WFTW Body: 

නව වසරක් අප ආරම්භ කරන බැවින් අපගේ දිරි ගැන්වීමට දේව වචනයෙන් යම් ආශ්චර්‍යමත් සත්‍යයතාවන් ගැන සිතීම ඉතා යෝග්‍යය.
මේ අවුරුද්දේ ඔබගේ ජීවිතයට දෙවියන් වහන්සේ ඇතුළුවන්නට ඉඩහරින සියළුම දේ පැමිණෙන්නේ ඔබට ප්‍රේමයෙන් සුවිශේෂිතව සැළසුම් කරපු හදවතකින්‍ය.
දෙවියන් වහන්සේගේ දයාව සෑම උදයකම අළුත්‍ය (විලාප ගී 3 : 22-23).
මෙහි තේරුම නම් නව අවුරුද්දේ සෑම උදයකම දෙවියන් වහන්සේ ඔබ දෙස බලන්නේ හරියට ඔබගේ මුළුජීවිතයේම පාපයක් නොකර ඇති අයුරිනි. එහෙත් එහි කොන්දේසිය වන්නේ ඔබගේ සියළු පරණ පාපවලට පසුතැවී ඒ සියල්ල දෙවියන් වහන්සේට පාපොච්චාරණය කර ඇත්නම් පමණි. ඔබ පාපොච්චාරණය කරපු පාප උන්වහන්සේ මතක් කරන්නේ නැත. (හෙබ්‍රෙව් 8 : 12). සෑම උදයකම අළුත් දයාවෙන් උන්වහන්සේට ඔබ දිහා බැලිය හැකි වන්නේ මේ නිසාය. ඔබගේ කොටස වන්නේ දෙවියන් වහන්සේ ඔබට සමාව දුන් ආකාරයටම අන් අය හටද සමාව දීමය. ඔබ සෑම දිනම මිනිසුන්ගේ අතීතය ඔවුන්ට විරුද්ධව යොමු නොකර අළුත් දයාවෙන් ඔවුන් දෙස බැලිය යුතුයි.
දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ පියවරින් පියවර මාර්ගය විවෘත කරන සේක (හිතෝපදේශ 4 : 12 (අණුවාදය, කෙනෙකුගේ අදහස් තව කෙනෙකුට තමාගේම වචනයෙන් ප්‍රකාශ කිරීම)
පියවර දෙකක් ඔබ ඉදිරියෙහි කුමක් තිඛෙන්නේද යන්න ඔබ දැනගන්න අවශ්‍යය නැත. මෙම නව අවුරුද්දේ සෑම අවස්ථාවකදීම ඔබට පෙනෙන පියවර හරියට ගන්න. එවිට ඊළඟ පියවර පෙනෙනු ඇත. මෙයාකාරයෙනුයි දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන්නේ. ඔබ ඉදිරියේ දොරවල් වැසී තිබෙන්නාක් මෙන් ඔබට හැඟෙන්න පුළුවන. එහෙත් ඔබ ඒවා කරා ළංවන කළ ඒවා ස්වයම්ප්‍රචතිකව (ස්වයයංක්‍රීයව) විවෘත වන්නේය. නමුත් ඔබ ඒවා කරා ළංවන තෙක් විවෘත වන්නේ නැත. දෙවියන් වහන්සේ ඔබව රැගෙන යනුයේද මෙයාකාරයටමය. එබැවින් ඔබ ඉදිරියෙහි දොරක් වැසී ඇති බව දුටු කළ අවිනිශ්චිත (සැකය, දෙගිඩියාව) හෝ බිය නොවන්න. දෙවියන් වහන්සේ පෙන්වන පියවර ගනිමින් ඉදිරියට පා නගන්න. කිසිවෙකුට වැසිය නොහැකි විවෘත දොරක් මා ඔබ ඉදිරියෙහි තබා ඇත යැයි ස්වාමින් වහන්සේ වදාරණ සේක. (එළිදරව් 3 : 8)
දෙවියන් වහන්සේ ඔබගේ මාවත දීප්තියෙන් දීප්තියට බබළවන්නේය (හිතෝපදේශ 4 :18)
නව උපත (ආත්මික නව උත්පාදනය) හිරු උදාවටද සහ ක්‍රිස්තුස් වහන්සේගේ නැවත (දෙවන) පැමිණීම, මධ්‍යානයටද (ඉර මුදුන් වේලාව) මෙහි සන්සන්දනය කර ඇත. ඔබ උදෙසා දෙවියන් වහන්සේගේ සර්ව සම්පූර්ණ කැමැත්ත නම් නව උපත සිට ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම දක්වා ඔබ ජිවිතයේ සෑමදාම ක්‍රිස්තුස් වහන්සේ මෙන් වීමය. ධර්මිෂ්ඨයාගේ මාවත මෙයයි. සහ දෙවියන් වහන්සේගේ එළිදරව් මෙම මාවත ඔස්සේ ඔබට වැඩි වැඩියෙන් ලැඛෙන්නේය. ඔබගේ මමත්ව ජිවිතයේ (තමාගේ උද්ධක ජීවිතය, දෙවියන් වහන්සේගෙන් තොර තමාම, තම පාලනය සහ තීරණ ගැනීම) ඇති දුෂිත (අසභ්‍යය, අපවිත්‍ර, නපුරු) දේ ගැන වැඩි වැඩියෙන් ආලෝකය (එළිය) ලැබෙන අතර ඔබට මුහුණ පාන්නට සිදුවන ප්‍රායෝගික අවස්ථාවලට (ගැටළු) වැඩි වැඩියෙන් ප්‍රඥාව ලැඛෙන්නේය. මෙම මාවතෙහි ඔබ ඇවිදතොත් ඔබ කිසිවිටක පසුබට (දෙවියන් වහන්සේගෙන් ඈත්වීම හෝ උන්වහන්සේගේ ආඥා කඩ කිරීම) වන්නේ නැත. හරියට ඉර ආකාසේ කිසිවිටෙක ආපස්සට නොයන ලෙසටය.
ඔබ දෙවියන් වහන්සේගේ වචනය අසන්නට උත්සුකව උන්වහන්සේ ඉදිරියෙහි ඉන්නා කළ උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නේය. (හිතෝපදේශ 7 : 34 ).
යේසුස් වහන්සේ උන්වහන්සේගේ පොදු ජන සේවයේදී ප්‍රකාශ කළ මුල්ම වචන නම් මනුෂ්‍යයාට ජීවත් විය හැක්කේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියළු වචනවලින් පමණක් වන බවය. එම වචන අසන්නට අපි දවස මුළුල්ලේ නිත්‍යය (ස්ථීර) ආකල්පයකින් අපගේ ආත්මය තුළ උත්සුක අපේක්‍ෂාවෙන් දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තූවෙන් සිටිය යුතුයි.

දෙවියන් වහන්සේගේ අභිමුඛයෙහි ජීවත් වන්නන්ට, උන්වහන්සේ පිරිපුන් ප්‍රීතිය (සතුට) ලබා දෙන්නේය (ගීිතාවලිය 16 11)
-යේසුස් වහන්සේ ඉදිරියෙහි තැන්පත්ව තිබූ ප්‍රීතිය. එය උන්වහන්සේ අධිශ්ඨානව සෙවුවේය. එයයි උන්වහන්සේට සෑම දින කුරුසිය ආයාසයෙන් දරා ගන්න කැමැත්ත ඇති කෙරුවේ. (හෙබ්‍රෙව් 12 : 2) යේසුස් වහන්සේට උතුම්ම වටිනා වස්තුව (භුක්තිය) වුයේ පියා සමඟ ඇති සම්බන්ධතාවයයි. (පිය-පුත්‍ර සම්බන්ධතාවය, සහෝදරත්වය). යේසුස් වහන්සේ අණුගමනය කිරීම නම් උන්වහන්සේ කළාක් මෙන්, පියාණන් වහන්සේ සමඟ සම්බන්ධතාවයට උතුම් වටිනාකමක් දීමය. සැබෑ කිතුණුභාවය නම් ස්වර්ගයෙහි වැඩවසන ප්‍රේමණීය පියා සමඟ නොකැළැල් ජීවමාන සම්බන්ධතාවයකට වඩා නොඅඩු වීමය.

ඔබ උපදින්නත් ප්‍රථමයෙන් ඔබගේ ජිවිතයේ සෑම දිනයක්ම දෙවියන් වහන්සේ සැළසුම් කළේය (ගීතාවලිය 139 : 16-18)
ස්වාමීනි මා උපදින්ටත් ප්‍රථම ඔබ මා දුටු සේක. සහ මාගේ ජීවිතයේ සැම දිනයක්ම ඔබවහන්සේ පිළියෙල (සැළසුම්) කලේ මා හුස්ම ගැනීමටත් පෙරය. සැම දිනයක්ම ඔබවහන්සේගේ පොතෙහි සටහන් කර තිබුණි. ස්වාමිනි ඔබවහන්සේ මා ගැන නිත්‍යය වශයෙන්ම සිතීම ප්‍රත්‍යයක්‍ෂ වශයෙන් දැන ගන්න ලැබීම කෙතරම් අගනේද? දවසකට කොපමණ වරක් ඔබවහන්සේගේ සිතුවිළි මා කෙරෙහි යොමුවීම මට ගණන් කරන්නවත් බැරි තරම්‍ය. මා උදයේ අවදි වෙද්දී ඔබවහන්සේ මා ගැන තවමත් සිතමින් සිටින්නේය. ඔබගේ නමින් ලියවුණු පොතක් දෙවියන් වහන්සේට ස්වර්ගයේ ඇත. ඔබගේ ජීවිතයේ සෑම දිනයකටම උන්වහන්සේගේ සැළසුම එහි ලියා ඇත. ඔබට 2017 වසරට අගනා ආත්මික අධ්‍යාපනයක් ලබාදෙන පිණිස උන්වහන්සේ සැළසුම් කළ පරීක්‍ෂණ (ඔබට දරා ගත හැකි පීඩා හිරිහැර) එහි ලියා ඇත. තවද උන්වහන්සේ මේ අවුරුද්දේදී ඔබගේ නොසැළකිල්ලෙන් හෝ අණුවනකමින් සිදුකරන බලවත් වැරදි උන්වහන්සේගේ මහිමය උදෙසා ක්‍රියා කරවන බවත් ලියා ඇත. තවද ඔබට කුමක් කළ යුතුද සහ කොතැනකට යා යුතුද කියා ලියා ඇත. එම සැළසුම දැනගන්නා පිණිස ඔබගේ මුළු හදවතින්ම එය සොයන්න.
දෙවියන් වහන්සේ මේ මොහෝතේ නිශ්ශබ්දව ඔබට ප්‍රේමයෙන් සැළසුම් කරමින් සිටිනවා
මේ අවුරුද්දේ ඔබ සමඟ දෙවියන් වහන්සේගේ සියළු ක්‍රියාවන් (ගණුදෙනු, ආශ‍්‍රය) උන්වහන්සේ ඔබට ඇති අතීශණීය ප්‍රේමය කරණකොටගෙන ගොඩ නැගෙති. මේ අවුරුද්දේ ඔබගේ ජීවිතයට දෙවියන් වහන්සේ ඇතුළුවන්නට ඉඩහරින සියළුම දේ පැමිණෙන්නේ ඔබට ප්‍රේමයෙන් සුවිශේෂිතව සැළසුම් කරපු හදවතකින්‍ය. උන්වහන්සේ ඔබ අවට අසු මුළුවල මවිතයට පත්වන (පුදුම) ප්‍රියමනාප දේවල් තබා ඇත.

දෙවියන් වහන්සේ සියල්ලෙහිදීම ඔබගේ යහපත උදෙසා ක්‍රියා කරන්නේය. (රෝම 8 : 28).


රෝම 1 සිට 8 පරිච්ඡේදයන්හි, නව ගිවිසුම් සුභ ආරංචියේ, සුභ ආරංචිය පිළිබඳ අනාවරණයයි. (එළිදරව්ව) අපි ආරම්භ කරණුයේ පවුකාරයන් හැටියටය.


(1 සිට 3 පරිච්ඡේද දක්වා) ඉන්පසු අප අපගේ පාපවලට කමාව ලබා ගන්නේය.


(3 වෙනි පරිච්ඡේදය) එවිට දෙවියන් වහන්සේ විසින් අප ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කර


(4, 5 පරිච්ඡේද) ඉන්පසුව දෙවියන් වහන්සේ අපව පාපයේ බලයෙන් (6 වෙනි පරිච්ඡේදය) හා තවද නීති රීති වලින් (රෙගුලාසි, පරම්පරාගත සම්ප්‍රදායන්) සහ ව්‍යවස්ථා මත ජීවත්වීමෙන්ද ගලවන්නේය.


(7 වෙනි පරිච්ඡේදය) අවසානයේ ශුද්ධාත්මයාණන් තුළ ජීවනයට ඇතුළුවේ.


(8 වෙනි පරිච්ඡේදය) අවසානයේ අපි ශුද්ධාත්මයාණන්ට යටහත්කමේ (අවනත, කීකරු) ජීවනයට සැමදාම එළඹුනාම පසුවයි, අපගේ ජීවිතයේ සියළු අවස්ථාවන් (ස්වභාවයන්, සිද්ධීන්) අපගේ සදාකාළ යහපතට ක්‍රියා කරවන්න අපගේ පියාණන් වහන්සේ ආරම්භ කරන්නේ. අන් මිනිසුන් අපට හිංසා කෙරුවත් දෙවියන් වහන්සේ එය අපගේ යහපතට ක්‍රියාකරවන සේක.


ඔබ රෝම 8 : 28 විශ්වාස කෙරුවොත් ඔබ නැවත කිසිවිටෙක මිනිසුන්ට හෝ අවස්ථාවන් හට ඔබගේ ඉතිරි ජීවිත කාළයටම බිය නොවන්නේය. ඔබ අනතුරකට ලක්වෙයි කියා හෝ පිළිකාවකින් මියයාවි කියාද හෝ අන්ත-ක්‍රිස්තියානි උන්මාදකයන් (අන්තවාදීන්) තුළින් හිංසා විඳින්න වෙයි කියාද හෝ වෙන අන් ඕනෑම බියකට වුවද බිය නොවන්නේය. මන්ද අපගේ පියාණන් සියළුදේ හා සියළුදෙනාම පාලනය කරන බැවිණි. රෝම 8 : 28 හි සියළු ක්‍රියාවන් යැයි සඳහන් කරන බැවින් තවද අපට සියළු ක්‍රියාවන් හට සැමවිටම ස්තූති දිය හැකි වන්නේය. (එපීස 5 : 20).


මේ අවුරුද්දේ ඔබ මුහුණ දෙන එක් එක් අවස්ථාවන් හා සියළුම එක් එක් පුද්ගලයන් රෝම 8 : 28 තුළ ආවරණය කර ඇත. නිරපේක්‍ෂව (ඒකාන්ත, නිසැකවම) සහ සම්පූර්ණවම හරියට වතුර පෙරණ බඳුණ (යන්ත්‍රය) අපවිත්‍ර ජලය, බීමට සුදුසු තත්වයකට පවිත්‍ර කරන්නාක් මෙන්, අපගේ සර්වබලධාරී පියාණන් මේ අවුරුද්දේ සියළුම දේ සම්පූර්ණයෙන්ම (අඩුලූහුඩු නැතිව) අපගේ යහපතට ක්‍රියා කරවන්නේ, ඔබ උන්වහන්සේට ප්‍රේමකොට උන්වහන්සේගේම කැමැත්ත ඔබගේ ජීවිතයේ පතනවා (අභිලාෂ කරන්නේ) නම් පමණි.


ආශිර්වාදලත් ක්‍රිස්තුස් - තෘප්තිමත් (පූර්ණවත්) නව වසරක් ස්වාමින් වහන්සේ ඔබට ප්‍රදානය කෙරෙත්වා !