WFTW Body: 

1. ප්‍රේමය , අගය කිරීම ප්‍රකාශ කරයි :

විවාහය තුළ ප්‍රේමය සම්බන්ධව සම්පූර්ණයෙන්ම පොතක් දෙවියන් වහන්සේ බයිබලයට ඇතුලත්කර ඇතිසේක. එය "සාලමොන්ගේ ගීතිකා" ය. සලමොන්ගේ ගීතිකාවල පුරුෂයා තම භාර්‍යාවට කියන්නා වූ දේ සලකා බලමු ( Message Bible පරිවර්තනයෙනි ): “මගේ ආදරණීය, ඔබ ලස්සනයි, හිසේ සිට පාදය දක්වා - සැසඳිය නොහැකි තරම් ලස්සනයි, එමෙන්ම අංග-සම්පූර්ණයි. ඔබ මගේ ප්‍රමෝදයේ කුල්මත් කරන දර්ශන මෙන් සුන්දර ය. ඔබේ කටහඬ සැණසිලිදායක වන අතර ඔබේ මුහුණ සිත කුල්මත් කරන්නේ ය. සොඳුරිය නුඹේ අලංකාරය මුළුමණින්ම කොපමණ ප්‍රියකරු ද. නුඹ පාරාදීසයකි”. “ඔබ මගේ හදවත ග්‍රහනය කරගෙන ය. ඔබ මා දෙස බැලුවා, මම ආදරයෙන් බැඳුණා. මා කෙරෙහි එක බැල්මෙන් මා අසරණව ප්‍රේම කළෙමි! මගේ හදවත අධික ප්‍රීතියෙන් පිනා ගියේය! අහෝ ඔබ දකින විට මට ඇතිවන හැඟීම් එවගේම කැළඹෙන්නා වූ ආශාවන්. වෙන කිසිදු කෙනෙකුට මා විනාශ (නරක්) වූ කෙනෙකි!”. “ඔබ මෙන් කිසිවෙකු මිහිපිට නැත, කිසිදාක සිටියේද නැත, කිසිදාක සිටින්නේද නැත. ඔබ සැසඳිය නොහැකි කාන්තාවකි. ” හා දැන් බිරිඳ කියන දේ අහන්න. මේ ඇයගේ ප්‍රතිචාරයයි : “ඔබ මාගේ හරිම කඩවසම් ආදරණීය පෙම්වතාය! ඔබ මිළියනයකින් එක්කෙනෙකි. ඔබ වැනි කිසිවෙකු නැත! ඔබ රන්වන් ය - ඔබ රළු කන්දක් වැනි මනුෂ්‍යයෙකි. ඔබේ වචන උණුසුම් වන අතර නැවත සහතික කරන්නකි. ඔබේ වචන සිඹීම මෙන් හා ඔබේ සිඹීම් සියල්ල වචනමය! ඔබ මාව තෘප්තියෙන් තෘප්තියට ගෙන එන්නේය! මා ඔබ උදෙසා උද්යෝග්‍යයෙන් බළා සිටින අතර ඉතා දැඩි ලෙස ඔබව අත්‍යවශ්‍යයි. ඔබේ ප්‍රසන්නය නොදැනීම මට වේදනාකාරී ය. මම ඔබ දුටු විට, මා ඔබ වටා දෑත් හොවා ඔබව තදින් අල්ලා ගෙන ඔබට යන්න නොදෙන්නෙමි. මම ඔබේම පමණක් වන අතර ඔබ මාගේ එකම පෙම්වතා සහ මාගේ එකම මිනිසා වේ.

2. ප්‍රේමය සමාව දීමට ඉක්මන් වන්නේය :

ආදරය දොස් පැවරීමට ඉක්මණ් නොවන අතර ක්‍ෂණිකව සමාව දෙන්නේය. සෑම විවාහයක් තුළම පුරුෂයා හා භාර්‍යාව අතර ප්‍රශ්න හටගනු ඇත. නමුත් ඔබ එම ප්‍රශ්න සැලකිල්ලට නොගෙන තාවකාලිකව පැත්තකට දැමුවහොත් පසුව ඒවා නැවත ක්‍රියාකාරී වී සහතිකවම උතුරා යන්නේ ය. (එනම්, ඔබ එම ගැටළු වලට අඩු ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ නම් - ඒවා වහාම විසඳනවා වෙනුවට - එවිට එම ගැටළු වඩාත් නරක අතට හැරෙනු ඇත). එබැවින් සමාව දෙන්නටත් එමෙන්ම සමාව අයදින්නටත් ඉක්මන් වන්න. එසේ කිරීමට සවස දක්වාම බලා සිටින්න එපා. උදයේ දී ඔබේ කකුලේ කට්ටක් ඇනුන නම් ක්‍ෂණයකින් ඔබ එය එළියට ඇද දමනු ඇත. එය කරන්නට හවස් වනතුරු ඔබ බලා සිටින්ට යන්නේ නැත. ඔබ ඔබේ සහකරු හෝ සහකාරියට රිදවූවා නම්, ඔහුට/ ඇයට ඔබ කට්ටකින් ඇන්නේය. ක්‍ෂණයකින් එය එළියට ඇද දමන්න. ඉක්මනින්ම සමාව ඉල්ලා සිටින්න එමෙන්ම කමා කරන්නටද ඉක්මන් වන්න.

3. ප්‍රේමය තනිව නොව තම සහකරු සමඟ එක්ව දේවල් කිරීමට උනන්දු වෙයි :

උයනේදී සාතන් විසින් ඒව ව පරීක්‍ෂා කළ විටදී "මම තීරණයක් ගැනීමට පෙර මාගේ ස්වාමි පුරුෂයාගෙන් විමසන්න මට ඉඩ දෙන්න" කියා ඇය කීවේ නම් මිනිස් ඉතිහාසය කෙතරම් වෙනස් වන්නට ගියාද. අහෝ එවිට එය කෙතරම් වෙනස් කතාවක් වන්නේද. ලෝකය තුළ ඇති සියලු ගැටලු පැන නැගී ඇත්තේ එක් කාන්තාවක්, ඈට අනුශාසනා ලබන්ට සහකාරයකු දෙවියන්වහන්සේ දී ඇති විටදී ඇය තම තීරණය මත තනිවමව තීරණයක් ගත් හෙයින් බව මතක තබා ගන්න. සැබෑ ප්‍රේමය කාරණා එකට එක්ව කරන්නේ ය. එක් කෙනෙකුට වඩා දෙදෙනකු සැමවිටම හොඳය.

හිමිකම් -Zac Poonen – [email protected]