WFTW Body: 

උසස් ප්‍රමිතියකින් යුත් සභා ඉදිකිරීමට අපට උසස් ප්‍රමිතියක් තිබෙන නායකයින් අවශ්‍ය වේ.

යේසුස්වහන්සේ පැවසූසේක් " මා අනුගමනය කරන්න" (ශු;ලූක් 9:23).

තවද පාවුල්තුමා පැවසුවේ, "මා ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන ආකාරයටම මාව අනුගමනය කරන්න​" යන ලෙසය (1කොරින්ති 11:1; පිලිප්පි 3:17).

අපෝස්තළු පාවුල්තුමාගේ එම වචනවලින්, සෑම දේවභක්තික දේශකයෙකුගෙන්ම තමා දේශනා කරන සියල්ලන්ට පැවසීමට හැකි විය යුතු දේ ලෙස ශුද්ධාත්මයාණන් වහන්සේ බලාපොරොත්තු වන දේ අපට පෙනේ.

බොහෝ වැඩිමහල්ලන් පවසන්නේ, "මා අනුගමනය නොකරන්න​. නමුත් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්න​" යනුවෙනි. එහි ඉතා නිහතමානී බවක් පෙනේ. එහෙත් එය ඔවුන්ගේ ජීවිතයේ පරාජිත බව වසා ගැනීමට නිදහසට කරුණක් පමණි. එය ශුද්ධාත්මයාණන් වහන්සේගේ ඉගැන්වීමට සම්පූර්ණයෙන්ම පට හැනිය​.

මම ගරු කරන සහ අනුගමනය කරන එකම දේශකයන් වන්නේ, "මම ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නාක් මෙන් මා අනුගමනය කරන්න" යැයි පැවසිය හැකි අය පමණි. නමුත් කණගාටුවෙන් වුවද කිව යුත්තේ එවන් දේශකයන් අපේ කාලයේ විරල බවයි.

පාවුල්තුමාගේ හැරීමට පෙර​, ඔහු සම්පූර්ණයෙන්ම අසාර්ථක වූවෙකි​. එහෙත් දෙවියන් වහන්සේ, ඔහුව වෙනස් කර​, ඔහු පරිපූර්ණ නොවූවත්, අන් අයට අනුගමනය කළ හැකි විශිෂ්ඨ ආදර්ශයක් බවට පත් කළ සේක ( පිලිප්පි 3:12-14 බලන්න​). (ලෝකයේ හොඳම කිතුනුවා පවා, පරිපූර්ණ නොවේ, නමුත් පරිපූර්ණත්වය කරා හඹා යන්නේ ය.)

එබැවින් ඔබගේ ජීවිතයේ අතීතයේ, බොහෝ අසාර්ථකත්වයන් තිබුණේ වුවද​, දෙවියන් වහන්සේට තවමත් ඔබව​, අන් අයට අනුගමනය කළ හැකි ආදර්ශයක් බවට පත් කළ හැකිය​.

මම ඔහුට ගරු කිරීමටත්, ඔහුව ආදර්ශයට ගැනීමටත් පෙර, දේශකයෙකු තුළ, මා මූලික වශයෙන් සොයන ලක්‍ෂණ හතක් ඇත:

1.ඔහු යටහත්,ළඟා විය හැකි මනුෂ්‍යයකු විය යුතුය .

ඔබ සෑම විටම යටහත්, ලඟා විය හැකි අයෙකු විය යුතුය. යේසුස් වහන්සේ නිහතමානී වූ අතර, ලඟාවිය හැකි කෙනෙක් වූ සේක (ශු. මතෙව් 11:29). මනුෂ්‍යයන් හට ඕනෑම තැනක සහ ඕනෑම වේලාවක උන්වහන්සේ වෙත ලඟා විය හැකි විය. නිකදේමුස් කෙනෙකුට, මධ්‍යමරාත්‍රියේදීත්, උන්වහන්සේගේ නිවසට උන්වහන්සේ බැලීමට පැමිණිය හැකි විය. ඕනෑම කෙනෙකුට, ඕනෑම වේලාවක, පොදු ස්ථානයන්හිදී, යේසුස් වහන්සේ සමඟ කතා කළ හැකිවිය. යේසුස් වහන්සේගේ නිහතමානීකම, දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කිරීම සඳහා උනන්දු කළේය (ශු. ලූක් 4:18 හි අප කියවන පරිදි). පාවුල්තුමා නිහතමානී පුද්ගලයකු වූ අතර, ඔහු තම වරද පිළිගෙන වහාම ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටියේය (ක්‍රියා 23:1-5). දුප්පත් පොහොසත් භේදයක් නැති, තමන් ගැන “උසස් මාන්නයක්” නැති, තම වැරදිවලට වහා සමාව ගන්නා, සාමාන්‍ය සහෝදරයන් ලෙස සැමදා සිටින එවැනි දේශකයන් පමණක් මම අනුගමනය කරමි.

2ඔහු කිසිවිටෙක,කිසිවෙකුගෙන් මුදල් ඉල්ලා නොසිටිය යුතුය - ඔහු වෙනුවෙන් හෝ ඔහුගේ දේව සේවය සඳහා - සහ ඔහු හට සරල ජීවන රටාවක් තිබිය යුතුය.

ඔහුට නොමිලයේ පිරිනැමෙන ත්‍යාග (පාවුල්තුමා ඉඳහිට කළාක් මෙන්) ලැබෙන්නේ නම්, ඔහු ඒවා භාර ගත යුත්තේ, ඔහුට වඩා ධනවත් අයගෙන් පමණක් වන අතර, කිසිමදාක ඔහුට වඩා දුප්පත් අයගෙන් නොවේය. යේසුස් වහන්සේ, කිසිවිටෙක තමා වෙනුවෙන් හෝ තම දේව සේවය සඳහා කිසිවෙකුගෙන් මුදල් ඉල්ලා සිටියේ නැත. තවද උන්වහන්සේ ත්‍යාග භාර ගත්තේ, උන්වහන්සේට වඩා ධනවත් අයගෙන් පමණි (ශු.ලූක් 8:3). යේසුස් වහන්සේට සහ පාවුල්තුමාට තිබුණේ සරල ජීවන රටාවකි. මම අනුගමනය කරන්නේ මුදල් හා භෞතිකමය දේ සම්බන්ධයෙන් යේසුස් වහන්සේට සහ පාවුල් තුමාට තිබූ ආකල්පයම ඇති දේශකයන් පමණි.

3 දේව භක්තිකයකු ලෙස ඔහුට සාක්‍ෂියක් තිබිය යුතුය.

ඔහු, ඔහුගේ සභාව තුළ ප්‍රසිද්ධියට පත් විය යුත්තේ, ශුද්ධකම සඳහා දැඩි ආශාවක් තිබෙන අවංක මනුෂ්‍යයෙකු ලෙසය. - කිසිම දෙයකින් තමාගේම දේ නොසොයන, තම දිව පාලනය කරන (යාකොබ් 1:26; එපීස 4:26-31), අසාර්ථක වන අයට දයාවන්ත වන අතර, තමාගේ යාච්ඤාව, නිරාහාරව සිටීම හෝ දීම ගැන පුරසාරම් දොඩන්නේ නැති ( මතෙ.6:1-18) සහ ඔහුගේ සතුරන්ට පවා ප්‍රේම කරන්නාවූ (මතෙව්.5:44) කෙනෙකු ලෙසය. තරුණ සහ මහලු සියලු කාන්තාවන් කෙරෙහි සම්පූර්ණ පාරිශුද්ධභාවය සහ සාක්‍ෂියක් ද ඔහුට තිබිය යුතුය (1 තිමෝති 5:3). එබඳු දිව්‍යමය සුවඳක් ජීවිතය තුළ ඇති දේශකයින් පමණක් මම අනුගමනය කරමි.

4. ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන පිණිස ඔහු තම දරුවන් ඇති දැඩි කර තිබිය යුතුය.

නිවසේ සිටින ඔහුගේ දරුවන් තම පියා ලෙස ඔහුට කීකරු විය යුතුය. ශුද්ධාත්මයාණන් වහන්සේ පවසන්නේ තම දරුවන් ස්වාමින් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් හෝ ඔවුන් අකීකරු වන්නේ නම්, එවැනි කිසිවකු සභාවක වැඩිමහල්ලෙකු ලෙස පත් නොකළ යුතු බවය (1 තිමෝති 3:4,5; තීතස්1:6). ඔවුන් අපව නිතරම නිවසේදී දකින බැවින්‍ අනෙක් අයට වඩා අපගේ දරුවන් අප ගැන දනිති. තවද නිවසේදී, අප දේව භක්තික ආකාරයෙන් ජීවත් වන බව ඔවුන් දුටූවහොත්, ඔවුන් ද ස්වාමින් වහන්සේ අනුගමනය කරනු ඇත. සියලු මිනිසුන්ට යටහත්ව හා කීකරුව හා ගෞරවාන්විතව සිටින පිණිස තම දරුවන් ඇති දැඩි කළ දේශකයන්ව පමණක් මම අනුගමනය කරමි.

5හුනොබියව,දෙවියන් වහන්සේගේ මුළු උපදෙස් දේශනා කරන්නෙකු වියයුතුය​.

ඔහු, නව ගිවිසුමෙහි ලියා ඇති සෑම දෙයක්ම - සෑම ආඥාවක්ම සහ සෑම පොරොන්දුවක්ම - කිසිවෙකු සතුටු කිරීමට උත්සාහ නොකර එපරිද්දෙන්ම නොඅඩුව ප්‍රකාශ කළ යුතුය (<ක්‍රියා 20 : 2,7 ; ගලාති 1:10). ඔහු අඛණ්ඩව ශුද්ධාත්මයාණන්ගෙන් සැබවින්ම අභිෂේක කරනු ලැබුවහොත්, යේසුස් වහන්සේ සහ පාවුල් තුමා මෙන්, ඔහුගේ පණිවිඩ සැමවිටම අභියෝගාත්මක සහ දිරිගන්වනසුලු වනු ඇත. මම ඔවුන් කතා කරන විට දෙවියන් වහන්සේගේ ආලේප කිරීම මට දැනෙන්නාවූ එවැනි දේශකයන් පමණක් අනුගමනය කරමි.

6හුක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සැබෑ ප්‍රකාශනයක් ලෙසපලාතේ සභාගොඩනැඟීමේආශාවක් තිබිය යුතුය​.

යේසුස් වහන්සේ පොළොවට පැමිණියේ සියලු පාපවලින් මිනිසුන්ව ගලවා ගැනීමට පමණක්ම නොව, උන්වහන්සේගේ ජීවිතය ප්‍රකාශ කරන ශරීරයක් ලෙස උන්වහන්සේගේ සභාව ගොඩනැගීමටත් ය (මතෙව්. 16:18). එබැවින් පාවුල්ගේ ආශාව වූයේ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ලෙස ක්‍රියා කරන ප්‍රාදේශීය සභාවන් සෑම තැනකම ගොඩනැගීමය (එපීස 4:15,16). ඒ සඳහා ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළේය (කොලොස්සි1:28,29). මම අනුගමනය කරන්නේ (ඔවුන් එවැන්ජලිස්තවරුන් හෝ ගුරුවරුන් හෝ අනාගතවක්තෘවරුන් වේවා) ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙස ක්‍රියා කරන ප්‍රාදේශීය සභාවන් ගොඩනැගීම සඳහා ඔවුන්ගේ දීමනාව භාවිතා කරන දේශකයන් පමණි.

7 ඔහු අඩුම තරමින් ඔහුගේ දැක්ම සහ ආත්මය ඇති සහකාර සේවකයන් කිහිප දෙනෙකුවත් ගොඩනඟා තිබිය යුතුය.

දේව භක්තික දේශකයෙකු සෑම විටම සැලකිලිමත් වනු ඇත්තේ ස්වාමීන් වහන්සේගේ සාක්‍ෂිය ඊළඟ පරම්පරාව තුළදී පවිත්‍රත්වයෙන් ආරක්‍ෂා වීම ගැනය. යේසුස් වහන්සේ ගෝලයන් 11 දෙනෙකු ගොඩනැඟූ අතර ඔවුන් උන්වහන්සේගේ ආත්මය අවශෝෂණය කර ගත් අතර උන්වහන්සේගේ කාර්‍යය කරගෙන යාමට උන්වහන්සේගේ ප්‍රමිති අනුව ජීවත් වූහ. පාවුල් තුමා ඔහුගේ කාර්‍යය කරගෙන යාමට ඔහුමෙන් නිහතමානි සහ පරාර්ථකාමීත්වයේ ආත්මයෙන් ජීවත්වූ තිමෝති සහ තීතස් ගොඩ නැඟුවේය (පිලිප්පි 2:19-21; 2 කොරින්ති 7:13-15). ඉහත දක්වා ඇති ගුණාංග ඇති සහකාර සේවකයින් කිහිප දෙනෙකු හෝ ගොඩනඟා ඇති දේශකයන් පමණක් මම අනුගමනය කරමි.

ඔබ දේශකයෙකු වීමට දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලැබ සිටින්නේනම්, ඔබව අන් අයට අනුගමනය කිරීමට ආදර්ශයක් වීමට හැකි වන පරිදි, උන් වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබව අඛණ්ඩව අභිෂේක කර ඉහත ලැයිස්තුගත කර ඇති සියලුම ගුණාංග ඔබට ලබා දෙන ලෙස ඔබ යාච්ඤා කළ යුතුය.

මේ දවසේදී ඇති සම්මුතියේ (දෙපැත්ත බේරගනිමින්)යන සහ ලෞකිකත්වයෙන් යුත් ක්‍රිස්තියානි ලෝකය ඉදිරියේ, අපව කැඳවනු ලබන්නේ සභාවේ දේව සේවයෙහි සහ ජීවිතයේ ප්‍රමිතිය උසස් ලෙස නංවාලීම පිණිසය.

©Zac Poonen – [email protected]