WFTW Body: 

ශුද්ධ ලියවිල්ලේ වඩාත්ම තේජාන්විත හෙළිදරව් කිරීම්වලින් එකක් නම්, ස්වාමිපුරුෂයා හා භාර‍්‍යයාව අතර සම්බන්ධථාවය ක්‍රිස්තුස් වහන්සේ සහ සභාව අතර පවතින සම්බන්ධථාවයේ නිරූපිත ආදර්ශය යන්න ය (එපීස 5: 22-23).

"ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයා සහ භාර‍්‍යයාව ක්‍රිස්තුස් වහන්සේගේ සහ සභාවේ කුඩා පින්තූරයක් විය යුතුය."

 

භාර‍්‍යයාවන් තම ස්වාමිපුරුෂයින්ට යටත් වන ලෙස මෙම එපීස පරිච්ඡේදයෙහි පවසා ඇත්තේ, මක්නිසාදයත් භාර‍්‍යයාවගේ හිස (ගෘහ මූලිකයා) ලෙස පුරුෂයාව දෙවියන් වහන්සේ විසින් පත්කර ඇති බැවිනි. භාර‍්‍යයාවන්ටද සෑම දෙයකදීම තම ස්වාමිපුරුෂයින්ට යටත්ව (සභාව ක්‍රිස්තුස් වහන්සේට විය යුතු පරිදි) ඔවුන්ටද ගෞරව කිරීමට හා භක්තිය පුද කිරීමට අණ කර ඇත. එවැනි යටත් වීම අපේ කාලයේ පිළිගත් චාරිත්‍රයක් නොවිය හැකි නමුත් එය දෙවියන් වහන්සේගේ නීතියයි. මෙම නීතිය උල්ලංඝණය කරන නිවසක එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් අකීකරු වීමේ ප්‍රතිවිපාක නිසැකවම නෙළා ගනු ඇත. විවාහ ජීවිතයේදී දෙවියන් වහන්සේගේ මෙම අණ පනත්වලට කීකරු වීමට අදහස් නොකරන ඕනෑම කිතුණු ගැහැණු ළමයෙකු කිසිවිටෙකත් විවාහ නොවිය යුතුය. එවැනි ගැහැණු ළමයෙකු විවාහ වී දෙවියන් වහන්සේගේ අණට සදාකාලිකව අකීකරු වී ජීවත් වීමට වඩා, අවිවාහකව සිටීම වඩා හොඳය. 

කිසිම ස්වාමිපුරුෂයෙකුට තම භාර‍්‍යයාවගෙන් අසාධාරණ ඉල්ලීම් කිරීමට දෙවියන් වහන්සේගේ ආඥාව බලපත්‍රයක් ලබා දෙන බව නොසිතන පරිදි, ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළාක් මෙන් ස්වාමිපුරුෂයින් තම භාර‍්‍යයාවන්ට ප්‍රේම කළ යුතු බවත් ඒ සඳහා උන්වහන්සේව කැප කළ බවත් ඡේදයේ තවදුරටත් සඳහන් වේ. මෙයින් ඇඟවෙන්නේ ස්වාමිපුරුෂයින් තම භාර‍්‍යයාවන්ගේ යහපැවැත්ම සහ සතුට සඳහා දේවල් දීම පමණක් නොව, නමුත් තමන්වම - ඔවුන්ගේ ජීවිතයම - පරිත්‍යාගශීලී ආදරයකින් තම භාර‍්‍යයාවට ආදරය කළ යුතු බවයි. ක්‍රිස්තුස් වහන්සේ සභාවට නොමියෙන ප්‍රේමයකින් ප්‍රේම කරන බැවින්, තම භාර‍්‍යයාව නැවත ඔබට ප්‍රේම කළත් නැතත් ඇයට නොනවත්වා ප්‍රේම කිරීම ස්වාමිපුරුෂයාගේ යුතුකමයි. ක්‍රිස්තුස් වහන්සේ තම ගෝලයින් කෙරෙහි දක්වන ප්‍රේමය ඔවුන්ගේ පාද සේදීමට පවා යොමු කළ බව මතක තබා ගන්න (යොහාන් 13: 1, 5). ස්වාමිපුරුෂයින් තම ශරීරයට ආදරය කරන ආකාරයටම තම භාර‍්‍යයාවන්ට ප්‍රේම කරන ලෙස එම ඡේදයේම තවදුරටත් අණ කර ඇත. ඔවුන් හිතාමතාම තම ශරීරයට රිදවා හෝ තුවාල නොකරන්නා සේම ඔවුන්ගේ භාර‍්‍යයාවන්ගේ හැඟීම් හිතාමතාම රිදවීමට හෝ තුවාල නොකළ යුතුයි. ඔවුන්ගේම ශරීරයට හානිවලින් හා අනතුරුවලින් ආරක්ෂා කර ගන්නාක් මෙන්, ඔවුන් තම භාර‍්‍යයාවන් රැකබලා ගෙන ආරක්ෂා කළ යුතුයි. එවැනි ශුද්ධ ලියවිලිමය ඉගැන්වීම් අනුගමනය කිරීමට අදහස් නොකරන පිරිමියෙකුට වඩාත් සුදුසු වන්නේ අවිවාහකව සිටීමයි.

එපීස පොතෙහි මෙම පරිච්ඡේදයෙන් හෙළි වන පරිදි දෙවියන් වහන්සේගේ අභිප්‍රාය නම් සෑම කිතුණු ස්වාමිපුරුෂයෙකු සහ භාර‍්‍යයාවක්ම ක්‍රිස්තුස් වහන්සේගේ සහ සභාවේ කුඩා පින්තූරයක් විය යුතු බවයි . ඔවුන්ගේ ජීවිත එක්ව මෙම සම්බන්ධථාවයේ අලංකාරත්වයන් හෙළි කළ යුතුය.

ශුද්ධාත්මයාණන්ගෙන් නිතරම පිරී සිටී යුතු ආඥාව ට (එපීස 5: 18,19) අනතුරුව වහාම ස්වාමිපුරුෂයා සහ භාර‍්‍යයාව අතර සම්බන්ධථාවයේ මෙම කොටස පැමිණීම, ආත්මයෙන් නිතරම පිරී සිටී යුතු බව පෙන්ණුම් කරන්නේ, මූලික වශයෙන් නිවසෙහි ක්‍රිස්තු භක්තික හැසිරීමක ප්‍රතිඵළයක් වන ලෙස ය. අනෙක් අතට, විවාහ ජීවිතය තුළ දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීමට නම්, අප ආත්මයෙන් පූර්ණ වීම අත්‍යවශ්‍ය බව එයින් අදහස් වේ.

ජීවිත-සහකරුවෙකු සෙවීමට පෙර, සෑම කිතුණුවෙකුම ඉහත විස්තර කර ඇති පරිදි එවැනි නිවසක් ලැබීමට සැබවින්ම කැමති දැයි තමන්ගෙන්ම ඇසිය යුතුය. එවැනි ආශාවක් නැති කෙනෙකුට විවාහයේදී දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අපේක්ෂා කරන්නේ කෙසේද? නමුත් මෙය සැබවින්ම ඔබගේ අභිලාෂය නම්, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්තෙන් ඔබව විවාහයට ගෙන යන බව පමණක් නොව, එවැනි නිවසක් තැනීමට උන්වහන්සේ ඔබව ශක්තිමත් කරන බව ඔබට සහතික විය හැකිය.