" ව්‍යවස්ථාවේ ධර්මිෂ්ඨකමට අනුව, මම නිර්දෝෂී බව ඔප්පු විය" යනුවෙන් අපෝස්තුළු පාවුල් වරක් පැවසීය. ක්‍රියා 23:1 හි උත්තම පූජකයෙකු ඉදිරියේ සාක්ෂි දුන් විට, "මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සම්පූර්ණයෙන්ම යහපත් හෘදසාක්ෂියක් ඇතිව ජීවත් වී සිටිමි" යනුවෙන් පැවසීමෙන් ඔහු අදහස් කළේ කුමක්ද? සියලු ආඥා පිළිපදින බව ඔහු අදහස් කළේය. ඔහු කුමන ආඥාවන්ද පිළිපැදුවේ? පළමු ආඥා නවය පමණි, මන්ද "ඔබ ආශා නොකරන්න, ඔබ තෘෂ්ණා නොවන්න" යනුවෙන් පැවසූ දසවන ආඥාවට පැමිණි විට, ඔහුට "සෑම ආකාරයකම ආශාවන් ඔහු තුළ හමු වූ බැවින් ඔහු රෝම 7:7-8 හි එසේ පැවසීමට තරම් අවංක විය." ඔහු සෑම ආකාරයකම ආශාවන් සොයා ගත්තේය - මුදල් සඳහා ආශාව, අන් අයගේ භාර්යාවන් සහ දියණියන් සඳහා ආශාව, ගෞරවය සඳහා ආශාව සහ සෑම ආකාරයකම ආශාවන් - තමා තුළම ඇති බව හඳුනා ගත්තේය. එමෙන්ම ඔහුට මෙම ආඥාව පිළිපැදිය නොහැකි බවද වටහා ගත්තේය.
ප්‍රේරිත පාවුල්තුමා තම හදවතේ ශුද්ධාත්මයෙන් පිරී සිටි විට (පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මයාණන් පැමිණි විට මිනිසුන්ව පිරෙව්වාක් මෙන්), ඔහු රෝම 8:2 හි මෙසේ පවසයි, “ශුද්ධාත්මයාණන්ගේ ව්‍යවස්ථාව - එය දස පනත නොව - ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ජීවනයේ ව්‍යවස්ථාව, මා කෝපයට හා රාගයට සහ අනෙක් සියල්ලට නිරන්තරයෙන් වැටීමට හේතු වූ පාපයේ ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළේය,” තවද ඔහු 4 වන පදයේ මෙසේ පවසයි, “ව්‍යවස්ථාවේ ධර්මිෂ්ඨ අවශ්‍යතාවය - එනම් “ඔබ රාගයෙන් නොසිටින්න”යන්න - දැන් අප තුළ ඉටු වී ඇත්තේ අප මාංසයට අනුව නොයන නමුත් ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම අනුව අපි ගමන් කරන බැවිනි.” පැරණි ගිවිසුම යටතේ මෙය කළ නොහැකි විය.
මතෙව් 5 හි මෙම පාප ජය ගැනීම ගැන යේසුස් වහන්සේ කතා කළ විට, උන්වහන්සේ කතා කළේ ශුද්ධාත්මයාණන්ගේ බලය නොමැතිව මිනිසෙකුට කළ නොහැකි දෙයක් ගැනය. ඔබ මතෙව් 5, 6 සහ 7 කියවන්නේ නම්, එම පරිච්ඡේද තුන අවසානයේ වැදගත්ම ප්‍රශ්නයට පිළිතුරු ලැබී නොමැති බව ඔබට පෙනී යයි. ඒ කුමක්ද? "ස්වාමීනි, මම මේ ජීවිතය ගත කරන්නේ කෙසේද?" මතෙව් 5, 6 සහ 7 හි එය සඳහන් කර නැත! කන්ද උඩ දේශනාව අපට පෙන්වන්නේ දෙවියන් වහන්සේ නව ගිවිසුම් කිතුනුවකුගෙන්,හෝ නැවත උත්පාදනය ලැබූ කිතුනුවකුගෙන් අපේක්‍ෂා කරන ජීවන මට්ටම පමණි, නමුත් එය කරා යන්නේ කෙසේද යන්න මුළු දේශනාවේම සඳහන් නොවේ.
එසේනම් අපි කොහොමද දන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා? ක්‍රිස්තුස් වහන්සේ කන්ද උඩ දේශනාව ප්‍රකාශ කළේ අපේ හදවත් තුළ මේ ජීවනය සඳහා ආශාවක් ඇති කිරීමට පමණක් බවත්, පුද්ගලයෙකුට මේ ජීවනය සඳහා ආශාවක් තිබේ නම්, ඔහු දෙවියන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි, විසඳුම කුමක්ද?” කියා අසන බවත් මම විශ්වාස කරමි. එවිට ස්වාමින් වහන්සේ මෙසේ කියනු ඇත, “ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පිරී සිටිය යුතුයි. ඔබ අභ්‍යන්තර මිනිසා තුළ ශක්තිමත් විය යුතුයි.”
ශ්‍රේෂ්ඨ අපොස්තුළු පාවුල් ව්‍යවස්ථාවට අනුව ඉතා අවංක මිනිසෙකි, නමුත් ඔහුට පවා ශුද්ධාත්මයාණන්ගෙන් පිරී යන තුරු මෙම ආශාව ජය ගැනීමට නොහැකි විය, පසුව දෙවියන් වහන්සේගේ ආත්මයාණන් ඔහුව නිදහස් කළ සේක. මෙය යේසුස් වහන්සේ අන්ධයාගේ ඇස් විවෘත කළාක් මෙනි: අන්ධයාට ඒවා තනිවම විවෘත කළ නොහැකි විය.
මෙය කළ හැක්කේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් පමණි. ඇත්ත වශයෙන්ම, යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේදී පැවසූ සෑම දෙයකටම අනුව ජීවත් විය හැක්කේ අප ශුද්ධාත්මයෙන් පිරී සිටින්නේනම් පමණි.
"ආත්මයෙන් පිරී සිටීම" යන නාමයෙන් අද සංසරණය වන ලාභ ව්‍යාජ දේවල් ගැන මම කතා නොකරමි. ඔබ අත්විඳ ඇති බව පවසන ආත්මයෙන් පිරී සිටීම ඔබව සෙලවීමට, බිම පෙරළීමට, සිනාසීමට සහ අන්‍යභාෂාවෙන් කතා කිරීමට සැලැස්වූ නමුත්, කෝපය සහ ලිංගික ආශාව වැනි පාපවලින් ඔබ පරාජය වී ඇත්නම්, ඔබ තවමත් ඔබේ බිරිඳට හෝ ස්වාමිපුරුෂයාට එරෙහිව කෑගසන්නේ නම්, ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පිරී නැත. කිසිවෙකුට ඔබව රවටන්නට ඉඩ නොදෙන්න. බොහෝ අය රැවටී සිටිති. ශුද්ධාත්මයාණන් අපට නව භාෂාවක් ලබා දෙයි, අන් භාෂාවලින් කතා කිරීමේ හැකියාව පමණක් නොව, අපගේ මව් භාෂාව පාලනය කිරීමට පවා. ඉරිදා උදෑසන සභාවේ දී අන් භාෂාවලින් කතා කර ඉරිදා දහවල් ඔබේ මව් භාෂාවෙන් ඔබේ බිරිඳට කෑගැසීමෙන් පලක් නැත. ඒ ශුද්ධාත්මයාණන්ගේ පූර්ණත්වය නොවේ.
ශුද්ධාත්මයාණන්ගේ පූර්ණත්වය අපගේ දිව පාලනය කිරීමට අපට ඉඩ සලසයි. ආත්මයාණන්ගේ ඵලය නම් තමන්වම පාලනයයි, උන්වහන්සේ අපට දවසේ පැය 24 පුරාම, සතියේ දින හතේම අපගේ දිව පාලනය කිරීමට ඉඩ සලසයි. මෙය එසේ නොවේ නම්, ඔබ දෙවියන් වහන්සේගෙන් ශුද්ධාත්මයාණන්ගේ සැබෑ පූර්ණත්‍වය ලබා දෙන ලෙස ඉල්ලා සිටිය යුතුය. ආත්මයේ දීමනා සඳහා දෙවියන් වහන්සේට ස්තූති කරන්න, නමුත් ශුද්ධාත්මයාණන්ගේ දීමනා ලැබීමට වඩා ඔබ්බට ගිය ආත්මයේ සැබෑ පූර්ණත්වය සඳහා දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. ජය ගැනීමට ඇති එකම මාර්ගය එයයි. වෙනත් මාර්ගයක් නැත.
සෑම සතෙකුම මිනිසා විසින් හීලෑ කර ඇති නමුත් කිසිම මිනිසෙකුට දිව පාලනය කළ නොහැකි බව යාකොබ් පවසයි (යාකොබ් 3:7-8). ශුද්ධාත්මයාණන්ට පමණක් එය කළ හැකිය. ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පිරී සිටින්නේනම්, උන්වහන්සේ ඔබේ දිව සහ ඇස් පාලනය කිරීමට හැකියාව ඔබට දෙන සේක. මතෙව් 5:21-32 හි පාපයට අදාළව යේසුස් වහන්සේ කතා කළ මිනිස් සිරුරේ කොටස් දෙක මෙයයි. දිවෙන් පව් කිරීම සහ ඇස්වලින් පව් කිරීම. දෙකම ඉතා වැදගත් වේ.
කිසිවිටක ඔබේ ඇස් පාලනය කිරීමක් සහ ඔබේ දිව පාලනය කිරීමක් නොදෙන බාල ව්‍යාජ ශුද්ධාත්ම පිරීමකින් සෑහීමකට පත් නොවන්න. දෙවියන් වහන්සේ ඉදිරියට ගොස් මෙසේ කියන්න, “ස්වාමීනි, මා සතුව බාල ව්‍යාජ එකක් තිබේ. මට ඔබ සමඟ අවංක වීමට අවශ්‍යයි. මම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී ඇති බවට මිනිසුන්ට ඒත්තු ගන්වනවා පමණි එහි කිසිඳු වටිනාකමක් නැත. ශුද්ධාත්මයාණන්ගේ සැබෑ පූර්ණත්වය මග හැරගැණීමට මට අවශ්‍ය නැත.”
මම තරුණ කිතුනුවකුව සිටියදී, මේ ක්‍ෂේත්‍ර දෙකෙන්ම මම පරාජය වී සිටියෙමි. ශුද්ධාත්මයාණන්ගේ පූර්ණත්වය සොයන විට, මිනිසුන් මාව විවිධ රැස්වීම්වලට යැව්වා, නමුත් එහිදී මා දුටු දෙයින් මම බොහෝ සේ කලකිරීමට පත්වුනෙමි. මට විශාල ශබ්දයක් ඇසුණු අතර මම මෙසේ කීවෙමි, “ස්වාමීනි, මම සොයන්නේ මෙය නොවේ. මම පාපය ජය ගැනීමට බලය සොයමි. අවුරුදු දහයක් ගත වුවද, මට අවශ්‍ය වන්නේ සැබෑ දෙයයි. මට අවශ්‍ය වන්නේ පෙන්තකොස්ත දිනයේදී පේත්‍රැස්, යාකොබ් සහ යොහන් ලබාගත් දෙය මිස අද ලොව පුරා සිදුවන බාල ව්‍යාජ දේ නොවේ.”
යක්‍ෂයාට අවශ්‍ය වන්නේ මිනිසුන් ව්‍යාජ දේවලින් සෑහීමකට පත්වීමයි. ඔබ රන් හෝ දියමන්ති හෝ මුදල් නෝට්ටු පවා මිලදී ගැනීමට යන්නේ නම්, ඔබට ව්‍යාජ එකක් නොලැබෙන බවට ඔබ කෙතරම් ප්‍රවේශම් විය යුතුද? ව්‍යාජ මුදල් ගොඩක් සංසරණය වන බව ඔබ දන්නේ නම්, ඔබ ලබා ගන්නා රුපියල් පන්සියයේ නෝට්ටු දෙස බැලීමට ඔබ ප්‍රවේශම් වනු ඇත. අපගේ සදාකාලික ගමනාන්තයට අදාළ දෙයක් ගැන : ශුද්ධාත්මයාණන්ගේ අව්‍යාජ පූර්ණත්වය ගැන අප මෙයට වඩා කොතරම් ප්‍රවේශම් විය යුතුද!
ව්‍යාජ එකකින් සෑහීමකට පත් නොවන්න. ව්‍යාජ රත්තරන්, දියමන්ති සහ මුදල් නෝට්ටු වලින් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ආත්මයේ පූර්ණත්වයේ ක්‍ෂේත්‍රය තුළ ව්‍යාජ එකකින් ඔබ කොපමණ වැඩියෙන් සෑහීමකට පත් නොවිය යුතුද? මෙය පරීක්‍ෂණයයි: දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ ඔබව පාපයේ සහ මරණයේ නීතියෙන් නිදහස් කර තිබේද (රෝම 8:2)? ඒ පරීක්‍ෂණයයි.