසේ නොවන්නාවූ අන්සෑම දෙයක්ම - ධර්මදූත ඉගැන්වීමක් වුවද අන්ධකාරය වන්නේය.

තොරතුරු පමණක් සන්නිවේදනය කරණ ඕනෑම දේශකයෙකු පැරැණි ගිවිසුම් සේවයේ යෙදෙන්නෙකි. ඔහු ලබාදෙන සියළුම තොරතුරු නිරවද්‍යවිය හැක. එනමුදු ඔහු ජීවනය සන්නිවේදනය නොකරන්නේ නම් ඔහු නව ගිවිසුම් සේවකයකු නොවන්නේය. පැරණි ගිවිසුම වනාහි වචනාර්ථය අනුවවූ ගිවිසුමක්වූ අතර නව ගිවිසුම ජීවනය ගෙන දෙන්නාවූ ගිවිසුමක් වන්නේය. වචනාර්ථය නසන නමුත් ආත්මයාණන් වහන්සේ (පරමාර්ථය) ජීවනය දෙනසේක.

පැරැණි ගිවිසුමෙහි දෙවියන් වහන්සේ, ඉශ්‍රායල්වරුන්ට ව්‍යවස්ථාවක් (නීති මාළාවක්) පවත්වන පිණිස ලබා දුන්සේක. නමුත් නව ගිවිසුමෙහි උන්වහන්සේ ‘යේසුස් නැමැති නම’ දැරූවා වූ පුද්ගලයා - ආදර්ශයක් ලෙස අපහට ලබාදුන්සේක. යේසුස් වහන්සේගේ ජීවනය මනුෂ්‍යයින්ගේ ආලෝකය විය. අද, ආලෝකය වනාහි ධර්ම-මතයක් හෝ ඉගැන්වීමක් නොව, නමුත් යේසුස් වහන්සේගේ ම ජීවනය අප තුළින් ප්‍රකාශ වීමය. එසේ නොවන්නාවූ අන්සෑම දෙයක්ම - ධර්මදූත ඉගැන්වීමක් වුවද අන්ධකාරය වන්නේය.

පැරැණි ගිවිසුම් යුගයේදී, අප ගීතාවලිය 119: 105 හි දකිනා ලෙස දෙවියන් වහන්සේ විසින් ලියවන ලදවූ ව්‍යවස්ථාව ආලෝකය වූයේය. නමුත් එවිට, වාක්‍යාණෝ මාංශවත් වී, යේසුස් වහන්සේම ලෝකයේ ආලෝකය වී (යොහාන් 8: 12) උන්වහන්සේගේ ජීවනය මනුෂ්‍යයින්ගේ ආලෝකය වූයේය (යොහාන් 1: 4). කෙසේ වුවද, තමන් වහන්සේ මිහිපිට සිටිනතාක්කල් පමණක්, ලෝකයට ආලෝකය වියහැකි බව යේසුස් වහන්සේ පැවසූසේක (යොහාන් 9: 5). දැන් උන්වහන්සේ ස්වර්ගස්ථ වී සිටින බැවින් ලෝකයට ආලෝකය වීම පිණිස අපව මිහිපිට තබා තිබෙන සේක (මතෙව් 5: 14). එබැවින් අපගේ ජීවිත තුළින් එම ආලෝකය ප්‍රකාශ කිරීමට අපහට ඇත්තාවූ වගකීම ඉමහත් ය.

පැරණි ගිවිසුමේ කූඩාරම නව ගිවිසුමේ සභාවෙහි ජායා රූපයක් වුණි. ඔබ දන්නා පරිදි එම මණ්ඩපයට කොටස් තුනක් තිබුණි - පිටත මළුවක්, ශුද්ධස්ථානයක් සහ අතිශුද්ධස්ථානයක් (දෙවියන් වහන්සේ වැඩසිටි ස්ථානය). පිටත මළුවේ සිටින මිනිසුන් සංකේතවත් කරන්නේ ඔවුන්ගේ පව්වලට සමාව ලැබූ ඇදහිළිවන්තයින්‍වය. ඔවුන් තම-සභාවන්හි කිසිදු වගකීමක් ගන්නේ නැත. ඔවුන් රැස්වීම්වලට පැමිණ පණිවිඩවලට සවන්දී ඔවුන්ගේ පඬුරු ලබාදී රොටි කඩා ගෙදර යති. ශුද්ධස්ථානයේ සිටින සෙනඟ යනු යම් ආකාරයකින් සභාවේ සේවය කිරීමට උත්සාහකරන අයයි - පහන් රුක දල්වා පූජාසනය මත සුවඳ දුම් දැමූ ලෙවීවරුන් මෙන්. නමුත් අති ශුද්ධස්ථානයේ සිටින අය නව ගිවිසුමට ඇතුල්වන අයයි, දෙවියන් වහන්සේ සමඟ සහභාහිකම (ආත්මයෙන්) සොයන සහ අනෙකුත් ගෝලයින් සමඟ එක් ශරීරයක් ලෙස එක්සත්වේ. ඔවුන් තම ජීවනයෙන් දේවසේවයේ යෙදෙන අතර සැබෑ සභාව, ක්‍රියාකාරි සභාව, සාතන් සමඟ සටන් කරන සහ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය පවිත්‍රව තබාගන්නා අයයි. කෙසේ වෙතත්, බොහෝ සභාවල එවැනි ගර්භයක් (යමක පැවැත්මට මූලිකවූ කේන්ඳ්‍රීය හරයක්) නොමැත.

සෑම සභාවකම - හොඳම හෝ වේවා නරකම හෝ වේවා - පිටත මළුවේ වාඩිවී සිටින අය එකම වර්ගයට අයත් වනු ඇත - අර්ධ-සිත්ඇති, ලෞකික, තමන්ගේම දේ සොයන, මුදලට ආශා කරන්නන් සහ පහසුවට හා විනෝදයට ප්‍රේම කරන්නන්. නමුත් හොඳ සභාවක ශක්තිමත් අභ්‍යන්තර හරයක් (යමක පැවැත්මට මූලිකවූ කේන්ඳ්‍රයක්) ඇති දේවභක්තික නායකයින් ඇත. සභාව ගමන් කරන්නේ කුමන දිශාවටද යන්න තීරණය කරන්නේ මෙම අභ්‍යන්තරයේ කේන්ඳ්‍රස්තවූ මෙම හරය යි.

කේන්ඳ්‍රීය හරය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ එකිනෙකාට වෙනස්වූ දෙදෙනෙකු එකිනෙකා සමඟ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන එකම ඉළක්කයක් කරා එළඹීම පිණිස එක් කෙනෙකු වීමෙනි. දෙවියන් වහන්සේ ඔවුන් සමඟ සිටින අතර හරය ප්‍රමාණයෙන් හා එකමුතුවෙන් වර්ධනයවීමට පටන්ගනී. මිනිස් සිරුරක්ද ආරම්භ වන්නේ එකිනෙකට සමාන නොවන ඒකක දෙකක් මවකගේ ගර්භාෂය තුළ එකක් බවට පත් වීමෙනි. එම කුඩා කළලය විශාලවීමට පටන්ගන්නා විට, සෛළ සියල්ලම එකට එකමුතුව රදා පවතී. නමුත් එම සෛළ යම් මොහොතක එකිනෙකින් කැඩී ගියහොත්, එය එම දරුවාගේ අවසානය වනු ඇත!

ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ප්‍රකාශණයක් ලෙස තම-සභාවක් ගොඩනැඟීමත් එසේමවේ. යම් හෙයකින් හරය (යමක පැවැත්මට මූලිකවූ කේන්ඳ්‍රය) බෙදී ගියහොත්, බාහිර ව්‍යුහය ආයතනයක් ලෙස දිගටම පැවතුනද, එය සැබෑ සභාවේ අවසානය වනු ඇත!

(ඉතිරි කොටස ලබන සතියේ....)