WFTW Body: 

මලාකි 2:1-3 හි ඇති පර්‍ණවුඩය පූජකයන් හටය. එය මෙසේ කියන්නාක් මෙනි, “මම කතා කරන්නේ සභාවේ හිඳගෙන ඉන්නාවූ ඇදහිලිවන්තයන්ට නොව. මම කතා කරන්නේ දේශනා කරන්නාවූ නායකයන් හටය.˜ :සිතට ගන්න,˜ ස්වාමීන් වහන්සේ කියන සේක, “මාගේ නාමයට ගෞරවදෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහු නම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශිර්වාද වලට ශාප කරන්නෙමියි සේනාවල ස්වාමීන් වහන්සේ කියන සේක. එසේය නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාප කළෙමි. බලව මම නුඹලා නිසා බීජ වලක්වමි. නුඹලාගේ මුහුණ පිට කසළ, එනම් නුඹලාගේ මංගල්‍ය පූජාවල කසළ ඉසීමි. ඒවා සමඟ නුඹලා අහකට ගෙන යනවා ඇත.˜ 

මොවුන් කැටයම් කැපූ දේශනා කූඩු (පුල් පිට්) පිටුපස සිටගෙන මනුෂ්‍යයන් සතුටු කරන පිර්‍ණස මිහිරි දේ කීමෙන් හොඳවූ දේශනා කළාවූ මෘදුවූ අනාගතවක්තෘවරුන් නොවූහ. ඔවුන් දරුණු වචන පාවිච්චි කළෝය. “ මම නුඹලාගේ මුහුණුවල කසල ඉසින්නෙමි˜ කියා දේශකයෙකු ඇවිත් ඔබට කීවොත් ඔබට හැඟෙන්නේ කෙසේද? ඊශ්‍රායෙලයේ කාරණා එතරම්ම අයහපත්ව තිබූ හෙයිනි මේ අනාගත වක්තෘවරුන් මෙලෙස දරුණු විදිහට කතා කළේ. මෘදු භාවය, කරුණාවන්ත භාවය, ප්‍රසන්න භාවය, මේ සියල්ල පුද්ගලික සංවාදයන් උදෙසා යහපත්ව තිබේ. නමුත් ඔබ දේව වචනය කතා කිරීමට නැගිට සිටින විට ඔබ සිංහයෙක් මෙන් විය යුතුය. ඔබ දේශනා කරන විටදී සිංහයෙකු මෙන් හා අන් අවස්ථා වල බැටළුවෙක් මෙන්ද විය යුතුය. සෑම දේශකයෙකුටම මම දෙන්නාවූ අවවාදයකි එය. යේසුස් වහන්සේ සිටියේ ඒ ආකාරවය. උන්වහන්සේ දරුණු වචන පාවිච්චි කළ සේක. ඉන් පසු මලාකි කියා සිටියේ —එවිට, මේ අවවාදය ඇතිව දෙවියන් වහන්සේ විසින් මාව එවනු ලැබූ බව නුඹලා දැනගන්නවා ඇත˜ කියාය.  

මලාකි 2:5,6 හි පුරාණයේ සිටි ලෙවිවරුන් හා ඔහූ සමඟ සිටි ලෙවිවරුන්ව සසඳන්නේය. ඉතින් අද ස්වාමීන් වහන්සේ අපට මතක් කරදෙන දේ නම් පළමු අපෝස්තුළුවරුන් සිටි ආකාරය එනම් ස්වාමීන් වහන්සේව අනුගමනය කරන පිර්‍ණස අන්සියල්ල අත් හැර ඔවුන් ආ ආකාරය ගැනය. “ඔබව ඔවුන් සමඟ සසඳන්න˜ කියා උන්වහන්සේ අපට කියන සේක. “ලෙවිවරුන් සමඟ මගේ ගිවිසුමේ අරමුණ නම් සමාÞනය හා ජීවනය˜ බව ස්වාමීන් වහන්සේ පවසන සේක. මා ඔවුන් හට දුන් දේ නම් ඔවුන් හට ගරු බිය ඇතිව සිටීමය. එසේම ඔවුන් මා හට බොහෝසේ ගරු කළෝය. මුල් ලෙවිවරුන් තුළ තිබුණාවූ චරිතය නිරූපනය කරන්නාවූ 5 වන හා 6 වන පද දිහා විමසිල්ලෙන් බලන්න. සෑම දේව සේවකයෙකු හටම මේ චරිත ගුණාංග සත්‍ය විය යුතුය.

1. ඔවුන් දෙවියන් වහන්සේට ගරුබිය දැක්වූවෝය.        දෙවියන් වහන්සේ කෙරෙහි භය වීම ප්‍ර×වේ පටන් ගැන්ම වේ. (අයන්න..... ආයන්න.....) 

2. ඔවුන්ට දෙවියන් වහන්සේගේ නාමය ගැන තැකීමක් තිබුණේය.    “ඔබගේ නාමයට ගෞරව වේවා˜ කියා යාච්Ø කරන්නට අපගේ ස්වාමීන් වහන්සේ අපට      ඉගැන්වූ සේක. අපට අපේ දේශය තුළ යේසුස් වහන්සේගේ නාමය උසස් කර ගෞරවයට      පත් කිරීම ගැන මහත්වූ අවශ්‍යතාවයක් තිබිය යුතුමය.

3. ඔවුන් දෙවියන් වහන්සේගේ සියළු සත්‍යය දේශනා කළෝය.     තමුන්ට ජනයා අතර ඇති ප්‍රසිද්ධ…ය නැතිවන නිසා බොහෝ දේශකයන් මුළු සත්‍ය දේශනා        නොකරති. එම නිසා ඔවුන් ජනප්‍රියත්වය උදෙසා සත්‍යය සුළු කරන්නෝ වන්නෝය.

 වරක් යම් ස්ථානයක දේශනා මාලාවක් කරන පිර්‍ණස මට ආරාධනා ලැබූ අතර එම ස්ථානයේ දේශනා කිරීමට කැඳවා සිටි එකම දේශකයා ද මමම වූයෙමි. ඒ දේශනා මාලාව පටන් ගැනීමට සතියකට කලින් එම සංවිධායකයන් මට ලිපියක් එවා මා එහිදී කරන්නාවූ කිසිම දේශනාවකදී වතුර බෞතිස්මය ගැන කතා නොකරන මෙන් ඉල්ලා සිටියෝය. මන්දයත් එය ඔවුන්ගෙන් සමහරෙකුට බාධා වන නිසාය. මේ තත්වය මත ඔබලාට වෙන දේශකයෙකු සොයා ගැනීමට සිදුවන බව දන්වා පිළිතුරු ලිපියක් ඔවුන් හට යැවුවෙමි. මම ඔවුන් හට දන්වා සිටියේ ඕනෑම ස්ථානයකට මාව කැඳවන්නේ නම් එහිදී මා කතා කළ යුතු දේවල් හෝ කතා කළ නොයුතු දේවල් දන්වමින්, එවැනි ආරාධනා මම නොපිළිගන්නා බවය. ස්වාමීන් වහන්සේගේ සේවකයෙකු ලෙස ස්වාමීන් වහන්සේ මාගේ හදවතේ තබන්නාවූ ඕනෑම දෙයක් මා කතා කළ යුත්තෙමි.

4. ඔවුන් පාපය ද්වේශ කළෝය.     ඔවුන් බොරු කීවේවත් රැවැට්ටුවේවත් නැත. ඔවුන්ගේ හදවත්වල පාපය කෙරෙහි ද්වේශයක්     තිබුර්‍ණ. 

5. ඔවුන් දෙවියන් වහන්සේ සමඟ ඇවිද්ෙÞා්ය.     දෙවියන් වහන්සේ සමඟ ඔවුන් ගේ දිනපතා ගමන ආරඬා කර ගත්තෝය.

6. ඔවුන් ධර්මිෂ්ඨ ජීවිතයක් ජීවත්වූවෝය.     ඔවුන්ගේ ජීවිතයේ හැම කාරනයකදීම  -  මුදල් පරිහරනය කිරීමේදී, ඔවුන්ගේ හැසිරීමේදී,     යනාදී දෙයේදී  -  කිසි වංකකමක් නැතිව ධර්මිෂ්ඨව සිටියෝය.  

7. ඔවුන් බොහෝ දෙනෙක්ව පාපයෙන් හරවා ගත්තෝය.     සැබෑවූ දේශකයෙකු යනු කවරෙකුද යන්න, ඉතා අලංකාරව පැහැදිලි කිරීමක් එම පද දෙක     තුළ අපි දකින්නෙමුව.

පූජකයන් දෙවියන්වහන්සේගේ පර්‍ණවුඩකරුවන් වන බැවින්, සෙනඟ අනුශාසනා ලබන පිර්‍ණස  ඔවුන් වෙතට යායුතු නිසා, ඔවුන්ගේ තොල් වල දැනගැන්ම තබා ගත යුතුය. (මලාකි 27) අපි සෙනඟට උන්වහන්සේගේ වචනය දෙන්නට ප්‍රථමයෙන්, ස්වාමීන් වහන්සේ වෙතට ගොස් උන්වහන්සේගෙන් වචන ලබා ගත යුතුය. පර්‍ණවුඩකරුවෙකුට ඔහුගේ මුඛයේ වචනය තිබිය යුතුමය. නමුත් ඒ ලෙවීවරුන් අද බොහෝ අය මෙන්ම, දෙවියන් වහන්සේගේ මාවත් අතහැර උන්වහන්සේගේ ගිවිසුම බිඳ දමා, තම දේශනා තුළින් ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනෙකු පැකිලෙන්නට සැලැස්වූහ. (මලාකි 2:8,9)