WFTW Body: 

අපි මුලින්ම සභාවක් ලෙස එකට එකතු වීමට පටන් ගත් විට, අපගේ පෞද්ගලික ජීවිතයේදී හෝ අපගේ ගෘහ ජීවිතයේදී අපි ජයග්‍රහණය දැණ සිටියේ නැත. අපි වෙනත් ඇදහිළිවන්තයින් දෙස බැලූ විට, ඔවුන් ද එම තත්වයේම සිටින බව අපට පෙනී ගියේය. ඒ නිසා අපට ඔවුන් කිසිවෙකුගෙන් උපකාර ඉල්ලා සිටීමට නොහැකි විය. ඒ නිසා අපි සභාවක් ලෙස නිතර නිතර නිරාහාරව සිට යාච්ඤා කළ අතර පිළිතුරක් සඳහා දෙවියන් වහන්සේව සෙව්වෙමු. අපි රජයේ නිවාඩු දිනවලින් වැඩි හරියක් ගත කළේ නිරාහාරව සහ යාච්ඤාවෙනි. ක්‍රමක් ක්‍රමයෙන් දෙවියන් වහන්සේ අප මින් පෙර කිසිදා නොදැණ සිටි උන්වහන්සේගේ වචනයෙන් නව ගිවිසුම පිළිබඳ සත්‍යයන් අපට හෙළි කිරීමට පටන් ගත්සේක. අපි මෙම සත්‍යයන් තේරුම් ගැනීමට පටන් ගත් විට, අපි වඩ වඩාත් නිදහස් වූ අතර අපගේ ජීවිත සහ අපගේ නිවෙස් ක්‍රමයෙන් පරිවර්ථනය විය.

“ඇදහිළිවන්තයින් අතර ඇති ලොකුම අවශ්‍යථාවය වන්නේ පැරණි ගිවිසුමට සාපේක්ෂව නව ගිවිසුමේ මහිමය දැකීමට ඔවුන්ගේ ඇස් විවෘත වීමයි”.

 

මේ සත්‍යයන් අන් අයට ප්‍රකාශ කිරීමේ වගකීමක් මට එදා දැනුණි. වෙනත් කිතුණුවන් දේශනා නොකරන බයිබලයේ ඇති එම සත්‍යයන් අවධාරණය කිරීමට දෙවියන් වහන්සේ මා කැඳවූ බව මට පැහැදිළි විය. ඒ නිසා මා වටේ සිටි අනිත් අය උගන්වපු දේවල්වලට හොඳින් ඇහුම්කන් දුන්නෙමි. මේ අනුව, මගේ ඉගැන්වීමේ සේවයේදී මා අවධාරණය කළයුතු දේ මම සොයා ගතිමි.

සම්පූර්ණ ශුභාරංචිය

සමහර දේශකයින් "සම්පූර්ණ ශුභාරංචිය" යන ප්‍රකාශය භාවිතා කරන බව මට ඇසුණි. නමුත් ඔවුන් ඉගැන්වූ දේ ශුද්ධ ලියවිල්ල සමඟ සංසන්දනය කළ විට, ඔවුන් කිසිසේත් සම්පූර්ණ ශුභාරංචිය දේශනා නොකරන බව මට පෙනී ගියේය. හෙබ්‍රෙව් 4 හි ශුද්ධාත්මයාණන් "ශුභාරංචිය" (2 පදය) විස්තර කරන්නේ "කානාන් දේශයට ඇතුල් වීම" ලෙසයි "ඉජිප්තුවෙන් පිටතට පැමිණීම" පමණක්ම නොවේ. දෙවියන් වහන්සේගේ සෙනඟ ජයග්‍රහණයේ "සබත් විශ්‍රාමයකට" ඇතුල් වීමට නියමිත බව ද මම එහි කියෙව්වෙමි (9 පදය). ඒ නිසා පව් කමා කිරීමේ පණිවිඩය ශුභාරංචියෙන් අඩක් පමණක් බව මම දුටුවෙමි. සම්පූර්ණ ශුභාරංචියට පාපය ජය ගැනීමද ඇතුළත් විය (අපගේ මාංසයේ යෝධයින් මරණයට පත් කිරීම). එවැනි ජීවිතයක් ක්‍රමක් ක්‍රමයෙන් මට යථාර්ථයක් වූ බැවින්, මම සම්පූර්ණ ශුභාරංචිය දේශනා කිරීමට පටන් ගතිමි.

පසුතැවිලි වීම

බොහෝ එවැන්ජලිස්තවරුන් පව් කමාව සඳහා එකම අවශ්‍යථාවය ලෙස ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ලෙස දේශනා කරමින් සිටියහ. පාපයෙන් පසුතැවිලි වීම කිසිසේත්ම දේශනා කර නොතිබුණි. පසුතැවිලි වීම ගැන සඳහන් කළ තැන පවා, පාපයේ මුල ආත්මාර්ථකාමීත්වය, ජීවිතයේ සියලු තීරණ ගැනීම් තමාටම-කේන්‍ද්‍රවීම මත ගැනීම සහ තමන්ගේම ක්‍රියා-මාර්ගය කිරීමට අවශ්‍ය වීම ලෙස විස්තරාත්මකව දක්වා නොතිබිණි. එබැවින් මිනිසුන්ට හරියටම තමන් වෛර කළ යුත්තේ කුමක්ද සහ ඔවුන් හැරිය යුත්තේ කුමකින්ද යන්න දැණ නොසිටියහ. මගේ කැඳවීම පාපයේ මුල පැහැදිළිව පැහැදිළි කිරීම බව මම දුටුවෙමි, එවිට සෑම කෙනෙකුටම පසුතැවිලි විය යුතු දේ දැණගත හැකිය.

ගෝලත්වය

බොහෝ යූදා ආගමට (පැරණි ගිවිසුමේ - ව්‍යවස්ථාවට) හැරුණු අයට ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයින් විය යුතු බව උගන්වා නොතිබිණි. ගෝලත්වයේ කොන්දේසි තුන (යේසුස් වහන්සේ විසින් නියම කරන ලද) පැහැදිළි කර නොතිබිණි: යේසුස් වහන්සේට උත්තරීතර ලෙස ප්‍රේම කිරීම (පවුලේ සියලුම සාමාජිකයින්ට වඩා); දිනපතා කුරුසිය ඔසවා ගැනීම (තමකම නැතහොත් ස්වකැමැත්ත මරණයට පත්කිරීම); සහ අප සන්තක සියල්ල අත්හැරීම (ද්‍රව්‍යමය වස්තු අප සතුව තබා පාවිච්චි කළ හැකි නමුත්, එයට ඇලී නොසිටීම) (ලූක් 14: 26-33). එබැවින් මෙය මගේ දේශනා කිරීමේදී ප්‍රධාන අවධාරනය කිරීමක් විය.

ශුද්ධාත්මයාණන්ගේ බෞතීස්මය ලැබීම

ශුද්ධාත්මයාණන්ගේ බෞතීස්මය ලැබීම දේශනා කළ සෑම කණ්ඩායමක්ම පාහේ එහි ආරම්භක සාක්ෂිය "අන්‍යභාෂාවෙන් කථා කිරීම" බව ඉගැන්වූහ. නමුත් මෙය ඉගැන්වූ බොහෝ දෙනා ලෞකික මණසක් ඇති, මුදලට ලොල් වූවන් බව මම දුටුවෙමි. අනෙක් අන්තයේදී, අන්‍යභාෂාවෙන් කථා කරන සියල්ල යක්ෂයාගෙන් බව ඒත්තු ගැන්වූ සමහර ඇදහිළිවන්තයින් මම දුටුවෙමි!! නමුත් යේසුස් වහන්සේ ඉගැන්වූයේ ආත්මයේ බෞතීස්මය පිළිබඳ සාක්ෂිය බලයයි උන්වහන්සේගේ සාක්ෂිකරුවන් වීමට බලයයි (අප ජීවත් වූ ආකාරය ගැන අදාලව) සහ හුදෙක් (අප කථා කරන දෙය තුළින්) සාක්ෂි දැරීම නොවන බවයි (ක්‍රියා 1: 8). ඉතින් මම එය ප්‍රකාශ කළෙමි. අන්‍යභාෂාවෙන් කථා කිරීම උන්වහන්සේ ඇතැමුන්ට දුන් ආත්මයේ එක් දීමනාවක් බව. මේ ප්‍රශ්ණය ගැන මගේ ස්ථාවරය නිසා 'පෙන්තකොස්ත' සමුහය මාව 'සහෝදරයෝ' කියලා ලේබල් කළා. ඒ වගේම 'සහෝදර' සමූහය මට 'පෙන්තකොස්ත' කියලා ලේබල් ගැහුවා!! මේ අන්ත දෙකෙන්ම සමාන දුරස් වීම ගැන මම ඉතා සතුටු වුනෙමි.

(මතු සම්බන්ධයි).