WFTW Body: 

ගණන් කථාවේ 13 වන පරිච්ජේදයේ ඉශ්‍රායෙල්වරු දෙවියන් වහන්සේ පොරොන්දු වු කානාන් දේශයේ මායිම වන පාරාන් කාන්තාරයේ වු කාදෙෂ් බර්නෙයා නම් තැනට පැමුණු බව අපි දකින්නෙ මු. ඊජිප්තුවෙන් පිටත් වී ඒවන විට වසර 2ක් ගතවී තිබූ (ද්වීතීය කථාව 2: 14), අතර දෙවියන් වහන්සේ ඔවුනට ගොස් දේශය තමන් සතු කරගන්නා ලෙස පැවසූ සේක. ඉශ්‍රායෙල්වරු දේශය සෝදිසි කරන පිණිස ඔත්තුකරුවන් දොළොස් දෙනකු යැවූහ.

 

“දෙවියන් වහන්සේ කා සමඟ සිටින්නේද යන වග ඔබ හදුනා ගන්නේ කෙසේද? ඔහු ඇදහිල්ලේ භාෂාව කථා කරන්නේ ය”.

ඔවුන් දොළොස් දෙනාම ආපසු පැමිණ කියා සිටියේ එම දේශය සැබවින්ම ආශ්චර්යමත් (අසිරිමත්) දේශයක් බව ය. කෙසේ වෙතත් ඉන් දසදෙනෙකු කියා සිටියේ “නමුත් එහි ඉතා බලවත් යෝධයන් සිටින බැවින් අපට ඔවුන් ජයගත නොහැකි බව යි” (ගණන් කථාව 13: 27,28,29).

එහෙත් ඔවුන්ගෙන් දෙදෙනෙක් - කාලෙබ් සහ යෝෂුවා - එයට උත්තර දෙමින් : අපි ඔත්තුකරුවන් ලෙස සෝදිසි කර බැලුවාවු දේශය ඉතා හොඳ දේශයකි. ස්වාමින් වහන්සේ අප කෙරෙහි ප්‍රසන්න ව සිටී නම්, මෙම කිරි සහ මීපැණියෙන් ගලා යන දේශයට අප පමුණුවා එය අපට බාර දෙන සේක. මෙම යෝධයෝ ජය ගන්නට ස්වාමින් වහන්සේ අපට උපකාර කරන සේක (ගණන් කථාව 14: 6-9). නමුත් 600,000 ඉශ්‍රායෙල්වරු බහුතරය ට ඇහුම්කන් දුන්හ.

මෙයින් අප ඉගෙන ගන්නේ කුමක් ද? ප්‍රථමයෙන් ම බහුතරය අනුගමනය කිරීම භයානකය - මක්නිසාද බහුතරය නිරන්තරයෙන්ම වැරදිය. “ජීවනයට ඇති මාර්ගය පටුය එය සොයාගන්නන් ඉතා ස්වල්ප යැයි” යේසුස් වහන්සේ කීසේක. බහුතරය තවමත් පළල් මාර්ගයේ විනාශය කරා ගමන් කරති. එම නිසා ඔබ බහුතරය අනුගමනය කරන්නේ නම්, නිසැකවම ඔවුන් සමඟ පළල් මාර්ගයේ විනාශය කරා යන්නේ ය. විශාල සභාවක් ආත්මික සභාවක් යැයි කිසිසේත් නොසිතන්න. යේසුස් වහන්සේගේ සභාවේ සිටියේ සාමාජිකයන් 11ක් පමණකි. නායකයන් දසදෙනෙකු එක් දෙයක් කියූ විට සහ දෙදෙනෙකු එයට හාත්පසින්ම විරුද්ධ දේ කියන කළ ඔබ ගන්නේ කාගේ පැත්තද? මෙහි දෙවියන් වහන්සේ යෝෂුවා සහ කාලෙබ් යන දෙදෙනාගේ පැත්තේ සිටිසේක.

අවිශ්වාසය සහ සාතන් සිටියේ අනෙක් දස දෙනාගේ පැත්තේ ය. නමුත් ඉශ්‍රායෙල්වරු මෝඩ ලෙස බහුතරය අනුගමනය කළෝය - ඔවුනට ඉදිරි වසර 38 ට කාන්තාරයේ කරක් ගසන්නට සිදු වූවේ එම නිසා ය. දෙවියන් වහන්සේ සිටියේ කාගේ පැත්තේද කියා දැන ගැනීමට ඔවුන්ට ආත්ම විමසීමේ අවබෝධය (විචාර බුද්ධිය) නොතිබුණි ! දෙවියන් වහන්සේ සහ එක් කෙනෙකු සැමවිටම බහුතරයක් වන බැවින් මාගේ ස්ථාවරය සැමවිටම එසේ තැබීමට මට අවශ්‍ය ය. නික්මයාම 32 පරිච්ජේදයෙහි අපි දකින්නේ දෙවියන් වහන්සේ එකම එක් මනුෂ්‍යයෙක් වූ, මෝසෙස්ගේ, පැත්තේ සිටියේ, අන් සියළුම ඉශ්‍රායෙල්වරු රන් වස්සාට නමස්කාර කළ අවස්ථාවේදීය. නමුත් එදා සියළුම ගෝත්‍ර දොළහෙන්, ලෙවී ගෝත්‍රයට පමණක් එය දකින්න හැකිවිය. එහෙත් දැන් දෙවියන් වහන්සේ යෝෂුවා සහ කාලෙබ් සමඟ සිටිය දී, ලෙවී ගෝත්‍රයට පවා එය හදුනා ගන්නට නොහැකි විය !

මේ සියල්ලෙන් අද අපිට පාඩම් තිබේ. කිතුණු ප්‍රජාව සාමාන්‍යයෙන් ලෞකිකත්වයෙන් හා මධ්‍යම ප්‍රතිපදාවෙන් පිරී ඇත. දෙවියන් වහන්සේගේ වචනයේ සත්‍යථාව වෙනුවෙන් කිසිදු මධ්‍යම ප්‍රතිපදාවක් (සම්මුතියක්) නොමැතිව ස්ථාවරයක සිටින සුළු පිරිසක් දෙවියන් වහන්සේ එතැනින් සහ මෙතැනින් නැඟිටුවන සේක. ඔබ හට ආත්ම විමසීමේ අවබෝධය (විචාර බුද්ධිය) ඇත්නම් දෙවියන් වහන්සේ එම සුළු පිරිස සමඟ සිටින බව හදුනා ගත හැකි අතර ඔබ බහුතරයට විරුද්ධව ඔවුන් සමඟ නැඟී සිටිමට ස්ථාවරයක් ගනී. ඔබ ඔවුන් සමඟ පොරොන්දු දේශයට ඇතුළුවේ.

දෙවියන් වහන්සේ කා සමඟ සිටින්නේද යන වග ඔබ හදුනා ගන්නේ කෙසේද? ඔහු ඇදහිල්ලේ භාෂාව කථා කරන්නේ ය. යෝෂුවා හා කාලෙබ් ඇදහිල්ලේ භාෂාව කථා කළෝ ය: “අපට ජය ගත හැක.” කෝපයේ, කාම තෘෂ්ණාවේ, ඊරිෂ්‍යාවේ, මැසිවිලි නැඟීමේ, යනාදියේ යෝධයෝ අපට ජය ගත හැක. අපිට සාතන් ජය ගත හැක. දෙවියන් වහන්සේ ඌව අපගේ පය යට පොඩි කරන සේක. දෙවියන් වහන්සේ සමඟ සිටින මනුෂ්‍යයාගේ භාෂාව මෙය යි.