WFTW Body: 

යේසුස් වහන්සේ විශ්වාසවන්තයින්ට විපාක දෙන බව සත්‍යයක් වන අතර (එළිදරව් 22: 12), එක් දිනක උන්වහන්සේගෙන් "බොහෝ අගේය, යහපත්වූ විශ්වාසවූ දාසය" යන වදන් අසන පිණිස, අපගේ ජීවිතයේ පරම ආශාව විය යුත්තේ ස්වාමීන් වහන්සේව සතුටු කිරීමය (2 කොරින්ති 5: 9), එහෙත් යේසුස් වහන්සේම ස්වර්ගික විපාකයක් උදෙසාවත් තමාටම-කේන්ද්‍රිකවූ ‍(ආත්මාර්ථකාමී) ආශාවට එරෙහිව අපට අනතුරු අඟවා, උන්වහන්සේ උදෙසා අපගේ කැපකිරීම් හා අපගේ සේවාව කිරීම උදෙසා අපව පෙළඹවූසේක.

“තේජසින් ඔටුණු ලබා ගන්නා අය, ඔබවහන්සේම පමණක් වටින තැනන්වහන්සේය පවසමින්, ඒවා ස්වාමීන් වහන්සේගේ පාමුල හෙළීමට ඉක්මන් වෙති."

පේදුරු තුමා, තමාව වාසිදායක ලෙස මනාපම තැනැත්තා ධනවත් තරුණ පාලකයා (යේසුස් වහන්සේගෙන් වෙන්ව ගිය මොහොතේදීම) සමඟ සංසන්දනය කරමින් මෙසේ ප්‍රශ්ණ කළ විට, "අප ඔබවහන්සේ වෙනුවෙන් අත්හැර දැමූ සියල්ල උදෙසා අපට ලැබෙන්නේ කුමක්ද?" (මතෙව් 19: 27), යේසුස් වහන්සේ කම්කරුවන් පිළිබඳ උපමාවෙන් පිළිතුරු දුන් සේක (මතෙව් 20: 1-16). එහිදී අපට පෙනී යන්නේ වැටුපට (විපාකයට) වැඩ කළ අය අන්තිමයන් බවට පත්වූ අතර, කිසිදු විපාකයක් ගැන නොසිතා වැඩ කළ අය ප්‍රථමයන් බවට පත්වූ බවයි (කළින් වැඩ කළ කම්කරුවන් කළ වැඩවලින්, සුළු ප්‍රතිශතයක් පමණක් වැඩ කළද).

ප්‍රමාණයට එරෙහිව ගුණාත්මක භාවය (ප්‍රමිතිය) - එහිදී අප මළ ක්‍රියා සහ ජීවමාන ක්‍රියා අතර වෙනස දකින්නෙමු. අවසානයේදී අප අනෙකුත් ඇදහිළිවන්තයින්ට වඩා උසස් කර ගෙන ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය තුළ ස්ථානයක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් කරන ලද ක්‍රියා අවසාන දවසේදී මළ ක්‍රියා ලෙස ප්‍රසිද්ධියේ හෙළිදරව් වනු ඇත.

අනාගතයේ යම් දවසක උසස් වීමේ සිතිවිල්ලෙන් ඔබ, ඔබේ සිතුවිලි-ජීවිතය පවිත්‍ර කරන්නේ නම්, අන් අයට යහපත කරන්නේ නම්, ඔබේ බිරිඳට ප්‍රේම කරන්නේ නම් හෝ ඔබේ ස්වාමි පුරුෂයාට යටහත් වන්නේ නම්, 'තමකම' තවමත් ඔබේ ජීවිතයේ කේන්ද්‍රස්ථානයයි. ඔබේ මමත්වය-කේන්‍ද්‍රවූ 'යහපත්' ක්‍රියා මළ ක්‍රියාවන් ය!

තේජසින් ඔටුණු ලබා ගන්නා අය, "ඔබවහන්සේම පමණක් වටින තැනන්වහන්සේය" (එළිදරව් 4: 10) පවසමින්, ඒවා ස්වාමීන් වහන්සේගේ පාමුල හෙළීමට ඉක්මන් වෙති. දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීමට ඇති ආශාව හැර අන් සියලුම චේතනාවලින් අප අපවම පවිත්‍ර කළ විට පමණක්, අපට මළ ක්‍රියාවලින් නිදහස් විය හැකිය. අප කළ හැම යහපත් ක්‍රියාවක්ම අපගේ මතකයේ තබා ගතහොත් ඒ යහපත් ක්‍රියා සියල්ලම මළ ක්‍රියා බවට පත්වේ.

යේසුස් වහන්සේ අපට අවසාන විනිශ්චය දවස සම්බන්ධව පින්තූර දෙකක් ලබා දුන්නා - එකක් නම් මිනිසුන් තම භූමික ජීවිතයේ කළ සියලු යහපත් දේ ස්වාමීන් වහන්සේ ඉදිරියෙහි ළැයිස්තුගත කර, "ස්වාමීනි, අපි ඔබවහන්සේගේ නාමයෙන් අනාවැකි කීවෙමු, අපි ඔබේ නාමයෙන් රෝගීන් සුව කළෙමු, යනාදිය." (මතෙව් 7: 22,23). මේ අයව ස්වාමීන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලදී. අනෙක් පින්තූරයේ, ධර්මිෂ්ඨයින් තම භූමික ජීවිතයේ කළ යහපත් දේ ස්වාමීන් වහන්සේ විසින් මතක් කර දෙන විට ඔවුන් පුදුමයට පත් වේ. "ස්වාමීනි, අප එය කළේ කවදාද?", එය ඔවුන්ගේ විස්මිත හැඬීමයි (මතෙව් 25: 34-40). ඔවුන් කළ යහපත ගැන ඔවුන්ට මතකයක් නැත - ඒ ඔවුන් එම ක්‍රියා කළේ, විපාක උදෙසා නොවන බැවිනි. එහිදී මළ ක්‍රියා සහ ජීවමාන ක්‍රියා අතර පැහැදිළි වෙනසක් අපි දකින්නෙමු. අප සුදුස්සන් වන්නේ කුමණ කාණ්ඩයටද?