WFTW Body: 

පාවුලුතුමා එපීසියට ලියූ ලිපියෙහි සුභ-ආරංචියේ සමබරථාවයක් දක්නට ලැබේ. පරිච්ඡේද 1 සිට 3 දක්වා කිසිදු අනුශාසනයක් නොමැත. දෙවියන් වහන්සේ අප උදෙසා කළ දේ පමණක් එම පරිච්ඡේදවල සඳහන් වේ. ඉන්පසු ඉතුරු පරිච්ඡේද 3හි අප දෙවියන් වහන්සේ උදෙසා කළයුතු දේ පිළිබඳව අනුශාසනා වලින් පිරී ඇත. මෙයයි සුභ-ආරංචියේ කාසියේ පැති දෙක. දෙකෙන් කුමණ හෝ පැත්තක් නොමැති නම්, කාසිය (සුභ-ආරංචිය) ව්‍යාජ එකකි. “වෙනත් සුභ-ආරංචියක්” දේශනා කරන්නන්ට නිශ්චිත ශාපයක් ගලාති 1 හි ප්‍රකාශකර ඇත. එමනිසා සම්පූර්ණ සුභ-ආරංචිය දේශනා කිරීමට අප පරිස්සම් විය යුතු අතර - එය අන් අය උදෙසා - සැබෑ එක විය යුතුය.

ස්වර්ගික ස්ථානවල ක්‍රිස්තුස් වහන්සේ තුළ සියළුම ආත්මික ආශිර්වාදවලින් දෙවියන් වහන්සේ අපව ආශිර්වාද කර ඇත ( එපීස 1: 3 ). අපගේ කිතුණු ජීවිතය දෙවියන් වහන්සේ අපට කර ඇති දෙයින් ආරම්භ විය යුතුය. අප උන්වහන්සේට ප්‍රේම කරන්නේ, උන්වහන්සේ ප්‍රථමයෙන්ම අපට ප්‍රේම කළ බැවිණි. අප උන්වහන්සේට සේවය කරන්නේ, උන්වහන්සේ ප්‍රථමයෙන්ම අපට සේවය කළ බැවිණි. දෙවියන් වහන්සේ ලෝකය මවන්නට ප්‍රථමයෙන් අපව දැන සිටී සේක ( එපීස 1:4 ) එය අපට වටහා ගත නොහැක්කේ අපට අතීත, වර්තමාන, සහ අනාගත ලෙස කාලයන් තිබුණත් දෙවියන් වහන්සේගේ නාමය නම් “මම යම්සේ සිටිම්ද එසේම සිටිමි” ලෙස කාලයන්ගෙන් තොර වන නිසාය ( නික්මයාම 3: 14 ). දෙවියන් වහන්සේ සදාකාලික වර්තමානයේ ජීවත් වනසේක. එමනිසා උන්වහන්සේ කිසිම දෙයක් මවන්නට ප්‍රථමයෙන් අප සෑම කෙනෙක්වම නමින් දැන සිටිසේක. ලෝකවල් මවන්නටත් ප්‍රථමයන් උන්වහන්සේ අපව ක්‍රිස්තුස් වහන්සේ තුළ තැබූසේක.

මෙන්න “ක්‍රිස්තුස් වහන්සේ තුළ” යන්නෙහි තේරුම පිළිබඳ නිදර්ශනයක්. ඔබ කඩදාසි කෑල්ලක් ගෙන පොතක් තුළ තබා පොත පුළුස්සා දැමුවහොත් කඩදාසියද පිළිස්සේ. ඔබ පොත භූමියේ වැළලුවහොත්, කඩදාසියද වැළලේ. ඔබ පොත රොකට්ටුවකින් හඳට යවන්නේ නම්, කඩදාසියද හඳට යයි. එළෙසම අපව ක්‍රිස්තුස් වහන්සේ තුළ තැන්පත් කරන ලදි. එළෙසම (සදාකාලික අතීතයේ සිට දෙවියන් වහන්සේගේ මණසෙහි) අපව ක්‍රිස්තුස් වහන්සේ තුළ තැන්පත් කරන ලදි. ක්‍රි. ව. 29 යේදී ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ විට අපව උන්වහන්සේ සමඟ ඇණ ගසනු ලැබීය. උන්වහන්සේව තැන්පත් කරන විට අපව උන්වහන්සේ සමඟ තැන්පත් කරන ලදි. උන්වහන්සේව මළවුන්ගෙන් උත්ථාන කර ස්වර්ගයට නැගුණු කළ දෙවියන් වහන්සේ අපව ද ක්‍රිස්තුස් වහන්සේ සමඟ උත්ථාන කර උන්වහන්සේ තුළ ස්වර්ගික ස්ථානවල අපව හිඳවූසේක ( එපීස 2: 6 ). මෙය විශ්මයට පමුණුවන සත්‍යයකි. නමුත් අපට එහි යථාර්ථය අත්විඳිය හැක්කේ, අප දේව වචනය විශ්වාස කරන්නේ නම් පමණි - වෙනත් ආකාරයකින් නොවේ. “ඔබගේ ඇදහිල්ල අනුව ඔබට සිදුවේවි” යන්න දෙවියන් වහන්සේගේ නීතියයි ( මතෙව් 9: 29 ).

දෙවියන් වහන්සේ , ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට කර ඇති දේ තුළ අප ස්ථාපිත විය යුතු ය. අපට එපීස පරිච්ඡේද 4 සිට 6 දක්වා ඇති සාතන්ට එරෙහිවීම හා ඔහුව පරාජය කිරීම යනාදී පිළිබඳ අනුශාසනා තුළ, නව ගමන් කිරීමකින් අපගේ නිවස තණා ගත හැකි වන්නේ එම අත්තිවාරම දැමූ විටදී පමණි. එසේ නොවුවහොත්, අපි නිතරම අධෛර‍්‍යයට පත්වීමේ හා ස්වයං හෙළා දැකීමේ ම පවතිනු ඇත. එබැවින් ප්‍රථමයෙන්ම එපීස 1 සිට 3 දක්වා පරිච්ඡේද බෙහෙවින් මෙනෙහි කරන්න.

බොහෝ කිතුණුවන් අත්තිවාරම එක් තැනක ගොඩනගා, ඉන් පසුව නිවස වෙනත් තැනක ගොඩනගති! එමනිසා නිවස කඩා වැටේ. එපීස පොතේ අවසාන පරිච්ඡේද 3හි සෑම අනුශාසනාවක්ම, අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසා හා අප උදෙසා උන්වහන්සේගේ පරිපූර්ණ පිළිගැනීම (පළමුවන පරිච්ඡේද 3 තුළ සඳහන් වනසේ) මත රදා පවති. මෙය මූලික දේය. නමුත් අප තවමත් එය අමතක කිරීමට නැඹුරු වෙන්නෙමු. එක් දවසක, අපි විනාඩි 45ක් බයිබලය කියවූ නිසා අපි හිතන්නේ දෙවියන් වහන්සේ අපව වැඩියෙන් පිළිගනීවි කියාය, වෙනත් දවසක, අපි හිතන්නේ අපිට විනාඩියක්වත් ශුද්ධ ලියවිලි කියවන්න නොලැබුණු නිසා, උන්වහන්සේ අප කෙරෙහි රවමින් සිටින බවත් අපගේ යාච්ඤාවලට සවන් නොදෙන බවත් ය. යම් දෙයක් වැරදුනොත්, ඒ දවසේ අපි බයිබලය කියවා නොමැති නිසා යැයි අපට හැඟේ ! එය මිථ්‍යා ඇදහීමක් (විශ්වාසයක්) වන අතර, එය දෙවියන් වහන්සේ අපව පිළිගැනීම පදනම් වී ඇත්තේ අපගේ බයිබලය-කියවීම මත මිස ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් කර ඇති දේ මත නොවේ යැයි විශ්වාස කිරීමකි. බයිබලය-කියවීම ඉතා වැදගත් බවට කිසිම සැකයක් නැත. නමුත් එය අපගේ පිළිගැනීමේ පදනම නොවේ. එය සුපිරිව්‍යුහයේ (අත්තිවාරම මත ගොඩනගන ලද ගොඩනැගිල්ලේ) කොටසකි. මෙම සත්‍ය තුළ ඔබ ස්ථාපිත වීම අතිශයින්ම වැදගත් ය. නොඑසේ නම්, සුභ-ආරංචිය මිනිසා-කේන්ද්‍රගත වූවක් වේ - එවිට ඔබ අත්තිවාරම තුළට දොරවල් සහ ජනෙල් සවි කරනවා විය හැක ! මෙම සත්‍යථාවන් (එපීස 1 සිට 3 දක්වා පරිච්ඡේදයන්හි අන්තර්ගත වූ) නොසලකා හරින හෝ අවතක්සේරු කරන අය නිරන්තරයෙන් ම පරිසිවරුන් ලෙස අවසන් වනු ඇත.

නමුත් ඇත්ත වශයෙන්ම, අත්තිවාරමක් දැමීමේ අරමුණ වන්නේ නිවස ඉදිකිරීමයි. එම නිසා අපි අත්තිවාරමෙන් නතර නොවන්නෙමු. අපි දිගටම සුපිරිව්‍යුහය (අත්තිවාරම මත ගොඩනගන ලද ගොඩනැගිල්ල) ගොඩනගා ගත යුතුයි.

“අනුග්‍රහය” නම්, දෙවියන් වහන්සේ දෑත දිගු කර අපට සෑම ස්වර්ගික ආශිර්වාදයක්ම ප්‍රධානය කිරීමයි. “ඇදහිල්ල” යනු දෙවියන් වහන්සේගේ දෑතින් එම ආශිර්වාද ලබාගන්නා පිණිස අප අපගේ දෑත් දිගු කිරීමයි. එම නිසා අපට ලබා ගත හැකි වන්නේ අප යේසුස් වහන්සේගේ නාමයෙන් ඇදහිල්ලෙන් හිමිකම් පාමින් අත්පත් කරගන්නා තරමට පමණි. දෙවියන් වහන්සේ අපගේ ස්වර්ගික බැංකු ගිණුමට මිළියන ගණන් ආශිර්වාද තැන්පත් කර, යේසුස් වහන්සේගේ නාමයෙන් අත්සන් කරපු බොහෝ හිස් චෙක්පත් අපට ලබා දී ඇත. අප දැන් කළ යුතුව ඇති එකම දේ නම්, අවශ්‍ය මුදල් ප්‍රමාණය පුරවා බැංකුවට ගොස් අපගේ උරුමය ලබා ගැනීමයි.