WFTW Body: 

දෙවියන් වහන්සේ සෑම විටම උන්වහන්සේ වෙනුවෙන් ස්ථාවරයක් ගැනීමට අවම වශයෙන් එක් ස්ථානයක එක් මිනිසෙකුවත් සොයන සේක (එසකියෙල් 22: 30 හි අපි කියවන පරිදි). උන්වහන්සේ වරෙක ඒනොක් කෙනෙකුව, පසුව නෝවා කෙනෙකුව, ඉන් පසුව ආබ්‍රහම් කෙනෙකුව, ඊටත් පසුව එලියා කෙනෙකුව සහ යොහාන් බව්තීස්ත කෙනෙකුව යනාදීන් වශයෙන් සොයා ගන්නා ලදී.

“ස්වාමීනි, ඔබවහන්සේට අවශ්‍ය, මා විසින් ප්‍රතික්ෂේප කළයුතු දේ වලට එපා යැයි කීමට ධෛර‍්‍යයද; ඔබවහන්සේට අවශ්‍ය, මා කළයුතු දේවල් කරන්නට ශක්තියද සහ එහි වෙනස දැනගැනීමට මට ප්‍රඥාවද දෙණු මැනවි".

බබිලෝනියේදී උන්වහන්සේට දානියෙල් කෙනෙකුව හමු විය. බයිබලයේ දානියෙල් 1: 7 හි දානියෙල්ගේ මිතුරන් තිදෙනා වන හනනියා, මිෂායෙල් සහ අසරියා (පසුකාලීනව ෂද්‍රාක්, මේෂාක් සහ අබේද්නෙගෝ ලෙසින් නම් කරන ලදී) ගැන සඳහන් කළද, දානියෙල් 1: 8 හි පවසන්නේ, “ඔහුව නොකෙළසන බවට ඔහුගේ හදවතින් අධිෂ්ඨානය කළේ දානියෙල්ම පමණක් බවයි". අනෙක් තිදෙනාට ද ස්ථාවරයක් ගැනීමට ධෛර‍්‍යය ලැබුණේ ඉන් පසුවය. ලෝකයේ බොහෝ ස්ථානවල ඇදහිළිවන්තයින් අතර බොහෝ හනනියාවරුන්, මිෂායෙල්වරුන් සහ අසරියාවරුන් ඇතත්, ඔවුන්ට තනිවම ස්වාමින් වහන්සේ උදෙසා ස්ථාවරයක් ගැනීමට ධෛර‍්‍යයක් නැත. නමුත් ඔවුන් තීරණයක් ගන්නේ, දානියෙල් කෙනෙකු ඔවුන් අතරේ නැඟී සිට ස්වාමින් වහන්සේ උදෙසා ස්ථාවරයක් ගතහොත් පමණි. එබැවින් ඔබ කොතැනක සිටියත් ස්වාමින් වහන්සේ උදෙසා 'දානියෙල්' කෙනෙකු වීමට තීරණය කරන්න.

ඒ හා සමාන දෙයක් අපි දකින්නෙමු - නමුත් එයට ප්‍රතිවිරුද්ධ හා නපුරු දෙයක්ය. මුලදී ස්වර්ගයේ බොහෝ දේවදූතයින් සිටි අතර පෙනෙන හැටියට ඔවුන් තුළ කුමක් හෝ දෙයක් ගැන කැකෑරෙන යම් අතෘප්තියක් ඇති විය. නමුත් ඔවුන් අතරේ ලුසිෆර් කෙනෙක් නැඟී එන තුරු කැරැල්ළක් ආරම්භ කිරීමට තරම් ඔවුන්ට ධෛර‍්‍යයක් තිබුණේ නැත. ලුසිෆර් (දේවදූතයන්ගේ ප්‍රධානියා) උගේ කැරැල්ල ප්‍රකාශ කළ විට, එසැණින්ම දේවදූතයින්ගෙන් තුනෙන් එකක් ඌ හා එක් විය (එළිදරව් 12: 4). ඒ මිළියන ගණන් දේවදූතයින් සියල්ලෝම දෙවියන් වහන්සේ විසින් ලුසිෆර් සමඟ නෙරපා හරින ලද අතර ඔවුන් වනාහී අද දවසේ මිනිසුන් අරක්ගත් පිශාචයින්‍ ය (අශුද්ධාත්මයන්ය). "උඩඟුවූ ප්‍රීතිමත් වන්නන් ඉවත් කර, නිහතමානී පහත් මිනිසුන් සෑම තැනකම ඉතිරි කිරීම" දෙවියන් වහන්සේ සමඟ ඇති සදාකාලික ප්‍රතිපත්තියකි (ශෙපනියා 3: 11, 12). බොහෝ කලකට පෙර උන්වහන්සේ ස්වර්ගය පවිත්‍ර කළ ආකාරය මෙයයි - අදත් උන්වහන්සේ සභාව පවිත්‍ර කරන්නේ එලෙසම ය.

දැන් ලෝකයේ එකවර ක්‍රියා කරමින් පවතින්නාවූ කණ්ඩායම් දෙකක් ඇත : ස්වාමින් වහන්සේ උදෙසා ස්ථාවරයක් ගන්නා පිණිස දෙදෙනෙකු හා තිදෙනෙකු එක්රැස් කරනා දානියෙල්වරුන් ; සහ මිනිසුන්ව දූෂ්‍යකමට, අධිකාරියට එරෙහිව කැරළිගැසීමට සහ දෙවියන් වහන්සේගේ ආඥාවලට අකීකරු කරවීමට, ඔවුන්ගේ මිළියන ගණන් රැස් කරනා ලුසිෆර්වරු. ඒත් අවසානයේ දිනන්නේ දානියෙල්වරුන් සමඟ ඉන්න දෙතුන් දෙනාය - මක්නිසාද දෙවියන් වහන්සේ සමඟ ඉන්න එක මනුෂ්‍යයෙක් වූවද සැමවිටම බහුතරයක් වීම නිසාය. දෙවියන් වහන්සේ යම් ප්‍රදේශයක දානියෙල් කෙනෙකුව සොයා නොගන්නේ නම්, එවිට යක්ෂයා මිනිසුන්ව තම මාර්ගයට ගෙන යාමට කෙනෙකු සොයා ගනී. එබැවින් ඔබ දෙවියන් වහන්සේ උදෙසා ඔබේ ස්ථානයේ දානියෙල් කෙනෙකු - දෙවියන් වහන්සේගේ කුඩාම අණපනත්වලට පවා අකීකරු වීමෙන් ඔබ අපවිත්‍ර නොවන ලෙසත්, ඔබව සිංහ ගුහාවකට හෙළණු ලැබුවත්, ඔබ උන්වහන්සේ උදෙසා ස්ථාවරයක් ගන්නා බවත් ඔබේ හදවතේ අධිෂ්ඨාන කරගෙන ආරම්භ කරන අයෙකුවීම අත්‍යවශ්‍යවේ.

ස්වාමින් වහන්සේ ඔබට අනුග්‍රහය, ශක්තිය සහ ප්‍රඥාව ලබා දෙන ලෙස අපි යාච්ඤා කරමු. මෙන්න ඔබ දැක ඇති යාච්ඤාවක සුළු වෙනස් කිරීමක්: “ස්වාමීනි, ඔබවහන්සේට අවශ්‍ය, මා විසින් ප්‍රතික්ෂේප කළයුතු දේ වලට එපා යැයි කීමට ධෛර‍්‍යයද; ඔබවහන්සේට අවශ්‍ය, මා කළයුතු දේවල් කරන්නට ශක්තියද සහ එහි වෙනස දැනගැනීමට මට ප්‍රඥාවද දෙණු මැනවි.