WFTW Body: 

“ශුද්ධ වූ දේ බල්ලන්ට නොදෙන්න, ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි විසි නොකරන්න, එවිට ඔවුන් ඒවා ඔවුන්ගේ පාද යට පාගා හැරී ඔබව කැබලිවලට ඉරා දමනු ඇත” (මතෙව් 7: 6) මෙයින් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් වහන්සේ තීර් හා සීදොන්හි පළාත්වලට ගිය විට එවැනිම ප්‍රකාශයක තවත් අවස්ථාවක් තිබේ (මතෙව් 15 : 21-28). යේසුස් වහන්සේ තීර් දේශයට ගියවිට, කාන්තාවක් පැමිණ දුෂ්ඨ ආත්මයක් වැහුණා වූ ඇගේ දියණියට උපකාර කරන්නැයි අයදීය. යේසුස්වහන්සේ හැරී “දරුවන්ගේ රොටි රැගෙන බල්ලන්ට විසි කිරීම හොඳ නැත” යි කීසේක(මතෙව් 15: 26). සමහර අය මෙම ප්‍රකාශය ගැන ප්‍රශ්න කර ඇත.

යේසුස් වහන්සේ ඇයව හැඳින්වූයේ බල්ලෙකු ලෙසද? ඔබ පිළිකුල් කරන පුද්ගලයෙකුට තබා එක් තනි පුද්ගලයෙකුට උදව් කිරීමට ඔබ කිලෝමීටර් 150 ක් පයින් යනවාද? කිලෝමීටර් 150ක් පයින් යන්න කොච්චර වෙලාවක් යනවද? එය අවම වශයෙන් දින දෙකක් ගත වනු ඇත. ක්‍රිස්තුන් වහන්සේ ඇය කෙරෙහි දක්වන ප්‍රේමයේ තීව්‍රතාවය එහි දී අපි දකිමු. උන්වහන්සේ ඇයට කොතරම් ගැඹුරින් ප්‍රේම කළාද යන්න දැනගත් අපට පෙණෙන්නේ ඇය දෙවියන් වහන්සේගෙන් කිසිවක් ලැබීමට සුදුසු නැති බව පිළිගනිමින් ඇය කිසියම් පහත් තනතුරක් දැරීමට කැමති දැයි බැලීමට ස්වාමින් වහන්සේ ඇයව පරීක්ෂා කරන බවයි. "ඒක හොඳයි, මම බල්ලෙක්, නමුත් මට මේසයෙන් වැටෙන කෑලි ගන්න පුළුවන්ද?" යේසුස් වහන්සේ පැවසුවේ “ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත්ය!” යේසුස් වහන්සේ කිසිවකුට එසේ කීවේ දෙවතාවක් පමණක් වන අතර ඒ දෙකම යුදෙව් නොවන මිනිසුන්ටය. එකක් ਰෝම ශතාධිපතියෙකුට වූ අතර අනෙක මෙම සිරොෆොනීෂියානු කාන්තාවට ය. උන්වහන්සේ ඇයව අගය කළ ආකාරය බලන්න!

ශුද්ධ ලියවිල්ලේ යේසුස් වහන්සේ බල්ලන් සහ ඌරන් ගැන කථා කරන විට, උන්වහන්සේ මිනිසුන්ව පහත් නොකරන බව අප තේරුම් ගත යුතුය. අපි දෙවියන් වහන්සේගෙන් කිසිවක් ලැබීමට සුදුසු නැති බව උන්වහන්සේ පිළිගනී. “දෙවියන් වහන්සේ මා වෙනුවෙන් යමක් කළ යුතු බවට මම වටින්නෙමි” යැයි සිතන ඕනෑම අයෙකු දෙවියන් වහන්සේ ඉදිරියෙහි මිනිසාගේ තත්ත්වය තේරුම් ගෙන නැත. ඔබටත් මටත් සුදුසු එකම දෙය අපායයි. අපි දෙවියන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි අපට ලැබිය යුතු දේ මට දෙන්න” යැයි පැවසුවහොත් උන්වහන්සේ අපට ලබා දිය යුත්තේ අපායයි. ඊට වඩා හොඳ දෙයක් නම් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයයි. අපි එය හඳුනා ගත් විට, දෙවියන් වහන්සේගෙන් අපට ලැබිය යුතු නැති බොහෝ දේ අපට ලැබෙන බව අපට පෙණෙනු ඇත. නමුත් බොහෝ අය එම තත්ත්වය හඳුනාගෙන නැත.

ඉතින්, මේ වගේ ප්‍රකාශයක් අපි දකින විට, ඒ අපි කිසිවෙකුට බල්ලන්ට මෙන් සැළකිය යුතු බව හෝ කිසිවෙකුට ඌරන්ට මෙන් සැළකිය යුතු බව නොවේ. අපි සියල්ලෝම පව්කාරයෝය. සෑම පුද්ගලයෙකුම පව්කාරයෙකුය. අපි සියල්ලෝම පව්කාරයෝය. අපෙන් සමහරෙකු දෙවියන් වහන්සේගේ අනුග්‍රයෙන් අපගේ පාපවලට සමාව ලබාගෙන ගැළවී ඇති අතර, සමහරු තවමත් ඔවුන්ගේ පාපවල සිටිති, නමුත් අපි මූලික වශයෙන් සියල්ලන්ම පව්කාරයෝ වෙමු, මන්ද අපට එය ආදම්ගෙන් උරුම වී ඇත. එබැවින් එක් පුද්ගලයෙකුට තමා අනෙකාට වඩා හොඳ යැයි සිතීමට හෝ බල්ලෙකු හෝ ඌරෙකු මෙන් තවත් කෙනෙකුව පහත් කොට සැළකීමට කිසිදු හේතුවක් නැත.

“ශුද්ධ දේ බල්ලන්ට දෙන්න එපා” කියා යේසුස් වහන්සේ පැවසූ විට උන්වහන්සේ අදහස් කළේ “මිනිසුන් අගය නොකරන දෙයක් ඔවුන්ට දෙන්න එපා” කියායි. බල්ලෙකුට අවශ්‍ය වන්නේ මස්කට්ටක් පමණි. ඌට ශුද්ධ දෙයක් අවශ්‍ය නැත. මනුෂ්‍යයෙකු දෙවියන් වහන්සේට වඩා මිහිපිට ඇති ද්‍රව්‍යමය දේ කෙරෙහි උනන්දු වන විට, ඔහු සතෙකුට වඩා හොඳ නැති හැඟීමක් ඇති වේ. ඔබ ජීවත් වන්නේ කුමක් උදෙසාද? ඔබ ජීවත් වන්නේ දරුවන් ඇති දැඩි කිරීමට, ලිංගිකව හැසිරීමට, නිදා ගැනීමට සහ හොඳ ආහාර අනුභව කිරීමට පමණක්ද? හොඳයි, සියලු සතුන් ද උනන්දු වන්නේ එයටයි! සතුන් සෑම විටම ලෞකික දේවල් ගැන උනන්දු වෙති. බල්ලෝ නිතරම බිම බලාගෙන සිටී. ඌරොත් එසේමය. ඔබට කවදාවත් බල්ලෙකු හෝ ඌරෙකු අහස දෙස බලා සිටිනු නොපෙණේ. සතුන් සෑම විටම මිහිපිට දේවල් දෙස බලා සිටින අතර, මෙහි ඇති ‘බල්ලන්’ යන වචනයේ තේරුම එයයි - එහි තේරුම “මිහිපිට දේවල් කෙරෙහි සිත යොමු කරන මිනිසුන්” යන්නයි.

සැබෑ කිතුණුවකු ඔහුගේ හිස ඔසවා තබයි. ඔහු ඉහළ ඇති දේවල් දෙස බලයි. ඉහළින් ඇති දේවල් ගැන උනන්දුවක් නොදක්වන මිනිසුන්ට, ශුද්ධ දේ දීම තේරුමක් නැති දෙයකි. එය ඌරෝ ඉදිරියෙහි මුතු දමන්නාක් මෙන්‍ ය. ඌරන්ට අවශ්‍ය වන්නේ කුණු ගොඩක් (ජරාව). ඔවුන් කෑමට ප්‍රිය කරන්නේ එයයි, එබැවින් ඔවුන්ට ශුද්ධ වූ දේ දීම තේරුමක් නැති දෙයකි. යේසුස් වහන්සේ කථා කරන්නේ කන්ද උඩ දේශනාව ගැනයි - කන්ද උඩ දේශනාවේ ඉගැන්වීම නොඇදහිළිවන්තයින් උදෙසා නොවේ. මතෙව් 7: 6 හි කාරණය එයයි: නැවත ඉපදුණු නැති අයට මෙම පණිවිඩය ලබා නොදෙන්න, මන්ද ඔවුන්ට එය අගය කළ නොහැකි බැවිනි. එක් එක් පුද්ගලයාට අපට දිය හැකි සත්‍යය කුමක්දැයි හඳුනා ගත යුතුය. ක්‍රිස්තුස් වහන්සේ මෙම පදයෙන් පවසන්නේ එයයි.

නැවත ඉපදුණු නැති මිනිසුන්ට ඇසීමට අවශ්‍ය වන්නේ පසුතැවීමේ පණිවිඩයයි. ඔවුන් පව්කාරයින් බව දැනගත යුතුය. තමන් අපායට සුදුස්සෝ බව දැනගත යුතුයි. ඔවුන් අතරමං වී දෙවියන් වහන්සේගෙන් වෙන් වී නිරයේ සදාකාලික ඉරණමකට යන බව ඔවුන් දැනගත යුතුය. කිතුණු නොවන අයට සහ කිතුණු නිවාසවල උපන් අය (නැවත ඉපදී නැති, ක්‍රිස්තුස් වහන්සේ සමඟ ජීවමාන සම්බන්ධථාවයකට නොපැමිණි) පවා ඇසීමට අවශ්‍ය පණිවිඩය එයයි.

තම ජීවිතයේ දෙවියන් වහන්සේට මුල් තැන නොදෙන්නාවූ සෑම මනුෂ්‍යයෙකුම සැබවින්ම සතෙකු මෙන්‍ ය. සතෙකුට දෙවියන් වහන්සේ ගැන උනන්දුවක් නැත, යාච්ඤා කිරීමට උනන්දුවක් නැත, දෙවියන් වහන්සේ පවසන දේ ඇසීමට උනන්දුවක් නැත. යාච්ඤා කිරීමට උනන්දුවක් නැති, දෙවියන් වහන්සේ ගැන උනන්දුවක් නැති, දෙවියන් වහන්සේ ඔහුට කියන දේ ඇසීමට උනන්දුවක් නැති මිනිසෙකු මිහිපිට ජීවත් වන විට, ඔහු සතෙකුට වඩා යහපත් නොවන්නේය. සතෙකු ලිංගිකත්වය ගැන උනන්දු වෙයි. මිනිසා මූලික වශයෙන් ලිංගිකත්වය කෙරෙහි උනන්දු වන විට, ඔහු සතෙකු වැනි ය. සෑම සත්වයෙකුම ලිංගිකත්වය සහ ආහාර ගැන උනන්දු වන අතර, මිනිසුන් ආහාර, ලිංගිකත්වය, නින්ද සහ දරුවන් ලැබීම ගැන පමණක් උනන්දු වන විට ඔවුන් සතුන් හා සමාන වේ. නමුත් දෙවියන් වහන්සේ ආදම්ව මැවූ විට වෙනසක් තැබූ සේක. උන්වහන්සේ ඌරන්, බල්ලන් සහ සියලු සතුන් සෑදූ එකම දූවිලි වලින් ආදම්වද සෑදුසේක. එය එකම දූවිලි වේ.

ඔබ බල්ලන්ගේ සහ ඌරන්ගේ අභ්‍යන්තර අවයව දෙස බැලුවහොත්, මිනිසාගේ අභ්‍යන්තර අවයව සහ මෙම සතුන්ගේ අභ්‍යන්තර අවයව අතර බොහෝ සමානකම් තිබේ. ඉතින් ස්වාමින් වහන්සේ පවසනුයේ, භෞතිකව, එකම ද්‍රව්‍යයකින් ඔබ දෙදෙනාම මවා ඇතැයි කියාය. හයවෙනි දවසේදී දෙවියන් වහන්සේ සතුන් සහ මිනිසුන් දෙදෙනාම සෑදුවේ එබැවිනි. උන්වහන්සේ හයවෙනි දවසේ පළමු කොටසේ සතුන්ව මවා, හයවෙනි දවසේ දෙවන කොටස මිනිසාව මැවූසේක. නමුත් සතුන් සමඟ එක් විශාල වෙනසක් තිබුණි: දෙවියන් වහන්සේ ඔවුන් මත හුස්ම හෙළූවේ නැත. දූවිල්ලෙන් මැවූ විට ඔවුන්ටස්වයංක්‍රීයව හුස්ම ඇතිවුන නමුත්, මිනිසා සෑදූ විගසම දෙවියන් වහන්සේ ඔහු තුළට හුස්ම හෙළූ අතර ඔහු ජීවමාන ප්‍රාණයක් බවට පත් විය (උත්පත්ති 2: 7), එය වහාම සතුන්ගෙන් ඔහුව වෙන්කර හඳුනාගත් දෙයයි - දෙවියන් වහන්සේගේ හුස්ම (ජීවනය).

දෙවියන් වහන්සේ ආදම් තුළට හුස්ම නොහෙළූවේ නම්, ඔහු මිනිසෙකු මෙන් පෙණෙන්නට ඇත, නමුත් ඔහු සතෙකු මෙන් වනු ඇත. නමුත් දෙවියන් වහන්සේ ඔහු තුළට හුස්ම හෙළූ මොහොතේම ඔහු ජීවමාන ප්‍රාණයක් බවට පත් විය. ඔහු සදාකාලික නොවන සත්වයින් මෙන් නොව සදාකාලික ජීවියෙකු බවට පත් විය. සතෙකු මැරුණාම හුදෙක්ම දූවිලු බවට පත්වේ. නමුත් දෙවියන් වහන්සේ මිනිසෙකු තුළට හුස්ම හෙළූ විට සහ මිනිසා ජීවමාන ප්‍රාණයක් බවට පත් වූ විට, ඔහු ඒ මොහොතේම සදාකාලික ජීවියෙකු බවට පත් විය. ඔහු දෙවියන් වහන්සේට පිළිතුරු දිය යුතු සදාකාලික පුද්ගලයෙකු බවට පත් විය. ඔහුට සදාකාල-ජීවනය නොතිබුණි, මන්ද සදාකාල-ජීවනය යන්නෙන් අදහස් කරන්නේ ආරම්භයක් නොමැති ජීවනයක් වන අතර එය ඇත්තේ දෙවියන් වහන්සේට පමණි. නමුත් අපි අපේ පාප ගැන පසුතැවිලි වී ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණ අපගේ ස්වාමියා සහ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගන්නා විට අපට එම සදාකාල ජීවනය ලබා ගත හැකිය. එවිට අපට සදාකාල ජීවනය ලැබෙනු ඇත. නොඑසේ නම් අපි නිරයට ගොස් සදාකාලිකව එහි දෙවියන් වහන්සේගෙන් වෙන්ව වාසය කරන සදාකාලික ජීවීන් පමණි.

ස්වාමින් වහන්සේ පවසන දෙය නම් මේ පොළොවේ මිනිසුන් වර්ග දෙකක් සිටින බවයි. සතුන් මෙන් ජීවත් වන අය (බල්ලන් සහ ඌරන් වැනි) සිටින අතර, ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් විය යුතු බව පිළිගන්නා සහ දෙවියන් වහන්සේ ඔවුන්ව එතුමන් වහන්සේට පිළිතුරු දිය යුතු සදාකාලික ජීවීන් බවට පත් කර ඇති බව පිළිගන්නා තවත් අය සිටිති. දෙවියන් වහන්සේ මිනිසා තුළට හුස්ම හෙළූ විට, ඔහු දූවිල්ලෙන් සෑදී තිබුණි, නමුත් ඔහුගේ ක්‍රියාවන් සහ වචන සඳහා දෙවියන් වහන්සේට පිළිතුරු දිය යුතු බව ඔහුව දැනුවත් කළ හෘදය සාක්ෂියක් ද ඔහුට තිබුණි. සතුන්ට හෘදය සාක්ෂියක් නැත. ඔවුන් යම් වැරැද්දක් කළ විට ඔවුන්ට කිසිදු වරදකාරී හැඟීමක් නැත, නමුත් මිනිසා (ඔහු වනාන්තරයක සම්පූර්ණයෙන්ම නූගත් ම්ලේච්ඡයෙකු වුවද) ඔහුට හෘදය සාක්ෂියක් ඇති නිසා වරදකාරී හැඟීමක් ඇත.

කැළෑවල සිටින ම්ලේච්ඡයින් පවා වැඳ නමස්කාර කරති - උදාහරණයක් ලෙස පර්වතයක් හෝ ගලක් හෝ සූර්යයා. මැවුම්කරුවෙකු සිටින බවත්, ගණන් දිය යුතු සදාකාලික ජීවියෙකු ඇති බවත් ඔවුන්ට යම් අවබෝධයක් ඇත. ඔබට කිසිම තැනක භක්තිවන්ත බල්ලෙකු හෝ භක්තිවන්ත වඳුරෙකු හෝ ඌරෙකු සොයාගත නොහැක. ම්ලේච්ඡයින්ට පවා තමන් ගණන් දිය යුතු සදාකාලික ජීවියෙකු පිළිබඳ එවැනි අවබෝධයක් ඇත්තේ ඇයි? ඒ ඔවුන්ට හෘද සාක්ෂියක් තිබෙන නිසාය. සෑම මිනිසෙකුටම හෘද සාක්ෂියක් ඇති අතර, ඌරන්, බල්ලන් සහ අනෙකුත් සතුන්ගෙන් මිනිසා වෙන්කර හඳුනා ගන්නේ එයයි.

සවන් දීමට.