WFTW Body: 

නව ගිවිසුම යනු " යේසුස් වහන්සේගේ රුධිරයෙන් අත්සන් කර ඇති " දෙවියන් වහන්සේ මිනිසා සමඟ ඇති කර ගත් ගිවිසුමකි (හෙබ්‍රෙව් 13:20 - ජීවමාන බයිබලයේ පරිවර්ථනය). දැන් අප අපගේ ස්වකැමැත්තට අනුව ගතකරන ජීවිතයේ ලේ වලින් එයට අත්සන් තැබිය යුතුය. දෙවියන් වහන්සේ සමඟ එම ගිවිසුමට එළඹීමට වෙනත් මාර්ගයක් නොමැත. බොහෝ දෙනෙකු තෘප්තිමත් කිතුණු ජීවිතයකට කිසිදා ඇතුල් නොවන්නේ ඔවුන්ගේ ස්වකැමැත්තට අනුව ගතකරන ජීවිතයේ රුධිරයෙන් තිත් රේඛාව මත අත්සන් නොකරන බැවිනි.

යේසුස් වහන්සේගේ ජීවිත කාලය පුරාවටම තම පියාණන් සමඟ ඇතිකරගත් ගිවිසුම වූයේ උන්වහන්සේ කිසිවිටෙක තම ශරීරය තම-කැමැත්ත කිරීමට භාවිතා නොකිරීමයි (හෙබ්‍රෙව්10: 5). උන්වහන්සේ, උන්වහන්සේගේම ස්ව-කැමැත්ත මරණයට පත්කර උන්වහන්සේගේ තම සිය-කැමැත්ත "රුධිර යෙන්" කුරුසිපත්වීමෙන්) එම ගිවිසුම අත්සන් කළසේක. අපව දැන් ඒ ආකාරයෙන්ම උන්වහන්සේ සමඟ සනභාගිකමටකැඳවා ඇත. මේ මාර්ගයේ ගමන් කිරීම කිසිසේත්ම අපහසු දෙයක් නොවේ. ඊට පටහැනිව, එය ඔබට කවදා හෝ ජීවත් විය හැකි ප්‍රීතිමත්ම ජීවිතයට (ආයාසයකින් තොර) ඔබව ගෙන යනු ඇත. අපි බෞතීස්ම වන විට සහ අපි එකට රොටි කඩන විට අපි සාක්ෂි දරන්නේ මෙම ගිවිසුමටය.

ලූක් 5: 38 හි යේසුස් වහන්සේ කථා කළ නව මුද්‍රිකපානය, නව ගිවිසුම යටතේ අපට පංඟුකාරයින් විය හැකි දෙවියන් වහන්සේගේ ජීවනයට යොමු කරයි. පැරණි මුද්‍රිකපානය යන්නෙන් අදහස් කරන්නේ ව්‍යවස්ථාව (නීති ය) යටතේ ජීවිතය - නීතිරීති සහ රෙගුලාසිවල ජීවිතයයි. ඒදන් උයනේ ඇති ගස් දෙකද මෙම ගිවිසුම් දෙක යටතේ ජීවිතය සංකේතවත් කරයි. බොහෝ නීතිරීති සහ රෙගුලාසි (කල්ට්-කණ්ඩායම්වල දක්නට ලැබෙන පරිදි) මගින් පාපයෙන් වැළකී සිටින ජීවිතය (පෙනුමෙන් ධර්මිෂ්ඨව තිබුණද) යහපත හා නපුර දැනගැනීමේ වෘක්ෂය ගැන දෙවියන් වහන්සේ ආදම්ට අනතුරු ඇ වූ පරිදි, එය මරණයට මඟ පාදයි. සැබෑ ක්‍රිස්තියානිකම යනු යේසුස් වහන්සේගේ ජීවනයට අපගේ අභ්‍යන්තරයෙන් පංඟුකාරවීමෙන් සමහර දේවල් අපවිත්‍ර බවත් සමහර දේවල් පවිත්‍ර බවත් අපට අනතුරු අඟවන, උල්පතකින් මෙන් පැන න ඟි න ජීවිතයකි. අපට තේරීමේ නිදහස ඇත, නමුත් අපි යම් නීතිරීතිවලට බැඳී සිටින නිසා ("ස්පර්ශ නොකරන්න, රස නොබලන්න" - කොලොස්සි 2: 21) හෝ වෙනත් පුද්ගලයින් සතුටු කිරීමට අපි මේ දේවල් මඟ හරින්නේ නැත.

භූමික ජීවිත කාලයේදී යේසුස් වහන්සේගේ ශරීරයෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ කළ ක්‍රියාවම අප තුළද කළ හැකිවන පිණිස දිනපතා අපගේ ශරීරය ජීවමාන යාගයක් ලෙස උන්වහන්සේට පූජා කර ශුද්ධාත්මයෙන් අපව පුරවන ලෙස අප උන්වහන්සේගෙන් ඉල්ලා සිටීමෙන්, මුද්‍රිකපාන දමන්නා වූ අලුත් සම් භාජනයෙන් සංකේතවත් කරන ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩ නැගෙන්නේය. මෙය අපව එකම මාර්ගයේ ගමන් කරන අනෙකුත් අය සමඟ එක් කරයි. මෙළෙස උන්වහන්සේ අපව එකිනෙකා ගොඩනඟා ගැනීමට අවශ්‍ය දීමණාවලින් සන්නද්ධ කර, සභාව වන ක්‍රිස්තුස් වහන්සේ තුළ එකම ශරීරයක් ලෙස අපව සාදයි.

මෙලෙස සාතන් අපගේ පාද යට පොඩිවී ඇත (රෝම 16: 20). අපට චෝදනා කිරීමට හෝ අප තුළ වරදකාරි හැඟීමක් ඇති කිරීමට අප සාතන්ට ඉඩක් දුන් විට, ඌ අපගේ හිස මත හිඳ ගනී. නමුත් ඌගේ ස්ථානය අපේ පාද යටය.

පාපය (රෝම3: 23 හි) දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීණවීම ලෙස අර්ථ දක්වා ඇත - තවද දෙවියන් වහන්සේගේ මහිමය යේසුස් වහන්සේගේ ජීවිතය තුළ දක්නට ලැබිණි. ඒ නිසා යේසුස් වහන්සේ සමඟ සනභාගිකමින් අපට කළ නොහැකි ඕනෑම දෙයක් පාපයක් බව මතක තබාගන්න.

පැරණි ගිවිසුම යටතේ, පාපය (ගවයින්ගේ සහ එළුවන්ගේ රුධිරයෙන්) ඉවත් කිරීමට නොහැකි වුවද, එයට කළ හැකි වූයේ තාවකාළික ආවරණයක්පමණකි (ගීතාවලිය 32: 1, 2). එය පවිත්‍ර කිරීමට හෝ මකා දැමීමට නොහැකි විය. වසරින් වසර එය නිරන්තරව සිහිපත් කිරීමක් විය (හෙබ්‍රෙව් 10: 3, 4). නව ගිවිසුම යටතේ කෙසේ වෙතත් අපගේ සියලු පාපයන් යේසුස් වහන්සේගේ රුධිරයෙන් පවිත්‍ර කරනු ලබනවා පමණක් නොව, දෙවියන් වහන්සේ ඒ සියල්ල තවදුරටත් කිසිදා සිහි නොකරන බවට පොරොන්දු වී ඇත (හෙබ්‍රෙව් 8: 12). ගිවිසුම් දෙක අතර ඇති මෙම වෙනස ඔබ පැහැදිළිව තේරුම් ගත යුතුය.

©Zac Poonen –

[email protected]