WFTW Body: 

ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය රෝහලකට සංසන්දනය කළ හැකිය. මිනිසෙකු අසනීප වී රෝහලකට ගිය විට ඔහුට උපකාර කිරීමට රෝහලේ විවිධ අංශ තිබේ. සමහරවිට ඔහුට එන්නත් කිරීමක් හෝ භෞත චිකිත්සාවක් හෝ ශල්‍යකර්මයක් අවශ්‍ය වේ. ඔහුට අක්ෂි වෛද්‍යවරයා හෝ කණ් වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය විය හැකිය. එබැවින් රෝහලේ විවිධ අංශ තිබේ. අක්ෂි වෛද්‍යවරයා මුළු කාලයම ගත කරන්නේ මිනිසුන්ගේ දෑස් දෙස බැලීම මිස අන් කිසිවක් නොවේ. ඒ මිනිස් සිරුරේ අනෙකුත් කොටස් නොවැදගත් යැයි හැඟෙන නිසා නොව ඔහුගේ විශේෂත්වය ඇස නිසාය.

යෙරුසලමේ සුවිශේෂී ලක්ෂණය වන්නේ ශුද්ධකමයි. එය "ශුද්ධ නගරය" ලෙස හැඳින්වේ

ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහිද, එක් එක් ඇදහිළිවන්තයෙකුට වෙනස් දීමනාවක් සහ කැඳවීමක් ඇත. තවද සෑම කෙනෙකුම තමා විසින්ම අසමතුලිත වේ. මේ මිහිතලය මත මෙතෙක් ගමන් කළ එකම පරිපූර්ණ සමතුලිත පුද්ගලයා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. අපෙන් ඉතිරි සියලු දෙනා - අප අතර සිටින හොඳම අය පවා - අසමතුලිතයි. අපට අපගේ සමබරථාවය සොයාගත හැක්කේ අපි අනෙකුත් සහෝදර සහෝදරියන් සමඟ - ස්වාමීන් වහන්සේගේ රෝහලේ අනෙකුත් අංශ සමඟ එක්ව වැඩ කරන විට පමණි. ඉතින් මේ රෝහලේ පුද්ගලවාදයට තැනක් නැත!

හොඳ රෝහලක මිනිසුන්ගේ විවිධ අවශ්‍යථා සපුරාලීම සඳහා බොහෝ අංශ ඇත. එලෙසම, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයටද විවිධ සේවාවන් සහ මිනිසුන්ට උපකාර කිරීම සඳහා බොහෝ ආත්මික දීමනා ඇත. කිසිම සභාවකට හෝ කණ්ඩායමකට ආත්මයාණන්ගේ සියලු දීමනා නොමැත. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ මුළු ශරීරයෙහි ඒවා සියල්ලම පවතී.

ලෝකය ආත්මික රෝගීන්ගෙන් පිරී ඇත. තවද කිසිවෙකුගේ රෝගය බලාපොරොත්තු රහිත නොවේ. සෑම කෙනෙකුටම ස්වාමින් වහන්සේගෙන් සම්පූර්ණ සුවය ලැබිය හැකිය. අප ප්‍රකාශ කරන ශුභාරංචිය පිළිබඳ ශුභ වූ පණිවිඩය මෙයයි. නරකම පව්කාරයාට සහ වඩාත්ම වරද හි පෙළඹුණා වූ පුද්ගලයාට පවා ස්වාමීන් වහන්සේගේ රෝහලෙන් සුවය සොයාගත හැකිය. හොඳ රෝහලක් කිසිවිටෙකත් බරපතල ලෙස රෝගාතුර වූ පුද්ගලයෙකු හරවා යවන්නේ නැත. බාල ප්‍රමිතීන් තිබෙන රෝහල් එසේ කරන්නේ බරපතල රෝගීන් සුවකිරීමට ඔවුන් සන්නද්ධ නොවන බැවිනි. ඒ හා සමානව, හොඳ සභාවක් කිසිවිටෙකත් ලෝකයේ ලොකුම පව්කාරයාටවත් ඔහුගේ රෝගය (තත්ත්වය) බලාපොරොත්තු රහිත බව නොකියනු ඇත! නරකම පව්කාරයින්ව උතුම්ම සාන්තුවරයින් බවට පත් කිරීමට හොඳ සභාවකට හැකි වනු ඇත - ඒ ලබා දෙන ප්‍රතිකාර ගැනීමට පව්කාරයා කැමති නම්.

අපට සභාව මිනිස් සිරුරකටද සංසන්දනය කළ හැකිය. මිනිස් සිරුරෙහි, එක් එක් කොටසට සේවාවක් ඇත; සහ එම කොටස අවධානය යොමු කරන්නේ තමන්ගේම සේවාව පමණක් ඉටු කිරීමටයි. නමුත් එය විවිධ සේවාවන් ඇති අනෙකුත් කොටස් අගය කරයි, වටිනාකමක් දරයි එමෙන්ම සහයෝගය දක්වයි. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි පවා අපි අනෙකුත් සේවාවන් සමඟ එක්ව වැඩ කරන විට එය එසේ විය යුතුය.

1 කොරින්ති 12 හි, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇස්, කණ්, අත් සහ පාදවල උදාහරණය භාවිතා කර ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි ආත්මයාණන්ගේ දීමනා ක්‍රියාත්මක වන ආකාරය නිරූපණය කරන සේක.

ආමාශය අත ඉතා ඉහළින් අගය කරයි, නමුත් එය කිසිවිටෙකත් අත කරන දේ කිරීමට උත්සාහ නොකරයි. නිදසුනක් වශයෙන්, එය කිසිවිටෙකත් පිඟාණකින් ආහාර ගැනීමට උත්සාහ නොකරයි. එය අතට එය කිරීමට ඉඩ සළසයි, ඉන්පසු අතින් උස්සා එයට යවන ආහාර ජීර්ණය කිරීමේ කාර‍්‍යය එයම කරයි! එය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි අප එකිනෙකාට අනුපූරක වන ආකාරය පිළිබඳ පින්තූරයකි.

ශරීරයේ, මෙම විවිධ සේවාවන්වල සත්‍යය බොහෝ ඇදහිළිවන්තයින් දැක නැත. නමුත් ඔබ මෙම සත්‍යය නොදකින්නේ නම්, දෙවියන් වහන්සේ ඉටු කිරීමට කැමති සියල්ල ඔබට කිසිදා ඉටු කිරීමට නොහැකි වනු ඇත.

පරණ ගිවිසුමේ කිසිම අනාගතවක්තෘවරයෙක් තම දේවසේවයේදී සමබරව සිටියේ නැත. "සමබර" වීමට උත්සාහ කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික දේශකයින් පමණි. අනාගතවක්තෘවරුන් සියල්ලෝම අසමතුලිත වූවෝය. ඔවුන් එකම දේ නැවත නැවතත් අවධාරණය කළෝය - මන්ද එය ඔවුන්ගේ පරම්පරාවේ ඉශ්‍රායෙල් හෝ යූදාගේ අවශ්‍යථාවය වූ බැවිනි - දෙවියන් වහන්සේ ඔවුන්ගේ හදවත් මත බරක් ලෙස තැබුවේ එයයි.

දෙවියන් වහන්සේ අපව කැඳවා ඇත්තේ කුමක් සඳහාද යන්න පිළිබඳව අපගේම මණෙසෙහි පැහැදිළිව සිටීම අප සැමට හොඳය.

ස්වාමීන් වහන්සේ අපගේ හදවත් තුළ අපට ලබා දෙන බර සාමාන්‍යයෙන් උන්වහන්සේගේ ශරීරයෙහි අප වෙනුවෙන් උන්වහන්සේ නියම කර ඇති සේවය පිළිබඳ ඇඟවීමකි.

අපි ස්වාමින් වහන්සේට සේවය කිරීම ආරම්භ කළ විගසම අපගේ දීමනාව සහ කැඳවීම කුමක්දැයි අප සැමට දැනගත හැකි යැයි මම නොකියමි. මා නැවත ඉපදී, මගේ සේවය කුමක්ද කියා පැහැදිළි වෙන්න කළින් වසර 15ක් පමණ ගතවුණි. ඔබට ඒ සඳහා එතරම් කාලයක් ගත නොවනු ඇත. එය බොහෝ අඩු කාලයක් ගත විය හැක. ඔබට කාලය දෙවියන් වහන්සේ සමඟ තැබීමට සිදුවනු ඇත. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි අන් කිසිවකුට ඉටු කළ නොහැකි සුවිශේෂී වූත් අද්විතීය වූත් සේවයක් ඔබට ඇති බව ඔබ පැහැදිළිව තේරුම් ගත යුතුය. එසේම එම සේවාව කවදාවත් සමබර එකක් නොවන්නේ ය. එය අසමතුලිත වනු ඇත. ශරීරයේ විවිධ සේවාවන් ඇති වෙනත් අය සමඟ සහයෝගීතාවයෙන් වැඩ කිරීමෙන් ඔබට ඔබේ සමබරථාවය සොයා ගැනීමට සිදුවේ. දෙවියන් වහන්සේ අපව යටහත්ව තබන ආකාරය එයයි - අපව අන් අය මත යැපීමට සළස්වමින්. ස්වාමීන් වහන්සේට ප්‍රශංසාවේවා!

©Zac Poonen – [email protected]