WFTW Body: 

අපි යමක් ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයා ගැනීමට උත්සාහ කරන විට ව්‍යාකූලත්වයට පත්වීම සාමාන්‍ය දෙයක් බව ඔබ දැන ගැනීම මට අවශ්‍ය යි. ඇදහිල්ලෙන් ගමන් කිරීමට දෙවියන් වහන්සේ අපව පුහුණු කරන ආකාරය එයයි - මක්නිසාද යත්,ස්ථිරත්වයෙන් ම දැන ක්‍රියා කිරීම පෙනීමෙන් ඇවිදීමට සමාන විය හැකිය.

ප්‍රේරිත පාවුල් තුමා පවා දෙවියන්වහන්සේගේ කැමැත්ත නොදැන බොහෝ අවස්ථාවලදී ව්‍යාකූල විය. ඔහු පවසන්නේ "දේවල් සිදු වන ආකාරයටම සිදුවන්නේ මන්දැයි අප නොදන්නා නිසා ඔහු ව්‍යාකූල වූ බවයි. නමුත් අපි අත් නොහරිමු එලෙසම නොනවතිමු" (2 කොරින්ති 4: 8 - ජීවමාන බයිබලය).

දෙවියන් වහන්සේ අපට ව්‍යාකූල වීමට සහ වැරදි කිරීමට ඉඩ හැරීමේ එක් හේතුවක් නම්, "කිසිම මිනිසෙක් උන්වහන්සේ ඉදිරියෙහි පාරට්ටු කර නොගන්නා පිණිසය" (1 කොරින්ති 1:29). සදාකාලයේදී, තමා සියලු නිවැරදි දේ කළ නිසා, තමා දෙවියන් වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත ඉටු කළ බව පැවසීමට කිසිවෙකුට නොහැකි වනු ඇත. සදාකාලිකත්වය තුළ අපගේ මහිමය මෙය පමණක් වනු ඇත - එනම් අප බොහෝ අත් වැරදීම් කළත් එමෙන්ම අප නොසැලකිල්ලෙන් වන බලවත් වැරදි කළත් දෙවියන් වහන්සේ අප තුළ උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත ඉටු කළ බව පමණි. එය නිසැකවම මගේ සාක්‍ෂියයි. මෙසේ දෙවියන් වහන්සේට පමණක් සියලු මහිමය ලැබෙනු ඇත, අපට කිසිවක් නොලැබේ. බොහෝ ඇදහිලිවන්තයන් දෙවියන් වහන්සේගේ මෙම අවසාන අරමුණ දැක නැති නිසා, ඔවුන් අසාර්ථක වූ විට හෝ දෙවියන් වහන්සේගේ මාර්ග සහ උන්වහන්සේගේ කැමැත්ත ගැන ඔවුන් ව්‍යාකූල වන සෑම අවස්ථාවකම ඔවුන් අධෛර්‍යයට පත් වේ. දෙවියන් වහන්සේගේ මාර්ග අපගේ මාර්ග නොවේ. ඒවා අහස පොළොවට වඩා වෙනස්ව තිබෙන්නාක්මෙන් වේ (යෙසායා 55:8, 9).

දිව්‍ය ප්‍රඥාව තිබීම උතුම් දෙයකි. ප්‍රඥාවේ එක් අංගයක් වන්නේ අපගේ ප්‍රමුඛතා නිවැරදිව පිළිවෙළට තැබීමේ හැකියාවයි - අධ්‍යයන කටයුතු සඳහා කොපමණ කාලයක් ගත කළ යුතුද, දේව වචනය තුළ, රැකියාව සඳහා, නින්ද සඳහා සහ විවේකය සඳහා යනාදිය. බොහෝ ඇදහිලිවන්තයන් අසමත් වන්නේ ඔවුන්ගේ ප්‍රමුඛතා පිළිවෙලට තැබීමේදීය, විශේෂයෙන් ඔවුන් විවාහ වී පවුල් ජීවිතයට ඇතුළු වීමෙන් පසුව. ඒ නිසා දැන්ම තරුණ වියේ තනිකඩව ඉන්නා කාලයෙදීම ඒ ප්‍රඥාවෙන් ටිකක් ලබා ගැනීම යහපත්වේය. යාකොබ් පවසන්නේ ඔබට ප්‍රඥාව නොමැති නම් (සහ අප සියල්ලන්ටම එය අඩු නිසා), ඔබට එය දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකි බවත්, උන්වහන්සේ එය ඔබට නොමසුරුව ලබා දෙන බවත්‍ ය. ඉතින් ඉල්ලා සිටින්න!

" දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයාගැනීම" යන මගේ පොතේ 6 වන පරිච්ඡේදය කියවීමට ඔබ සැම දිරිමත් කිරීමට මට අවශ්‍යය. එහිදී මම අවිනිශ්චිතතාවයෙන් මිදීම, අතීත තීරණ ගැන පසුතැවීමෙන් නිදහස් වීම සහ වැරදි කිරීමට ඇති බියෙන් නිදහස් වීම ගැන කතා කර ඇත්තෙමි.

කවදාවත් වැරැද්දක් නොකරන මිනිසා කිසි විටෙකත් කිසිවක් නොකරන මිනිසා ය. යේසුස් වහන්සේ හැර අන් කිසිවෙක් වැරදි නොකර දෙවියන් වහන්සේගේ පරිපූර්ණ කැමැත්තෙහි ගමන් කිරීමට ඉගෙන ගෙන නැත. "යහපත් මිනිසුන්ගේ පියවර ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබේ..... ඔවුන් වැටුණත් එය මාරාන්තික නොවේ, මන්ද ස්වාමීන් වහන්සේ තම අතින් ඔවුන් අල්ලාගෙන සිටිනසේක " (ගීතාවලිය 37:23,24 - ජීවමාන බයිබලය). ඒ නිසා ඔබ අතින් වරදක් සිදු වේ යැයි බය වෙන්න එපා. බරපතළ වැරදිවලින් දෙවියන් වහන්සේ ඔබව ආරක්‍ෂා කරන සේක.

©Zac Poonen – [email protected]