WFTW Body: 

ඔබ සැම විටම මතක තබා ගත යුතු වැදගත් සත්‍යයක් මෙන්න: පැරණි ගිවිසුමේ සියලුම උපුටා දැක්වීම් නව ගිවිසුමේ යම් සත්‍යයකින් එය අභිබවා යයිද යන්න පරීක්ෂා කළ යුතුය. නිදසුනක් වශයෙන්, බැටළු පැටවුන් මැරීම, දැනටමත් අප වෙනුවෙන් මරා දමන ලද දෙවියන් වහන්සේගේ බැටළු පැටවානන් විසින් යටපත් කර ඇත. ඒ හා සමානව, සාතන් සහ ඌගේ සේනාව කල්වාරියේදී පරාජය වී නොතිබූ අවස්ථාවක දානියෙල් යාච්ඤා කළ බව අප මතක තබාගත යුතුය. සති තුනක් ​​සාතන් සමඟ (ස්වර්ගීය ස්ථානවල) ගැටුමක් ඇති වූයේ එබැවිනි (දානියෙල් 10: 12,13). නමුත් අපි දැන් ජීවත් වන්නේ සාතන් පරාජය කළ කුරුසියේ මේ පැත්තේය. ඒ නිසා අපිට දැන් සති තුනක් ඌ සමඟ පොරබැදීමට අවශ්‍ය නැත. අපි ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණය මත නැගිටී සිටින්නෙමු. මෙය ඉතා සුළු පිරිසක් උගන්වන සත්‍යයකි.

" දෙවියන් වහන්සේ අපට බයාදුකමේ ආත්මය දෙන්නේ නැත . නමුත් බිය සැමවිටම සාතන්ගේ ආයුධයකි”

අපි කොලොස්සි 2: 14, 15 සහ හෙබ්‍රෙව් 2: 14 හි සාතන් කුරුසියේදී පරාජය කරන ලදී යැයි පැහැදිළිව කියවන්නෙමු (විනාශ නොකල නමුත් නිරායුධ කරන ලදී). එබැවින් අද, අපි මුලින්ම දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම යටත් වී (අපව භාර කර) පසුව ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණය මත සිටගෙන යේසුස් වහන්සේගේ නාමයෙන් සාතන්ට විරුද්ධ වන්නෙමු. එවිට සාතන් එකවරම අප වෙතින් පලා යනු ඇත (යාකොබ් 4: 7). තත්පරයට සැතපුම් 186,000 (හෝ කිලෝමීටර් 300,000) වන අකුණු වේගයෙන් ඌ අපෙන් පලා යනු ඇත - මක්නිසාදයත් >, " සාතන් අකුණු සැරයක් මෙන් ස්වර්ගයෙන් වැටෙනවා යේසුස් වහන්සේ දුටු බව පැවසූ බැවිනි" (ලූක් 10: 18) . (මෙය, යාකොබ් 4: 7 න් බයිබල් ප්‍රශ්න තරඟයකදී ඇසීමට හොඳ ප්‍රශ්ණයකි:"අපි ඌට විරුද්ධ වන විට සාතන් අපෙන් පලා යන්නේ කුමණ වේගයකින්ද ?")

නමුත් නිතිපතා පාපය පාපොච්චාරණය කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් ඔබේ ජීවිතය පවිත්‍ර නොවන්නේ නම් (ඔබේ හෘද-සාක්ෂියට දැනෙන සෑම අවස්ථාවකදීම) එවිට ඔබට සාතන් කෙරෙහි බලයක් නැත. එබැවින් ස්වාමින් වහන්සේට ඔබගේ පාපය පාපොච්චාරණය කිරීමෙන් ඔබේ හෘද-සාක්ෂිය පවිත්‍රව (සංවේදීව) තබා ගන්න.

දෙවියන් වහන්සේ ආදරණීය පියෙකි. ඔබ සැමවිටම උන්වහන්සේ තුළ ඔබේ සුරක්ෂිත-භාවය සොයාගත යුතුය. හොඳම භූමික පියා වුවද, දෙවියන් වහන්සේගේ දුර්වල අනුරුවකි. එසේනම් දෙවියන් වහන්සේ ඔබට කොතරම් ප්‍රේම කරනවා දැයි ඔබට සිතාගත හැක. ඔබ සැමවිටම උන්වහන්සේගේ ප්‍රේමය තුළ සුරක්ෂිතව සිටිය යුතු අතර උන්වහන්සේට ගැඹුරින් ප්‍රේම කිරීමෙන් ප්‍රතිචාර දැක්විය යුතුය. ඔබ කිසිවිටෙකත් උන්වහන්සේව දුකට පත්වන කිසිවක් නොකළ යුතුය. ඔබ වැටෙන විට (විටින් විට සිදුවිය හැකිය), වහාම පසුතැවිලි වී ශෝකයෙන් උන්වහන්සේ වෙත ආපසු එන්න, සෑම විටම යේසුස් වහන්සේගේ රුධිරය තුළින් ඔබේ හදවත පවිත්‍රව තබා ගන්න.

ශුද්ධාත්ම දීමනා ගැන අවධාරණය කරන බොහෝ දේශකයින් භෞතිකමය දේ, සුවය, සහ යක්‍ෂයින් දුරු කිරීම පිළිබඳව ඇදහිල්ල, දේශනා කරමින්, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ මුදල් ඔවුනට ලබා දීමට බළපෑම් කිරීමට ප්‍රධාන ස්ථානයක් දෙන්නේය. තවත් සමහර දේශකයින් දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීමට වඩා, කිතුණුවන්ව සණසවන මනෝවිද්‍යාත්මක ක්‍රම ප්‍රධාන කරගනී. එබැවින් මේ දිනවල බහුලව පැතිර යන"අභ්‍යන්තර සුවය", "ධණාත්මක චින්තන ශක්තිය", "පරම්පරාගත ශාප" යනාදී අසත්‍ය ඉගැන්වීම්වලින් වැළකී සිටීමට ප්‍රවේශම් වන්න. ආත්මික කාරණාවලදී අලුත් ගිවිසුමේ හඬට අවනතව සිටීම වඩාත් සුදුසුය. දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්න, එවිට ඔබ රැවටෙන්නේ නැත.

සාතන්ගේ ප්‍රධාන ආයුධවලින් එකක් වන්නේ "බියයි". ඌ එය නිරන්තරයෙන් භාවිතා කරයි. ඇදහිළිවන්තයින් අන් අයව බිය ගැන්වීමට හෝ අන් අයට තර්ජනය කිරීමට උත්සාහ කරන විට, ඔවුන් සාතන්ගේ ආයුධ ගබඩාවෙන් ආයුධයක් භාවිතා කරන බැවින්, ඔවුන් (නොදැනුවත්ව වුවද) සාතන් සමඟ සහභාගිකමේ සිටී. "දෙවියන් වහන්සේ අපට බයාදුකමේ ආත්මය දෙන්නේ නැත" (2 තිමෝති 1: 7). බිය සැමවිටම සාතන්ගේ ආයුධයකි. එබැවින් මිනිසුන් අපට එරෙහිව කරන තර්ජන සහ බිය ගැන්වීමේ උපක්‍රමවලට අප බිය විය යුතු නැත. එවැනි මිනිසුන් තමන් "ඇදහිළිවන්තයින්" ලෙස හැඳින්වුවද, ඒ සියල්ලෝම සාතන්ගේ නියෝජිතයින් වේ. මෙය අපගේ මුළු ජීවිතයටම ඉගෙන ගත යුතු පාඩමකි.

©Zac Poonen – [email protected]