WFTW Body: 

පරම්පරාගත ශාපය ගැන වියවුල් තාවයක් අපේ මනසින් ඉවත් කරගැනීමට එසකියලේ 18 වන පරිච්ඡේදයහෙි ඉතාමත් වැදගත් පදයක් ඇත. මෙම උපමාවෙන් ඔබට අවබෝධ වන්නේ කුමක්ද? "පියවරු ඇඹුල් මිදිඵල කන්නෝය. දරුවන්ගේ දත් හිරි වැටෙන්නේය." ( එසකියලේ 18:12 )

දෙමව්පියන්ගේ පාප නිසා තම දරුවන් දුක්විඳිනවාය කියා මනුෂ්‍යයන් පවසති. මෙය අන්‍ය ආගමිකයන් අතර සුලබ තේරුම් ගැනීමක් වන අතර අවාසනාවකට මෙන් තම බයිබලය නොදන්නාවූ බොහෝ කිතුනුවන්ගේ ද තේරුම් ගැනීම මෙයම වි ඇත.

ඊශ්‍රායලයේ දේශකයන් නික්මයාම 20:5 වරදවා තේරුම් කර සෙනග බැඳීම් වලට ගෙන තම මුතුන්මිත්තන්ගේ පාප නිසා දරුවන් හට දඩුවම් කරන්නාවූ අධර්මිෂ්ඨ දෙවි කෙනෙකු ලෙස දෙවියන් වහන්සේ ගැන වැරදි චිත්‍රයක් පිළිබිඹු කළෝය. නමුත් ස්වාමීන් වහන්සේ එවිට මෙසේ පවසමින් පිළිතුරු දුන් සේක. " මා ජීවමාන බව සැබෑ වා සේම ඊශ්‍රායලයේල්වරුන් අතරෙහි මේ උපමාව තවත් කියන්නට නුඹලාට නොලැබෙන්නේ යයි ස්වාමි වූ දෙවියන් වහන්සේ කියන සේක. බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව් කරනප්‍රාණයම නසින්නේය. එසේකි‌යලේ (18:3,4). වර්ෂ 2500යකට කලින් ස්වාමින් වහන්සේ මෙය ඉතාමත් පැහැදිලි ලෙස පැවසූ සේක.

නමුත් අවාසනාවකට මෙන් සුප්‍රසිද්ධ ක්‍රිස්තියානි දේශකයන් විසින් පාරම්පාරික සාපය සනාථ කරන පිණිස, එනම් තම මුතුන්මිත්තන් දේවතා රූප වන්දනා කළ නිසා හෝ මන්තර ගුරුකම් වල නියැලුණු නිසා අද බොහෝ කිතුනුවන් දුක්විඳිනවා ය කියා පොත් ලියා ඇත. ඔවුන් පවසන්නේ මුතුන්මිත්තන්ගේ සාපයක් අප වෙතට පැමිණ තිබෙන්නට හැකි නිසා ඒවාට තරවටු කර ඉවත් කළ යුතුය කියාය. මෙය අමූලික මුලාවකි.

අප අපේ ජීවිත මුළු මනින්ම ක්‍රිස්තුස්වහන්සේට දෙන්නාවූ මොහොතේදී අපේ පරම්පරාවෙන් (හා "ආදම්ගේ" ශාකයෙන්) වෙන් කරනු ලබන අතර " ක්‍රිස්තුස් වහන්සේ" නැමැති තවත් ශාකයකට බද්ධ කරනු ලබමුව. අපේ මුතුන්මිත්තන් ගෙන් අපි මොන යම් හෝ ශාපයක් උරුම කරගෙන තිබුනා නම්, ක්‍රිස්තුස් වහන්සේට අප බද්ධ වෙන මොහොතේදී ඒ සියල්ල බිඳී යන්නේය. දැන් අපට තවදුරටත් ඇත්තේ ශාපයක් නොව ක්‍රිස්තුස්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලුම ආත්මික ආශිර්වාදයන්ය. (ගලාති 3:13,14; එපීස1:3).

ඔබ ඔබේ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේට යටහත් කළ විට, ඔබගේ මුත්තා රූප වන්දනා කර තිබුණත් ඒවාට ඔබ කෙරෙහි කිසි බලපෑමක් ඇති කළ නොහැක. කෙසේ වෙතත් ඔබ සම්පූර්ණයෙන්ම ඔබව ක්‍රිස්තුස්වහන්සේට දී න‌ොතිබෙනවා නම් එය වෙනත් කතාවකි. නමුත් වතාවක් ඔබව ක්‍රිස්තුස් වහන්සේ වෙතට බද්ධ කරගත්විට තවදුරටත් ඔබ මත ශාපයක් තිබෙන්නේ කෙසේද? ක්‍රිස්තුස් වහන්සේට සාප නොවන්නේය. එමෙන්ම ඔබ උන්වහන්සේගේ කොටසකි. එය එසේ වුවත් අද බොහෝ කිතුනුවෝ මෙම පාරම්පරික ශාප දුරුකිරීමේ අසත්‍යය විශ්වාස කරති. කල්වාරි කුරුසිය මත ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපය වූ නිසා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අප මතට පැමිණ ඇත.

දේව භක්තික නොවන දෙමාපියන්ගේ දරුවන් බොහෝ ආකාර ශාරීරිකව හා භෞතික මව දුක්විඳීම සත්‍ය වූ කාරණයකි. උදාහරණයක් ලෙස යම් මනුෂ්‍යයකු බේබද්දෙකු නම්, නිවස අවශ්‍යතාවයන් උදෙසා ප්‍රමාණවත් වන ලෙස මුදල් නොමැතිකම නිසා එම මනුෂ්‍යයාගේ දරුවන් දුක්විඳිනවා ඇත. නමුත් තම පියාගේ සාපය නිසා මෙම දරුවන් දඬුවම් නොලබන්නේය. සෑම කෙනකුම තමාගේම පාපයට පමණක්ම දඬුවම් ලබන්නේ.

මෙය එසේකි‌යෙල්ට දෙවියන් වහන්සේ පැහැදිලි කළේ. එමනිසා එවැනි කිසි වැරදි ඉගැන්වීමක් තුළින් ඔබව බියපත් කිරීමට හෝ යම් බැඳුම් වල තැබීමට කිසි දේශකයකුට ඉඩ නාරින්න.