WFTW Body: 

මෙම සතියේ, අපි මහා ආඥාවේ අංශ දෙකම ඉටු කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ අපගේ අධ්‍යයනය දිගටම කරගෙන යන්නෙමු. ගිය සතියේ අපි දුටුවේ ගෝලකමේ පළමු කොන්දේසිය ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති උත්තරීතර ප්‍රේමය බවත්, එහිදී අපි අපගේ දෙමාපියන්ට වඩා, අපගේ භාර්‍යාවන්ට වඩා, අපගේ දරුවන්ට වඩා, අපගේ ලේ නෑදෑයන්ට හෝ සභාව තුළ සිටින සෑම සහෝදර සහෝදරියකටම වඩා සහ අපේම ජීවිතයටද වඩා ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරන්නෙමු යන්නයි.

ස්වාමින් වහන්සේ කෙරෙහි ගෝලයෙකුගේ ආකල්පය වන්නේ, "ස්වාමීනි,මම කිසි විටෙකත් මගේ කැමැත්ත කිරීමට කැමති නැත" යන්නයි.

ගෝලකමේ දෙවන කොන්දේසිය ලූක් 14:27 හි සඳහන් වේ: "තමාගේම කුරුසිය උසුලාගෙන මා පසුපස නොඑන තැනැත්තාට මගේ ගෝලයෙකු විය නොහැක."

නැවතත්, යේසුස් වහන්සේ සහතිකවම අවධාරණය කර සිටින සේක් : "නොහැකිය."

සෑම දිනකම කුරුසය රැගෙන යාම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? උන්වහන්සේ පැවසුවේ "ඔහුගේම කුරුසය;" මට යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය උසුලන්න අවශ්‍ය නැත, වෙන කාගේවත් කුරුසයක් උසුලන්න මට අවශ්‍ය නැත, නමුත් මම මගේම කුරුසිය රැගෙන යා යුතුයි. ලූක් 9:23 හි යේසුස් වහන්සේ එය මෙසේ පැහැදිලි කළ සේක: "යමෙක් මා පසුපස එන්න කැමති නම්, ඔහු තමාව ප්‍රතික්‍ෂේප කර, දිනපතා තම කුරුසිය රැගෙන මා අනුගමනය කළ යුතුය."

ලූක් 9:23 හි "දිනපතා" යන වචනය එකතු කර ඇති අතර එය ලූක් 14:27 ට ද අදාළ වේ. අපි අපගේ ජීවිතයේ සෑම දිනකම කුරුසයක් රැගෙන ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කළ යුතු වන්නේ නම්, එයින් අදහස් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේම දිනපතා කුරුසයක් රැගෙන ගිය බවයි. එසේ නොමැති නම්, මාගේ කුරුසිය රැගෙන දිනපතා උන් වහන්සේ අනුගමනය කරන ලෙස උන්වහන්සේ මගෙන් ඉල්ලා සිටින්නේ කෙසේද?

යේසු ස්වාමින් වහන්සේගේ ජීවිතයේ වසර තිස් තුනහමාරක ජීවිතය පුරාවටම අභ්‍යන්තර කුරුසයක් තිබූ අතර, එය උන් වහන්සේ කල්වාරිය දක්වා රැගෙන ගිය භෞතික කුරුසියකින් අවසන් විය. මේ අභ්‍යන්තර කුරුසය කුමක්දැයි අප තේරුම් ගත යුතුය, මන්ද මම එම කුරුසිය මගේ ජීවිතයේ නොගතහොත් - මට ගෝලයෙකු විය නොහැක.

අද අපි "කුරුසය" යන වචනය වැඩිපුර භාවිතා නොකරන්නේ එය ක්‍රිස්තියානි ධර්මයේ සංකේතය වී ඇති බැවිනි. මිනිසුන්ට රන් කුරුස සහ ඇත්දළ කුරුස ඇත, නමුත් යේසුස් වහන්සේ ඒ ගැන කතා කළ දවසේදී, රෝමවරුන් විසින් නිර්මාණය කරන ලද මිනිසුන්ව මරා දැමීමේ භයානකම ක්‍රමය එය විය. අද දවසේ එයට වඩාත් යෝග්‍ය සංකේතයක් වන්නේ එල්ලුම් ගහේ කඹය, විදුලි පුටුව හෝ ගිලටීනය විය හැකිය. මිනිසෙකු අපරාධකාරයකු නිසා ඔහුව මරණයට පත්කරන පිණිස කුරුසය මරණයට පත් කිරීමේ සංකේතයක් විය. කුරුසියේ ඇණ ගසනු ලැබුවේ අපරාධකරුවන් පමණි.

යේසුස් වහන්සේ කතා කරමින් සිටියේ අප උන්වහන්සේව අනුගමනය කිරීමට නම් සෑම දිනකම මරණයට පත් කළ යුතු අප තුළ ඇති යම් දෙයක් ගැනය. එය කුමක් ද? යේසුස් වහන්සේ අපේ තම කැමැත්තේ ජීවිතය ගැන සඳහන් කළේ: "යමෙක් තමාගේම ජීවිතයට (තමන්ගේම කැමැත්තට) ආදරය කරන්නේ නම්, ඔහුට එය අහිමි වනු ඇත."

සෑම දිනකම අපගේ ස්ව කැමැත්ත දිනපතා කුරුසිපත් කරමින් අප විසින් දැරිය යුතු කුරුසය මෙයවේ. එහිදී අප පවසන්නේ, ගෙත්සෙමන උද්‍යානයේදී යේසුස් වහන්සේගේ වචන වලින්ම පැවසූ දේය; "මාගේ කැමැත්ත නොව ඔබ වහන්සේගේ කැමැත්ත". මගේ තම කැමැත්තේ ජීවිතයේ ශක්තිය සොයාගත හැකි වන්නේ මගේ ස්වකැමැත්ත තුළය. මම කැමති වන්නේ මාව ප්‍රසන්න කරන්නාවූ මගේම කැමැත්ත කිරීමටය. සියලු පාපයේ මුල මෙයයි, එය මරණයට පත් නොකරන්නේ නම්, එවිට මම කුරුසය නොදරමි.

මෙය සෑම දිනකම කළ යුතු දෙයකි. මට ගෝලයෙක් වීමට පුළුවන් වෙන්නේ එවිට පමණි. සෑම දිනකම මට එම වචන පැවසිය යුතු නැත, නමුත් "මම අද දවසේ කිසිම ක්‍ෂේත්‍රයක මගේම කැමැත්ත කරන්න යන්නේ නැහැ, මම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නෙමි" යන ආකල්පය මට තිබිය යුතුය. “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි සිදු වන්නාක් මෙන් පොළොවෙහිද සිදුවේවා” කියා යාච්ඤා කිරීම යේසුස්වහන්සේ අපට ඉගැන්වූ එක් කරුණකි මතෙව් 6:10.

ස්වර්ගයේ, කිසිම දේවදූතයෙක් තමන්ගේම කැමැත්ත කරන්නේ නැත. ඔවුන් සෑම විටම දෙවියන් වහන්සේ දෙස බලා සිටින්නේ ඔවුන් කලයුතු කුමක්දැයි දෙවියන්වහන්සේගෙන් දැනගැනීමටය, එය දැනගත් පසු ඔවුන් ස්වර්ගයේ සෑම දිනකම කරන්නේ එයයි. අපගේ දවස් මිහිපිට ස්වර්ගයේ දින මෙන් විය යුතු නම්, අපගේ ජීවිතය ස්වර්ගීය ජීවිතයක් වීමට නම්, එසේ වීමට රහස මෙයවේ: "ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි සිදු වන්නාක් මෙන් පොළොවෙහිද වේවා."

වෙනත් වචන වලින් කිවහොත්, ස්වාමින් වහන්සේ කෙරෙහි ගෝලයෙකුගේ ආකල්පය වන්නේ, "ස්වාමීනි, මම කිසි විටෙකත් මගේ කැමැත්ත කිරීමට කැමති නැත, මම කැමති කෙනෙකුව විවාහ කර ගැනීමට මට අවශ්‍ය නැත, මම කැමති රැකියාව කිරීමට මට අවශ්‍ය නැත, මම කැමති තැනක ජීවත් වීමට මට අවශ්‍ය නැත, සෑම එක් එක් ක්‍ෂෙත්‍රයකම ඔබ වහන්සේගේ කැමැත්ත කුමක්දැයි දැන ගැනීමට මට අවශ්‍යය. යමෙකු මට නරක ලෙස සලකන විට මට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වන්නේ ඔබ මා ප්‍රතික්‍රියා කරනවාට කැමති ආකාරයට මිස මගේ මාංසයට අනුව හෝ මගේ ස්ව කැමැත්තේ ජීවිතයට අනුව නොවේය.

සෑම දිනකම කුරුසය රැගෙන යාමේ තේරුම මෙයයි, ඔබ එය නොකරන්නේ නම්, ඔබට නියත වශයෙන්ම "මගේ ගෝලයෙකු විය නොහැක" යනුවෙන් උන්වහන්සේ පවසන සේක.

යේසුස් වහන්සේ මතෙව් 28 හි මහා ආඥාවේ අනෙක් භාගය ලබා දුන් බව දැන, ඔබට හමු වූ ඇදහිලිවන්තයන් සෑම දිනකම කුරුසය රැගෙන, සෑම දිනකම තමන්ටම මිය යන ආකාරයෙන් ගමන් කරන බව ඔබට පෙනේද? ඔබම එය කරන්නේද? මතෙව් 28:19 හි දී ඇති ආඥාව කිතුනුවන් විසින් බැරෑරුම් ලෙස සලකන්නේ කෙතරම් සුළුවෙන්ද යන්නට මෙය සාක්‍ෂියකි.

©Zac Poonen – [email protected]