කර්තෘ :   සැක් පූනන්
WFTW Body: 

ගීතාවලිය 50 - තම මුඛය ඕපාදූප කථා කිරීමට පාවිච්චි කරනවා වෙනුවට දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම උදෙසා පාවිච්චි කරන්නන් හට අනර්‍ග පොරොන්දුවක් ගීතාවලිය 50:23 දී හමුවේ "ස්තූති පූජා කරන තැනැත්තේ මට ගෞරව කරයි ; ස්‍වකීය හැසිරීම හරි ලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැලවීම දක්වන්නෙමි". අප දෙවියන්වහන්සේව පසසන විට, අප උන්වහන්සේ ‍ සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේ බවට උන්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල ප්‍රකාශ කරන්නෙමු එසේම මෙම ඇදහිල්ල ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේගේ ගැලවීම අපට පෙන්වීමට උන්වහන්සේට හැකියාව ලැබේ.

ගීතාවලිය 65:1 (KJV) පවසන්නේ, "ස්වාමිණී, සියොනෙහි(සභාවේදී) ඔබ උදෙසා ප්‍රශංසාව සූදානම්ව තිබේ”. අප සභාවන් නිතරම ස්වාමින්වහන්සේ උදෙසා ප්‍රශංසාව සූදානම්ව තිබෙන ස්ථාන විය යුතුය. අප මධ්‍යට දෙවියන්වහන්සේ පැමිණෙන විට, ප්‍රශංසාව උන්වහන්සේ උදෙසා සූදානම්ව තිබීම උන්වහන්සේට දක්නට ලැබිය යුතුය. උන්වහන්සේ එවැනි සෙනඟ උන්වහන්සේ වෙතට අදිනු ලබයි ගීතාවලිය 65:4 පවසන්නේ,"ඔබගේ මිදුල් වල වාසය කරන පිණිස ඔබ තෝරාගන්නාවූ, ඔබට ලංවෙන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශිර්වාද ලද්දේය " මෙම ගීතාවලිය පොළොවේ දෙවියන්වහන්සේගේ යහපත්කම ගැන තවදුරටත් කථා කරයි.

ගීතාවලිය: 100 දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට සහ සේවය කිරීමට කරන ආරාධනයකි. අප විසින් "ස්වාමින්ට ප්‍රීතියෙන් සේවය කළ යුතුය"( ගීතාවලිය :100:2 ). දෙවියන්වහන්සේට සේවය කරනවා යැයි කියන එහෙත්, කාලයෙන් වැඩි හරියක් එකක් නැතිනම් අනෙකක් ගැන නිතරම චෝදනා කරන අය මට හමුවී තිබෙනවා. ප්‍රීතියෙන් උන්වහන්සේට සේවය නොකරන කිසිවෙකු උන්වහන්සේට සේවය කිරීමට අවශ්‍ය නොවේ.

ගීතාවලිය 106 ඉශ්‍රායෙල් වෙතවු දෙවියන්වහන්සේගේ යහපත් කම ගැන තවදුරටත් කථා කරයි. ගීතාවලිය 106:11,12 තුල අප කියවනු ලබන්නේ "ජල ධාරාවෝ ඔවුන්ගේ විරුද්ධ කාරයින් වසාගත්තේය එවිට ඔව්හූ උන්වහන්සේගේ වචන විශ්වාස කොට උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය." එහිදී අප දකින කාරනා දෙකක් ඇත. පළමුව, ඇදහිල්ලේ සාක්‍ෂිය ප්‍රශංසාවයි. හදවතේ බහුලත්වයෙන්, මුඛය කථා කරයි. මුඛය නම් හදවතේ පිටාර යන්නාවූ කපාටයයි. අපගේ හදවත් වල ඇදහිල්ල තිබේ නම් එය ප්‍රශංසාව තුලින් පිටාර යන්නේය. අපෝස්තුළුවරු ශුද්ධාත්මයෙන් පිරුණු විට, ඔවුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට පටන් ගත්තෝය( ක්‍රියා 2 ). අප දෙවියන්වහන්සේට ප්‍රශංසා නොකරන්නේ නම් ඉන් ඇඟවෙන්නේ අපට ඇදහිල්ල නැති බවයි. දෙවනුව, පරණ ගිවිසුම තුළ, ඔවුන් ජීවත්වූවේ පෙණීම තුල මිස ඇදහිල්ල තුල නොවේ. ඔවුන්ගේ සතුරන්ගේ ගිලීයාම දුටු පසු පමණක් ඔවුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝය. අද, අපගේ සතුරන් පරාජය වීමටත් පෙර අපට දෙවියන්වහන්සේට ප්‍රශංසා කලහැක. එය නම් පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ගමන් කිරීම වේ.

ගීතාවලිය 149 අපට සැමවිටම දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට ආරාධනා කරයි. "මක්නිසාද ස්වාමින්වහන්සේ යටහතුන් ගැලවීමෙන් සරසන සේක"( ගීතාවලිය 149:4 ). දෙවියන්වහන්සේ විසින් ඔබව සරසනවාට ඔබ කැමති නම්, ඔබ යටහත් විය යුතුය. සාතන් සහ උගේ යක්‍ෂ දූතයින්ගේ බලය සහ ක්‍රියාකාරකම් බැඳීමට සහ ප්‍රීතිය උදෙසා ඇඳන්(යහන්) මත වුවද ගායනා කිරීමට සහ දෙවියන්වහන්සේට උසස්වූ ප්‍රශංසාව නිතරම අපගේ මුඛයේ සහ දේව වචනය අපගේ දෑත්වල තිබීම පිණිස අපව කැදවා ඇත( ගීතාවලිය 149: 5-8 ). දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම සහ සාතන්ගේ බලය බැඳීම සැම විටම එකට ගමන් කරයි.

ගීතාවලිය 150 : "ප්‍රශංසා කරව්" යන වචනය දහතුන් වාරයක් අපට කියවීමට ලැබේ, එය අවසන් කරන්නේ "හුස්ම ඇති සියල්ලෝ ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරත්වා"( ගීතාවලිය 150:6 ). දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට අවශ්‍ය නැති එක වර්ගයක මනුශ්‍යයයි සිටින්නේ - හුස්ම ගැණීමට බැරි කෙනා, මියගිය මනුශ්‍යයා. අන් සියළු දෙනා සෑම විටම ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීමෙන් සිටිය යුතුය. අපගේ ජීවිත වලද එය එසේම වේවා. ආමෙන්.