WFTW Body: 

“එවිට දෙවියන් වහන්සේගේ වචනය යෝනාට දෙවන වරට පැමිණුනේ” යැයි යෝනා 3: 1හි සඳහන් වේ. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා අප එක් වරක් අසමත් වූ විට, ස්වාමින් වහන්සේ අපට දෙවන වාරයක් දෙන සේක. එය යෝනාගේ පොතෙන් අපට ලැබෙන උදාර පණිවිඩයන් ගෙන් එකකි. ඔබ ස්වාමින් වහන්සේට, අසමත් වූවේ ද? ඔබට තව වරක් දෙන පිණිස දෙවියන් වහන්සේ බලා සිටින සේක. ඔබ ස්වාමින් වහන්සේට, දෙවන වරටත් අසමත් වූවේ ද? ඔබට තුන්වන වරත් උන්වහන්සේ ලබා දෙන සේක. උන්වහන්සේ දෙවන වාරයට පමණක් ම වන දෙවියන් වහන්සේ නොවේ - අපගෙන් බොහෝ දෙනෙක් අපගේ දෙවන වාරය සුන් කරගෙන ඇත්තේ බොහෝ කල් සිටය. ඔබ කොපමණ වාරයක් අසමත් වූවත් කම් නැත, උන්වහන්සේ තවත් වාරයක දෙවියන් වහන්සේ ය ! ඔබ මුළු හදවතින් ම පසුතැවිලි වන්නේ නම්, ස්වාමින් වහන්සේට සේවාවක් සම්පූර්ණ කිරීමට දැන් වුවද ඔබට බලය දී ඔබව යථා තත්වයට පමුණුවන්නට ස්වාමින් වහන්සේට පුළුවන.

එම විශාල නගරය හරහා ගමන් කිරීමට යෝනාට දින තුණක් ගත වූ අතර නිනිවය දින 40කින් පෙරළා දමන බව සෑම වීදියකම ප්‍රකාශ කළේ ය. විශ්මයට පමුණුවන කරුණක් නම්, නිනිවයේ වැසියන් වහාම පසුතැවිලි වීමය. මෙය ලෝකයේ මෙතෙක් සිදුවූ විශාලතම හා වේගවත්ම ආත්මික පිබිදීමයි. මෙහි මා දිරිගන්වන එක් කරුණක් නම්, නිනිවය වැනි දුෂ්ඨ නගරයක් පසුතැවුණු විට වුවද දෙවියන් වහන්සේ සාණුකම්පිතවූ සේක. වසර කීපයකට පසු උන්වහන්සේට විනාශ කරන තරමට එම නුවර බොහෝ දුෂ්ඨ වන බව දෙවියන් වහන්සේ දැන සිටි සේක. නමුත් දෙවියන් වහන්සේ සෑම කෙනෙකු ම දැන් සිටින ආකාරයට මිස - ඔවුන් අතීතයේ සිටියා වූ හෝ ඔවුන් අනාගතයේ සිටින්න යන්නා වූ ආකාරයට නොසළකන සේක. උන්වහන්සේගේ නාමය “මම” මිස “මා සිටියා වූ” හෝ “මා වන්නට යන්නේ” නොවේ. දෙවියන් වහන්සේ අපිට වඩා සාණුකම්පිතය.

දෙවියන් වහන්සේ නිනිවයට අනුකම්පා කළ විට යෝනා තෘප්තියට පත් වේවි කියා යමෙකුට සිතන්නට තිබුණි. නමුත් ඔහු එසේ නොවීය. යෝනාට පාඩමක් උගන්වන පිණිස, ඔහුගේ හිසට උඩින් පැළයක් වැවෙන්නට දෙවියන් වහන්සේ සැළසූ සේක. මෙම ශාඛය නිසා යෝනා සතුටු විය, නමුත් ඊළඟ දවසේ ශාඛය කන පිණිස දෙවියන් වහන්සේ පණුවෙකු සෑදු බැවින් ශාඛය වියළී ගියේය. සූර‍්‍යයා ඔහු මත තදින් වැටෙන නිසා යෝනා නැවතත් කෝප වී “මා ජීවත් වනවාට වඩා මැරෙණවා හොඳය” කියා පැවසුවේය. එවිට දෙවියන් වහන්සේ යෝනාට, නුඹ එක් රැයකින් නැඟී එක් රැයකින් විනාශ වූ පැළෑටියක් කෙරෙහි සාණුකම්පාව දැක්වූයේය. තමන්ගේ දකුණු හා වමත අතර වෙනස නොදන්නා පුද්ගලයින් 120,000 කට වඩා සිටින හා බොහෝ සතුන් ද සිටින්නාවූ නිනිවය නම් වූ උදාර නගරය කෙරෙහි මට සාණුකම්පාවක් තිබිය යුතු නොවේ දැයි කී සේක”? ( යෝනා 4: 11 ).

මෙම යෝනා 4: 11 පදයේ - පැරණි ගිවිසුමෙහි වෙනත් කිසිම පදයකට වඩා - නැතිවූ ප්‍රාණ කෙරෙහි දෙවියන් වහන්සේගේ සාණුකම්පාව අප දකින්නෙමු. දෙවියන් වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළාද යත්, කිසිවෙකු විනාශ නොවන පිණිස උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාව දුන් සේක. යෝනා කෙසේ නමුත් මේ කාරණය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ සමඟ සහභාගිකම පැවැත්වුවේ නැත. ආත්මික පිබිදීම (පුනර් ජීවනය) දේශනා කරන හා දකින (යෝනා කළාක් මෙන්) බොහෝ දේශකයන් අද සිටියත්, යෝනා මෙන්ම දෙවියන් වහන්සේගේ සාණුකම්පිත හදවත සමඟ සහභාගිකමේ නොපැවතෙති. එවැනි දේශකයන් දෙවියන් වහන්සේට අවශ්‍ය පරිදි ඔවුන්ගේ සේවාව ඉටු නොකරයි. ඔබ දේශනා කර මිනිසුන් ගැළවීමට ගෙනෙන්නට පුළුවන : එහෙත් ඒ සියල්ල අවසානයේ, යෝනා මෙන්, ඔබටද දෙවියන් වහන්සේ සමඟ කිසිඳු සහභාගිකමක් නොතිබීය හැක. ඉවැන්ජලිස්ත දේව සේවාවක් සඳහා සුදුසුම පදනම නම්, දෙවියන් වහන්සේ සමඟ සහභාගිකම තිබීමයි. මෙවැනි ආලෝකයක් නැති අය කෙරෙහි දෙවියන් වහන්සේට මහත් සාණුකම්පාවක් ඇත. සියලු මිනිසුන් පසුතැවී, ගැළවීමට පැමිණ, හා සත්‍යය පිළිබදව සැබෑ දැණුමට පැමිණීම දෙවියන් වහන්සේට අවශ්‍ය බව බයිබලය පවසයි. ඒ උදෙසා උන්වහන්සේ මහත් ආශාවෙන් බළා සිටින සේක. දෙවියන් වහන්සේගේ හදවත සමඟ සහභාගිකමට අප වඩ වඩාත් කිට්ටු වන කළ, උන්වහන්සේගේ හදවතේ බරට අප ඩ වඩාත් පංඟුකාර වන්නෙමු. දෙවියන් වහන්සේ ඔබ ඉවැන්ජළිස්තවරයෙකු වීමට කැඳවා තිබේ නම්, උන්වහන්සේ, නැතිවූ ප්‍රාණ උදෙසා සාණුකම්පිතභාවයක් ඔබට ලබා දෙනු ඇත. දෙවියන් වහන්සේ ඔබ ගුරුවරයෙකු ලෙස කැඳවන්නේ නම්, උන්වහන්සේ අන්ධ, හා මුළාවු, හා ජයග්‍රාහි ජීවිතයකට පිවිසෙන්නේ නැති ඇදහිළිවන්තයින් උදෙසා සාණුකම්පිතභාවයක් ඔබට ලබා දෙනු ඇත. අපගේ සේවාව ඵළදායි ලෙස ඉටු කිරීමට නම් උන්වහන්සේගේ සාණුකම්පිතභාවය බෙදාගැනීමේ දී, දෙවියන් වහන්සේගේ හදවත සමඟ සහභාගිකම අපට අත්‍යවශ්‍ය වේ.