WFTW Body: 

ලූක් 10: 42 හි මාර්තාට යේසුස් වහන්සේ පැවසූ වචන කෙතරම් අසාමාන්‍යද? : “එක් දෙයයි අවශ්‍ය වන්නේ!” කළ යුතු හොඳ දේවල් ඕනෑ තරම් තිබිය හැකි අතර බොහෝ ඒවා සැබැවින්ම අත්‍යවශ්‍ය යැයි සැළකිය හැකිය. එහෙත්, අන් සියල්ලටමත් වඩා එක් දෙයක් අවශ්‍ය බව යේසුස් වහන්සේ සහතික කළසේක. කුමක්ද එම එක් දෙය?

යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් බෙතානියට පැමිණුනා පමණි. මාර්තා ඔවුන් දුටු විගසම, ඔවුන්ව ප්‍රීතියෙන් තම නිවසට පිළිගෙන ඔවුන්ව වාඩි කරවාගෙන ආහාර පිළියෙළ කරන පිණිස විගසින් කුස්සියට ඇතුළු වුණි. මේ අතර යේසුස් වහන්සේ පැමිණ සිටි අයට දේශනා කරන්න පටන් ගත්සේක. තම සහෝදරිය වූ මරියා තමාගේ උපකාරයට පැමිණෙනවා වෙනුවට උන්වහන්සේගේ වචනවලට ඇහුම්කන් දීමට ඇය තීරණය කර ඇති බව මාර්තා දැනගත් විට, ඇය කෝපයෙන් කුස්සියෙන් එළියට පැමිණ, යේසුස් වහන්සේ දෙසට හැරී, පහත සඳහන් වන ආකාරයේ මෙන් වචනවලින් උන්වහන්සේට ආයාචනා කළාය: “ස්වාමිනි, මෙහි මම, ඔබ සැමට වෙහෙස මහන්සි වී ආහාර වේලක් පිළියෙළ කරමින් මුළුතැන්ගෙයෙහි සිටින අතර මගේ සොහොයුරිය කිසිවක් නොකර මෙහි වාඩි වී සිටී. නැගිට මට උදව් කරණ මෙන් ඇයට කියන්න !” කෙසේවෙතත්, ඇයගේ විශ්මයට යේසුස් වහන්සේ තරවටු කළේ මාර්තාටමය. උන්වහන්සේ ඇයට පැවසුවේ වැරදිකාරිය ඇය මිස මරියා නොවන බවයි.

දැන් අපි මෙය සලකා බලමු, මාර්තා කළ කිසිම පාපකාරී ක්‍රියාවක් නිසා ඇයට මෙසේ ආමන්ත්‍රණය කරනු ලැබුවේ නැත. ඇය ප්‍රීතියෙන් යේසුස් වහන්සේව තම නිවසට පිළිගෙන තිබුණි. එවකට ඇය මුළුතැන්ගෙයෙහි කළ සේවය ඇයට නොව උන්වහන්සේට සහ උන්වහන්සේගේ ගෝලයන් උදෙසා විය. ඇය අද ඇදහිළිවන්තයෙකුගේ රූපාලංකාරයක් වන අතර, ස්වාමින් වහන්සේව ඔහුගේ හදවතට පිළිගෙන, පරාර්ථකාමී ලෙස ස්වාමින් වහන්සේට සහ අන් අයට සේවය කිරීමට උත්සාහ කරන අයෙකි. එහෙත් ඇයගේ ජ්වලිතකමගැන නොසලකා යේසුස් වහන්සේ විසින් ඇයට තරවටු කරණු ලැබූ සේක. මොනවා! මොකක්ද මේකෙ තේරුම!! ඇගේ ක්‍රියාවෙහි වරද කුමක්ද? යැයි අප අපගෙන්ම විමසමු. පිළිතුර, නිසැකවම, යේසුස් වහන්සේගේ එම වචන හතරෙහි සඳහන් වේ: “එක් දෙයයි අවශ්‍ය වන්නේ” මාර්තාට තරවටු කරනු ලැබුවේ ඇයගේ සේවය ගැන නොවේ, නමුත් පළමු දේ පළමු ස්ථානයේ නොතැබීම ගැනය

මරියා යහපත් දේ තෝරා තිබේ යැයි ස්වාමින් වහන්සේ කීසේක. එය කුමක්ද? ඇය හුදෙක් යේසුස් වහන්සේගේ පාමුල ඉඳගෙන උන්වහන්සේගේ වචනය අසා සිටියාය. ඊට වඩා දෙයක් නැත. නමුත් එයයි යහපත් කොටස. අනෙක් සියල්ලට වඩා අවශ්‍ය දේ වන්නේ එයයි. සවන්දීමට අපේ ජීවිතයෙහි කොපමණ ස්ථානයක් දී තිබේද? ස්වාමින් වහන්සේගේ පාමුල හිඳගෙන, උන්වහන්සේගේ වචනය කියවා, එය තුළින් උන්වහන්සේ අපට කථා කිරීමට සවන් දීමෙන් කොපමණ කාලයක් ගත කරනවාද? සමහර විට බොහෝ කාලයක් නොවේ. වෙනත් දේවලින් එය අහකට විසිවී යන අතර, මාර්තා කළ එම වැරැද්දම ගැන අප බොහෝ විට වැරදිකරුවන් වේ. ලෞකික කටයුතු පමණක්ම අපව කාර‍්‍යය බහුලව තබා ගැනීම නොවිය හැකිය. එය කිතුණු සේවාව ද විය හැකිය. යාච්ඤා, නමස්කාරය හෝ සාක්ෂිය සඳහා රැස්වීම්වලට අපි ක්‍රියාකාරීව සහභාගි විය හැකි නමුත්, ස්වාමින් වහන්සේ මාර්තාට මෙන් අපට තරවටු කරන බව අප දැනගන්නෙමු.

මරියා යේසුස් වහන්සේගේ පාමුල හිඳගෙන සිටීම තුළින් අවම වශයෙන් ආත්මික සත්‍යථාවයන් තුනක්වත් ඉගෙන ගත හැකිය.

1. වාඩි වී සිටීම - ඇවිදීම, දිවීම හෝ සිටගෙන සිටීමද මෙන් නොව - මූලික වශයෙන් විවේකය පිළිබඳවූ පින්තූරයකි. දෙවියන් වහන්සේ අපට කථා කිරීම ඇසීමට පෙර අපගේ හදවත් විවේකීව තිබිය යුතු බවත් අපගේ මණස සන්සුන් විය යුතු බවත් මෙයින් අපට උගන්වයි. පාපොච්චාරණය නොකළ පාප, හදවත් විවේකීව තැබීමෙන් වළක්වනු ඇති අතර, මේ ලෝකයේ කරදර හා ධනය සමඟ අධික ලෙස වෙහෙස වීම උන්වහන්සේට සවන් දී මණස සන්සුන්ව තබා ගැණීමෙන් අපව වළක්වණු ලැබේ. වද දෙන හෘද-සාක්ෂියකින් හෝ කණස්සල්ලෙන් හෝ බියෙන් පිරී මණසකින් යුක්තව සිටීමෙන් දෙවියන් වහන්සේගේ “නිශ්චල සියුම් මෘදු හඬ” අපට ඇසීම බළාපොරොත්තු විය හැක්කේ කෙසේද? අප දෙවියන් වහන්සේව දැන හදුන ගන්න නම්, අප නිශ්චලව සිටිය යුතු බව ගීතාවලිය 46: 10 පවසයි.

2. පුද්ගලයෙකුගේ පාද පාමුල හිඳීම නිහතමානිකමේද චිත්‍රයකි. මරියා වාඩි වී සිටියේ යේසුස් වහන්සේගේ මට්ටමේම පුටුවක නොව පහළ මට්ටමකය. දෙවියන් වහන්සේ විනිශ්චයේදී මිස, අන්කිසිවිටෙක උඬඟු මිනිසෙකුට කථා නොකරන සේක. නමුත් උන්වහන්සේ ඉදිරියෙහි දරුවෙකු මෙන් සිටින නිහතමානී ආත්මයට කථා කිරීමට හා උන්වහන්සේගේ අනුග්‍රහය පිරිනැමීමට උන්වහන්සේ නිතරම සූදානම්ය ( මතෙව් 11: 25 ).

3. මරියා මෙන් වාඩි වී සිටීම යටහත්කමේ නිදර්ශනයකි. එය තම ස්වාමියා ඉදිරියේ ගෝලයෙකුගේ ආකල්පයයි. අපගේ යටහත්කම දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වීමෙන් ප්‍රකාශ වේ. අපගේ කුතුහලය තෘප්තිමත් කිරීමට හෝ අපට තොරතුරු ළබා දීමට දෙවියන් වහන්සේ සිය වචනයෙන් කථා කර නැත. උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ හදවතේ ආශාවේ ප්‍රකාශණයකි. උන්වහන්සේ අපට කථා කරන්නේ අප කීකරු වන පිණිසය. යේසුස් වහන්සේ යොහාන් 7: 17 හි පැහැදිලි කළේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට අප කැමති නම් පමණක් එම කැමැත්ත පිළිබඳව අපට අවබෝධයක් ලැබෙණු ඇති බවයි.

දෙවියන් වහන්සේ බයිබලය තුළින් ඔවුන්ට කථා කිරීම, ඇසීමට උත්සාහ නොකර, බොහෝ කිතුණුවන් බයිබලය දිගටම කියවාගෙන යෑමෙන් මාස ගණන් හා අවුරුදු ගණන් ගත කරති. එසේ කරත් ඔවුන් බොහෝ සෙයින් සෑහීමකට පත්වන බව පෙනේ. මම ඔබෙන් අසා සිටින්නේ, ඔබට සෑම දිනකම ස්වාමින් වහන්සේගේ හඬ ඇසෙනවාද? එසේ නොවේ නම් එයට හේතුව කුමක්ද? අසන්නන්ට, උන්වහන්සේ කථා කරන සේක. ඔබගේ ආත්මික කන් වලින් ඇසීමෙන් ඔබව වළක්වන්නේ කුමක් ද? උන්වහන්සේ ඉදිරියෙහි නිශ්චලව සිටීමේ මඳ කමද, ආත්මයේ යටහත්කම මඳ කමද එසේ නොවේ නම් උන්වහන්සේ ඔබට දැනටමත් පවසා ඇති දේට කීකරුකමේ මඳ කමද? එසේත් නැතිනම් එය උන්වහන්සේ කෙරෙහි ඔබේ ආශාවේ මඳ කමද? එය කුමක් වුවත්, එයට ක්‍ෂනිකවම හා ස්ථිරවම ප්‍රතිකාරය දෙවියන් වහන්සේ ප්‍රධානය කරන සේක. සාමුවෙල්ගේ යාච්ඤාව යාච්ඤා කරන්න, “ස්වාමීනි, කථා කළ මැනව, ඔබේ දාසයා සවන් දෙන්නේ ය. ඉන්පසු ඔබේ බයිබලය විවෘත කර ස්වාමින් වහන්සේගේ මුහුණ සොයන්න. එවිට ඔබත් උන්වහන්සේගේ හඬ අසණු ඇත.