WFTW Body: 

අවංක මනුෂ්‍යයන් ගැන දෙවියන්වහන්සේ අතිශයින් සතුටුවෙයි

“නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නාසේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමග පංගුකාරකම ඇත්තේය (1 යොහාන් 1:9).  ආලෝකයෙහි හැසිරිම යන්නෙහි තේරුමනම් සියල්ලටම පළමුවෙන් කිසිදෙයක් දෙවියන්වහන්සේට නොසැඟවීමයි. එසේම යමක් තිඛෙන ආකාරයටම උන්වහන්සේට අපි සියළුමදේ පැවසීමයි. දෙවියන්වහන්සේ වෙතට ඒමට ඇති පළමු පියවර අවංකකම බව මම අවබෝධ කරගතිමි. වංක අයව දෙවියන්වහන්සේ පිළිකුල් කරනසේක. යේසුස්වහන්සේ වෙනත් කිසිම කෙනෙකුට විරුද්ධව කථාකරනවාට වඩා වැඩියෙන් මුනිච්චාකාරයන්ට විරුද්ධව කථාකර තිබේ. සියල්ලටම පළමුවෙන් ශුද්ධව හෝ සම්පුර්ණව සිටින්න කියා දෙවියන්වහන්සේ අපෙන් නොඉල්ලන නමුත් අවංකකම ඉල්ලා සිටිනසේක. මෙය සැබෑ ශුද්ධකමේ ආරම්භක ස්ථානයයි. එසේම මේ උල්පතෙන් අනෙකුත් සියල්ලම ගලාඑයි. අපෙන් ඕනෑම කෙනෙකුට කළහැකි පහසු එක් දෙයක් ඇතිනම් ඒ අවංක වීමයි. එම නිසා, පාපය ඒසැර්‍ණන්ම දෙවියන් වහන්සේට කියා සිටින්න. පාපකාරි සිතුවිලි අවිනීත නාමවලින් අමතන්න එපා. ඇත්තෙන්ම ඔබ අනාචාර තෘෂ්ණාවෙන් යුත් ඇස්වලින් බලනකල, “මම දෙවියන්වහන්සේගේ මැවීම අගය කරන්නෙමියි" නොකියන්න. “කෝපයට” “ ධර්මිෂ්ඨ කෝපය කියා නොඅමතන්න. ඔබ වංක නම් පාපයෙන් කවදාවත් ඔබට ජයගත නොහැකිවේ.

එලෙසම “පාපයට" කිසිවිටෙක “එය වැරදීමක්" යැයි නොකියන්න, මන්ද යේසුස් වහන්සේගේ ලෙයට හැකිවන්නේ ඔබගේ සියළුම පාප වලින් ඔබව පිරිසිදූ කිරීමට මිස ඔබගේ වැරදීම් වලින් ඔබව පිරිසිදූ කිරීමට නොවේය!! උන්වහන්සේ අවංක නොවන මනුෂ්‍යයන්ව පිරිසිදූ නොකරනසේක. බලාපොරොත්තුවක් ඇත්තේ අවංක මනුෂ්‍යයන්ට පමර්‍ණ. “තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය" (හිතෝපදේශ 28:13). ආගමික නායකයන්ට වඩා වේශ්‍යාවන්ට සහ සොරුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමේ බලාපොරොත්තුවක් තිබේයැයි යේසුස් වහන්සේ පැවසුවේ ඇයි (මතෙව් 21:31). වේශ්‍යාවන් සහ සොරුන් ශුද්ධව සිටිනවායි බොරුවට හඟවන්නේ නැති බැවිර්‍ණ.

තරුණ බොහෝදෙනෙක් සභාවන් වෙතින් ආපසු හැරියන්නේ සභාවේ සමාජිකයන් තමන්ට පොරබැදීමක් නැතයි යන හැඟිමක් ඔවුන්ට දෙන නිසාය. එනිසා එවැනි තරුණ පිරිස් සිතන්නේ "අපේ ගැටළු කවදාවත් මෙම ශුද්ධවන්ත පිරිස් තේරුම් නොගනිති"!! කියාය. මෙම සිතුම අප ගැනද සත්‍ය නම් අපි , පව්කරුවන් ලඟට කැඳවා ගත්තාවූ ක්‍රිස්තුස් වහන්සේ මෙන් නොවෙමූ.

දෙවියන්වහන්සේ සියළුම දේ අපේ යහපත පිණිස ක්‍රියාකරවයි

“තවද නුඹලා යහපත් දෙය ගැන ජවලිතව සිටිහුනම්, නුඹලාට අනතුරු කරන්නේ කව්ද?" (1පේත්‍රැස් 3:13). දෙවියන්වහන්සේ ඉතා බලවන්ත හෙයින් තමන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට, සියලූ දේම යහපත පිණිස එකට ක්‍රියාකරයි - එනම්, ඔවුන්ගේ ජිවිතවල, මේ පොළොව මතුපිට උන්වහන්සේගේ කැමැත්තට පිටින් කිසිම ආශාවක් නැති අය සඳහාය (රෝම 8:28). ආත්මාර්ථකාමී ආශාවක් ඇති කෙනෙකුට මෙම පොරොන්දූවට හිමිකම ප්‍රකාශ කළ නොහැක. නමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත සම්පුර්ණව අපි පිළිගන්නේ නම්, මේ පොළොවේ අපි ගත කරන සෑම මිනිත්තුවක මෙම  පොරොන්දූවට අයිතිය කිව හැක. අපට හිංසා කිරිමටද කිසිදෙයකට නොහැක. අන් අය අපට කරන, හොඳ හෝ නරක, අහම්බෙන් හෝ හිතාමතා කරන සෑම දෙයක්ම - රෝම 8:28හි පෙරනය තුලින් ගොස් අප උදෙසා වඩා හොඳව ක්‍රියාකිරීම සඳහා නික්මඑන්නාවු - එසේම හැම විටකම තව ටිකක් වැඩියෙන් ක්‍රිස්තුස් වහන්සේගේ රූපාකාරයට සමානවීම සඳහා අපව වෙනස් කරන්නාවූ (රෝම 8:29)

දෙවියන්වහන්සේ අප වෙත සැලසුම් කළාවු යහපත් දේවල්ය. මෙම පදයේ කෝන්දේසි ලැයිස්තුව සම්පුර්ණ කරන ඕනෑම කෙනෙකුට සෑමවිටම මෙම පෙනේරය  නිරවද්‍යව ක්‍රියා කරනවා ඇත. අපි "යහපත් දෙය ගැන ජ්වලිතව සිටිමූ" නම් කිසිවෙක් අපට අනතුරු නොකරන බවට 1 පේත්‍රැස් 3:13 හි තව දුරටත් අපට පවසයි. අවාසනාවන්ත ලෙස මෙය රෝම 8:28 මෙන් ප්‍රසිද්ධ පදයක් නොවෙයි.  නමුත් අපි දැන් මෙය ජනප්‍රිය කළ යුතුයි. කෙසේවෙතත් මෙම පොරොන්දූවද අදාළවන්නේ සියළුම මනුෂ්‍යයන්ගේ යහපත උදෙසා තම හදවත් ජ්වලිතව තබාගන්නාවූ අයට පමනි. මෙවැනි ඇදහිලිවන්තයෙකුට හිංසා කිරිමට කිසි මනුෂ්‍යයෙකුට හෝ යක්ෂයෙකුටද නොහැකිවේ. 

එනිසා ඕනෑම කිතුණුවෙක් කොයිමවේලාවක හෝ අන්අය  ඔහුට හිංසා කරනබවට චෝදනා කරනවානම්, ඔහු වක්‍රව  පිලිගන්නේ දෙවියන්වහන්සේට ඔහු ප්‍රේම නොකරන බවත්, දෙවියන්වහන්සේගේ අරමුණට අනුව ඔහුව කැඳවා නැතිබවත් සහ යහපත් දෙය ගැන ජ්වලිතව නොසිටිි බවත්ය. නැතහොත්, අන්අය ඔහුට මොනවා කළත් ඒවා පැමිනෙන්නේ සහ ක්‍රියාකරන්නේ ඔහුගේම යහපතට පමණක් බැවින්,  කිසිම චෝදනාවක්ද ඔහු තබා නොගනී. ඇත්තෙන්ම, ඔබට හිංසාකරන එකම පුද්ගලයා ඔබමය - එසේවන්නේ  ඔබගේ විස්වාසවන්තකම නැතිනිසාත් ඔබ අන්අය කෙරෙහි දක්වන වැරදි ආකල්පය නිසාත්ය. 

මගේ මුළු ජිවිත කාලය තුළම මට හිංසාකිරීමේ බලාපොරොත්තුව ඉෂ්ටකරගත්තාවු එක්කෙනෙක්වත් නොසිටිබව අවංකවම මට කිව හැකිය. බොහෝ දෙනෙක් එය කිරිමට උත්සහකළ නමුත් ඔවුන් කළ සෑමදේම මගේ වැඩිහොඳටත් එසේම මගේ සේවයේ යහපතටත් පමණක්ම සිදූවිය. එම නිසා මෙම මනුෂ්‍යයන් ගැනද මම දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමි. වැඩි වශයෙන්ම මට විරුද්ධ වුයේ දෙවියන්වහන්සේගේ මාර්ග තේරුම් නොගත් නාමික "ඇදහිලිවතුන්" ය. මම මගේ සාක්ෂිය ඔබට දෙන්නේ මෙය ඔබේ සාක්ෂිය විය හැකි බව නිතරම ඔබ විස්වාස කිරීමටත් ඔබව ධෛර්්‍යමත් කිරිමටත් පමර්‍ණ.

මෙම ලෝකය වැදගත් යැයි සලකන සියල්ල දෙවියන්වහන්සේ හෙළා දකියි

"මනුෂ්‍යයන් අතරේ උතුම් කොට සලකන දෙය දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය" (ලූක් 16:15). ලෝකයේ වැදගත් යැයි සලකන දේවල්, දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ වටිනාකම නැතුවා පමණක් නොව, නමුත් එය ඇත්තෙන්ම උන්වහන්සේට පිළිකුලක්ය. සියළුම ලෞකීක ගෞරවයන් දෙවියන්වහන්සේට පිළිකුල් බැවින්, ඒවා අපිටත් පිළිකුලක් විය යුතුය. පොලොව මතුපිට සිටින සෑම කෙනෙක්ම මුදල්, වටිනාකමක් ඇතිදෙයක් ලෙස සලකති. නමුත් දෙවියන්වහන්සේ පැවසුවේ මුදලට ආශා කරන, එසේම ධනවත් වීමට කැමති අය කවදාහරි පහත සඳහන් ප්‍රතිවිපාක අට විඳින බවයි (1 තිමෝති 6:9,10). (1) ඔවුන් පරීක්ෂාවට වැටෙයි, (2) ඔවුන් මලපතක වැටෙයි, (3) ඔවුන් අඥාන තෘෂ්ණාවල වැටෙයි, (4) ඔවුන් අන්තරාය සහිත තාෂ්ණාවල වැටෙයි, (5) ඔවුන් විපත්තියේ ගිලෙයි, (6) ඔවුන් විනාශයේ ගිලෙයි, (7) ඔවුන් ඇදහිල්ලෙන් මුළාව යයි, (8) ඔවුන් බලවත් වේදනාවලින් තමුන්ම ඇණ ගන්නෝය. සෑම තැනම ඇදහිලිවතුන්ට මෙය වරින්වර සිදූවෙන බව මම දැක ඇත්තෙමි.

අපගේ දේශයේ මේ දිනවල ස්වාමින්වහන්සේගේ අනාගත වාක්‍යය කලාතුරකින් ඇසීමට ප්‍රධාන වන එක් ප්‍රධාන හේතුවක් නම්, බොහෝ දේශකයන් මුදලට ප්‍රේම කිරිමයි. මුදල් කෙරෙහි විශ්වාසවන්ත නැති අයට සෑබැ වස්තුව (අනාගත වාක්‍යය කීම එයින් එකකි) දෙවියන්වහන්සේ නොදෙන බව යේසුස්වහන්සේ ප්‍රකාශ කළ සේක (ලූක් 16:11). සභා රැස්විම් සහ සම්මේලන බොහොමයක් තුල නීරස සාකෂින් සහ නීරස දේශනා වලට අපි සවන් දෙන්නේ මේ නිසාය.