WFTW Body: 

සාතන්ගේ පළමු උපාය වූයේ දෙවියන්වහන්සේ පවසා තිබූ ලෙසටම නොකරන බව ඒවට පැවසීමයි ( උත්. 3:1-6 ). ඔහු ඇයට කිව්වේ "ඔබ සැබවින්ම නොමැරෙන බවයි". ඔහුට ඒවව පාපයට යොමුකළ හැකි වූයේ මෙලෙසයි. ඔහු එම ක්‍රමයම අදද උත්සහ කරයි. දේව වචනය ඇදහිලිවන්තයින්ට පවසනුයේ "මාංසික ලෙස ජීවත්වන විට සැබැවින්ම මැරෙන බවයි"( රෝම.8:13 ). නමුත් සාතන් පවසන්නේ "ඔබ සැබවින්ම නොමැරෙන බවයි" එබැවින් බොහෝ ඇදහිලිවන්තයින් ඔහුව විශ්වාස කරමින් පාපයේ දිගටම නියැලෙයි.

අයෙකුගේ ඇසක් නැතිකර ගණිමින් අන්ධව සිටීම කාන්තාවක් කෙරෙහි තෘෂණාවෙන් සිටිනවාට වඩා හොඳයැයි කීදෙනෙක් සැබවින්ම විශ්වාස කරනවාද ; සහ අයෙකුගේ අතක් නැතිකර ගැනීම, එය සමඟ ලිංගික පාපයක් කරනවාට වඩා හොඳයැයි කීදෙනෙක් සැබවින්ම විශ්වාස කරනවාද.

කෝපය සහ කාමුක පාපයන් බරපතල විදියට සලකන්නේ නැති අය අවසානයේ නිරයට යන බව කී දෙනෙක් සැබවින්ම විශ්වාස කරනවාද( ශු:මතෙව් 5:22-30 )?

යමෙකු, දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වී නොඇදහිලිවන්තයෙකු සමඟ විවාහ වීම, කෝපයෙන් දෙවියන් වහන්සේට මිට මොළවීම හා සමාන බව කීදෙනෙක් විශ්වාස කරනවාද ( 2 කොරි.6:14 )?

හදවතින් පවිත්‍රවූ අය පමණක් දෙවියන්වහන්සේව දකින බව කීදෙනෙකු විශ්වාස කරනවාද( ශු:මතෙවි 5:8 )?

සියල්ලන් සමග සමාදානයෙන් නොසිටින සහ ශුද්ධකම අනුව නොයන අය ස්වාමින්වහන්සේව නොදකින බව කීදෙනෙක් විශ්වාස කරනවාද( හෙබ්‍රෙව්.12- 14).

විනිෂ්චය දවසේදී තමන් කතාකල සෑම නොසැලකිලිමත් වචනයකටම ගණන් දියයුතු බව කීදෙනෙකු විශ්වාස කරනවාද( ශු:මතෙව්.12:37 ).

දෙවියන්වහන්සේගේ මෙම වචන විශ්වාස කරන ඇදහිලිවන්තයින් ලෝකයේ ඉන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. කිතුනු ප්‍රජාව තුල සාතන් කර ඇති රැවටිල්ල මෙයයි. ප්‍රතිඵලයක් ලෙස, ඇදහිලිවන්තයින් වැඩිම දෙනෙකු දෙවියන්වහන්සේ කෙරෙහි භය සහ උන්වහන්සේගේ අනතුරු ඇඟවීම් ගැන භය නැතිකරගෙන ඇත. සාතන් ඔවුන්ව මුළුමණින්ම පරාජය කරනතෙක් ඔවුන් පාපය සමඟ සෙල්ලම් කරති.

දෙවියන්වහන්සේ තම වචනය කෙරෙහි වෙව්ලන්නාවූ සහ බිඳුණාවූ ආත්මයක් ඇත්තාවූ මනුෂ්‍යයන් දෙස බලනසේක( යෙසායා. 66:1,2 ). දේව වචනයේ ඇති සෑම අනතුරු ඇඟවීමක් ගැනම අප වෙව්ලිය යුතුය. අප සැබැවින්ම දෙවියන්වහන්සේට භය බවට සාක්‍ෂිය මෙයයි. දේවභය තුල තම ශුද්ධකම සම්පූර්ණ කරගන්නාවූ අය පමණක් අවසානයේ ක්‍රිස්තු ශරීරයේ අවයවයක් බවට පත්වනු ඇත. ජයගන්නාවූ අය පමණක් දෙවන මරණයෙන් (ගිනිවිලෙන්)ගැලවෙනු ඇත එසේම ජීවන වෘක්‍ෂයට පංගුකාර වීමට අයිතිය ලබාගනු ඇත( එළි.2:7,11 ). ආත්මයාණන්වහන්සේ සියළුම සභා වලට පවසන්නේ මෙයයි. නමුත් ඇසීමට කන් ඇත්තෝ සිටින්නේ ඉතාමත්, ඉතාමත් ස්වල්පයකි.