WFTW Body: 

ද්‍වීතීය කථාව යනු "දෙවන ව්‍යවස්ථාවක් යන්නයි". මෙයට හේතුව නම් ව්‍යවස්ථාවේ වැදගත් අංශ රාශියක් මෙහි පුනරාවර්තනය වීමයි.‍ එසේම මෝසෙස්ගේ කලින් පොත්වල දැනටමත් කියා ඇති බොහෝ දේවල් නැවත දැක්වීමක් මෙහි ඇත.

අප, නැවත ප්‍රකාශවීම් තුලින් බාධාවට පත්විය යුතු නැත. අප සත්‍ය මගින් දැඩිව ග්‍රහනය වීම පිණිස නැවත නැවත ප්‍රකාශකිරීම අවශ්‍යයය. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය තුල බොහෝ දේ නැවත කියා ඇත්තේ එනිසයි.

යූදාහී රජවරුන්ගේ ඉතිහාසය ගැන දෙවරක් සඳහන්වී ඇත - පළමුව රාජාවලියේ පොත් දෙකේ සහ නැවතත් ලේකම් පොත් දෙක තුළ.

එක් වතාවක් නොව හතර වතාවක් යේසුස් වහන්සේගේ ජීවිත කතාව සඳහන් කරමින් අලුත් ගිවිසුම ආරම්භ වන්නේ ඇයි? සුභාරංච් හතර තුළ බොහෝවර නැවත නැවත සඳහන්වීම් ඇත. සමහර කරුණු සුභාරංච් හතර තුළ හතර වතාවක් සඳහන් කර ඇත. ඒ සඳහා අනිවාර්‍යයෙන් ඉතා හොඳ හේතූන් තිබිය හැක.

කොලොස්සී යැවුම් පත්‍රය තුල දැනටමත් එපීස යැවුම් පත්‍රය තුළ සඳහන්ව ඇති බොහෝ දේ නැවත දක්වා ඇත. මෙයින් අපට ඉගෙන ගත හැකි දෙය නම් තමන් එකම දේ නැවත නැවත කියා පෑම් ගැන අපෝස්තුළු වරුන් ලජ්ජාවට පත් නොවූ බවයි.

සමහර දේශකයින් ජනථාව ඉදිරියේ තම කීර්තිය අහිමි වෙතැයි බියෙන් එකම මාතෘකාව ගැන නැවත දේශනයක් කිරීමට බිය වෙති. අසන්නා වූ සෙනඟගේ අවශ්‍යතාවයට වඩා මිනිසුන් ඔවුන් ගැන සිතන දේ ගැන ඔවුන් වැඩි සැලකිල්ලක් දක්වති.

එක් නගරයක සත් දිනක් රුස්වීම් පැවැත්වීම තුළ සෑම දිනකම "ඔබ නැවත ඉපදිය යුතුයි" යන්න ගැන දේශනා කළ ඉවැන්ජලිස්ත වරයෙකු ගැන මම අසා තිබෙනවා. මෙම සියළුම රැස්වීම් වලට සහභාගිවී එකම තේමාව ගැන අසා විඩාවට පත්වූ එක් නොහැරුණාවූ මනුශ්‍යයෙකු ඇයි ඔබ හැමදාම "ඔබ නැවත ඉපදිය යුතුයි" යන්නම දේශනා කරන්නේ යැයි දේශකයාගෙන් ඇසුවේය. එවිට දේශකයා පිලිතුරු දුන්නේ "මක්නිසාද ඔබ නැවත ඉපදිය යුතු නිසා" කියාය. පිලිතුර එය විය. මිනිසා නැවත උත්පාදනය වනතුරු පණිවිඩය නැවත නැවත කිවයුතු වන්නේය. ඔහු වෙනත් දෙයක් ඇසිය යුතු නොවේ. ලෙඩා සුවවන තුරු එකම ප්‍රතිජීවකය ඔහු ගත යුතුය!

දැන් ඔබ මගෙන් අසා සිටියොත් ඇයි මම "ඔබ පාපයෙන් ජයගත යුතුයි" යන්න ගැනම කියන්නේ කියා මම හිතන්නේ ඔබ පිළිතුර දන්නවා "මක්නිසාද ඔබ පාපයෙන් ජයගත යුතුමයි".

පැරණි ගිවිසුමේ ප්‍රොපේතවරුන් එකම පණිවිඩය නැවත නැවතත් ප්‍රකාශ කළෝය මක්නිසාද ඉශ්‍රායල් වරුන් දෙවියන්වහන්සේ පවසන දෙය පැහැදිළිව ඇසිය යුතු විය. යෙරමියා අවසානයේ තමන්ගේ දේශනය ගැන තමන්ම වෙහෙසට පත්වන තුරු සැබැවින්ම එකම පණිවිඩය වසර 40 කට වඩා දේශනා කළේය. නමුත් බොහෝ වෙලාවට මිනිසුන්ට සත්‍ය කිඳා බසින තුරු ඔවුන් එය දස වතාවකට වඩා ඇසිය යුතුය. ඉතිං එකම ශ්‍රාවක පිරිසට එකම විශය ගැන නැවත නැවත දේශනා කිරීම ගැන අප කිසිවිට ලජ්ජා නොවිය යුතුය. අප ආලේපයෙන් සිටී නම් අප එය දේශනා කරන සැම විටම එය තවදුරටත් නැවුම්ව පවතී.

අප ජනතා ගෞරවය සොයන්නේ නම් අප නැවත නැවත නොකියනු ඇත. නමුත් අප ඔවුන්ගේ යහපත සලකන්නේ නම්, ඔවුන් අවබෝධ කර ගන්නා තුරු අප එය නැවත කියන්නෙමුව.