WFTW Body: 

මතෙව් 7: 6 සිට ආරම්භ කරන්නාවූ කන්ද උඩ දේශනාවේ අවසාන පරිච්ඡේදය අපට තිබේ. "ශුද්ධ වූ දේ බල්ලන්ට නොදෙන්න, ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි විසි නොකරන්න, එවිට ඔවුන් ඒවා ඔවුන්ගේ පයින් පාගා දමා හැරී ඔබව කැබලිවලට ඉරා දමනු ඇත" (මතෙව් 7: 6). යේසුස් වහන්සේ අපට උගන්වමින් සිටින්නේ අප යමෙකුට කථා කළ යුතු දේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රඥාවන්ත විය යුතු බවයි. හිතෝපදේශ 26: 4 හි අපට පවසා ඇත්තේ අපි ආඥාණයෙකුට ඔහුගේ ආඥාණකමට අනුව පිළිතුරු දිය යුතු නැති බවයි. එය අගය නොකරන අයට අපි සත්‍යය ලබා දිය යුතු නැත. අපට මිනිසුන් සමඟ කථා කරන සැමවිටම ප්‍රඥාව තිබිය යුත්තේ ඒ නිසාය. අපට සෑම කෙනෙකුටම සම්මත පණිවිඩයක් තිබිය යුතු නැත. දෙවියන් වහන්සේට මා විසින් එක් එක් පුද්ගලයාට පැවසීමට අවශ්‍ය දේ ඇසීමට අප දෙවියන් වහන්සේ සෙවිය යුතුය. යේසුස් වහන්සේ ජීවත් වූ ආකාරය මෙසේය, අප ශුද්ධ ලියවිල්ලේ ඕනෑම පදයක් තේරුම් ගැනීමට උත්සාහ කරන විට අපි යේසුස් වහන්සේගේ ආදර්ශය දෙස බැලිය යුතුය.

"දෙවියන් වහන්සේගේ පණිවිඩය ලෙස පුද්ගලයෙකුට මා කුමක් දිය යුත්තේද කියා සිතන අයට” යෙසායා 50: 4 හි ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අනාවැකියක් ඇත, එය වචනය දේශනා කරන අයට ඉතා යෝග්‍යය. මම මුලින්ම ඔහුගේ ආත්මික තත්ත්වය කුමක්දැයි සොයා බැලිය යුතුයි. මම දෙවියන් වහන්සේගේ වචනය ඕනෑම කෙනෙකුට කථා කරන විට මට දෙවියන් වහන්සේගෙන් අනාවැකිමය අවබෝධයක් අවශ්‍ය වන්නේ එබැවිනි. දෙවියන් වහන්සේගේ වචනය ලබා දීම අධිස්වාභාවික දෙයකි. ඔබ එය රසායන විද්‍යාව ඉගැන්වීම වැනි දේශනයක් ලෙස පමණක් සිතන්නේ නම්, එවිට ඔබට ඕනෑම වේලාවක ඕනෑම කෙනෙකුට බයිබලය ඉගැන්විය හැකිය. නමුත් ඔබට පුද්ගලයාගේ ආත්මික මට්ටමට අනුව දේවවචනය ලබා දීමට අවශ්‍ය නම්, දෙවියන් වහන්සේට පමණක් දිය හැකි ස්වභාවෝත්තර විනිවිද දක්නා ඥානයක් ඔබට තිබිය යුතුය. යෙසායා 50: 4 පවසන ලෙස (මෙය ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන් කරයි), විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ ගෝලයෙකුගේ දිව මට දී තිබේ. වෙනත් වචන වලින් කිවහොත්, මට මුණ ගැසෙන වෙහෙසට පත් වූ කෙනෙකුට නිවැරදි වචනය ලබා දීම සඳහා, මාගේ පියාණන් වහන්සේ සෑම දිනකම අළුයම මාව අවදි කරන අතර, උන්වහන්සේ, ගෝලයෙකු ලෙස සවන් දීමට උදයක් පාසා මගේ කණ අවදි කරනසේක." යේසුස් වහන්සේ මෙහි ප්‍රකාශ කරන්නේ තමන් දිනපතා සවන් දෙන බවත්, තමන් වෙතට පැමිණෙන මිනිසුන්ට යෝග්‍ය වචනය ලබා දීම සඳහා නිරන්තරයෙන් සවන් දෙන බවත්ය.

යොහන් 8 මෙයට එක් උදාහරණයක් වන්නේය. පරිසිවරුන් කාමමිථ්‍යාචාරයේ යෙදී සිටි කාන්තාවක් යේසුස් වහන්සේ වෙත ගෙන ඒම සහ ඇයව ගල් ගසා මරා දැමිය යුතු බව පැහැදිළිවම සඳහන් වූ පැරණි ගිවිසුමේ ශුද්ධ ලියවිල්ල උපුටා දැක්වීම ගැන අපි කියවන්නෙමු. යේසුස් වහන්සේ පැරණි ගිවිසුමේ ලියවිලි දැන සිටි නිසා එයට එකඟ නොවී සිටිය නොහැකිය. උන්වහන්සේම ඒවා වසර සිය ගණනකට පෙර මෝසෙස්ට ලබා දී ඇත! ඉතින් උන්වහන්සේ කරන්නේ කුමක්ද? යේසුස් වහන්සේ පිළිතුරු නොදුන් බව එහි සඳහන් වේ. ඔවුන් දිගින් දිගටම මෙම කාන්තාවට චෝදනා කරමින් සිටි අතර, යේසුස් වහන්සේ බිමට නැමී තම ඇඟිල්ලෙන් පොළොවෙහි කුරුටු ගාන්න පටන් ගත්සේක (යොහන් 8: 6). උන්වහන්සේ පියාණන්ගෙන් පැහැදිළි වචනයක් එනතුරු බලා සිටිසේක. "මේ මිනිස්සුන්ට මා විසින් දිය යුතු පිළිතුර කුමක්ද? මේ දුප්පත් ස්ත්‍රීයට ගල් ගසා මරන්න කැමති මේ මිනිස්සුන්ට දෙන්න යෝග්‍ය වචනය කුමක්ද?" උන්වහන්සේ විසින්ම මෝසෙස්ට දුන් ශුද්ධ ලියවිල්ල ඇයට ගල් ගැසිය යුතු බව පැවසූ බැවින් උන්වහන්සේ ශුද්ධ ලියවිල්ලට පටහැනිවීමට තැත් කළේ නැත. උන්වහන්සේ තම පියාණන්ගෙන් වචනයක් ලැබුණු විට, උන්වහන්සේ කෙළින් වී ඔවුන්ට කථා කළසේක (යොහන් 8: 7 සරල ආකාරයෙන් ප්‍රකාශනය), "ඔබ අතරෙන් පව් නැත්තා, පළමුකොට ගල ගසත්වා. හොඳයි ඔබගේ තීරණය ගන්න - ව්‍යවස්ථාවට අනුව ඔබට මෙම කාන්තාවට ගල් ගැසිය හැකිය, නමුත් පළමු ගල ගැසිය හැක්කේ පාපයක් නැති තැනැත්තාට පමණි." එවිට වැඩිමහල් තැනැත්තා වැඩිපුරම පව් කළ නිසා ඔවුන් සියල්ලෝම පළමුව වැඩිමහල් අයගේ සිට ඉවත්ව ගිය බව එහි සඳහන් වේ.

තත්ත්වය හැසිරවීමට එක වචනයක් ප්‍රමාණවත් විය! මුළු දේශනාවක්ම අවශ්‍ය නොවුණි. යේසුස් වහන්සේ කිසිවක් නොපැවසූ තවත් අවස්ථා තිබුනේය. නිදසුනක් වශයෙන්, වරක් යමෙකු උන්වහන්සේගෙන් ප්‍රශ්ණයක් ඇසූ විට, යේසුස්වහන්සේ උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් එක ප්‍රශ්නයක් අසමි-නුඹලා ඒක මට කියන්නහුනම් මමද මේ කාරණා අසවල් බලයෙන් කරමියි නුඹලාට එසේම කියන්නෙමි. යොහන්ගේ බව්තීස්මය වූයේ කොතැනින්ද? ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක. ඔව්හු තම තමුන් අතරේ කථාකරගෙන: ස්වර්ගයෙනැයි කියමු නම්, ඔහුව අදහා නොගත්තේ මක්නිසාදැයි අපෙන් අසනවා ඇත. මනුෂ්‍යයන්ගෙනැයි කියමු නම්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සියල්ලන් විසින් සලකන හෙයින් අපි සමූහයාට භයයයි කියා: අපි නොදනිමුයයි යේසුස්වහන්සේට උත්තරදුන්නෝය. උන්වහන්සේද: මේ දේවල් අසවල් බලයෙන් කරමියි මමත් නුඹලාට නොකියමියි ඔවුන්ට කීසේක. (මතෙව් 21: 24- 27).

සෑම කෙනෙකු සමඟම කටයුතු කිරීමට යේසුස් වහන්සේට සම්මත ක්‍රමයක් තිබුණේ නැත. සමහර විට මිනිසුන් උන්වහන්සේ වෙත පැමිණ, “මිනිසෙකු මිය ගිය අතර ඔහුගේ බිරිඳ ඔහුගේ සහෝදරයා විසින් විවාහ කර ගන්නා ලදී, ඔහුගේ අනෙක් සහෝදරයින් හත්දෙනා සමඟ එය සිදු විය, නැවත නැඟිටීමේදී ඇගේ ස්වාමිපුරුෂයා වන්නේ කවුරුන්ද?” වැනි ආඥාණ ප්‍රශ්ණයක් උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දුන්සේක. උන්වහන්සේ නිකම්ම ඉවත්ව ගියේ නැත. නැවත නැඟිටීමේදී විවාහයක් නොමැති බව ඔවුන්ට පැහැදිළි කිරීමටයන් උන්වහන්සේ කාලය ගත්සේක. ඔබ යේසුස් වහන්සේ දුන් පිළිතුරු දෙස බැලුවහොත්, “මේකට පිළිතුර කුමක්දැයි?” පරිගණක වැඩසටහනක් විමසීමෙන් ඔබට ලැබෙන ස්ථාවර පිළිතුර මෙන් නොවීය. උන්වහන්සේ නිතරම ශුද්ධාත්මයාණන්ට සවන් දුන් අතර, එය මතෙව් 7: 6 න් අප ඉගෙන ගත යුතු ඉතා වැදගත් මූලධර්මයකි.

බොහෝ අවස්ථාවලදී, යම් පුද්ගලයෙකු සඳහා යෝග්‍ය වචනය කුමක්දැයි අප දැනගත යුතුය. මිනිසුන්ට දිය යුතු නිවැරදි වචනය නිවැරදිව දැන ගැනීම සෑම සේවාවකම ඉතා වැදගත් වේ. 1 කොරින්ති 14: 1 හි ධර්මවාක්‍ය කීමට අප ආශා කළ යුතු යැයි නව ගිවිසුම පවසන්නේ ඇයි? සෑම ඇදහිළිවන්තයෙකුටම ධර්මවාක්‍ය කීමට දැඩි ආශාවක් තිබිය යුතු බව කියනු ලැබේ. හේතුව, නව ගිවිසුමේ සභා රැස්වීමේදී, සියල්ලන්ම ධර්මවාක්‍ය පවසන අතර, සියල්ලන්ටම ධර්මවාක්‍ය කීමේ දීමණාව තිබේ නම් (සියල්ලන්ම අනාගතවක්තෘවරුන් නොවේ, නමුත් සියල්ලන්ටම ධර්මවාක්‍ය පැවසිය හැකිය), එවිට එය පවසන්නේ දීමණා නොමැති, පෙණෙන ආකාරයට මෙම දීමණා විශ්වාස නොකරන, නොඇදහිළිවන්ත මිනිසෙකු පැමිණි විට, ඔහුගේ අත්‍යවශ්‍යථාවයටම අනුව ඔහුට වචනයක් ඇසුණු හෙයින් ඔහුගේ වරද හඟවාදී ඔහුගේ හදවතේ රහස් හෙළි වීම නිසා ඔහු සැබවින් දෙවියන්වහන්සේ නුඹලා අතරෙහියයි ප්‍රකාශකරමින්, මුහුණින් වැටී දෙවියන්වහන්සේට නමස්කාරකරන්නේය. මක්නිසාද මාගේ අත්‍යවශ්‍යථාවයටම අනුව මට වචනයක් ලැබුණි!” යයි පවසයි (1කොරින්ති 14: 24-25).

සෑම සභා රැස්වීමක්ම එසේ විය යුතුය. සෑම සභාවකම අනාවැකිමය වචන, ධර්මවාක්‍ය කියන අය සිටිය යුතුය. ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටිය යුතු අතර, එය කිරීමට ඔබ සියල්ල උන්වහන්සේට භාර දිය යුතුය. ඔබ එසේ නොකරන්නේ නම්, ඔබ දේව වචනය දේශනා කරන්නෙකු වීමට යෝග්‍ය නැත. පුද්ගලයෙකුට දීමට යෝග්‍ය දේ ඔබ හරියටම දැන සිටිය යුතුය. මතෙව් 7: 6 හි යේසුස් වහන්සේ පැවසූ දෙය එයයි. ඌරෙකුට සමාන කෙනෙකු ඔබ දුටු විට ඌරෙකුට යෝග්‍ය දේ ඔහුට දෙන්න. බල්ලෙකු මෙන් කෙනෙකු දුටුවොත් ඔහුට මස් කටුවක් දෙන්න. ඔබට සතුන්ට කන්ද උඩ දේශනාව දිය නොහැක.

අපි ධර්මවාක්‍ය පැවසීමේ දීමණාව ඉල්ලා සිටින විට, දෙවියන් වහන්සේ අපට හැකියාව ලබාදෙන සේක, අප කථා කිරීමට නැඟිටින මොහොතේ, අප ඉදිරියෙහි සිටින මිනිසුන්ගේ අත්‍යවශ්‍යථාවය කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමට, දෙවියන් වහන්සේ ඔවුන්ගේ අත්‍යවශ්‍යථා සඳහා වචනය අපට දෙනු ඇත. මෙය යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාව අවසන් කරන ඉතා වැදගත් ප්‍රතිපත්තියක් වන අතර එය අපට තේරුම් ගැනීම ඉතා වැදගත් වේ - විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ වචනය දේශනා කිරීමට කැඳවා ඇති අපට, එය නොඇදහිළිවන්තයින්ට හෝ ඇදහිළිවන්තයින්ට වේවා. අපි කාටවත් ගරහන්නේ නැත. ඔබ යමෙකු හෙළා දකිනවා නම්, ඔබ දෙවියන් වහන්සේගේ සේවකයෙකු වීමට යෝග්‍ය නැත. යේසුස් වහන්සේ දරුණුම පව්කාරයින්ව පවා හෙළා නොදුටු සේක. නමුත් ජනතාවගේ අත්‍යවශ්‍යථාවය අනුව අපට යෝග්‍ය වචනයක් තිබිය යුතුයි. මතෙව් 7: 6 හි සඳහන් කාරණය එයයි.

සවන් දීමට.