WFTW Body: 

අන්තිම දවස්වලදී පැමිණෙන එක් විශාල අනතුරක් නම්"බලය ප්‍රතික්ෂේප කළ දේවභක්තිකමක්” තිබීමයි ( 2 තිමෝති 3: 5). අපගේ දීමනා සහ දක්ෂථා නිසා අපට ඇති බලයෙන් සෑහීමකට පත්වීම ඉතා පහසුය. ප්‍රාණික බලය ප්‍රකාශ වන්නේ බුද්ධිමය බලය, චිත්තවේගීය බලය සහ අධිෂ්ඨානාත්මක බලයෙනි. නමුත් මේ කිසිවක් ක්‍රිස්තුස් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ අපට ලබා දීමට පැමිණි දිව්‍යමය බලය නොවේ.

“ඔබේ ජීවිතයේ ඉළක්කය සහ අභිලාෂය දෙවියන් වහන්සේව සතුටු කිරීම හා මහිමයට පත් කිරීම පමණක් නම් , උන්වහන්සේ ඔබට උන්වහන්සේගේ බලය මහත් කැමැත්තෙන් ලබා දෙනු ඇත”.

ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්, විද්වතුන් සහ දක්ෂ දේශකයින් තුළ බුද්ධිමය බලය දක්නට ලැබේ. චිත්තවේගීය බලය රොක් සංගීතඥයින් තුළ ද බොහෝ දේශකයින් තුළ ද දක්නට ලැබේ. යෝගා විශාරදයින් සහ අනෙකුත් තාපසයින් අතර - එමෙන්ම තම පෞරුෂත්වය තුළින් අන් අය කෙරෙහි ආධිපත්‍යය දැරීමට උත්සාහ කරන දේශකයින් අතරද අධිෂ්ඨාන ශක්තිය දක්නට ලැබේ. මේ තුනෙන් එකක්වත් අපි ආත්මික බල ය ලෙස වරදවා නොගත යුතුයි.

ආත්මික බලය මූලික වශයෙන් අපව සෑම දෙයකදීම දෙවියන් වහන්සේට කීකරු කරවයි. සහස්‍රවර්ෂ (අවුරුදු දහසක කාලයන්) ගණනාවක් පුරා පරිපූර්ණ කාළාණුරූපව තම කක්ෂයන්හි ගමන් කළ ග්‍රහලෝක සහ තාරකා තුළ ප්‍රදර්ශනය වන දෙවියන් වහන්සේගේ බලය සළකා බලන්න. ඒ පරිපූර්ණත්වයට හේතුව ඔවුන් දෙවියන් වහන්සේගේ නීතිවලට සම්පූර්‍ණෙයන්ම කීකරුවී තිබීමයි. කළ යුතු යහපත්ම දේ දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම කීකරු වීම බවට මෙම ආකාශ වස්තු ගොළු සාක්ෂියකි.

යේසුස් වහන්සේ සාතන්ව පරාජය කළේ ආත්මික බලයෙන් මිස, දරුණු ශාරිරික ශක්තියෙන් නොවේය. සාතන් විසින් පරීක්ෂාවට ලක් වූ විට, යේසුස් වහන්සේට ගල් රොටි බවට පත් කිරීමට හැකි වුවද, උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළේය; මෙයද, දින 40 ක නිරාහාරයෙන් පසු, උන්වහන්සේගේ ශරීරයට ආහාර ඉතා අවශ්‍යව සිටියදීය ; කුසගිනි නොවූවත්, ඒදන් උයනේදී වහාම ඇගේ ශාරීරික ආශාව තෘප්තිමත් කළ ඒව කළ දෙයට වඩා එය කොතරම් වෙනස්ද? ලිංගිකත්වය සඳහා ඇති ආශාව ආහාර සඳහා ඇති ආශාව මෙන් අපගේ ශරීරය තුළම පවතින තවත් ආශාවකි. එයද නිරන්තරයෙන් තෘප්තිමත් වීමට ආශා කරයි. අපට ආත්මික බලය ඇති විට අපිද තමන්වහන්සේගේ ශරීරයේ ආශාවන් තෘප්තිමත් කරනවාට වඩා “දෙවියන් වහන්සේගේ සෑම වචනයකින්ම” ජීවත් වන බව පැවසූ යේසුස් වහන්සේ මෙන් වන්නෙමු.

සැබෑ සිංහයන් ඉරා දැමීමට සැම්සන්ට විශාල ශාරීරික ශක්තියක් තිබුණි. නමුත් ඔහු තුළ වූ ලිංගික ආශාවේ සිංහයා ඔහුව නැවත නැවතත් ඉරා දැමීය. ලිංගික ආශාව ඕනෑම සිංහයෙකුට වඩා බලවත් බව මෙයින් සනාථ වේ. කෙසේ වෙතත් ජෝසප් සැම්සන්ට වඩා ශක්තිමත් මිනිසෙක් විය, මන්ද ඔහුට දිනෙන් දින නැවත නැවතත් තෘෂ්ණාවේ සිංහයා කැබලිවලට ඉරා දැමීමට හැකි විය (උත්පත්ති 39: 7-13).

දෙවියන් වහන්සේ අපට ආත්මික බලය ලබා දෙනවාද නැද්ද යන්න අපගේ චේතනාවන් තීරණය කරයි. ඔබේ ජීවිතයේ ඉළක්කය සහ අභිලාෂය දෙවියන් වහන්සේව සතුටු කිරීම හා මහිමයට පත් කිරීම පමණක් නම්, උන්වහන්සේ ඔබට උන්වහන්සේගේ බලය මහත් කැමැත්තෙන් ලබා දෙනු ඇත. "ඔබ ඉල්ලන නමුත් නොලැබෙන්නේ ඔබ වැරදි චේතනාවෙන් ඉල්ලන බැවිනි" (යාකොබ් 4: 3).

රැකියාවක් හෝ වෘත්තියක් යනු අපගේ ජීවනෝපාය උපයා ගැනීමේ මාර්ගයක් පමණි. කෙසේ වෙතත් අපගේ ජීවිතයේ අභිලාෂය විය යුත්තේ දෙවියන් වහන්සේව පමණක් සතුටු කිරීම හා අප වෙනුවෙන්ම ජීවත් වීමට හෝ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ වීමට නොවේය. සාතන් මේ ලෝකයේ මහිමයෙන් යේසුස් වහන්සේව පවා පොළඹවන්න උත්සාහ කළා. එබැවින්, ඌ නිසැකවම මෙය අපට ද පිරිනමනු ඇත. නමුත් අප එය නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කළ යුතුය (යේසුස් වහන්සේ කළාක් මෙන්), මන්ද අපට එම මහිමය ලබා ගත හැකි වන්නේ සාතන්ට යම් ආකාරයකින් නැමීමෙන් (වහල් වෙමින්) පමණි. මුදලට ඇති ආශාව අපගේ ජීවිත උදෙසා දෙවියන් වහන්සේගේ සැළැස්ම ඉටු කිරීමෙන් අපව ඈත් නොකරන පිණිස අප විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. මෙතැන් සිට වසර 2000කට පසුව අප කරන්නට යන්නාවූ තේරීම් ගැන අප පසුතැවිලි විය යුතු නැත.

©Zac Poonen –

[email protected]