WFTW Body: 

දෙවියන් වහන්සේ නව භාජනයක් සොයනා බව 2 රාජාවලිය 2: 20 න් අප ඉගෙන ගනිමු.

දෙවියන් වහන්සේ නව ක්‍රමවේද සොයන්නේ නැත, ශුභාරංචිය ප්‍රචාරය කිරීමට උන්වහන්සේ මේ ලෝකයේ නව සංවිධාන සොයන්නේවත් නැත. ස්වාමින් වහන්සේ, තම අරමුණු ඉටු කර ගන්නා පිණිස, ලුණු පිරුණාවු නව භාජන සොයන සේක. දෙවියන් වහන්සේ තමන්වහන්සේ විසින්ම මේ ලෝකයටම ශුභාරංචිය දේශනා කිරීමට යන්නේ නැත. දෙවියන් වහන්සේ කැමති නම්, උන්වහන්සේට මේ ලෝකයටම ශුභාරංචිය දේශනා කිරීමට ස්වර්ගයේ සිට ගිඟුරුම් දීමට ඉඩ තිබුණි. නමුත් එය උන්වහන්සේගේ ක්‍රමවේදය නොවේ. උන්වහන්සේට අවශ්‍ය වන්නේ ලුණු මනුෂ්‍ය භාජනයක් තුළට දමා ඉන්පසු එය ගොඩබිමට වත් කිරීමටයි.

එලීෂාට ලුණු තම අත් දෙකට ගෙන වත් කරන්නට තිබුණි. නමුත් ඔහු එසේ නොකළේය. ඔහු නව භාජයනක් ගෙන, එය ලුණුවලින් පුරවා, ඉන්පසු වතුරට ලුණු වත් කෙරුවේය. දේශයයි, වතුරයි එක සැණින්ම සුවය ලැබුවේය. අප මේ ලෝකයේ සියලු දෙයින් හිස් වී, ක්‍රිස්තුස් වහන්සේගෙන් පිරුණු, ස්වාමින් වහන්සේගේ ප්‍රයෝජනයට සුදුසු භාජන බවට පත්වීමට කැමති වන ලෙසට දෙවියන් වහන්සේ අපට පිහිට වන සේක්වා.

මට, ඔබ විසින් අවධානය යොමු කිරීමට අවශ්‍ය එක් දෙයක් ඇත : භාජනය ලුණුවලින් පුරවා ගත් පසු, එලිෂා එම ලුණු භාජනයේම තිබීමට ඉඩ දුන්නේ නැත - ඔහු එය වත් කළේය.

දෙවියන් වහන්සේ ඔබේ සහ මගේ ජීවිතය පුරවන්නේ, අප අන් අයට සේවය කිරීම උදෙසා වගුරුවණු ලබන පිණිස පමණි. අපව ශුද්ධාත්මයාණන්ගෙන් පුරවන ලෙසත්, අපට විවිධ එක් එක් ආත්මික ආශීර්වාදයක් ලබා දෙන ලෙසත් අපි බොහෝ කළක සිට දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නට ඇත. නමුත් සමහර විට, අපි මේ දේවල් ඉල්ලා තිබෙන්නේ ඉතා ආත්මාර්ථකාමී හේතුවක් ඇතිවය. අප උත්සහ කරන්නේ, අන් අයට අප කොතෙක් ආත්මිකද යන්න පෙන්වීමට නම්, එවිට දෙවියන් වහන්සේ අපව උන්වහන්සේගේ ස්වර්ගීය ලුණුවලින් පුරවන්නේ නැත.

යේසුස් සමිඳුන්, උන්වහන්සේ තම ආත්මය මරණය දක්වා වැගිරවූ බව අපි යෙසායා 53: 12 හි කියවන්නෙමු. එබැවින් ඔබෙත් මගෙත් පව්වලට අද සමාව ලබාගැනීමට පුළුවන. අප අන්‍ අය කෙරෙහි සේවයෙහි නියැලීමටද අපව වත් කරන්නට කැමැත්තෙන් සිටිය යුතුය. එසේ නොවුවහොත් භූමිය කිසිදා සුවපත් නොවනු ඇත. ස්වාමීන් වහන්සේ, අප ජලයෙන් පිරුණු ජල-ටැංකි වනවාට කැමති නැත. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප තුළින් ජීවමාන ජල ගංඟා අන් අයට ගලා යා හැකි ඇලවල් බවට පත්වීමටයි. දෙවියන් වහන්සේ එවැනි භාජන සොයන සේක - අන් අය උදෙසා තමන්ව වැගිරවීමට කැමති වන අය.

ස්වාමින් වහන්සේගේ ඇස් මුළු පොළොව පුරාම එබඳු භාජන සොයමින් ඔබ මොබ දිව යයි. ඔබ උගත් නොවුනට කමක් නැත. අපි 2 ලේකම් 7: 14 හි අධ්‍යාපනය ගැන කිසිවක් කියවන්නේ නැත. ඔබේ ජීවිතේ එක් දවසක්වත් ඉස්කෝලේ නොගියේ නම් කමක් නැත. ඔබ මුළු ලෝකයේම දුප්පත්ම මිනිසා හෝ වඩාත්ම මෝඩයා වුවද කමක් නැත. දෙවියන් වහන්සේ මේ දේවල් කිසිවක් සොයන්නේ නැත. උන්වහන්සේ බයිබල් දැණුම හෝ බයිබල් පාසල්වලින් ඩිප්ලෝමා සොයන්නේද නැත. උන්වහන්සේ වෙන දෙයක් සොයන සේක.

“මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, ඔවුන්ගේ දේශය සුවකිරීමට මම ඔවුන් යොදාගන්නෙමියි” කියා උන්වහන්සේ පවසන සේක.

ඔබ කවුරුන්ද යන්න ගැටළුවක් නොවේ. පුද්ගලයන් කෙරෙහි දෙවියන් වහන්සේ සමඟ තරා තිරම් බැලීමක් නැත. ඔබ මෙම කොන්දේසි සපුරාලීමට සහ අන් අය වෙනුවෙන් තමන්ව වැගිරවීමට කැමති නම්, ඔබ කවුරුන් වුවද, දෙවියන් වහන්සේ ඔබව භාවිතා කරනු ඇත.

හිමිකම් -Zac Poonen – [email protected]