WFTW Body: 

(පසුගිය සතියේ ලිපියේ ඉතිරි කොටස )

හෙබ්‍රෙව් පොතෙහි පළමු වාක්‍යයේම පවසන්නේ අතීතයේ දෙවියන් වහන්සේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කතා කළ නමුත් දැන් උන්වහන්සේ තම පුත්‍රයාණන් මාර්ගයෙන් කතා කර ඇති බවයි. පැරණි ගිවිසුම වනාහි බොහෝ දුරට දෙවියන් වහන්සේගෙන් ආඥා සන්නිවේදනයක් වූ අතර, ඒවායේ "ඔබ කළ යුතුය" සහ "ඔබ නොකළ යුතුය" යන්න සඳහන් විය. නමුත් නව ගිවිසුම වනාහි දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් හරහා උන්වහන්සේගේ ජීවිතය පිළිබඳ සන්නිවේදනයකි.

පියාණන් වහන්සේ යේසුස් වහන්සේව කුඩා දරුවෙකු ලෙස මෙලොවට එව්වේ ඒ නිසාමය. සම්පූර්ණ වැඩුණු මිනිසෙකු ලෙස යේසුස් වහන්සේව පොළොවට එව්වා නම් දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නොවනු ඇත. නමුත් උන්වහන්සේ ළදරුවෙකු ලෙස පැමිණියේ කුඩා කල සිටම අපට අත්විඳින අත්දැකීම් හා අප මුහුණ දෙන පරීක්‍ෂාවන්ට මුහුණ දීම සඳහා ය.

පියාණන් වහන්සේ යේසුස් වහන්සේව කුඩා දරුවෙකු ලෙස මෙලොවට එව්වේ ඒ නිසාමය. සම්පූර්ණ වැඩුණු මිනිසෙකු ලෙස යේසුස් වහන්සේව පොළොවට එව්වා නම් දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නොවනු ඇත. නමුත් උන්වහන්සේ ළදරුවෙකු ලෙස පැමිණියේ කුඩා කල සිටම අපට අත්විඳින අත්දැකීම් හා අප මුහුණ දෙන පරීක්‍ෂාවන්ට මුහුණ දීම සඳහා ය.

යේසුස් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන කොටස ගැන කිසිවෙකු සිතන්නේ නැති තරම්‍ ය. උන්වහන්සේගේ දේවසේවය උන්වහන්සේගේ භූමික ජීවිතයෙන් 10% ක් පමණි - අවුරුදු 33½ න් අවුරුදු 3½. උන්වහන්සේගේ උපත සහ මරණය එක් දින සිදුවීම් පමණි. උන්වහන්සේගේ ජීවිතයේ ප්‍රධානතම කොටස වූයේ නාසරෙත්හි ගත කළ වසර 30යි. උන්වහන්සේගේ මුළු දේවසේවය පදනම් වූයේ එම වසර 30 මතය. උන්වහන්සේගේ දේවසේවයේදී උන්වහන්සේ දේශනා කළ දේශනා සකස් කිරීමට වසර 30ක් ගත විය. මේ දිනවල දේශකයන් තම දේශනා සකස් කරන ආකාරයට උන්වහන්සේ "කන්ද උඩ දේශනාව" දේශනා නොකළ සේක - ඉගෙන ගන්නා කාමරයක ඉඳගෙන පොත්පත් සහ ගැටපද විවරණ පරිශීලනය කරමින්, ඒවායෙන් සටහන් ලියා ගනිමින්, අක්‍ෂර මාලාවේ එකම අකුරකින් ආරම්භ වන පිළිවෙලින් කුඩා කරුණු තුනක් පිළියෙළ කරමින්!! නැත ඒ දේශනාව උන්වහන්සේගේ ජීවිතයෙන් නික්මුණාවූ දේශනාවක් වූ අතර උන්වහන්සේට එය සකස් කිරීමට වසර 30 ක් ගත විය. එය එතරම් බලවත් වූයේ එබැවිනි, උන්වහන්සේ කතා කළ අධිකාරිය ගැන මිනිසුන් මවිතයට පත් වූයේ එබැවිනි (මතෙව් 7:28, 29).

පැරණි ගිවිසුමේ, දෙවියන් වහන්සේ යෙරෙමියා සමඟ කතා කළේ ඇතැම් දිනවල පමණක් බව අපට කියවේ. යෙරෙමියාට දෙවියන් වහන්සේ කතා කළ දේ හරියටම ලියා තැබූ ඔහුගේ ලේඛක බාරුක්ට ලියාගන්නා පිණිස ඔහු ඒවා කියෙව්වේය. එලෙසම, දෙවියන්වහන්සේ එසකියෙල්ට යම් යම් අවස්ථාවලදී පමණක් කථාකොට, යූදාහි සෙනඟට කිවයුතු දේ ඔහුට කීසේක. එසකියෙල් ගොස් සෙනඟට එය හරියටම කීවේය. ඒක හොඳයි. අදත් එහෙම දේශනා තිබ්බා නම් ඉතාමත් අනර්ඝයි!

නමුත් අලුත් ගිවිසුම් සේවය ඊටත් වඩා හොඳවේ! දෙවියන් වහන්සේ එම පැරණි ගිවිසුමේ අනාගතවක්තෘවරුන්ට කළාක් මෙන් යේසුස් වහන්සේට කතා කළේ ඇතැම් දිනවල පමණක් නොවේ. දෙවියන් වහන්සේ සෑම දිනකම යේසුස් වහන්සේට කතා කළ අතර යේසුස් වහන්සේ තම ජීවිතයෙන් සෑම දිනකම මිනිසුන්ට කතා කළ සේක. උන්වහන්සේගේ සේවය ඔහුගේ ජීවිතයෙන් ගලා ගියේය. "අපගේ අභ්‍යන්තරයෙන් ගලා යන ජීවන දායක ජල ගංගා" යන්නෙහි තේරුම එයයි (යොහාන් 7:38).

පැරණි ගිවිසුමේ අනාගතවක්තෘවරයා පණිවිඩකරුවෙකු පමණි. පණිවිඩයක් යැවීමට ඔබට අවශ්‍ය වන්නේ හොඳ මතකයක් පමණි. නමුත් නව ගිවිසුම තුළ දෙවියන් වහන්සේ අපට පණිවුඩ ලබා දෙන්නේ අපගේ ජීවිතයට මිස අන් අයට ලබා දීමට නොවේ! එවිට ඔබට අවශ්‍ය වන්නේ හොඳ මතකයක් නොව යහපත් ජීවිතයක් - දිව්‍යමය ජීවිතයයි.

මෙහි වෙනස පැහැදිලි කිරීමට මට ඉඩ දෙන්න: ඔබ කරාමයකින් වතුර ටිකක් එකතු කර (දෙවියන් වහන්සේගෙන් පණිවිඩයක් ලබා ගෙන) එය වත් කළහොත් - එය පැරණි ගිවිසුමේ දේවසේවයේ පින්තූරයක් වනු ඇත. එවිට ඔබට ආපසු ගොස් කරාමයෙන් තවත් වතුර ටිකක් එකතු කර ගත හැකිය (දෙවියන් වහන්සේගෙන් තවත් පණිවිඩයක් ලබා ගෙන) එය ද වත් කරන්න.

නමුත් නව ගිවිසුම තුළ, අප තුළම ජල උල්පතක් (යේසුස්වහන්සේගේම ජීවිතය) අපට ලබා දී ඇත. එලෙසම එය අපේ ඇතුලාන්තයෙන් නිතරම පිටතට ගලාගෙන යනවා ඇත. ඒ නිසා අපිට පණිවිඩයක් ලබාගන්නා පිණිස හැම වෙලාවෙම දෙවියන් වහන්සේ ළඟට යන්න අවශ්‍ය නොවේ. උන්වහන්සේ අපවම පණිවිඩය කරන සේක. අපේ ජීවිතයම පණිවිඩය වන අතර අපි එයින් කතා කරමුව!

බොහෝ මිනිස්සුන්ට ඇත්තේ වතුර වත්කරන්නාවූ සේවාවකි.. සමහරුන්ට වත් කරන විට දීමට කිසිවක් නැත, තවත් සමහරුන්ට දීමට යමක් තිබේ. ඒත් දෙදෙනාම තාම වතුර වත්කරන්නෝය. ඊට පසුව දෙදෙනාම වියළී යනු ඇත.

නමුත් යේසුස් වහන්සේ සමාරියේ සිටි ස්ත්‍රියට පැවසුවේ සදාකාල ජීවනයේ උල්පතක් ඇය තුළම තබන බවත් එයින් ඇයගෙන් පිටතට නිරන්තරයෙන් ගලා යන බවත්‍ ය. (සදාකාල ජීවනය යනු දෙවියන් වහන්සේගේම ජීවිතයයි.)

අප තුළින්ද පිටතට ගලා යා යුතු බවට ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වන්නේ මෙම ජීවිතයම වේ - නිකම්ම පණිවිඩයක් නොවේය. මෙය නව ගිවිසුම් සේවාව වේ.

©

Zac Poonen –

[email protected]

Paste your document here