WFTW Body: 

1. දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට ප්‍රේමකළාක් මෙන්ම අපටත් ප්‍රේමකරනසේක

"ඔබ මට ප්‍රේමකළාක් මෙන්ම ඔවුන්ටත් ප්‍රේමකළ බව ලෝකයා දැනගන්නා පිණිසත්ය" (යොහන් 17:23).

2. අවංක මිනිසුන් කෙරෙහි දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක

"එහෙත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නාක්මෙන් අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අප එකිනෙකා කෙරෙහි පංගුකාරකම තිබේ" (1 යොහන් 1:7).

3. සතුටින් දෙන්නන් කෙරෙහි දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක

"දෙවියන්වහන්සේ සතුටු සිතින් දෙන්නාට ප්‍රේමකරනසේක" (2 කොරින්ති 9:7).

4. ශුද්ධකම ලැබෙන්නේ යේසුස්වහන්සේ දෙස බැලීමෙනි

"ඇදහිල්ලේ කර්තෘවරයාද එය සම්පූර්ණකරන්නාද වූ යේසුස්වහන්සේ දෙස බලමින්... අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසීමෙන් දුවමු" (හෙබ්‍රෙව් 12:1,2).

5. අප නිරන්තරයෙන් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ විය යුතුය

"ආත්මයාණන්ගෙන් පූර්ණවෙන්න" (එපීස 5:18).

6. කුරුසියේ මාර්ගය යනු ජීවනයේ මාර්ගයයි

"අපි උන්වහන්සේ සමඟ මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ ජීවත් වන්නෙමු" (2 තිමෝති 2:11).

7. මිනිසුන්ගේ අදහස් අපව අධෛර්යමත් නොකළ යුතුය

"යමෙකුගේ නාස්පුඩු වල හුස්ම තිබේද, එබඳු මනුෂ්‍යයා කෙරෙන් අහක්වෙන්න; මක්නිසාද ඔහුගෙන් ඇති වැඩේ කිමද?" (යෙසායා 2:22).

8. මේ ලෝකය අගය කරන දේ දෙවියන්වහන්සේ පිළිකුල් කරනසේක

"මනුෂ්‍යයන් අතරේ උතුම්කොට ගණන්ගන්නා දේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය" (ලූක් 16:15).

"මුදල්වලට ආශාවී ධනවත් වෙන්ට පතන්නෝ (1) පරීක්ෂාවට වැටෙති (2) මලපතකට අසූවෙති (3) අඥානවූ තෘෂ්ණාවන්ට වැටෙති (4) අන්තරාය සහිත වූ තෘෂ්ණාවන්ට වැටෙති (5) විනාශයෙහි ගිලෙති (6) නස්පැත්තියෙහි ගිලෙති (7) ඇදහිල්ලෙන් මුළාව යති (8) බොහෝ වේදනාවලින් තමුන්ම ඇනගනිති” (1 තිමෝති 6:9,10).

9. අප විසින්ම අපට හානි කරගත්තොත් මිස වෙන කිසිවෙකුට අපට හානි කළ නොහැක.

"තවද නුඹලා යහපතට ජ්වලිතව සිටින්නහු නම් නුඹලාට විරුද්ධව නපුර කරන්නේ කවුද ?" (1 පේතෘස් 3 :13).

10. දෙවියන්වහන්සේට අප සෑම දෙනාගේම ජීවිත සඳහා පරිපූර්ණ සැලසුමක් ඇත

"මක්නිසාද අප විසින් යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබූ දෙවියන්වහන්සේගේ හස්ත කර්මාන්තයව සිටිමුව; දෙවියන්වහන්සේ ඒ ක්‍රියා අප විසින් කළ යුතු බව කලින්ම නියමකළසේක." (එපීස 2:10).

11. දෙවියන්වහන්සේව සමීපව හැඳින ගැනීම ශක්තිමත්ව සිටීමේ රහසයි

"තමුන්ගේ දෙවියන්වහන්සේව අඳුනන සෙනඟ බලවත්ව ක්‍රියාකරන්නෝය" (දානියෙල් 11:32).

12. අලුත් ගිවිසුම පරණ ගිවිසුමට වඩා බෙහෙවින් උතුම්ය

"යේසුස් වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවනලද වඩා උතුම් ගිවිසුමක මැදහත්කාරයා වනසේක" (හෙබ්‍රෙව් 8:6).

13. අප දේවභක්තික ජීවිතයක් ගත කරන්නේ නම් අපට පීඩා විඳීමට සිදුවනු ඇත

"එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දේවභක්තියෙන් ජීවත්වෙන්ට කැමති සියල්ලෝම පීඩා කරනු ලබන්නෝය" (2 තිමෝති 3:12).

14. දෙවියන්වහන්සේ පිළිගත් සියල්ලන්ම අප විසින් ද පිළිගත යුතුය

"එහෙත් දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ කැමැත්තේ හැටියට ශරීරයෙහි අවයවයන් එකිනෙක තැබූසේක... ඒ ශරීරයෙහි භේදයක් නොවේ" (1 කොරින්ති 12:18,25).

15. අප සෑම මනුෂ්‍යයෙකුටම ගෞරවයෙන් සැලකිය යුතුය

"එයින් දෙවියන්වහන්සේගේ සමානත්වයට මවනු ලැබූ මනුෂ්‍යයන්ට අපි සාපකරමුව. මාගේ සහෝදරයෙනි, මේ දේවල් මෙසේ නොවිය යුතුය" (යාකොබ් 3:9,10).

16. අපගේ සියලු අවශ්‍යතා සඳහා අප දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය යුතුය

"මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ මහිමයේ සම්පතේ හැටියට නුඹලාගේ සියලු අවශ්‍යකම් පූර්ණකර දෙනසේක" (පිලිප්පි 4:19).


පසු සටහන: පූර්ණ කාලීන ක්‍රිස්තියානි සේවකයන් සඳහා මුදල් සම්බන්ධයෙන් "කවදාවත් නොකළ යුතු" දේවල් 10 ක්:

  1. ඔබේ මූල්‍ය අවශ්‍යතා දෙවියන්වහන්සේට මිස කවදාවත් වෙන කිසිවෙකුට නොකියන්න (පිලිප්පි 4:19).
  2. ඇදහිලිවන්තයන් නොවන අයගෙන් කවදාවත් මුදල් භාර නොගන්න (3 යොහන් 7).
  3. කිසිවෙකුගෙන් කිසිදු තෑග්ගක් කවදාවත් බලාපොරොත්තු නොවන්න (ගීතාවලිය 62:5).
  4. මුදල් දීමෙන් ඔබේ සේවය පාලනය කිරීමට හෝ එයට බලපෑම් කිරීමට කවදාවත් කිසිවෙකුට ඉඩ නොදෙන්න.
  5. ඔබේ සේවය පිළිනොගන්නා අයගෙන් කවදාවත් මුදල් භාර නොගන්න.
  6. ඔබට වඩා දුප්පත් කිසිවෙකුගෙන් ඔබේ පෞද්ගලික හෝ පවුලේ අවශ්‍යතා සඳහා කවදාවත් මුදල් භාර නොගන්න.
  7. ඔබේ මූල්‍ය අවශ්‍යතා සඳහා කවදාවත් කිසිදු මනුෂ්‍යයෙකු මත යැපෙන්න එපා.
  8. දෙවියන්වහන්සේගේ මුදල් වැරදි ලෙස පරිහරණය කරන බවට අන් අයට සැකයක් ඇති වන අයුරින් කවදාවත් කටයුතු නොකරන්න (2 කොරින්ති 8:20,21).
  9. මුදල් ලැබෙන විට කවදාවත් උද්දාමයට පත් නොවන්න.
  10. මුදල් නැති වූ විට කවදාවත් අධෛර්යයට පත් නොවන්න.

සවන් දීමට.