WFTW Body: 

එපීස සභාවේ ඉතිහාසය ගැන සලකා බලමු. වසර තුනක කාලයක් දිවා රෑ දේශනා කරමින් පාවුලු තුමා එහි සිටියේය (ක්‍රියා 20: 31). එහි අර්ථය නම් එපීසයේ කිතුණුවන් පාවුලු තුමාගේ මුඛයෙන් සිය ගණනක් දේශනා ඇසූ බවයි. ස්වාමින් වහන්සේ ඔවුන් මධ්‍යයේ කරන ලද අසාමාන්‍ය වූ ප්‍රාතිහාර්‍ය ඔවුහු දැක තිබුණි (ක්‍රියා19: 11). වසර දෙකක් වැනි කෙටි කාලයකින් ඔවුන් මධ්‍යයේ සිට දෙවියන් වහන්සේගේ වචනය සුළු ආසියාව වටකරවූ ප්‍රදේශ කරා පැතිර ගියේය. ඔවුන් පිබිදීමක් අත්දැකීය (ක්‍රියා19: 10, 19). අපෝස්තලික කාලසමයේ සභාවලින් වඩාත් වරප්‍රසාද ලද්දෝ ඔවුන් විය. ඒ වගේම ඔවුන් කිසිම සැකයකින් තොරව එම කාලයේ සුළු ආසියාවේ වඩාත් ආත්මික වූ සභාව විය. (එය පාවුලු තුමා එපීසයට යැවූ ලිපියෙන් අපට එය දැකිය හැකි අතර, එහි දී ඔහු අනෙක් සභාවලට ලියුවාක් මෙන් ඔවුන් මධ්‍යයේ කිසිම නිවැරදි කිරීමක්, කිරීමට අවශ්‍ය නොවීය).
ධර්මවාදයන් (මතවාදයන්) තුළවූ දෝෂ "වතුරෙහි බව්තීස්මය" වැනි සහ "ශුද්ධාත්මයාණන්ගේ බව්තීස්මය" යනාදිය කෙනෙකුගේ "ක්‍රිස්තුස් වහන්සේට පෞද්ගලිකව ආත්ම පරිත්‍යාගය (කැපවීම) අහිමි කර ගැණීම" තරම් අනතුරුදායක නොවේ.
නමුත් පාවුලුතුමා එපීසයෙන් පිටව යාමේදී එහි වැඩිමහල්ලන්ට අනතුරු අඟවා සිටියා සභාවේ අලුත් නායකත්වයන් යටතේ මීළඟ පරම්පරාවේ දී කරුණු කාරනා ඉතා නරක තත්වයට හැරෙන බව. ඔහු ඔවුනට පැවසුවා රෞද්‍ර වෘකයින් ඔවුන් මධ්‍යයට පැමිණෙන බවත් ඔවුන් අතරින් ම මිනිසුන් නැගිට හිතුවක්කාර වූ දේ කථාකර ස්වාමින් වහන්සේ වෙතට සෙනඟ ඇද ගැනීම වෙණුවට, තමන් වෙතට සෙනඟ ඇද ගන්නා බව (ක්‍රියා 20: 29-30).
පාවුලු තුමා එහි සිටිතාක් එපීසයේ රැල වෙතට ඇතුළු වීමට කිසි වෘකයෙකුට නිර්භීත කමක් නොතිබුණි. පාවුලු තුමා විශ්වාසවන්ත රැකවලෙක්ව සිටියේය (මාර්ක් 13: 34 බලන්න). ඔහු දේව බියෙන්, ඔහුගේම අභිමුතිය නොව, නමුත් ස්වාමින් වහන්සේගේ අභිමුතිය සෙව් හෙයින්, සහ ඔහු ආලේපලත් වූ බැවින්, ඔහුට ස්වාමින් වහන්සේගෙන් ආත්මික ආධිපත්‍යය තිබුණේය. එළෙසම එපීස සභාවේ නායකයින්ගේ ආත්මික තත්වය නරක බව දැන ගැණීමට ද ප්‍රමාණවත් ආත්මික බුද්ධිය ඔහු සතු වූ අතර ඔහු දැන සිටියා ඔවුන් සභාවේ නායකත්වය බාරගත්විට තත්වය පිරිහීමට පත්වන බව.
එපීසයේ දී ඒකාන්තයෙන් ම සිදුවන දේ ගැන පාවුලු තුමා වැඩිමහල්ලන්ට අනාගත වාක්‍යයක් දුන්නේ නැත. නැහැ එය අනතුරු ඇඟවීමක් පමණක් විය. ඇත්ත වශයෙන්ම වැඩිමහල්ලන් තමුන්වම විනිශ්චය කර, පසුතැවුණා නම්, ඔහුගේ අනාවැකිය ලෙසම සිදු නොවන්නට තිබුණා. ජෝනා වරක් නිනිවයේ විනාශය ගැන අනාවැකි පැවසුවා. නමුත් ඔහු අනාවැකි පැවසූ ආකාරයට සිදුවූයේ නැත, මක්නිසාද නිනිවයේ මිනිසුන් පසුතැවුණු නිසාය. එපීසයේ සභාවටද පාවුලු තුමාගේ අනාවැකියේ ඉරණමෙන් ගැලවීමට තිබුණා. නමුත් අහෝ! එපීසයේ නව පරම්පරාවේ නායකයින් පාවුලු තුමාගේ අනතුරු ඇඟවීම කිසිසේත් බැරෑරුම් ලෙස ගණන් නොගෙනම ස්වාමින් වහන්සේ වෙතින් ඈතට ඇදී ගියෝය.
පළවෙනි ශතවර්‍ෂය අවසානයේ තුන්වන පරම්පරාව බලයට පැමිණ තිබුණා. ඉන් පසු කරුණු ඉතා නරක තත්වයට පත්වුවා. ඔවුන්ගේ ධර්මවාද තවදුරටත් නිවැරදිව තිබුණා වගේම ක්‍රිස්තියානි කටයුතු පිළිබඳව ඔවුන් ඉතා උනන්දුවෙන් සිටියා. සමහර විට තවදුරටත් ඔවුන්ගේ සම්පූර්ණ කාළ රාත්‍රි යාච්ඤාව සහ ඔවුන්ගේ විශේෂ රැස්වීම්ද පවත්වන්නට ඇති. නමුත් ඔවුන්ගේ ආත්මික ස්වභාවය කොතෙක් නරක්ව තිබුණා ද කිවහොත් සභාවක් ලෙස උන්වහන්සේගේ තිබූ පිළිගැනීම ඉවත් කිරීමට ආසන්න ව තිබුණා. ඔවුන්ගේ අපරාධය කුමක්ද? ස්වාමින් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ආත්ම පරිත්‍යාගය (කැපවීම) නැතිවීමයි (එළිදරව් 2: 4,5).
එපීස සභාවේ ඉතිහාසය අපට උගන්වන්නේ කුමක්ද? ඒ මෙපමණයි - ස්වාමින් වහන්සේ උදෙසාම කැපවූ උද්‍යෝගිමත් ආත්ම පරිත්‍යාගයට වඩා වෙනත් කිසිම ධර්මවාදයක් වැදගත් නොවන බවයි. සැබෑ ආත්මිකත්වය සඳහා වූ එකම එක සලකුණ නම්, යේසුස් වහන්සේගේ ජීවනය ක්‍රමාණුකූල ව වර්ධනය වෙමින් අපගේ හැසිරීමෙහි ප්‍රකාශ වීමයි, එමෙන්ම මෙය පැමිණිය හැකි එකම ආකාරය ස්වාමින් වහන්සේට පෞද්ගලිකව ඇති ආත්ම පරිත්‍යාගය (බලවත් ඇල්ම) තුළින් පමණි.
තම ජීවිතයේ අවසානය දක්වා ස්වාමීවූ යේසුස් වහන්සේට කැපවූ උද්‍යෝගිමත් සහ විශ්වාසවන්ත ආපෝස්තුළුවරයෙකු වූ පාවුලු තුමා භක්තිමත් මනුෂ්‍යයකු වූවේය. ඔහු සෑම තැනක දීම ඇදහිළිවන්තයින්ට අනතුරු ඇඟවූයේ, සාතන් ඔවුන්ව "ස්වාමින් වහන්සේට වූ සරළ (සාමාන්‍ය) ආත්ම පරිත්‍යාගයෙන් (කැපවීමෙන්)" පවා හැරවීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බවයි (2 කොරි 11: 3).
"වතුර බව්තීස්මය" සහ "ශුද්ධාත්මයාණන්ගේ බව්තීස්මය" වැනි දේ ගැන ධර්මවාද (මතවාද) කාරනා වල ඇති වැරදි යමෙකු ක්‍රිස්තුස් වහන්සේට පෞද්ගලිකව ආත්ම පරිත්‍යාගය (කැපවීම) අහිමි කර ගැණීම තරම් අනතුරුදායක නොවේ. බොහෝ ඇඳහිළිවන්තයින් මෙය තාමත් අවබෝධ කරගෙන ඇති බවක් නොපෙනේ.