WFTW Body: 

“දේව වචනය ජීවමාන හා ක්‍රියාශීලි හා ඕනෑම දෙමුහත්-කඩුවකට වඩා මුවහත් ආත්මය හා ප්‍රාණය වෙන් කරන තරමට සන්ධි හා ඇටමිදුළු පසාරු කරමින් හදවතේ සිතුවිලි හා චේතනා විනිශ්චය කිරීමට හැකියාව ඇතැ යි” අප හෙබ්‍රෙව් 4: 12හි කියවන්නෙමු.

දේව වචනය කඩුවක් මෙන් අපගේ හදවත් තුළට කාවිදමින් අපට අපගේ සිතුවිලි හා චේතනාහෙළිදරව් කරයි. නව ගිවිසුමේ (හෙබ්‍රෙව් පොතෙහි අවධාරණය කරන ලෙස), අතිශයින්ම වැදගත් වන්නේ “හදවතේ සිතුවිලි සහ චේතනා” වන අතර, පැරණි ගිවිසුම යටතේ ශුද්ධාත්මයාණන් ඉශ්‍රායෙල්වරුන් තුළ වාසය නොකල නිසා, නපුරු සිතුවිලි සහ චේතනා බැරෑරුම් ලෙස නොසැළකූණි. මනුෂ්‍යයෙකුට නපුරු සිතුවිලි හා චේතනා තිබුණද ව්‍යවස්ථාවට ඒවා හෙළිදරව් කිරීමටවත් මනුෂ්‍යයාට ද ඬුවම් කිරීමටවත් නොහැකි වුණි. මනුෂ්‍යයා සෑම දෙයක්ම බාහිරව කළ තාක් කල්, ව්‍යවස්ථාව ඔහුව ප්‍රශංසාවට ලක් කළේය. නමුත් නව ගිවිසුමෙහි එසේ නොවේ. මනුෂ්‍යයා ව්‍යවස්ථාව යටතේ සිටින විට, දේව වචනය ඔහුව පිටතින් පරීක්ෂා කළේ වෛද්‍යවරයකු රෝගියෙකු මතුපිටින් පරීක්ෂා කිරීම වැනි ය. නමුත් නව ගිවිසුමේ දී දෙවියන් වහන්සේගේ වචනය ස්කෑන් හෝ එක්ස් කිරණ මෙන් හදවත තුළට විනිවිද යයි.

දෙවියන් වහන්සේ දැන් අපගේ සිතුවිලි, ආකල්ප, චේතනා සහ අභිප්‍රායන් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. සමහර අවස්ථාවලදී, පිටතින් සෑම දෙයක්ම හොඳ පෙනුමක් ඇති විට වූවත්, ඇතුළතින් විශාල නපුරක් තිබිය හැකිය. එය හරියට පිටතින් නිරෝගීව සිටියත් බොහෝ දෙනෙකුට ඇතුළත පිළිකා වැනි බරපතල රෝග තිබෙන්නාක් මෙනි. එබැවින් ඔබ අද දෙවියන් වහන්සේගේ වචනය කියවා ඔබේ ජීවිතයේ බාහිර පාපයන් සම්බන්ධයෙන් පමණක් වරදකරුවෙකු ලෙස දැනී ඇත්නම්, එයින් ඇඟවෙන්නේ දෙවියන් වහන්සේ ඔබට පැවසීමට අවශ්‍ය සියල්ල ඔබ අසා නැති බවයි. එමනිසා සෑම විටම මෙම ප්‍රශ්ණය ඔබගෙන්ම අසා විමසන්න : “දෙවියන් වහන්සේගේ වචනය මගේ හදවතේ සිතුවිලි සහ චේතනා මට හෙළි කළාද? මෙහිදී අවධාරණය කරන්නේ හදවත ගැන මිස හිස ගැන නොවන බව සැළකිල්ලට ගන්න. දෙවියන් වහන්සේගේ වචනයේ සියළු ආළේප ලත් දේශනා වලදී, වචනය ඔබේ මණස හරහා ගොස් ඔබේ හදවතට ඇතුළු වී ඔබගේ ඉතා ගැඹුරු අභ්‍යන්තර සිතුවිලි සහ අභිප්‍රායන් ඔබට හෙළි කරනු ඇත.

ආළේප ලත් දේශනා කිරීම් තුළින් ලැබෙන ප්‍රතිඵළ ගැන අපට 1 කොරින්ති 14: 25 හි කියවන්නට ලැබේ. මිනිසුන්ගේ හදවතෙහි සිතුවිලි හෙළි වී ඔවුන් හිස නමා දෙවියන් වහන්සේ රැස්වීමෙහි සිටින බව පිළිගනී. ඔබ දේවභක්තික මිනිසෙකු සමඟ සංවාදයේ යෙදෙන විටත් ඔහු ඔබට ආළේප ලත් අනාවැකිමය වචනයක් කථා කරන විටත් එයම සිදුවිය හැකිය. ආළේප ලත් වචනය සැමවිටම හදවතේ සිතුවිලි සහ අභිප්‍රායන් හෙළි කරයි, මන්ද දෙවියන් වහන්සේගේ වචනය තියුණු දෙමුහත් කඩුවක් වැනි ය. ඔබට ස්වාමින් වහන්සේට සේවය කිරීමට අවශ්‍ය නම්, ඔබගේ මුඛයේ හා හදවතේ තලය තියුණුව තබාගන්න. කවදාවත් කඩුවේ තලය මොට්ට කර දෙවියන් වහන්සේගේ වචනය ඔප දැමූ වචනවලින්, උපායශීලි ආකාරයකින්, මිනිසාට වඩාත් පිළිගත හැකි වන පරිදි මෘදු නොකරන්න. එය මිනිසුන්ට කිසිදු යහපතක් නොකරනු ඇත, මන්ද එය පසාරු කරමින් යා යුතු තැනට නොයන බැවිණි. මොට්ට පිහියකින් මස් කැපීමට ඔබ උත්සාහ කර තිබේද? ඔබ දිගටම කපන නුමුත් මස් තවමත් කැපෙන්නේ නැත. දෙවියන් වහන්සේගේ වචනයේ තියුණු බව දෙපැත්තම සතුටු කිරීමට ලක් කරන දේශකයෙකු ඔහුගේ පණිවිඩයේ අවසානයේ කිසිවෙකුට දෙවියන් වහන්සේගේ හඬ නොඇසුනු බව සොයා ගනී.

දෙවියන් වහන්සේගේ වචනය දෙමුවහත් කඩුවකි. දේශකයා, මුලින්ම එය ඔහුගේම හදවත කපා විවෘත්ත කරමින් ඔහුගේම සිතුවිලි හා අභිප්‍රායන් හෙළි කිරීමට ඉඩ හැරිය යුතුය! අන් අයගේ හදවත් කපා විවෘත්ත කිරීමට ඔහුට එය භාවිතා කළ හැක්කේ එවිට පමණකි. දේව වචනය මුලින්ම ඔබේ හදවත විනිවිද ගොස් නොමැති නම්, එය දේශනා නොකරන්න. බොහෝ දේශකයෝ කිසි විටෙකත් තමන්ව දේව වචනයෙන් විනිශ්චය නොකරති. ඔවුන් විනිශ්චය කරන්නේ අන් අයව පමණි. දේවවචනය විනිවිද ගොස් අපගේ චේතනා ද විනිශ්චය කරයි. දෙවියන් වහන්සේගේ වචනයෙහි ආත්මයේ හට අප නිරන්තරයෙන් විවෘත වන්නේ නම්, අවසානයේදී අපට සම්පූර්ණයෙන්ම පිරිසිදු හදවතක් ලැබෙනු ඇත, මන්ද අපගේ හදවතේ සිතුවිලි සහ චේතනා නිරන්තරයෙන් අපට හෙළි වන අතර අපට අපව පවිත්‍ර කර ගැනීමට හැකි වනු ඇත. සෑම ඇදහිළිවන්තයෙකුම සැමදාම මෙසේ ජීවත් විය යුතුය. වනාන්තරයේ දී ඉශ්‍රායෙල්වරුන්ට දිනපතා මන්නා ලැබුණාක් මෙන්, අපද සෑම දිනකම දෙවියන් වහන්සේගේ ආළේප ලත් වචනය උන්වහන්සේගෙන් ලැබිය යුතුය.