WFTW Body: 

ගිඩියොන් ඉශ්‍රායෙල්ට විරුද්ධ සතුරන්ට එරෙහිව සටනට හමුදාව රැස්කල මොහොතේ, ඔහු සමඟ මිනිසුන් 32000 ක් වූවෝය. නමුත් ඔවුන් පූර්‍ණ හිතක් ඇත්තන් නොවන බව දෙවියන්වහන්සේ දැන සිටිසේක, එබැවින් දෙවියන්වහන්සේ ක්‍රමානුකූලව ඔවුන් ප්‍රමාණයෙන් අඩුකළසේක. පළමුවෙන් හරවා යැවුනේ බියපත් අයවයි. නමුත් 10000 ක් තවදුරටත් ඉතිරිවිය. මොවුන්වද ගඟ අසබටට ගෙනගොස් පරික්‍ෂාවට ලක්විය. 300 ක් පමණක් පරීක්‍ෂණය සමත්වී දෙවියන්වහන්සේ විසින් සහතික කරනු ලැබුවෝය( විනිෂ්චයකාරයා 7:1 – 8 ).

ඒ 10000 ක මිනිසුන් තම පිපාසය සංසිඳවා ගැණීම පිණිස වතුර බිව් ආකාරය ගිඩියොන්ගේ හමුදාවට ඇත්ලත්වීමට සමත් වන්නේ කව්ද යන්න තීරණය කිරීමට දෙවියන්වහන්සේ පාවිච්චි කළසේක. ඔවුන්ව පරීක්‍ෂාවට පත්වූ බව ඔවුන් දැන සිටියේ ස්වල්ප වශයෙනි. ඔවුන් අතරින් 9700 ක් දෙනා තම පිපාසය සංසිඳවා ගැණීමට දණගසා සිටියදී තම සතුරා ගැන සියල්ල අමතක කර තිබුණි. ඔවුන් අතරින් 300 ක් පමණක් තම දෙපයින් නැගිට දෑත් එකතු කර වතුර බොමින් සෝදිසියෙන් සිටියෝය.

දෙවියන්වහන්සේ අපව පරීක්‍ෂා කර බලන්නේ අපගේ සාමාන්‍ය දිවියේදීය - මුදල් කෙරෙහි ඇති අපගේ ආකල්පයන් වලදී , සතුටුවීමේදී, භූමික ගෞරවය සහ පහසුව යනාදියේදීය. අපද ගිඩියොන්ගේ හමුදාව මෙන්ම බොහෝවිට දෙවියන්වහන්සේ අපව පරීක්‍ෂා කර බලන බව නොදනී.

ලෝකයේ දේවලින් වෙහෙසට පත් නොවන ලෙස යේසුස්වහන්සේ අපට අනතුරු ඇඟවූසේක. උන්වහන්සේ පැවසූ සේක්, එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරෙහි නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලා ගනිල්ලා( ශු:ලූක් 21:34 ).

කොරින්තියේ ක්‍රිස්තියානුවන්ට අනුශාසණා කරමින් පාවුළු තුමා පැවසුවේ, මෙතැන් පටන් භාර්‍යාවන් ඇත්තෝ භාර්‍යාවන් නැත්තන් මෙන්ද; අඬන්නෝ නාඬන්නන් මෙන්ද; ප්‍රීතිවන්නෝ ප්‍රීති නොවන්නන් මෙන්ද; මිලයට ගන්නෝ අයිති නැත්තන් මෙන්ද; මේ ලෝකය භුක්ති විඳින්නෝ අධික ලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝ යයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.... මා මෙලෙස පවසන්නේ නුඹලාගේ දෙවියන්වහන්සේ කෙරෙහි ඇති කැපවීම නොවෙනස්ව ආරක්‍ෂා කරගැණීම උදෙසායි( 1 කොරි 7:29-35 ).

දෙවියන්වහන්සේට අපගේ ඇති සම්පූර්‍ණ කැපවීමෙන් අපව ඈත් කිරිමට මේ ලෝකයේ ඇති කිසිදෙයකට ඉඩ නොතැබීය යුතුය. මේ ලෝකයේ නීතියානුකූල දේවල් පාපිෂ්ඨ දේවලට වඩා මහත්වූ උගුලකි - මක්නිසාද නීතියානුකූල දේවල් අනතුරක් නැති ඉතා අහිංසක දේවල් ලෙස පෙනේ!!

අපට පිපාසය සංසිඳවා ගත හැක - නමුත් අප දෑත් බැඳ අවශ්‍ය අඩුම ප්‍රමාණය බිව යුතුය. අපගේ මණස පොළොවේ දේවල් කෙරෙහි නොව ඉහල දේවල් කෙරෙහි යොමුකළ යුතුය. අපට යේසුස්වහන්සේගේ ගෝලයන් වීමට අවශ්‍ය නම් අප සියල්ල අත් හැරිය යුතුව තිබේ. රබර් පටියක් ඇදෙන්නාසේ , අපගේ මණසද ලෝකයේ ඇති අවශ්‍ය දේවලට යොමුවීය හැක. නමුත් සියළු දේවලට යොමුවූ පසු, නිදහස් කළ රබර් පටිය නැවත මුලින් තිබූ ස්ථානයට පැමිණෙන්නාක්සේ අප මණසද ස්වාමින්වහන්සේ සහ සදාකාලික දේ වෙතට නැවත පැමිණිය යුතුය. මෙය තමා අපගේ මණස "පහල දේ වෙත නොව ඉහළ දේ කෙරෙහි යොමු කිරීම " යන්නෙන් අදහස් වන්නේ ( කොලොස්සී 3:2). කෙසේ වෙතත් බොහෝ ඇදහිලිවන්තයන්ගේ රබර් පටිය ක්‍රියා කරන්නේ අනික් ආකාරයටය. ඔවුන්ගේ මණස ඉඳහිට සදාකාලික දේ වලට ඇදී යනමුත් නිදහස් කළවිට තමන්ගේ සාමාන්‍ය ස්ථානය වන ලෝකයේ දේවල් වලම යෙදී සිටීම වෙත ගමන් කරයි!