ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය අරුණෝදයේ ආලෝකය මෙනි, එය හිරු මුදුන් වේලාව දක්වාම දීප්තියෙන් දීප්තියට බබළයි (හිතෝපදේශ 4: 18).
මෙය සැබවින්ම නව ගිවිසුමේ පොරොන්දුවකි. පුද්ගලයෙකු ධර්මිෂ්ඨ වන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලට පැමිණි විට පමණක් බව අපි දනිමු, ඔහුගේ පව් කමා කර, දෙවියන් වහන්සේ විසින් ඔහු ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කළ විට, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් ඔහුව පළඳවන විට පමණි. නමුත් එවිට ඔහුගේ ජීවිතය හිරු උදාව මෙන් පමණක් වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ. එහි සඳහන් වන්නේ, "ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය හිරු උදාව මෙනි..." නමුත් ඔබ දන්නවා ඉර පායන විට ආලෝකය ඇතත්, සූර්යයා තවමත් එහි දීප්තිමත්ම ස්ථානයට පැමිණ නැත. අහසේ හිරු උදාව ගැන සිතන්න; මෙම ආලෝකය පරිපූර්ණ දීප්තියක් ඇති වන තෙක් මධ්‍යාහ්නය වේලාව දක්වා දීප්තිමත්වී වඩ වඩාත් දීප්තියෙන් බබළයි. හිරු නැඟෙන විට සෙවනැලි අඩු වන බව අපට පැවසිය හැකිය; අපගේ ස්ව-කැමැත්තේ ජීවිතයේ සෙවනැල්ල අඩුවෙමින්, අඩුවෙමින්, අඩුවෙමින්, අඩුවෙමින් පවතින අතර අවසානයේ සූර්යයා හිසට ඉහළින් ඇති අතර එහිදී සෙවනැල්ල සම්පූර්ණයෙන්ම අතුරුදහන් වේ. අප කෙරෙහි දෙවියන් වහන්සේගේ කැමැත්ත වන්නේ එයයි. අප නැවත ඉපදුණු මොහොතේ සිට, උන්වහන්සේගේ ඕනෑම දරුවෙකුට ඉහළ පහළ යන අත්දැකීමක් ලැබීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ.
දැන්, බොහෝ කිතුණුවන්ට ඉහළ සහ පහළ යන අත්දැකීමක් ඇති අතර, අනෙක් පුද්ගලයින්ට ඉහළ පහළ යන අත්දැකීම් ඇති බවත්, සමහර දේශකයින්ටද ඉහළ පහළ යන අත්දැකීමක් ඇති බවත් අපට ඇසෙන විට, අපගේ පරාජයන් ගැන අපට සැණසීමක් ලැබේ. අපි අපේ ප්‍රමිතිය ලබාගන්නේ ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඉහළ පහළ යන්නාවූ එකක් නොවන බව පවසන දේව වචනයෙන් වෙනුවට, යම් ලෞකික ඇදහිළිවන්තයෙකුගෙන් හෝ සමහර ලෞකික දේශකයෙකුගෙන් ය. එය වරෙක දීප්තිමත්කමත් පසුව අන්දකාරයත් සහ පසුව නැවතත් දීප්තිමත්කමත් ඉන්පසු නැවතත් අන්ධකාරයත් නොවේය. වරෙක කදු මුදුණේ, පසුව මානසික ආතතික තත්ත්වයක. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් සහ ප්‍රීති වීමෙන්, පසු දින අඳුරු සහ දුක්ඛිත තත්ත්වයක. අපේ අත්දැකීම එය නම් මට පවසන්න අවශ්‍ය වන්නේ, එය දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවෙයි කියා ය. එය ධර්මිෂ්ඨයින්ගේ මාර්ගය නොවේය. යම් කෙනෙකු එලෙස ගමන් කරන්නේ නම්, අපට පැහැදිළිව කියන්න පුළුවන් ඔහු ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් කරන්නේ නැතැයි කියා.
ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය නව ගිවිසුමේ "නව සහ ජීවමාන මාර්ගය" ලෙස හැඳින්වේ. එය තේරුම් ගැනීමට ධර්මයක් නොවේ; එය ධර්මිෂ්ඨයන්ගේ මාර්ගයය. දැන්, නව සහ ජීවමාන මාර්ගය විශ්වාස කරන අය ගැන අපට අසන්නට ලැබේ. සහෝදර සහෝදරයනි, මට මේ සතියේ ලිපියක් ලැබුනා "නව සහ ජීවමාන මාර්ගය" ගැන කථා කරපු කෙනෙකු ගැන. සහෝදරයා හෝ සහෝදරිය, නව සහ ජීවමාන මාර්ගයක් යනු කුමක්ද? ක්‍රිස්ටියන් ෆෙලෝෂිප් සභාවේ ඉන්න කෙනෙකු නෙවෙයි. ධර්මානුකූල ඉගැන්වීම් අවබෝධ කර ගත් කෙනෙකුද නෙවෙයි, නමුත් ඉහළ පහළ නොයන කෙනෙකි. ඉහළ පහළ යන පුද්ගලයා නව සහ ජීවමාන මාර්ගයේ නොවේ; එය පැරණි මියගිය මාර්ගයයි (ක්‍රමයයි). නව සහ ජීවමාන මාර්ගය දීප්තිමත්, දීප්තිමත්, දීප්තිමත්, දීප්තිමත් වේ. අළුත් ගිවිසුමේ පවසන එකම නව සහ ජීවමාන මාර්ගය එයයි: ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය. මෙම “කිසිදු ප්‍රීතියක් නොමැති (පැරණි මියගිය)” මාර්ගය ඔප්පු කරන්නේ අප ධර්මය අවබෝධ කර ගෙන ඇති බව පමණක් වන නමුත් අපි කිසිසේත් සැබෑ මාර්ගයට පැමිණ නැති බවයි.
ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය වඩ වඩාත් දීප්තිමත් වන හිරු උදාව මෙනි; සූර්යයා ආපස්සටත් නැවත ඉදිරියටත් ගමන් නොකරයි. එය හදිසියේ මණස වෙනස් නොකරයි, නොනැවතී ගමන් කරන අතර අපගේ ජීවිත උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්ත එයයි, මගේ සහෝදර සහෝදරිය. දෙවියන් වහන්සේගේ කැමැත්ත වන්නේ එය වඩ වඩාත්, වඩ වඩාත් යහපත් වීමයි. ඒ කියන්නේ මාගේ මාංසයේ පවතින (අන්තර්ගත) දේ ගැන මට වැඩි වැඩියෙන් ආලෝකය ලැබීමයි. මාස 6 කට පෙර මා නොදැන සිටි මගේ මාංසයේ පවතින දේ ගැන මට දැන් ආලෝකයක් ලැබේ. අප එම තත්ත්වයට පත් නොවන්නේ නම්, අපි ධර්මිෂ්ඨ මාර්ගයෙහි නොසිටින්නෙමු. යම්කිසි ධර්මයක් අවබෝධ කරගෙන අප අපවම රවටා නොගැනීම පිණිස ඒ බව ඉතා පැහැදිළිව ඉගෙන ගනිමු. නැත; එය ආලෝකය වඩ වඩාත් දීප්තිමත්ව, වඩ වඩාත් දීප්තිමත්ව, වඩ වඩාත් දීප්තිමත්ව අපගේ මාංසයේ පවතින තෘෂ්ණා ගැන අප වඩ වඩාත් ආලෝකය ලබා ගැනීමේ මාර්ගයයි. එසේත් නැතිනම් 1 යොහන් 1: 7 පවසන පරිදි, "දෙවියන් වහන්සේ ආලෝකයේ සිටින්නාක් මෙන් අපි ආලෝකයේ ගමන් කළහොත්..." දෙවියන් වහන්සේ ආලෝකය වන අතර, මම එම ආලෝකයේ ගමන් කළහොත්, මම දෙවියන් වහන්සේට සමීප වන්නෙමි; ආලෝකය වඩ වඩාත් දීප්තිමත් වේ. ඒ කියන්නේ මගේ මාංසයේ පවතින දේ ගැන මට වැඩි වැඩියෙන් ආලෝකය ලැබීමයි. මට මගේ ජීවිතයේ මාංසයේ පවතින තෘෂ්ණාවන් තව තවත් මරණයට පත් කිරීමට හැකි වන අතර මම ප්‍රඥාවන්ත වෙමින් සිටිමි. යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් වැඩුණේ එලෙස ය: උන්වහන්සේ නව සහ ජීවමාන මාර්ගයේ ගමන් කළසේක. උන්වහන්සේ ප්‍රඥාවෙන් වැඩුණු බව ලූක් 2: 52 හි සඳහන් වේ. ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් සාලමොන් මෙහි (හිතෝපදේශ 4: 18 හි) පවසන්නේ එයයි.
2 කොරින්ති 3: 18 හි පවසන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ යේසුස් වහන්සේගේ මහිමය අපට පෙන්වයි, එම මහිමය ආලෝකයක් වන අතර, ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ ජීවිතය දීප්තියෙන් දීප්තියට එම සමානකම ම කරා මහිමයෙන් මහිමයට පරිවර්ථනය කරනසේක. හිතෝපදේශ 4: 18 යනු 2 කොරින්ති 3: 18 ට අනුරූප වන පැරණි ගිවිසුමේ පදයයි. ඔබට මෙම පදය තේරුම් ගැනීමට අවශ්‍ය නම්, ඔබ නව ගිවිසුමේ, 2 කොරින්ති 3: 18 හි අනුරූප වාක්‍යය වෙත ගොස් බලන්න, "... මහිමයෙන් මහිමයට මහිමයට මහිමයට."
ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබව යේසුස් වහන්සේගේමහිමයෙන් මහිමයටගෙනෙන මෙන් ඔබ සැමට ඉතා ආශීර්වාද ලත් නව වසරක් 2026 ප්‍රාර්ථනා කරන්නෙමු.