WFTW Body: 

කුඩා දරුවන් වැනි අයට යාච්ඤාව වඩාත්ම පහසු වන්නේ, මන්දයත් යාච්ඤාව යනු අප දෙවියන් වහන්සේ ඉදිරියේ අපගේ අසරණකම සහ අපගේ බෙලහීනකම පිළිගැනීම වන නිසාය. දක්ෂ වැඩිහිටියන්ට එය පිළිගැනීමට අපහසුය. අපි කුඩා දරුවන් මෙන් විය යුතු යැයි කියා යේසුස් වහන්සේ පැවසුවේ ඒ නිසාය. අපගේ තර්කය හා අපගේ බුද්ධිය මත අප රඳා පවතින තරමට, අපගේ යාච්ඤා කිරීම අඩු වන අතර, අපගේ තර්කනයට තේරුම් ගත නොහැකි ආකාරයෙන් දෙවියන් වහන්සේ දේවල් කරන්නේ මන්දැයි අපි වැඩියෙන් ප්‍රශ්ණ කරනු ඇත.

"නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු හදවතින්ම ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න"

දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලා සිටින කීකරුකම"තර්කණයේ කීකරුකම" නොව,"ඇදහිල්ලේ කීකරුකමයි" (රෝම 1: 5). දෙවියන් වහන්සේ ආදම්ට, ඔහු යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කනවාට උන්වහන්සේ අකමැති වූයේ මන්ද යන්නට, හේතුවක් නොදැක්වීය. දෙවියන් වහන්සේ තමාට ප්‍රේම කරන බවත් එබැවින් දෙවියන් වහන්සේගේ ආඥා (තර්කණයෙන් පැහැදිළි කළ නොහැකි වූවත්) තමාට වඩාත්ම යහපත් බවත් දැනගැනීම ආදම්ට ප්‍රමාණවත් වුනි. " නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු හදවතින්ම ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න " (හිතෝපදේශ 3: 5). එබැවින් ආදම් අසාර්ථක වූ විට, එය මූලික වශයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය හා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කෙරෙහි ඇදහිල්ලේ අසාර්ථක කමයි. අපද අසාර්ථක වන්නේ මෙතැනය.

දෙවියන් වහන්සේ අපට අධික ලෙස ප්‍රේම කරන බවත්, අපට යහපත්ම දේ - අපට කවදා හෝ දැන ගැනීමට හැකිවෙනවාට වඩා හොඳින් - උන්වහන්සේ දන්නා බවත්, සහ පෘථිවියේ සියළු සිදුවීම් අණ කිරීමට තරම් උන්වහන්සේ සර්වබලධාරි බවත් අපි විශ්වාස කරන්නේ නම්, අපි ප්‍රීතියෙන් උන්වහන්සේගේ සියළු ආඥා පිළිපදින්නෙමු, මින්පසු අපගේ ජීවිතයේ උන්වහන්සේගේ කැමැත්ත පමණක් කිරීම පිණිස සියල්ලට අවනත වී, අපට ක්ෂණික පිළිතුරු නොලැබෙන විට පවා යාච්ඤා කිරීමෙන්, උන්වහන්සේ අප වෙනුවෙන් නියම කරන සෑම දෙයකටම කිසිදු ප්‍රශ්ණයකින් තොරව යටත් වන්නෙමු. අපිට දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙහි, ප්‍රේමයෙහි, සහ බලයෙහි විශ්වාසයක් නැතිනම් අපි මේ කිසිම දෙයක් කරන්නේ නැත.

අපි කුඩා දරුවන් මෙන් වන්නේ නම්, අපට සරල ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ආත්මයේ පූර්ණත්වය අපගේ හදවත් තුළට පහසුවෙන්ම ලබා ගත හැකිය (ලූක් 11: 13). අපට අවශ්‍ය වන්නේ, නිරවුල් (දන්නා සියළුම පාපයන් දෙවියන් වහන්සේට සහ මිනිසාට පාපොච්චාරණය කළ) හෘදය සාක්ෂියක්, ආත්මයේ පූර්ණත්වය සඳහා සාපිපාසය, අපගේ ජීවිතයේ දන්නා සෑම ක්ෂේත්‍රයක්ම උන්වහන්සේට සම්පූර්ණයෙන්ම යටහත් කිරීම සහ අපි ඉල්ලන දේ නියත වශයෙන්ම අපට දෙන බවට අපගේ ප්‍රේමණීය පියාණන් විශ්වාස කිරීම පමණි. එවිට අපට ඉල්ලා සිටිමින්, අපට ක්ෂණික හැඟීම් හෝ සංවේදනයන් නොමැති වුවද, දෙවියන් වහන්සේ අප ඉල්ලා සිටි දේ අපට ලබා දී ඇති බවට විශ්වාස කළ හැකිය. බාහිර ප්‍රකාශවීම් පසුව පැමිණේවී. එබැවින් පොඩි ළමයෙකු මෙන් වන්න.

‘ගැළවීම’ මෙන් ඇදහිල්ලෙන් 'ජයග්‍රහණය' අත්පත් කරගත හැකිද?

1 යොහාන් 5: 4 පවසන්නේ, "මෙය ලෝකය ජයගත් ජයග්‍රහණයයි, අපගේ ඇදහිල්ල පවා" - සහ "ලෝකය" යන්න දේව වචනයෙන් අර්ථදක්වා ඇත්තේ"මාංශයේ තෘෂ්ණාවත්, ඇස්වල තෘෂ්ණාවත් සහ ජීවිතයෙහි උඩඟුකමත් ලෙසය. " (1 යොහාන් 2: 16). ඒ නිසා මේ සියල්ල ජයගන්නේ ඇදහිල්ලෙන් බව අපට උගන්වයි. නමුත් මෙම ඇදහිල්ලෙන් අදහස් කරන්නේ කුමක්ද?එය දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය, ප්‍රඥාව සහ බලය කෙරෙහි නිරපේක්ෂ විශ්වාසයෙන් අපගේ පෞරුෂය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ කෙරෙහි නැඹුරුවීමයි. විශ්වාස කිරීම, ලැබීමට සමාන බව - යොහාන් 1: 12 පැහැදිළි කරයි. එය බුද්ධිමය විශ්වසයක් නොවේ. එබැවින් දෙවියන් වහන්සේව විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරන්නේ උන්වහන්සේගේ කැමැත්ත අපට ඇති යහපත්ම දේ ලෙස අප ලබා ගැණීමයි (පිළිගැනීමයි). ඒ කියන්නේ අපි අපේ කැමැත්ත ප්‍රතික්ෂේප කිරීම තෝරාගැනීමයි. "මාංශය කුරුසියේ ඇණ ගැසීම" යන්නෙන් අදහස් කරන්නේ එයයි (ගලාති 5: 24). මෙය සිදු කිරීම (අපගේම කැමැත්ත ප්‍රතික්ෂේප කිරීම) උදෙසා, අපට උපකාර පිණිස අනුග්‍රහය අවශ්‍ය වේ.

ඒ සියල්ල ආරම්භ වන්නේ ඇදහිල්ලෙනි. දෙවියන් වහන්සේගේ කැමැත්ත යහපත්ම දේ බව අප විශ්වාස නොකරන්නේ නම්, අපගේ කැමැත්ත මරණයට පත් කිරීමට පවා අපට අවශ්‍ය නොවන්න පුළුවන. උදාහරණයක් ලෙස රූපවාහිනිය නරඹන විට මෙය අදාළ වේ. එවැනි අවස්ථාවන්හිදී යේසුස් වහන්සේ කරන දේ යහපත්ම දේ බව ඔබ විශ්වාස කරනවාද - එනම්, නිෂ්ඵළ හෝ ලිංගිකව යෝජනා කරන වැඩසටහන් සහ චිත්‍රපට නොබැලීම? එසේත් නැතිනම් ඔබේ තෘෂ්‍ණාවන් සතුටු කරන දේ යහපත්ම යැයි ඔබ විශ්වාස කරනවාද? ඒක තීරණය වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබට යහපත්ම දේ කියලා ඔබ විශ්වාස කරනවාද කියන එක මතයි. විශ්වාසය නැතිනම් ජයග්‍රහණයක් ලබන්න බැරිය.

ඔබ අනුගමනය කළ යුතු යේසුස් වහන්සේ ගැන නිතරම සිතන්න. ඔබේ මාංශය දුර්වල බව කිසිදා අමතක නොකරන්න. යේසුස් වහන්සේ තම පියාගෙන් උපකාර ඉල්ලා නිතරම මොර ගැසූසේක. ඔබද එසේ කළ යුතුය. ඔබ ප්‍රහාරයකයට ලක්වූ විට යේසුස් වහන්සේගේ නාමය ඔබට පසුබැස ආරක්‍ෂාකාරී වියහැකි කුළුණක් බව මතක තබා ගන්න (හිතෝපදේශ 18: 10). ඔබ කවදා හෝ පෘථිවියේ ඕනෑම ස්ථානයක දුෂ්කරථාවයක සිටී නම්, එම නාමයෙන් ඔබට ඔබේ පියාණන්ගෙන් ඕනෑම දෙයක් ඉල්ලා සිටිය හැකිය.

©Zac Poonen – [email protected]