WFTW Body: 

එවන් අපූරු ශුභාරංචියක් සහ දෙවියන් වහන්සේගේ ඉමහත් දයාවන් කෙරෙහි, අපගේ ප්‍රතිචාරය කුමක් විය යුතුද?

“ශුභාරංචිය අපට උගන්වා ඇත්තේ ප්‍රථමයෙන් දෙවියන් වහන්සේට යටත් වන ලෙසයි.” පළමුවෙන්ම, අපගේ ශරීරය ජීවමාන පූජාවක් ලෙස දිනපතා දෙවියන් වහන්සේට ඔප්පු කළ යුතුය (රෝම 12: 1). දෙවියන් වහන්සේට අපගේ මුදල් අවශ්‍ය නැත; උන්වහන්සේට අවශ්‍ය වන්නේ අපේ ශරීරයයි. පැරණි ගිවිසුමේ දවන පූජාව මෙන්, අපි අපගේ ශරීර පූජා කළ යුත්තේ, ස්වාමීනි, මෙන්න මාගේ ඇස්, මාගේ දිව, මාගේ අත්, මාගේ පාද, මාගේ කණ්, මාගේ ශාරීරික ආශාවන් - මම සියල්ල පූජාසනය මත තබමි. ඉන්පසුව, දෙවනුව, අප උන්වහන්සේට අපගේ මණස අලුත් කිරීමට දිය යුතුය (රෝම 12: 2). මෙය සිදු වන්නේ අපගේ මණස දෙවියන් වහන්සේගේ වචනයෙන් සංතෘප්ත වීමට ඉඩ සැළසීම කරනකොට ගෙනය. අපගෙන් බොහෝ දෙනෙකුට අපවිත්‍ර සිතුවිලි සමඟ දැවැන්ත ගැටළු තිබේ. ඇයි? මක්නිසාද ඉස්සර අපි අපේ මණස (සිත) පාවිච්චි කළේ ලෝකාකාර ක්‍රමයට සිතන්න යි. දැන් දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අප සිතන ආකාරය උන්වහන්සේ සිතන ආකාරයටම සිතීමට ආරම්භ වන පිණීස වෙනස් කිරීමටයි, එවිට අපි මෙලෙස අපගේ මණස ටිකෙන් ටික අලුත් වේ.

අපි නැවත ඉපදුණු මොහොතේදී එකවරම අපි දෙවියන් වහන්සේ සෑම දෙයක් ගැනම සිතන පරිදි සිතන්නට පටන් නොගනිමු. නමුත් ඒ මොහොතේ සිට දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අපගේ සිතුවිලි වෙනස් කිරීමටයි, එවිට අපි ක්‍රමක් ක්‍රමයෙන් උන්වහන්සේ සෑම දෙයක් දෙස බලන ආකාරයටම ඒවා දෙස බැලීමට පටන් ගනිමු. දෙවියන් වහන්සේ බලන ආකාරයට අපි මුදල් දෙස බැලීමට පටන් ගෙන තිබේද? ලෞකික පිරිමින් බලන ආකාරයට නොව දෙවියන් වහන්සේ ඔවුන් දෙස බලන ආකාරයට අපි කාන්තාවන් දෙස බැලීමට පටන් ගෙන තිබේද? ලෝකයා එක්කෝ ස්ත්‍රීන් හෙළා දකියි, නැත්නම් ඔවුන් කෙරෙහි තෘෂ්ණාවෙන් සිටී. දෙවියන් වහන්සේ ඒ දෙකම කරන්නේ නැත. යේසුස් වහන්සේ ඔවුන් දෙස බැලූ ආකාරයටම අපි අපේ සතුරන් දෙස බැලීමට පටන් ගෙන තිබේද? ලෞකික මිනිසුන් තම සතුරන්ට වෛර කරයි, නමුත් යේසුස් වහන්සේ ඔවුන්ට ප්‍රේම කළසේක. සෑම ක්ෂේත්‍රයකම අපේ මණස අලුත් විය යුතුයි. අපි දෙවියන් වහන්සේගේ වචනය කියවා කීකරු වන විට, ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ මණස අලුත් කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට අපව පරිවර්ථනය කරන සේක.

පරිවර්ථනය මුලින්ම සිදු වන්නේ අභ්‍යන්තරයේය. "මේ ලෝකයේ ආකාරයට සමාන නොවන්න"(රෝම 12: 2) ලෞකිකත්වය ආරම්භ වන්නේ අපගේ මණසින් බව අපට උගන්වයි. කෙනෙකු අඳින පළඳින විදිහෙන් ලෞකිකත්වය පෙණෙනවා කියා බොහෝ අය සිතති. එය එසේ නොවේ. එය මුලින්ම මණසේ වාසය කරයි. අපි ඉතා සරලව ඇඳ පැළඳ සිටියත් මුදලට බෙහෙවින් ඇලුම් කළ හැක. මිනිසා බාහිර පෙණුම දෙස බලන අතර දෙවියන් වහන්සේ හදවත දෙස බලන සේක. යේසුස් වහන්සේගේ සැබෑ ගෝලයෙකු දෙවියන් වහන්සේගේ අනුමැතිය ලබාගන්න උත්සාහ කරයි. අපගේ ශරීරය සහ මණස දෙවියන් වහන්සේට භාර කරන විට පමණක් අපගේ ජීවිතය උදෙසා උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත අපට තේරුම් ගත හැකිය (2 පදය).

 පාවුල් තුමා රෝම 12 හි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩනැඟීම ගැන කථා කරයි. ශුභාරංචියේ පරමාර්ථය පුද්ගල ගැළවීම නොව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ කොටසක් වීමයි - එහිදී දෙවියන් වහන්සේ අපට දෙන දීමණා - අනාවැකි කීම, සේවය කිරීම, යනාදිය ක්‍රියාත්මක කිරීමයි. එය 1 කොරින්ති 12 හි පමණක් නොව, මෙහිදී ද ශුද්ධාත්මයාණන්ගේ දීමණා ලැයිස්තුවක් සඳහන් වේ (රෝම 12: 6-8). කිසිම කිතුණුවකු කිසිදා නොසොයන දීමණාවක් මෙහි සඳහන් කර ඇත - ත්‍යාගශීලීබවේ දීමණාව - සභාවේ දුප්පතුන්ට සහ දෙවියන් වහන්සේගේ සේවය සඳහා මුදල් දීමේ දීමණාව (8 පදය).

12 වන පරිච්ඡේදයේ ඉතිරි කොටස ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අනෙකුත් මිනිසුන් සමඟ අප සම්බන්ධ විය යුතු ආකාරය ගැන කථා කරයි. "ඔබේ මණසින් උඩඟු නොවී පහත් මිනිසුන් සමඟ ඇසුරු කරන්න"(රෝම 12: 16). අපි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ සිටින සියල්ලන් සමඟ, නමුත් විශේෂයෙන්ම දුප්පතුන් සමඟ ඇසුරු කළ යුතුය - මන්ද දෙවියන් වහන්සේ මේ ලෝකයේ දුප්පතුන් ඇදහිල්ලෙන් පොහොසත් වීමට තෝරාගෙන ඇත (යාකොබ් 2: 5). “පළිගැනීම දෙවියන් වහන්සේට අයිති නිසා කිසිවිටෙකත් කිසිවෙකුගෙන් පළි නොගන්න (19 පදය). නමස්කාරය සහ මහිමය දෙවියන් වහන්සේට පමණක් අයිති වන්නා සේම, පළිගැනීම ද දෙවියන් වහන්සේට පමණක් අයත් වේ. අන් අයගෙන් වැඳුම් පිඳුම් ලැබීමට හෝ මහිමය ලැබීමට අපට අයිතියක් නැති සේම අන් අයගෙන් පළිගැනීමටද අපට කිසි අයිතියක් නැත.

රෝම 13 සිවිල් බලධාරීන්ට යටත් වීම ගැන කථා කරයි. ශුභාරංචිය අපට උගන්වා ඇත්තේ ප්‍රථමයෙන් දෙවියන් වහන්සේට යටත් වන ලෙසයි (රෝම 12: 1, 2); ඉන්පසු ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ එකිනෙකාට (රෝම 12: 3-21); සහ අවසාන වශයෙන් ලෞකික බලධාරීන්ට - මක්නිසාද ඔවුන් "දෙවියන් වහන්සේගේ සේවකයින්" (රෝම 13: 4, 6). අප බඳු ගෙවන්නෙත්, රටේ නීතියට අවනත වෙන්නෙත් ඒ නිසාය.