WFTW Body: 

2 කොරින්ති 11:23-33 හි, පාවුල් තුමා ස්වාමින්වහන්සේ උදෙසා කරන සේවයේදී අත් විඳින ලද විවිධ පරීක්‍ෂාවන් ගැන කතා කරයි - ඔහුගේ සිරගත කිරීම්, කසයෙන් සහ සැරයටි වලින් ඔහුට ලැබුණු පහරදීම්, නිදි නැති රාත්‍රීන්, කුසගින්න සහ පිපාසය, අයහපත් කාලගුණයට නිරාවරණයවීම, මංකොල්ලකරුවන්ගෙන් අනතුරු ආදිය. ඔහුට වැසීමට ප්‍රමාණවත් උණුසුම් ඇඳුම් හෝ කෑමට ප්‍රමාණවත් ආහාර පවා නොතිබූ අවස්ථා තිබේ; තවද ඔහුට ඒවන විට උණුසුම් ඇඳුම් සහ ආහාර ගැනීමට මුදල් නොතිබුණි. දුක් විඳිමින් සිටි අනෙකුත් කිතුනුවන්ට ඔහුව කුඩා පෙරගමන්කරුවෙකු කිරීමට දෙවියන්වහන්සේ ඔහුව මේ සියල්ල හරහා ගෙනගිය සේක. ඒ සෑම පරීක්‍ෂාවකදීම පාවුල් තුමා තමාවම යටහත් පහත් කරගත්තේය.

"සැබෑ ගෝලයෙකු යනු තමා තුළම දුර්වලවූ සහ දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත් වන අයෙකි"

ඔහු පවසන්නේ, "වරක් මා දමස්කස්හිදී අල්ලා ගැනීමට නියමිතව සිටි අතර, අල්ලාගැනීමෙන් බේරීම සඳහා ඇදහිලිවන්තයන්ට මාව ජනේලයකින් කූඩයක දමා බැස්සවීමට සිදුවිය" (2කොරින්ති11:32, 33). ඔබ අපෝස්තුළුවරයෙකු නම් සහ ඔබට සිදුවූ නින්දා සහගත දෙයක් ඇත්නම්, ඒ ගැන කිසිවෙකු අසනවාට ඔබ කැමති නොවනු ඇත. නමුත් පාවුල්ට අවශ්‍යවූයේ කොරින්තියේ ක්‍රිස්තියානීන්, දෙවියන්වහන්සේ ඔහුව ගැලවීම සඳහා දේවදූතයන් කිහිප දෙනෙකු එවන්නට තරම්, ශ්‍රේෂ්ඨ මිනිසෙක් ලෙස ඔහු ගැන සිතීම නොවේ. ඔහු සාමාන්‍ය මිනිසෙක් වූ අතර අනෙක් අය ඔහුව ඒ ආකාරයෙන්ම දැන ගැනීම ඔහුට අවශ්‍ය විය. "කිසිවෙකු මා ගැන ඔහු දැනගතයුතු ලෙසට වඩා ඉහළින් සිතනවාට මම කැමති නැත" යනුවෙන් ඔහු පැවසීය (2කොරින්ති12:6). ඔවුන් ඇත්තටම සිටිනවාට වඩා තමන් ගැන උසස් හැඟීමක් අන් අයට ලබාදීමට උත්සාහ කරන අද සිටින බොහෝ ස්වාමින්වහන්සේගේ සේවකයන්ට වඩා පාවුලුතුමා කොතරම් වෙනස්ද!

2කොරින්ති 12:1 හි පාවුලුතුමා ස්වාමින්වහන්සේ විසින් තුන්වන ස්වර්ගයට ඔසවාගනු ලැබූ කාලයක් ගැන කථාකරයි. වසර 14 ක් තිස්සේ ඔහු ඒබව කිසිවකුට කීවේ නැත. ඔහුමොනතරම්වූ මිනිසෙක්ද! ඔහුවසර 14 ක් තිස්සේ මෙම අත්දැකීම ගැන නිහඬව සිට ඇත - ඔහු ඒ ගැන කතාකරන විට පවා ඔහු කිසිදු විස්තරයක් ලබාදුන්නේ නැත. බොහෝ ඇදහිලිවන්තයන් සභාවේ ඊළඟ රැස්වීමේ දීමඑවැනි දර්ශනයක් ගැන කතා කරනු ඇත - සහ ඒ පිළිබඳ සෑම විස්තරයක්ම ලබාදෙනු ඇත! පාවුල් තුමාගේ අත්දැකීම අව්‍යාජ යැයි මම විශ්වාස කරන්නේ එබැවිනි. සමහර ඇදහිලිවන්තයන් මේ දිනවල පුරසාරම් දොඩන ස්වර්ගයේ දර්ශන ඔවුන්ගේ ශූර මනක්කල්පිත කල්පනා මාත්‍රයන් - අන් අයගෙන් ගෞරවය ලබාගැනීම සඳහා කතාකරයි! ඇයි මම එහෙම කියන්නේ?මක්නිසාදයත් සැබෑ දර්ශන ඇති අය එම දර්ශන (පාවුල් තුමා පැවසූ පරිදි) “මනුෂ්‍යයෙකුට විස්තර කිරීමට හෝ වචන වලින් පැවසීමට නොහැකිතරම් විශ්මය ජනක බවත් ”, “ඒවා අන් අයට පැවසීමට ඉඩ නොදෙනබවත් සොයාගනු ඇත (2කොරින්ති 12:4).

නොකඩවා යාච්ඤා කිරීමෙන් පසුව පවා දෙවියන්වහන්සේ ඉවත් නොකළ දරුණු පරීක්‍ෂාවක් ගැන පාවුල් තුමා කතා කළේය. පාවුල් තුමා එය හැඳින්වූයේ "මාංසයේ උලක්" සහ "සාතන්ගේ දූතයා" ලෙසිනි - එහෙත් එය "දෙවියන්වහන්සේ විසින් දෙනලදී" (2කොරින්ති12:7). දෙවියන්වහන්සේ පාවුල් තුමාට දුන් තෑග්ග උලක් වේ !! දෙවියන්වහන්සේ එය පාවුල් තුමාට දුන්නේ පාවුල් තුමා උඩඟුවීමේ අනතුර දුටු නිසාය. දෙවියන්වහන්සේ සියලු උඩඟු මිනිසුන්ට විරුද්ධ වන නමුත් පාවුල් තුමාට විරුද්ධ වීමට උන්වහන්සේට අවශ්‍ය නොවීය. උන්වහන්සේට අවශ්‍යවූයේ ඔහුට කරුණාව ලබා දීමටයි. නමුත් පාවුල් තුමාට කරුණාව ලබාදිය හැක්කේ ඔහු යටහත්ව සිටියහොත් පමණි (1පේතෘස් 5:5). එබැවින් දෙවියන්වහන්සේ පාවුල් තුමාට හිරිහැර කිරීමට සාතන්ගේ දූතයාට ඉඩදුන් අතර එමගින් ඔහුව දෙවියන්වහන්සේ මත නිරන්තරයෙන් රඳා පැවතීමට හා යටහත් වීමට සැලසූ සේක. ඉතින් අපිට පේනවා සමහර වෙලාවට දෙවියන්වහන්සේ හොඳ අවසානයක් බලාපොරොත්තුවෙන් සාතන්ගේ දූතයෙකුට වුණත් අපිට දිගටම හිරිහැර කරන්න ඉඩදෙන බව. නිදසුනක් වශයෙන්, ලෙඩ රෝග සාතන්ගේ පණිවිඩ කරුවෙකි. ඇයි අපි එහෙම කියන්නේ? මක්නිසාදයත්, “නපුරුවූ ඔබ, ඔබේ දරුවන්ට හොඳ තෑගි දීමට දන්නේ නම්, ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්වහන්සේ තමන් ගෙන් ඉල්ලන අයට වඩා කොපමණ හොඳදේ (පමණක්) දෙනු ඇත්ද” (මතෙව් 7:11) යනුවෙන් යේසුස්වහන්සේ පැවසූ බැවිනි. පරිපූර්ණ යහපත් දෙවියන් හා සසඳන විට අපි සියල්ලෝම නපුරු පියවරුන්‍ වෙමු. ඒ වගේම අපි කවුරුත් කවදාවත් අපේ දරුවන්ට රෝගයක් දෙන්නේ නැහැ. එසේනම් ප්‍රේමණීය, ස්වර්ගීය පියෙකු තම ඕනෑම දරුවෙකුට අසනීපයක් ලබාදෙන්නේ කෙසේද? ලෝකයේ බොහෝ රෝග පැමිණෙන්නේ පොළොව ශාපයකට ලක්ව ඇති බැවිනි උත්පත්ති 3:17). තවත් සමහර රෝග පැමිණෙන්නේ සාතන් විසිනි (යෝබ් 2:7).

අප උදෙසා දෙවියන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත අප නිරෝගීව සිටීම වුවද, යම් අරමුණක් ඇතිව සමහර අවස්ථාවලදී අප රෝගී වීමට උන්වහන්සේ අවසර දෙනු ඇත. උලෙන් ගැලවීම සඳහා පාවුල් තුමා යාච්ඤා කළවිට, දෙවියන්වහන්සේ ඔහුව ගළවා නොගත් අතර, ඒවෙනුවට, කටුව තිබියදීත් ජයගන්නෙකු වීමට ඔහුට අනුග්‍රහය ලබා දුන් සේක. ඒ අනුග්‍රහයෙන් අපටත් ජය ගන්නට පුළුවන. 2 කොරින්ති13:4 සහ 5 හි අපි කියවන්නේ, “යේසුස්වහන්සේ දුර්වලකම තුල කුරුසියේ ඇණගසනු ලැබුවද, උන්වහන්සේ දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත් වන බවයි. අපිද උන්වහන්සේ තුළ දුර්වලය, නමුත් දෙවියන්වහන්සේගේ බලය නිසා අපි උන්වහන්සේ සමඟ ජීවත් වන්නෙමුව.

සැබෑ ගෝලයෙකු යනු තමා තුළම දුර්වලවූ සහ දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත්වන අයෙකි. පාවුල් තුමා ලිපිය අවසන් කරන්නේ එලෙසයි.

©Zac Poonen – [email protected]