WFTW Body: 

"ඔවුහු ස්ත්‍රී සේවනයෙන් නොකෙලෙසුණු අය විය. ඔවුන්, ඔවුන්ව බ්‍රහ්මචාරීව (පවිත්‍රව) පවත්වා ගත්තෝය. ඔවුහු බැටළු පැටවාණන් (පෝතකයාණන්) යන යන තැන, උන්වහන්සේ අණුව යන්නෝ වෙති. මොවුහු දෙවියන් වහන්සේටත් බැටළු පෝතකයාණන්ටත් නාඹුල් ඵල (මුදුන් මල්කඩ) වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිළදී ගන්නා ලද්දෝය" යයි (එළිදරව් 14: 4) හි ලියා ඇත.

මෙහි පවසන්නේ ශාරීරික පතිවත (කන්‍යාභාවය) හෝ ශාරීරික වේශ්‍යාව නොව. මෙහි ස්ත්‍රීන් යයි සඳහන් වන්නේ, පසුව (එළිදරව් 17: 5) හි , පවසන බබිලෝනියා (භූමික ආශිර්වාදය පමණක් සොයන ව්‍යාජ වාණිජයමය) සභාව, වේශ්‍යාකමේ මව හා ඇයගේ වේශ්‍යාකමේ දූවරුන් යන්නය.

මෙම 144,000 දෙනා ආත්මික වේශ්‍යාකමේ නොයෙදී, ඔවුහු ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් පවිත්‍ර කන්‍යාවන් මෙන් මාංශය හා ලෝකයේ ආත්මික වේශ්‍යාකමෙන් නොකැළැල්ව සිටි අය, වූ බවයි මෙම පදයෙන් පවසන්නේ.

මෙම 144,000 දෙනා ආත්මික වේශ්‍යාකමේ නොයෙදුණු බවයි මෙම පදයෙන් පවසන්නේ. ඔවුහු ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් පවිත්‍ර කන්‍යාවන් මෙන් මාංශය හා ලෝකයේ ආත්මික වේශ්‍යාකමෙන් නොකැළැල්ව සිටි අය විය. ඔවුන්, ඔවුන්ව බ්‍රහ්මචාරීව (පවිත්‍රව) පවත්වා ගත්තෝය. (යාකොබ් 4: 4) හි ආත්මික වෛශ්‍යාකම පැහැදිළි කරන්නේ, "ලෝකයත් සමඟ මිත්‍රත්වය දෙවියන් වහන්සේ කෙරෙහි සතුරුකම බව නුඹ නොදන්නේ ද"? යණුවෙනි. පරීක්‍ෂාවන් අවස්ථාවේ ලෝකාකාරකමෙන් ඔවුන්ව විශ්වාසවන්තව පවත්වා ගත්තේ මොවුන්‍ය. ඔවුහු බැටළු පැටවාණන් යන යන තැන, උන්වහන්සේ අණුව යන්නෝ වෙති, වෙනත් විදිහකින් කිවහොත්, ඔහුවු සෑමදාම ඔවුන්ගේ කුරුසය රැගෙන ගමන් කළෝ ය - මන්ද බැටළු පැටවාණන් පොළොවෙහි ගමන් කළේත් එලෙස ය.

මෙහි ඇති තව වාක්‍යාංශයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න, " ඔවුහු මනුෂ්‍යයන් අතරෙන් මිළදී ( මුදා) ගන්නා ලද්දෝය". (එළිදරව් 14: 3) හි අපි දකින්නේ මොවුන් පොළොවෙන් මුදවාගත් අය බව. "පොළොවෙහි වාසය කරන්නෝ" මෙන් නොව, මොවුහු එයට ප්‍රතිවිරුද්ධ වූ අයයි. ඔවුන් පොළොවෙන් මුදවා ළත් අය වූවෝ ය. ඔවුහු පොළොවෙහි (භූමික) දෑ ගැන නියුක්ත නොවූවෝය. ඔවුන්ගේ මනස පියාණන් වහන්සේගේ දකුණු පසින් අසුන්ගත් ක්‍රිස්තුස් වහන්සේ වෙසෙන ඉහළ තැන්වල යොමුවී තිබුණේය. පොළොවෙහි ලබාගත හැකි උපරිම මුදල් ලබාගෙන එහෙත් මැරුණ පසු ස්වර්ගයට මා යන්නේ කෙසේද යැයි සිතපු අය නොවේය? ලබාගත හැකි උපරිම සැපපහසුව ඇතුව ජීවත්ව මැරුණ පසු ස්වර්ගයට මා යන්නේ කෙසේද? පොළොව වාසස්ථානය කරගත් අය සිතන්නේ එසේය. නමුත් මෙම මිනිසුන්ගේ සිතුවිලි වූයේ , මෙම පොළොවෙහි මාහට ඇති එකම ජීවනයේ දී, "දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත මා කරන්නේ කෙසේද? "මා වෙනුවෙන් කල්වාරියෙහි දිවි පිදූ, මාගේ ස්වාමින් වහන්සේට මාගේ කෘතඥතාවය පෙන්වන්නේ කෙසේද"? ඔවුහු අද කාළේ තමන් "ඇදහිළිවන්තයින්" යැයි පවසන, ලෝකාකාර, මධ්‍ය ප්‍රතිප්‍රදාවක් දරණ, උදාසීන, කිසි වැදගැම්මකට නැති (නීරස) අය මෙන් නොව. ඔවුහු සම්පූර්ණයෙන්ම වෙනත් වර්ගයකට (ජාතියකට) අයත් වූ අයයි. ඔවුහු පොළොවෙන් මුදවාගනු (විමුක්තිය) ලැබූවන්‍ය. ඔවුන්ගේ මනස පොළොවෙහි සැපපහසුව හෝ ධනය හෝ නම්බුව මත යොමු කර තිබුණේ නැත.

ඔවුහු දැන් මනුෂ්‍යයන් ගෙන් පවා විමුක්තිය ලබා ඇති බව අප දකින්නෙමු - මනුෂ්‍යයන්ගේ මතවලින් (උපදේශනවලින්). එහි ප්‍රතිඵලය නම් ඔවුහු දෙවියන් වහන්සේටත් බැටළු පැටවාණන්ටත් නාඹුල් ඵල වීමයි.

ගසක ප්‍රථමයෙන් ම ඉදෙන ඵල නාඹුල් ඵලවේ. මොවුන් තමා ශුද්ධාත්මයාණන්ගේ හඬට අප්‍රමාදව ප්‍රතිචාර (අනුකූලතාව) දැක්වීම තුළින් ඔවුන්ගේ භූමික ජීවත කාලය තුළ ඉදුණා වූ (පරිණත) වූ අයයි. ඔවුහු, ඔවුන්ගේ ජීවිත නාස්ති නොකළෝය. (අපතේ නොහැරියෝය). ඔවුන්ගේ කුරුසය රැගෙන යන්න දෙවියන් වහන්සේ දුන් අවස්ථා, ඔවුහු අපතේ නොහැරියෝය. ඔවුහු බැටළු පැටවාණන් අනුගමණය කරන්න ඔවුන්ට ලැබුණු අවස්ථා අපතේ නොහැරියෝය. ඔවූහු තමකමට මැරී යේසුස් වහන්සේ අනුගමණය කරන්න, සහ ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීමට කීකරු වීමට, ඔවුන් වෙත ආ සියළු අවස්ථා ප්‍රයෝජනයට ගත්තෝය. එහි ප්‍රතිඵලය වූයේ, ඔවුහු ඉක්මණින්ම ඉදීම ය. නාඹුල් ඵල මොවුන් ය.

(යාකොබ් 1: 18) හි පවසන්නේ, "දෙවියන් වහන්සේ, සත්‍ය වචනයෙන් අප ජනිත කර ඇත්තේ, උන්වහන්සේ මැවූ සත්වයන් අතර අප නාඹුල් ඵල (මුදුන් මල්කඩ, ප්‍රථම ඵල) වීමේ පෙර ලකුණු වශයෙන්‍ය.
සියළු දෙනාම නිසි ආකාරයට, ප්‍රතිචාර දක්වන්නේ නැත. නමුත් නාඹුල් ඵල වන පිණිස, නිසි ආකාරයට ප්‍රතිචාර දක්වන ස්වල්ප දෙනෙක් සිටිනු ඇත. 144,000 සංඛ්‍යාව වචනාර්ථය (වචනානුසාරයෙන්) නොව (ඇත්ත ගණන නොව). එය සුළු මිනිසුන් ප්‍රමාණයක සංකේතයක් ය. ජීවනයට මාර්ගය පටුය, සහ එය සොයාගන්නන් ස්වල්ප දෙනෙක් පමණි යැයි යේසුස් වහන්සේ කී සේක.
බැටළු පැටවාණන්ගේ ලේ වලින් තමන්ගේ සළු සෝදාගත් (පවිත්‍ර කරගත්) "කිසි මිනිසෙකුට ගනින්නට බැරි" විශාල සමූහයක් දෙවියන් වහන්සේ අභිමුඛයේ (ඉදිරියේ) සිටින්නට යන්නෝය. එය අප එළිදරව් 7 හි දුටුවෙමු. ඔවුන් අතරෙන් බොහෝමයක් ම තේරෙන වයසට එන්නට ප්‍රථමයෙන් මියගිය සියළු ආගම්වලට අයත් මිනිසුන්ගේ ළදරුවන්‍ය. එයින් මිළියන ගණන් වන්නේ 20 වැනි ශතවර්‍ෂයේ හටගත්තා වූ ගබ්‍ෂාකිරීම් නිසාය. ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔවුන්ගේ ශේෂයට හර කර ඇති බැවින් ඔවුහු ස්වර්ගයේ වෙසෙන්නෝය. නමුත් හෘද සාක්‍ෂියට එකඟව ජීවනයට යන පටු මාර්ගය තෝරාගත් සමූහය ගණන් කළ හැකි කුඩා සංඛ්‍යාවකි. මොවුහු ඉතාම ඉතා ස්වල්ප දෙනෙකි. මතෙව් 5, 6, සහ 7 වැදගත් (බැරෑරුම්) ලෙස අර ගෙන දෙවියන් වහන්සේටත් බැටළු පැටවාණන්ටත් නාඹුල් ඵල වන්නෝ මොවුන් ය.