WFTW Body: 

අලුත්අවුරුද්දසඳහාමාර්ගනීති

සන්තෝෂ් පූනන් | 31-12-2023

"අපගේ ජීවිතයේ දවස් සම්බන්ධයෙන් ගත් කල, ඒවා ඉක්මනින් පහව ගොස් අපි පියාසර කරන්නෙමු. එබැවින් අපි ඔබට ප්‍රඥාවේ හදවතක් පුද කරන පිණිස අපගේ දින ගණන් කිරීමට අපට උගන්වනු මැනව." (ගීතාවලිය 90:2,4,10,12).

අපි දින දර්ශනයේ තවත් වර්‍ෂයක අවසානයට ළඟා වෙමින් සිටින්නෙමු. මෙම ගීතිකාවේ වචන තුළින් මේ මිහිතලය මත අපගේ කාලය කෙතරම් කෙටිද, ජීවිතයේ සෑම මොහොතක්ම කොතරම් වැදගත්ද යන්න අපට මතක් කර ගැණීමට මෙය හොඳ අවස්ථාවකි.

නව වසරේ ඉදිරි මාවත ගැන ඔබ සිතන විට, ජීවත් වීමට ඉතා සරල මාර්ග නීති හතරක් මෙන්න:

1.රතුපාටආලෝකසංඥාවල නවත්වන්න

අපගේ ප්‍රවණතාවය වන්නේ අපට ඇත්තේ කොල පාට ආලෝක සංඥා පමණක් යැයි උපකල්පනය කරමින් ජීවිතය හරහා වේගයෙන් යාමයි. ඒ වෙනුවට, අපට තීරණයක් ගත යුතු මංසන්ධියකට පැමිණෙන සෑම විටම, අපි නතර වී දෙවියන් වහන්සේව සිහිපත්කරමු. ඉදිරියට යා යුතු මාර්ගය අපට පෙන්වා දෙන ලෙස අප උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහොත්, උන්වහන්සේ මාර්ග දිසාවන් සමඟ පිළිතුරු දෙනු ඇත (යෙසායා 30:21 කියවන්න), උන්වහන්සේ අපට ඉදිරියෙන් ඇති මාර්ගය කෙළින් කරනසේක (හිතෝපදේශ 3:6). අනෙක් අතට, දෙවියන් වහන්සේ ආලෝක සංඥාව කොළ පැහැයට හරවන තෙක් අපි බලා නොසිටියහොත්, අපි අනතුරකට ලක් වනු ඇත.

2.කොළපාටආලෝකසංඥාළඟ නවතින්න එපා

අපවම ප්‍රතික්ෂේප කර අපගේ කුරුසිය රැගෙන යේසුස් වහන්සේ අනුගමනය කිරීමට අපට ලැබෙන සෑම අවස්ථාවක්ම අපි ප්‍රමාද නොකර සැම විටම යා යුතු කොල පාට ආලෝක සංඥාවකි. යමෙකු සමඟ සබඳතා අලුත්වැඩියා කිරීමට පාලමක් ගොඩනගා ගත හැකි සෑම තත්වයක්ම කොල පාට ආලෝක සංඥාවක් වන අතර, අපි බලා නොසිට ඒ හරහා ගමන් කළ යුතුය (රෝම 12:18). අප සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් කර ඇති බවට ඇති එක් සාක්ෂියක් නම්, අප “සමගි කරන්නන්” බවට පත් වීමයි (2 කොරින්ති 5:17-20). සමාව අයැදීමට සහ යමෙකු සමඟ දේවල් නිවැරදි කිරීමට අපට අවස්ථාව ඇති විට, අපි - අපගේ ආඩම්බරකම නිසා හෝ අපව ආරක්ෂා කර ගැනීමෙන් හෝ අනෙක් පුද්ගලයාට දොස් පැවරීමෙන් එය ප්‍රමාද කළහොත් - එය කොල පාට ආලෝක සංඥාව තිබෙන විට ඉදිරියට නොයෑම හා සමාන වනු ඇත. අපි ගමනාගමනය අවහිර කරමින්, අවසානයේදී අනතුරකට ලක් වේ. ඒ වෙනුවට, සාමය ඇති කරන්නන් වීමට කොල පාට ආලෝක සංඥාවේදී නොනැවතී යාමට අපි සැමවිටම ඉක්මන් වෙමු (මතෙව් 5:9).

3.පාරෙන්ඉවතට නොයන්න

අපි දෙවියන් වහන්සේ සමඟ අපගේ ගමනේ මාර්ගය දිගේ ගමන් කරන විට, යක්ෂයා අපව මාර්ගයෙන් එළවා දැමීමට නිරන්තරයෙන් උත්සාහ කරයි. පාර දෙපස බොහෝ මල් සහ ගස් ඇත, (අනෙක් මිනිසුන්ගේ අදහස්) ඒවාට අපගේ අවධානය වෙනතකට යොමු කළ හැකිය. අන් අය සතුටු කිරීමට ඇති ආශාවට හෝ ඔවුන් අප ගැන කුමක් සිතයිද යන බියට අපගේ අවධානය වෙනතකට යොමු කිරීමට අපි ඉඩ දුන්නොත් (ගලාති 1:10), එවිට අපි ඉක්මනින්ම අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වනු ඇත. මගේ පියා මට නිතර පැවසුවේ, "ඔබට තෝරා ගැණීමක් තියෙනවා මිනිසුන්ව ආකර්ෂණය කර ගැනීමට හෝ ඔවුන්ට ආශීර්වාද කිරීමට. ඔවුන්ට සැමවිටම ආශීර්වාද කිරීම තෝරගන්න." මිනිසුන් විශ්මයට පත් කිරීමට, ඔබ දක්ෂ විය යුතු අතර - සහ "ඔබ" වැඩි වන තරමට වඩා හොඳය. නමුත් ඔබට සැබවින්ම ඔවුන්ට උපකාර කිරීමට අවශ්‍ය නම්, කෙසේ වෙතත්, ඔබට ශුද්ධාත්මයාණන්ගේ බලය අවශ්‍ය වේ - ඉන්පසු "ඔබ" අඩු වන තරමට වඩා හොඳය (යොහන් 3:30)!


4.ඔබේමංතීරුවේරැඳී සිටින්න

අවාසනාවකට මෙන්, බොහෝ අයට මාර්ගයේ සලකුණු කර ඇති මංතීරුවේ නොසිටින පුරුද්දක් ඇති අතර, මෙය බොහෝ විට අනතුරු වලට තුඩු දෙයි. අපගේ කිතුනු ජීවිතය තුළද දෙවියන් වහන්සේ අපගේ ආරක්ෂාව සඳහා මංතීරු ඇද ඇත. අපගේ මංතීරුවේ රැඳී සිටීම යනු සැමවිටම අනුන්ගේ කාරණා නොසොයා අපගේම කාරණා ගැන සැලකිලිමත් වීමයි (1 තෙසලෝනික 4:11-12) සහ කිසිවිටෙක අන් අයගේ කාරණාවලදී කාර්යබහුලයෙකු නොවීම (2 තෙසලෝනික 3:11; 1 පේතෘස් 4:15). අපට කිසිසේත් අදාළ නොවන කාරනා වලට මැදිහත් වීම, එය හරියට රේඛාව හරහා වෙනත් කෙනෙකුගේ මංතීරුවකට යාම වැනිය. මෙය අවසානයේ අපගේ ජීවිතයට මෙන්ම අප අවට සිටින අන් අයගේ ජීවිතවලටද හානි කරයි.

අවසාන වශයෙන්: අපි සෙමින් ධාවනය කර මේ ගමන දිගේ ඇදගෙන නොගොස්, නමුත් ඒ වෙනුවට, ස්වර්ගීය ත්‍යාගය දිනා ගැනීම සඳහා අපි සම්පූර්ණ වේගයෙන් ධාවනය කරමු (1 කොරින්ති 9:24)!

ඔබසැමටසෑමදිනකමදෙවියන්වහන්සේගේආශිර්වාදයෙන්පිරුණුනවවසරක්වේවායිප්‍රාර්ථනාකරමු .

©Zac Poonen – [email protected]