දෙවියන් වහන්සේගේ දෘෂ්ඨි කෝණයෙන් බලන කළ, මේ ලෝකයේ අන්තිමයන් වන බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ඇස් හමුවේ පළමුවැන්නා වෙති.
"පළමු ත්‍යාගය දිනා ගන්නා ආකාරයට දුවන්න"
මෙය යේසුස් වහන්සේගේ උපමා හතකින් එන විශ්මයජනක සත්‍යයකි:
මෙම උපමා සියල්ලම එක් පණිවිඩයක් ගෙන එයි - නරක ලෙස ආරම්භ කරන බොහෝ දෙනෙකු අවසානයේ ත්‍යාගය දිනා ගනී.
අප ආරම්භ කරන්නේ කෙසේද යන්න නොව අපි තරඟය අවසන් කරන්නේ කෙසේද යන්න වැදගත්වේ. තම අයහපත් ආරම්භය නිසා අධෛර්යයට පත් නොවන සහ තමන් විසින්ම තමාවම හෙළා නොගන්නා අය (පාවුලුතුමා වැනි) හොඳින් ආරම්භ කළ බොහෝ අයට වඩා ඉදිරියෙන් සිටිනු ඇත. මෙය තම ජීවිතය අවුල් කරගත් සියළු දෙනාට කිසිවිටෙකත් අධෛර්යයට පත් නොවී, ධාවන තරඟයේ ඉදිරියටම යාමට, දිරි ගෙන දෙන්නකි.
පාවුල්තුමාට යේසුස් වහන්සේව මුණගැසීමට පෙර ඔහුගේ ජීවිතයේ පළමු වසර 30 අවුල් සහගත එකක් විය. නමුත් ඔහු එතැන් සිට හුදෙක්ම"එක දෙයක්" කිරීමට තීරණය කළේය: ඒ යේසුස් වහන්සේ මෙන් වීමට - ඔහුගේ සියලු අතීත අසාර්ථකත්වයන් අමතක කර, ඔහුට පොළොවේ ඉතිරිව ඇති කෙටි කාලය තුළ යේසුස් වහන්සේ මෙන් වීමට ඉදිරිය බලා යෑමටය (පිලිප්පි 3: 13, 14). දෙවියන් වහන්සේ ඔහුව කැඳවා තිබූ දේවසේවය ඉටු කිරීමද මෙයට ඇතුළත් විය. තවද ඔහුගේ ජීවිතයේ අවසානයේදී, ඔහු පැවසුවේ, "මම ධාවන තරඟය අවසන් කළෙමි, දැන් ස්වර්ගයේ ඔටුන්නක් මා හට වෙන් කර තිබේ" කියාය (2 තිමෝති 4: 8).
පාවුල්තුමා කොරින්තියේ ලෞකික කිතුණුවන්ට පැවසුවේ "පළමු ත්‍යාගය දිනා ගන්නා ආකාරයට දුවන්න" කියාය (1 කොරින්ති 9: 24).
ඒ ලෞකික කිතුණුවන්ට පවා පසුතැවිලි වී අධිෂ්ඨානශීලීව හා විනයගරුකව දුවන්නේ නම්, කිතුණු ධාවන තරඟයේ පළමු තැනට පැමිණිය හැකිය. අසාර්ථක වූ සෑම කිතුණුවෙකුටම, ඔවුන් පසුතැවිලි වී, ඕනෑම මිළයක් ගෙවා ක්‍රිස්තුස් වහන්සේ මෙන් වීමේ ළකුණ කරා ගමන් කිරීමට අධිෂ්ඨාන කරන්නේ නම්, වැඩිමහල්ලන් ලෙස අප විසින් දිය යුතු බලාපොරොත්තුව මෙයයි.