WFTW Body: 

මතෙව් 11:28 සිට 30 දක්වා යේසුස්වහන්සේ සහනය ලැබ සිටීම සහ බරක් දරා සිටීම ගැන කතා කළසේක. එහි සඳහන් යේසුස්වහන්සේගේ වචන වෙනත් වචනවලින් පවසන්නේ නම් උන්වහන්සේ අපට පැවසුවේ සියලු භූමික බර ගැන සැහැල්ලුවෙන් සිටින ලෙසත්, උන්‍වහන්සේගේ බර (වියගහ) අපගේ හදවතෙහි දරා ගන්නා ලෙසත්‍ ය. අපගේ සියලු භූමික බර උන්වහන්සේට දෙන තුරු අපට උන්වහන්සේගේ බර දැරීමට නොහැක ("ඔබේ බර ස්වාමින් වහන්සේ පිට තබන්න - ඔබගේ සියලු කනස්සල්ලට පත්වීම් උන්වහන්සේට ගන්න ඉඩ දෙන්න" - ගීතාවලිය 55:22 ; "කෑම සහ ඇඳුම් ගැන කරදර නොවන්න. ඔබට යමක් ගැන සැලකිලිමත් වීමට අවශ්‍යම නම්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන සැලකිලිමත් වන්න" - මතෙව් 6: 31, 33 – Paraphrase බයිබල් අනුවාදය).

"සිදු වන සෑම දෙයකදීම, "දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් නිහඩව ප්‍රේමයෙන් සැලසුම් කරමින් සිටී"

ඔබේ මනස භූමික කාරණා සම්බන්ධයෙන් කනස්සල්ලෙන් හා කරදර වලින් පිරී තිබේ නම්, ඔබ ස්වාමින් වහන්සේට ඵල රහිත වනු ඇත. ඔබ භූමික කාරණා ගැන සිතා බැලිය යුතු බවට සැකයක් නැත, නමුත් ඔබ ඒ කිසිවක් ගැන කනස්සලු නොවිය යුතුය. සදාකාලික වටිනාකමක් ඇති දේවල් ගැන පමණක් ඔබේ හදවතේ සැලකිලිමත්වීම විය යුතුය. අපි මෙලොව මිනිසුන්ට වඩා වෙනස් වන්නේ එලෙසය. ඔබ මෙලොව කරන විභාග ප්‍රතිඵලවලට පවා සදාකාලික වටිනාකමක් නැත. ඇත්ත වශයෙන්ම, ඔබ ඔබේ උපරිමය කළ යුතුය. නමුත් ප්‍රතිඵලය ගැන කිසිවිටක කනස්සලු විය යුතු නැත.

ඔබ මුලින්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සෙවීමේදී 100% ලකුණු සොයන්නේ නම්, ඔබ සදාකාලයේදී පළමුවැන්නා වනු ඇත. වසර ගණනාවකට පෙර මමද තෝරා ගත්තේ එයයි.

සිදු වන සෑම දෙයකදීම, "දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් නිහඩව ප්‍රේමයෙන් සැලසුම් කරමින් සිටී" යනුවෙන් ශෙපනියා 3:17 හි Paraphrase බයිබලය පවසයි. තවද ස්වාමින් වහන්සේ ද අපට මතක් කර දෙන්නේ, "මම කරන දේ ඔබට දැන් තේරෙන්නේ නැත, නමුත් පසුව ඔබට වැටහෙනු ඇත" - (යොහාන්.13:7).

අවසාන වශයෙන්, යටහත්කම පසුපස හඹා යාමට සහ ඔබ ගැන අඩු සිතුවිලි වල වාසය කිරීමට (මම සෑම තැනකම සිටින මනුෂ්‍යයින්ව දිරිමත් කරන පරිදි) නැවත වරක් ඔබව දිරිමත් කරමි. එයින් අදහස් කරන්නේ පහත් ආත්ම අභිමානය හෝ දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස ඔබගේ වටිනාකම අවතක්සේරු කිරීම හෝ දෙවියන් වහන්සේ ඔබට දී ඇති දීමණා සහ හැකියාවන් අවතක්සේරු කිරීම නොවේ. ඔබලා දෙවියන් වහන්සේගේ දරුවන්ය - එබැවින් පහත් ආත්ම අභිමානය සඳහා තැනක් නැත. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබ කිසිවක් නොවන බව ඔබ හඳුනා ගන්නා විට පමණක්, දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ සියල්ලෙන් සියල්ල විය හැකිය. ඔබව දන්නා අන් අය ඔබ තුළ දකින දේ ගැන දෙවියන් වහන්සේව මහිමයට පත් කළ යුතුය. දෙවියන් වහන්සේගේ කැමැත්ත පමණක් කිරීම සඳහා ඔබේම තේරීම් අත්හැරීම මෙයට ඇතුළත් වේ. එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ ඔබට ලබා දුන් ඕනෑම දෙයක් සඳහා සෑම විටම උන්වහන්සේට මහිමය ලබා දීම සහ උන්වහන්සේ ඔබට ලබා දී ඇති සියල්ල උන්වහන්සේගේ මහිමය සඳහා පමණක් භාවිතා කිරීමට අධිෂ්ඨාන කර ගැනීමයි.

කිසිවිටක, කිසිම මනුෂ්‍යයෙකුගේ, වැරදි හෝ අඩුපාඩු කුමක් වුවත්, ඔහුට සමච්චල් නොකරන්න. දෙවියන් වහන්සේ යටහත් අයට බොහෝ කරුණාව ලබා දෙයි - ඔවුන්ගේ ආත්මික දියුණුව අතිවිශිෂ්ට වනු ඇත. ඔබගේ සියලු දවස්වල දී යේසුස් වහන්සේ මෙන්, යටහත්ව ගමන් කරන්න.

©Zac Poonen –

[email protected]