(පසුගිය සතියේ සිට...)
කරුණාව සහ අනුග්‍රහය : ඇදහිළිවන්තයෙකු ලෙස වසර ගණනාවක් තිස්සේම මම කරුණාව සහ අනුග්‍රහය යන දෙකම එකම දෙයක් ලෙස සැළකුවෙමි. නමුත් එක් දිනක්, "කරුණාව" යන්නෙන් මූලික වශයෙන් පව් කමාව ගැන සඳහන් වන බවත්, "අනුග්‍රහය" යන්නෙන් පාපය සහ ජීවිතයේ පරීක්ෂාවන් ජය ගැනීමට දෙවියන් වහන්සේ අපට දුන් බලය ගැන සඳහන් වන බවත්, මම සොයාගතිමි (හෙබ්‍රෙව් 4:16; රෝම 6:14; 2කොරින්ති 12: 9). තවද මෙම 'අනුග්‍රහය' ක්‍රිස්තුස් වහන්සේ කරන කොට ගෙන පැමිණි අතර (යොහාන් 1:17) එය ලබා ගත හැකි වූයේ පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මයාණන් වහන්සේ මිනිසා තුළ වාසය කිරීමට පැමිණීමෙන් පසුවය. මෙයද මගේ පණිවිඩයේ ප්‍රධාන අංගයක් බවට පත් විය. (සිංහල බයිබල් පරිවර්ථනයේදී අලුත් ගිවිසුම තුළ ඉංග්‍රීසි භාෂාවෙන් 'Grace' යන වචනය සඳහන් වන සෑම තැනකම එය අනුග්‍රහය ලෙස පරිවර්ථනය කරනවා වෙනුවට කරුණාව ("Mercy") ලෙස පරිවර්ථනය කර ඇති බව අපට පෙණේ).
"ඇදහිළිවන්තයින් අතර ඇති ලොකුම අවශ්‍යථාවය වන්නේ පැරණි ගිවිසුමට සාපේක්ෂව නව ගිවිසුමේ වඩා වැඩි මහිමයක් දැකීමට ඔවුන්ගේ ඇස් විවෘත කිරීමයි"
ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වය : සියලුම කිතුණුවන් දෙවියන් වහන්සේ ලෙස ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කරන අතර ඉතා සුළු පිරිසක් විසින් උන්වහන්සේ අපට අනුගමනය කළ හැකි මිනිසෙකු බවද අවධාරණය කළෝය. උන්වහන්සේගේ මනුෂ්‍යත්වය අවධාරණය කළ ඇතැමුන් උන්වහන්සේ මිහිපිට සිටින විට දෙවියන් වහන්සේ බව ප්‍රතික්ෂේප කළහ. ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ දෙවියන් වහන්සේ සහ සම්පූර්ණ මනුෂ්‍යයා යන සමබර ශුද්ධ ලියවිලිමය දෘෂ්ටිකෝණය ප්‍රකාශ කළ කිතුණුවන් සොයා ගැනීමට හැකි වන්නේ ඉතා කළාතුරකිනි. නමුත් "දේවභක්තික ජීවිතයක් ගත කිරීමේ රහස" ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස පාපය ජය ගැනීම දැකීම බව මම දුටුවෙමි (1තිමෝති 3:16; හෙබ්‍රෙව් 4:15, 16). මෙයද මගේ දේශනා කිරීමේදී ප්‍රධාන අවධාරණයක් විය.
මුදල් : අපි 1975 දී අපේ සේවය පටන් ගන්නා විට සෞභාග්‍ය (සඵලත්වයේ) ශුභාරංචිය (අද අපිට ගොඩක් අහන්න ලැබෙන) ප්‍රචලිතව තිබුණේ නැති නමුත් අද මෙන් කිතුණුවන් එදා ද මුදලට ආදරය කළහ. මුදලට ආදරය කරන අය දෙවියන් වහන්සේට වෛර කරන බව යේසුස් වහන්සේ ඉගැන්වූ සේක (ලූක් 16:13). නමුත් එක දේශකයෙකුවත් මේ පණිවිඩය දේශනා කරනවා මම අසා නැත. බොහෝ සභාවල තම සාමාජිකයින්ට ඔවුන්ගේ දසයෙන් කොටස ගෙවීමට පමණක් ඉගැන්වූහ. නමුත් දසයෙන් කොටස ක්‍රිස්තුස් වහන්සේ තුළ අහෝසි කරන ලද පැරණි ගිවිසුමේ නීතියේ කොටසකි. ප්‍රීතියෙන්, රහසින් සහ ස්වේච්ඡාවෙන් ස්වාමින් වහන්සේට දීමේ විමුක්තිදායක නව ගිවිසුමේ පණිවිඩය මම දේශනා කළෙමි. මම දුටු තවත් දෙයක් නම්, මගේ දැණුමට අනුව ඉන්දියාවේ කිසිම සභාවක් විවාහයේදී දෑවැද්ද ඉල්ලා සිටීමේ දුෂ්ඨ පුරුද්දට එරෙහිව දැඩි ලෙස දේශනා කර නොමැති බවයි. මෙය කාන්තාවන් පහත් (අවමානයට ලක් කරන) කරන ක්‍රියාවකි. ඉන්දියාව පුරා කාන්තාවන් පහත් කරන ක්‍රියාවකි. මම මේ නරක පුරුද්දට විරුද්ධව දැඩි ලෙස දේශනා කළා පමණක් නොව මංගල උත්සව පැවැත්වීමේදී මනාලියගෙන් සහ මනාලයාගෙන් ඔවුන් අතර හෝ ඔවුන්ගේ දෙමාපියන් අතර මුදල් හුවමාරු නොවූ බවට අත්සන් කරන ලද සහතිකද ලබාගත්තෙමි.
ප්‍රාණය සහ ආත්මය : මෙය දේශනා නොකළ තවත් විෂයයක් විය. පැරණි ගිවිසුමේ කාලවලදී, මිනිසාගේ ප්‍රාණය සහ ඔහුගේ ආත්මය අතර වෙනස පිළිබඳ පැහැදිළි හෙළිදරව්වක් නොතිබුණි. නමුත් අළුත් ගිවිසුම මේ දෙක අතර පැහැදිළි වෙනසක් දක්වයි (හෙබ්‍රෙව්4:12). බොහෝ කිතුණුවන් මෙම වෙනස පැහැදිළිව නොදැන සිටි බැවින්, ඔවුන් දක්ෂ දේශකයින්ගේ මනෝවිද්‍යාත්මක උපක්‍රම සහ ශුද්ධාත්මයාණන්ගේ දීමනාවල චිත්තවේගීය ව්‍යාජයන් මගින් රැවටීමට ලක් විය. ඒ නිසා මම මිනිසුන්ට හුදු ප්‍රාණික දේ සහ සැබෑවූ ආත්මික දේ අතර වෙනස ඉගැන්නුවෙමි.
තමා සහභාගිකම් දරණ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය : දෙවියන් වහන්සේගේ අවසාන ඉළක්කය වූයේ උන්වහන්සේගේ සියලු දරුවන් ක්‍රිස්තුස් වහන්සේ තුළ එක ශරීරයක් බවට පත් කිරීම බව මම පැහැදිළිව දුටුවෙමි. නව ගිවිසුමේ සභාව හුදෙක් රැස්වූ සෙනඟක් නොව ශරීරයක් විය යුතුය. ශරීරයක (මිනිස් සිරුරේ මෙන්), සෑම අවයවයක්ම අනෙකුත් සාමාජිකයින්ට සම්බන්ධ වන අතර එක් එක් අවයවයට අසමසම කාර්යයක් ඇත. ක්‍රිස්තුස් වහන්සේ පමණක් හිස වන අතර අනෙක් සියල්ලෝම සමාන සාමාජිකයින් වනු ඇත. පොළොවේ සෑම ප්‍රදේශයකම දෙවියන් වහන්සේ දැකීමට කැමති වූ සභාව මෙය බව මම දුටුවෙමි. ඒ නිසා මම, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ එවැනි ප්‍රකාශ වීමක් පොළොවේ හැකි සෑම තැනකම ගොඩනඟන පිණිස මගේ ජීවිතය වැය කිරීමට තීරණය කළෙමි.
නව ගිවිසුම : මෙම සියලු සත්‍යයන් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ නැවත නැඟිටීම කරනකොට ගෙන දෙවියන් වහන්සේ මිනිසා සමඟ ඇති කර ගත් නව ගිවිසුමට සම්බන්ධ ඒවා විය. ඇදහිළිවන්තයින් අතර ඇති ලොකුම අවශ්‍යථාවය වූයේ පැරණි ගිවිසුමට සාපේක්ෂව නව ගිවිසුමේ වඩා වැඩි මහිමය දැකීමට ඔවුන්ගේ ඇස් විවෘත කිරීම බව මම දුටුවෙමි. එබැවින් මෙය මාගේ සියලු දේශනාවල ප්‍රධාන අවධාරණය බවට පත් විය - එය දිගටම එසේම වේ. මගේ සෙසු ඇදහිළිවන්තයින්ට දේශනා කිරීම, පොත්පත්, ටේප් යනාදිය හැකි සෑම ආකාරයකින්ම ප්‍රකාශ කිරීමට මා උත්සාහ කළ මෙම පණිවිඩය දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් ප්‍රධාන සත්‍යයන්ගෙන් කිහිපයකි. මගේ හදවතේ බර වූයේ මෙම සත්‍යයන් ඉන්දියාව පුරා ප්‍රචාරය කිරීමයි. නමුත් මෙම පණිවිඩ තවත් බොහෝ රටවල මිනිසුන්ට පතුරුවා හැරීමට සුදුසු බව දෙවියන් වහන්සේ දුටුසේක.
සියලු මහිමය උන්වහන්සේගේ නාමයටම පමණක් වේවා.