WFTW Body: 

අප මධ්‍යයේ ආගන්තුක සත්කාරයට ලැදි ත්‍යාගශීලී මනුෂ්‍යයන් බොහෝ දෙනෙක් සිටීම දකින බැවින් ඉන්දියාවේ අපගේ සභාවලට සම්බන්ධ වීමට බොහෝ දෙනෙක් කැමති වෙති. නමුත් අපි එවැනි අයව වහාම ඉවත් කිරීමට ප්‍රවේශම් නොවන්නේ නම්, ඉතා ඉක්මනින් ඉන්දියාවේ සෑම දුප්පත් පුද්ගලයෙකුම අපගේ සභාවලට සම්බන්ධ වීමට කැමති වනු ඇති අතර අපට කැපී පෙනෙන “සභා වර්ධනයක්”ද ලැබෙනු ඇත!! ධර්මිෂ්ඨකම කෙරෙහි නොව මුදල් කෙරෙහි උනන්දුවක් දක්වන “ආගම වෙනස් කරනු ලැබූවන්” අපට ලැබෙනු ඇත.

අද ඉන්දියාවේ බොහෝ ක්‍රිස්තියානි සේවකයින්ට, "ස්වාමින් වහන්සේට සේවය කිරීම" යනු වෘත්තියක් මිස කැඳවීමක් නොවේ. බොහෝ අය සභාවට සම්බන්ධ වීමෙන් මූල්‍යමය වශයෙන් සමෘද්ධිමත් වී ඇත. ඔවුන්ගේ සමෘද්ධිය පැමිණියේ දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතයේ ධර්මිෂ්ඨ වීම නිසා ඔවුන්ට ගෞරව කළ නිසා නම්, එහි වරදක් නැත. නමුත් සභාවට සම්බන්ධ වීමෙන් ඔවුන් ලබාගත් ධනවත් සම්බන්ධතා නිසා ඔවුන්ගේ සමෘද්ධිය පැමිණ තිබේ නම්, ඔවුන් දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම මග හැර ඇත - මන්ද ක්‍රිස්තියානි ධර්මය මූල්‍යමය ලාභයක් ලබා ගැනීමේ මාර්ගයක් නොවන බැවිනි.

සභාව යනු පරිත්‍යාග කිරීමට සහ දීම උදෙසා ස්ථානයක් මිස - ලාභ හා වාසි ලැබීම සඳහා ස්ථානයක් නොවේ. අද ඉන්දියාවේ බොහෝ "ක්‍රිස්තියානි සේවකයින්" ලෞකික රැකියාවක නියැලී සිටියා නම් උපයන මුදල මෙන් පස් ගුණයක් හෝ දස ගුණයක් ඉපැයීම ණගාටුදායක සත්‍යයකි. බොහෝ "ක්‍රිස්තියානි සේවකයින්" කිසි විටෙකත් ලෞකික රැකියාවක එක් දිනක්වත් වැඩ කර නැත. යේසුස් වහන්සේ කිසි විටෙකත් ලෞකික රැකියාවක නියැලී නොසිටි කිසිවෙකු තම ප්‍රේරිතයන් වීමට කැඳවුවේ නැත. අද ඉන්දියාවේ බොහෝ දෙනෙකුට ක්‍රිස්තියානි සේවය අතිමහත් ලාභයක් ගෙන දෙන උල්පතක් බවට පත්ව ඇත. ක්‍රිස්තියානි නොවන අය ඔවුන් දෙස බලා මෙසේ පවසති, "මේ පුද්ගලයා මුදල් ඉපයීමට ක්‍රිස්තියානි සේවකයෙකු බවට පත්ව ඇත." ඔවුන් පවසන දේ නිවැරදිය! අපි ඔවුන්ගේ කටවල් වසන්නේ කෙසේද? ක්‍රිස්තියානි සේවකයින්ට ක්‍රිස්තියානි සේවයෙන් ලැබෙන මුදලට වඩා ලෞකික රැකියාවකින් වැඩි මුදලක් උපයා ගැනීමට හැකියාව තිබුණු බව පෙන්වීමට හැකිවනදාට පමණි.

ක්‍රියා 5 වන පරිච්ඡේදයේ, සෑම කෙනෙකුම තම දේපළ විකුණා දුප්පතුන්ට බෙදා දීම සඳහා එම මුදල් ප්‍රේරිතයන්ට දුන් කාලයක, අනනියස් සහ සප්පිරා සිතුවේ, “අපේ මුදල් තබාගෙන අපි ආත්මික ලෙස පෙනී සිටින්නේ කෙසේද?” යන්නය. එබැවින් ඔවුන් තම ඉඩම විකුණූ විට, ඔවුන් තම සියලු මුදල් ගෙනැවිත් දුන්නේ නැත. ඔවුන්ගේ පාපය වූයේ ඔවුන් තම සියලු මුදල් නොදීම නොවේ. දෙවියන් වහන්සේ සතුටු සිතින් දෙන අයට ප්‍රේම කරන අතර කිසිවෙකුගේ මුදල් උන්වහන්සේට අවශ්‍ය නොවේ. පේතෘස් අනනියස්ට මෙසේ පැවසීය, “ඒක තිබියදී නුඹටම අයිතිව තිබුණා නොවේද? වික්කායින් පසුත් මිල නුඹේ කැමැත්ත යටතේ තිබුණා නොවේද? නමුත් ඔබ බොරු කියන්නේ ඇයි” (ක්‍රියා 5:4). අනනියස්ගේ පාපය මූණිච්චාකාරකමයි - මුළු හදවතින්ම මවාපෑම. ඔහු කිව්වා නම්, “අපි ඒ ඉඩම රුපියල් 50,000 කට විකුණුවා. නමුත් අපි එයින් 20% ක් පමණක් දිය යුතු යැයි අපට හැඟේ. ඉතිරිය අපේම අවශ්‍යතා සඳහා තබා ගැනීමට අපට අවශ්‍යයි. ඉතින් මෙන්න රුපියල් 10,000 ක්.” එවිට පේතෘස් අනනියස්ට ආශීර්වාද කරන්න ගියා - ඔහු සහ ඔහුගේ බිරිඳ ජීවතුන් අතර සිටින්නට තිබුණා. අනනියස් කිසි විටෙකත් කිසිවක් කීවේ නැත. ඔහු මුඛය විවෘත නොකර බොරුවක් කීවේය, අනෙක් සියලු මුළු හදවතින්ම සිටි මිනිසුන් සමඟ පෝලිමේ එකට සිටගෙන සිටියේය. නමුත් පේතෘස් ආත්ම විමසීමේ ශුද්ධාත්ම දීමනාවෙන් පිරුණ මිනිසෙකි. අනනියස් සහ සප්පිරා යන දෙදෙනාවම ඔහු විසින් හෙළිදරව් කරන ලද අතර ඔවුන්ගේ මවාපෑම නිසා ඔවුන් මිය ගියහ.

අද දෙවියන් වහන්සේ එසේ ක්‍රියා නොකරන්නේ ඇයි? මන්ද එසේ වූයේ නම් අද සභාවල ඉතා ස්වල්ප දෙනෙක් පමණක් ජීවතුන් අතර ඉතිරිව සිටිනු ඇත! අනනියස් සහ සප්පිරා ඉතා පිරිසිදු හා බලවත් සභාවක් මධ්‍යයේ සිටියහ - ඒ නිසා ඔවුන් මිය ගියහ. ඔවුන් යම් මළාවූ, ලෞකික සභාවක (කොරින්තියේ මෙන්) සිටියා නම්, ඔවුන් එහි වැඩිමහල්ලන් පවා වන්නට ඉඩ තිබුණි. ඔබ උඩඟු සහ මූණිච්චාවෙන් යුත් කෙනෙකු නම්, පරිපූර්ණත්වය කරා ගමන් කරන සභාවකට සම්බන්ධ වීම භයානකය. මොනයම් හෝ ආකාරයකින් දෙවියන් වහන්සේ ඔබට පහර දී ඔවුන් අතරින් ඔබව ඉවත් කරනු ඇත. නමුත් අද කාලයේ එවැනි සභා එතරම් නොමැති බැවින් ඔබ අද බොහෝ සභාවල බේරී සිටිනු ඇත. ඔබ උඩඟුව සහ මූණිච්චාවෙන් යුතුව සිටින අතර ඔබට නොමැරී ජීවත්ව සිටීමට අවශ්‍ය නම්, සහභාගි වීම පිණිස මළ සභාවක් තෝරාගන්න.

සවන් දීමට.