යේසුස් වහන්සේ අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවලට දැමීම ගැන කථා කළසේක ( ලූක් 5: 37). අලුත් මුද්‍රිකපානය නම්, යේසුස් වහන්සේගේ දිවියයි අලුත් බඳුන නම්, යේසුස් වහන්සේ ගොඬනඟන සභාවයි. යේසුස් වහන්සේ සහභාගි වු කානාහි සරණ මංගල්‍යයේදී පැරණි මුද්‍රිකපානය අවසන්වුනි. පැරණි මුද්‍රිකපානය වසර ගණනාවක් තුළ මනුෂ්‍ය උත්සාහයෙන් නිපද නිපදවනු ලැබීය - නමුත් එයට අවශ්‍යථාවයන් සපුරාළන්නට නොහැකි විය. මෙය ව්‍යවස්ථාව යටතේවූ දිවියේ උපමාවකි - පැරණි ගිවිසුම. පැරණි මුද්‍රිකපානය අවසන් වන්නේ ය; අප හට අලුත් මුද්‍රිකපානය ලබා දීමට පෙර එය අවසන් වන තුරු ස්වාමින් වහන්සේට බලා සිටීමට සිදු වනසේක.
අපගේ පෞද්ගලික ජීවිතයෙහි, අපගේ විවාහ ජීවිතයෙහි හෝ අපගේ සභා ජීවිතයෙහි මුද්‍රිකපානය අවසන්වී තිබේද? එසේනම්, අපි ස්වාමින් වහන්සේගේ මුහුණ සොයා අපගේ අවශ්‍යථාවය අවංකව පිළිගත යුතු කාලය මෙයයි. උන්වහන්සේටම පමණක් අලුත් මුද්‍රිකපානය අපට දිය හැක! කානාහි අලුත් මුද්‍රිකපානය මනුෂ්‍ය උත්සාහයෙන් නිපදවනු නොලැබීය. එය දෙවියන් වහන්සේගේ ස්වභාවෝත්තර ක්‍රියාවයි. අපගේ ජීවිතයේ ද එයම විය හැක. උන්වහන්සේ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව අපගේ හදවතේ සහ මණසෙහි ලියා, උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත කිරීමට ආශා වෙන්ටත් හා එය කිරීමට හැකියාවද සළස්වන සේක( හෙබ්‍රෙව් 8: 10; පිලිප්පි 2: 13 ). උන්වහන්සේට ප්‍රේම කරන පිණිස උන්වහන්සේ අපගේ හදවත් චර්මච්ඡේදනය කර උන්වහන්සේගේ ආඥා අනුව ගමන් කිරීමට අපව පොළඹවන සේක(ද්විතීය කථාව 30: 6; එපීස 36: 27 ). කානාහි නිපදවන ලද අලුත් මුද්‍රිකපානය උන්වහන්සේගේම කෘතියක් වූවාක්සේම මෙයද උන්වහන්සේගේම කාර්‍යය වනු ඇත. අනුග්‍රහයේ තේරුම මෙයයි. අපට ජීවිත කාලය පුරාම උත්සාහ කළත් - අපට යේසුස් වහන්සේගේ ජීවිතය බිහි කළ නොහැක. නමුත් අපගේ ශරීරයෙහි “යේසුස් වහන්සේගේ මරණය” (සෑම දිනකම කුරුසිය රැගෙන, අපගේ මමත්වයට මැරීම, අපගේ සිය-කැමැත්තට, අපේ අයිතිවාසිකම් සහ කීර්තියට මැරෙන්නේ නම්), යේසුස් වහන්සේගේ ජීවිතය නැමැති අලුත් මුද්‍රිකපානය අප තුළ නිපදවීමට දෙවියන් වහන්සේ පොරොන්දු වනසේක (2 කොරින්ති 4: 10).
අලුත් මුද්‍රිකපානය අත්පත් කර ගැනීමේදී අපගේ සටන පාපයට විරුද්ධවය. නමුත් අලුත් සම්භාජන අත්පත් කර ගැනීමේදී, අපගේ සටන වන්නේ දේව වචනය අවලංගු කළ ආගමික සම්ප්‍රදායන්ට විරුද්ධවය. මිනිසුන්ගේ සම්ප්‍රදායන්ගෙන් මිදීම බොහෝ දෙනෙකුට පාපයෙන් මිදීමට වඩා බෙහෙවින් දුෂ්කරය! එහෙත්, බලහත්කාර කරන්නෝ පමණක් දේවරාජ්‍යය බලහත්කාරයෙන් අත්පත් කර ගනී ( මතෙව් 11: 12). ආගමික සම්ප්‍රදායන් බලහත්කාරයෙන් තොරව පහ කළ නොහැක.
කිතුණුවන් වන අප පැරණි යුදෙව් සම්භාජන ඉවත් කර ඇති බවත්, ක්‍රිස්තියානි සභාවේ අපට අලුත් සම්භාජනයක් ඇති බවත් අපට සිතිය හැකිය. නමුත් ඔබ ඔබේ ක්‍රිස්තියානි සභාව ලෙස හඳුන්වන දේ දෙස හොඳින් බැලුවහොත්, එහි පැරණි ගිවිසුම් ලක්ෂණ ගණනාවක් තිබීම ගැන ඔබ පුදුමයට පත් විය හැකිය. තවත් බොහෝ තිබුණත්, උදාහරණ තුනක් පමණක් සළකා බලන්න.
පළමුවෙන්ම, යුදෙව්වන්ට විශේෂ ගෝත්‍රයක් (ලෙවීවරුන්) සිටි අතර ඔවුන් සියලු ආගමික කටයුතු කළ පූජකයන් විය. සෑම යුදෙව්වෙකුටම පූජකයන් විය නොහැක. කෙසේවෙතත්, නව ගිවිසුම යටතේ සියලුම ඇදහිලිවන්තයන් පූජකයන් වේ (1 පේත්‍රැස් 2: 5; එළිදරව් 1: 6 ). මෙය බොහෝ ඇදහිලිවන්තයන් න්‍යායාත්මකව දරණ සත්‍යයක් වුවද, එය සත්‍ය වශයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ ඉතා සුළු පිරිසකි. සෑම කිතුණු කණ්ඩායමකටම පාහේ හරියටම පුරාණ ලෙවීවරුන් හා සමාන වන, නමස්කාරයෙහි දෙවියන් වහන්සේගේ සෙනඟ හසුරුවන, ඔවුන්ගේ 'පූජකයා' හෝ 'දේවගැතිවරයා' හෝ 'දෙවියන් වහන්සේගේ සේවකයා' හෝ 'පූර්ණ කාලීන සේවකයෙකු' ඇත. අලුත හැරුනාවු අයව බව්තීස්ම කිරීමට සහ රොටි කැඩීම මෙහෙයවීමට වැනි සේවාවන් කළහැකි වූයේ මෙම 'ලෙවීවරුන්ට' පමණි. දෙවියන් වහන්සේගේ සෙනඟගේ දසයෙන් කොටසින් මෙම 'ලෙවීවරුන්' යැපුණෝය. රැස්වීම්වලදී, 'ශරීරයක ආකාර - දේවසේවාවකට අවස්ථාවක් ලබා නොදී, මෙම 'ලෙවීවරුන්' ප්‍රධාන ස්ථාන ගෙන මුළු සන්දර්ශනයේම ආධිපත්‍යය දරති. ඒක පුද්ගල-කථික සංදර්ශණයක් පැරණි සම්භාජනයක කොටසකි. නව ගිවිසුම යටතේ සෑම ඇදහිලිවන්තයෙකුටම නව මුද්‍රිකපානය පානය කළ හැකිය, ශුද්ධාත්මයාණන්ගෙන් ආලේපය ලබා ආත්මයාණන්ගේ දීමනා ලබා ගත හැකිය. අනාගතවක්තෘවරුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු රැස්වීම ආරම්භ කළ යුතු අතර, එක් අයෙකු හෝ දෙදෙනෙකුට අන්‍යභාෂාවෙන් කථා කළ හැකිය (එක් එක් අර්ථ නිරූපණය සමඟ) සහ සෑම ඇදහිලිවන්තයෙකුටම රැස්වීමේදී අනාවැකි (ධර්මවාක්‍ය) කීමට සහ සභාව ගොඬනඟා ගැනීමට නිදහස තිබේ. අලුත් සම්භාජන සේවාව මෙයය (1 කොරින්ති 14: 26-31). අලුත් මුද්‍රිකපානය1 කොරින්ති 13 හි විස්තර කර ඇත - එය නම් ප්‍රේමයේ ජීවනය යි. අලුත් සම්භාජන සේවාව 1 කොරින්ති 12 හා 14 හි විස්තර කර ඇත. නමුත් ඇදහිලිවන්තයින් කීදෙනෙකුට, දෙවියන් වහන්සේගේ ක්‍රම වේදයේ හැටියට දේවල් කිරීමට අවශ්‍යද? අහෝ, ඉතා ස්වල්පයකි. බොහෝමයක් ඔවුන්ගේ පැරණි සම්භාජනවලින් සහ ඔවුන්ගේ ගෙවීම් ලබන 'ලෙවීවරුන්' ගෙන් තෘප්තිමත් වන්නෝය.
දෙවනුව, ප්‍රොපෝතවරුන්ට පමණක් ආත්මය තිබූ බැවින් - යුදෙව්වන්ට, ඔවුන්ගේ විවිධ කාරණාවලදී දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයා දුන්, අනාගතවක්තෘවරු සිටියෝය. නමුත් නව ගිවිසුම යටතේ, ප්‍රොපෝතවරුන්ට ඊට හාත් පසින් වෙනස් කාර‍්‍යයක් එනම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඬනගන්නට ඇත්තේය ( එපීස 4: 11,12). සියලු ඇදහිලිවන්තයන්ට දැන් ශුද්ධාත්මයාණන් ලැබිය හැකි බැවින්, ඔවුන් උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයා ගැනීමට, යම් අනාගතවක්තෘවරයෙකු වෙත යා යුතු නැත( හෙබ්‍රෙව් 8: 11; 1 යොහාන් 2: 27 ). එහෙත් බොහෝ ඇදහිලිවන්තයන් තවමත් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙකු වෙත ගොස් ඔවුන් කළ යුත්තේ කුමක්ද, ඔවුන් විවාහ කර ගත යුත්තේ කවුරුන්දැයි යනාදිය... යන්න සොයා බැලීමේ පැරණි සම්භාජනවල තවමත් ජීවත්වෙති.
තෙවනුව, යුදෙව්වන් විශාල ප්‍රදේශයක විසිරී සිටි නමුත් ජෙරුසලමේ මධ්‍යම මූලස්ථානයක් සහ ඔවුන්ගේ භූමික නායකයා ලෙස උත්තම පූජකයෙකු සිටි, විශාල වූ ජන සමූහයක්ව සිටියෝය. නව ගිවිසුම යටතේ, අපගේ උත්තම පූජකයා යේසුස් වහන්සේම පමණක් වන අතර අපට ඇති එකම මූලස්ථානය නම්, දෙවියන් වහන්සේගේ සිංහාසනයයි. මධ්‍යම කඳෙන් බෙදී ගිය අතු හතකින් යුත් පහන් රුකක් යුදෙව්වන්ට තිබුණේය ( නික්මයාම 25: 31,32). මෙය පැරණි සම්භාජනය විය.
නව ගිවිසුම යටතේ, සෑම ප්‍රදේශයකම පිහිටි සභාවක්ම වෙන් වූ අතු නොමැති එක් පහන් රුකක්ය. සුළු ආසියාවේ එක් එක් ප්‍රදේශයේ තිබුනාවු - සභා හත - යුදෙව් පහන් රුක මෙන් නොව, වෙනම වෙන් වූ පහන් රුක් හතක් නියෝජනය කරන බව එළිදරව් 1: 12,20 හි ඔබට මෙය පැහැදිලිව පෙණේ. සභාවල ප්‍රධානියා ලෙස, යේසුස් වහන්සේ, එම පහන් රුක් මධ්‍යයේ ගමන් කරන සේක. ඒ දවස්වල කිසිදු පාප්වරයෙක් හෝ සාමාන්‍ය අධිකාරීවරයෙක් හෝ කිසිම නිකායක සභාපතිවරයෙක් සිටියේ නැත. ඕනෑම කාරණයකදී අවසාන හඬ වූ, ප්‍රධාන වැඩිමහල් සහෝදරයෙක් ද මේ පොළොවේ කොතැනකවත් සිටියේ නැත. සෑම ප්‍රදේශයකම පිහිටි සභාවක්ම පාලනය කළේ එම ප්‍රදේශයේ සභාවේම වැඩිමහල්ලන් විසිනි. මෙම වැඩිමහල්ලන් ඔවුන්ගේ ප්‍රධානියා ලෙස ස්වාමින් වහන්සේට සෘජුවම වගකිව යුතු විය. නමුත් අද අප අවට සිටින කිතුණුවන් බහුතරයක් නමක් ඇතුව හෝ නැතිව, නිකායක් තුළ (පැරණි සම්භාජනයක්ව) සිටින බව අපට පෙණේ - මක්නිසාදයත්, නිකායක් නොවන බව කියා සිටින, එහෙත්, නිකායක සියලු ලක්ෂණ ඇති සමහර කණ්ඩායම් ඇත.
දූෂණය පැතිරීම වැළැක්වීම සඳහා දෙවියන් වහන්සේ සෑම ප්‍රදේශයකම සභාවක් නව සම්භාජන ලෙස නියම කර ඇත. කුඩා ආසියාවේ සභා හත සියල්ලම එකිනෙකෙහි ශාඛා වී තිබුණේ නම්, බාලාම් සහ නිකොලායිතයන්ගේ දූෂිත මූලධර්ම සහ ජෙසබෙල්ගේ ව්‍යාජ අනාවැකි ( එළිදරව් 2: 14; 15,20 ) සභා හතටම පැතිරෙන්නට ඉඩ තිබුණි. නමුත් ඒවා සියල්ලම වෙනම පහන් රුක් වූ බැවින් ස්මර්නා සහ ෆිලඩෙල්ෆියා හි සභා දෙකටම තමන්ව පවිත්‍රව තබා ගැනීමට හැකිවිය. එබැවින් ඔබේ සභාව පවිත්‍රව තබා ගැනීමට ඔබට අවශ්‍ය නම්, නිකායවාදී පැරණි සම්භාජන ඉවත් කරන්න. බොහෝ දෙනෙකු බැඳීම්වල (වහල්භාවයේ) තබා ඇති මිනිසුන්ගේ සම්ප්‍රදායන්ට එරෙහිව බලාත්කාරය කරන්නට කැමති; ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සෑම ප්‍රදේශයකම ගොඩනඟන්නා වූ බොහෝ දෙනෙකුව ස්වාමින් වහන්සේ අපේ දේශයේ නැඟිටුවන සේක්වා( මතෙව් 11: 12 ).